Chapter 18🔥

2.1K 479 92
                                    

අග්නි🔥
Chapter 18

සති දෙකකට පස්සෙ කුක්ලට් එක්ක නිදහසෙ ඉන්න හිතාගන ගෙදර ආවත් මිසිස් සේහිලා එන නිසා ඒක කරන්න බැරිවුනා.. අද ඩේමන් එනවා කිව්වාම මගේ හිත ටිකක් ගැස්සුනේ ආයෙම මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා බයක් දැනුන නිසා.. මොකද ඩේමනුයි මායි මුනගැහෙන හැමදවසකම කුක්ලට් මොකක්ම හරි ප්‍රශ්නයක් දාගත්තා..

මායි ඩාශා ඔන්නියි පහලට එනකොට ඔප්පලා කට්ටියම පහලට ඇවිත් හිටියේ... ඒත් ජින් ඔප්පාගෙ උපන්දිනේ දවසෙ තිබ්බ සතුට අද කට්ටියගෙ මූනෙ නෑ.. පාර්ටිය උනත් තනිකරම ජින් ඔප්පා ලෑස්ති කලේ..වෙන කිසි කෙනෙක් උදේ ඔප්පා කියනකල් ඩේමන්ලා එන බවක් දැනගන හිටියෙ නෑ.. අනික කවුරුත් එදා තරම් ලස්සනට ඇදලා හිටියෙත් නෑ.. කොටින්ම කට්ටියම ගෙදරට අදින ඇදුම් පිටින් තමා මේසේ වටේ ඉදගන හිටියේ.. කට්ටියගෙම මූනි බෙරි වෙලා..

මායි ඔන්නි අන්තිම පඩිය බහිනවත් එක්කම කුක්ලට් අඩියට දෙකට පඩි ටික පැනලා මං ගාවට ඇවිත් මගෙ අතෙන් අල්ලගත්තා..

"ඩේමන් ඉන්න පැත්තකවත් ඉදලා අහුවෙන්නෙපා ජෝ!"

කුක්ලට් මගේ මූනට එබිලා එහෙම කියලා මගේ නහයටත් තට්ටුවක් දාලා පැන පැනම ගිහින් ටේ ඔප්පා ගාවින් ඉදගත්තා..
ඩාශා ඔන්නි මං දිහා බලලා හිනාවෙනවා.. මේ මෝඩයගෙ වැඩනම්!! වැඩේමනෙ ඩේමන් ඉන්න පැතිවලට යන්න මට!

මායි ඩාශා ඔන්නි පහලට ඇවිත් විනාඩි පහක්වත් ගියේ නෑ මිසිස් සේහිලා ආවා.. ජින් ඔප්පා එයාලව එක්කන් එන්න ගිහින් තිබුනා.. අපි බලාගන හිටියේ නෝවා දිහා.. ජින් ඔප්පා නෝවා එක්ක ඉන්නෙ පුදුම තරම් ආදරේකින්.. ඒක දකින අපිට හරි වෙනස්..

ඒක ඩාශා ඔන්නියි ජිමින් ඔප්පායි වගේ නෑ..මායි කුක්ලට් වගෙත් නෑ.. ඒ දෙන්නා හරිම අමුතු ආදරයක් ගෙනියනවා කියලයි මට හිතෙන්නෙ.. ජින් ඔප්පා නෝවා ව දකින හැමවෙලාවකම හුගක් සතුටින් ඉතිරිලා ගියත් නෝවා ජින් ඔප්පාව දකින හැමවෙලාවෙම ලොකු කනගාටුවකින් පිරෙනවා..

ජින් ඔප්පා ගෙ පිටිපස්සෙන් ආව මිසිස් සේහි එකපාරටම මාව දැක්කාම කලබල උනා කියලා මට දැනුනා..

අග්නි✔️Where stories live. Discover now