#The Đestination🌸❤

191 24 59
                                    

A/N: WONHO ගෙ 'losing you' අහන ගමන් කියවන්න....

..............

#පෙර කොටසින්.....

📞📞"නිදූ තවදුරටත් මැශින් එක්ක තියන්න බෑ ටේ.. තව සතියක් උපරිම තියාගන්න පුළුවන්.. මං කොහොමද ටේ.. සෙනූට මේවා කියන්නෙ...."

.
.
.

මං car එකත් එහෙමම දාලා ඔහේ පාරදිගේ ඇවිදගෙන ගියා... අගක් මුලක් තේරෙන්නෙ නෑ... මාව හොඳටම අවුල්වෙවෙලා.... මගේ වටේ කලුවරවේගෙන එද්දිම..කාගෙදෝ අතක් මගේ ඉණ වටේ එතුනා... මාව වැටෙන්න නොදී ඒ කෙනා අල්ලගෙන තිබුණා... ටික වෙලාවකට පස්සේ මට සිහිය ඇවිත් තිබුණා... අද දවසට මං අශීව බයකරපු දෙවනි වතාව මේ... හැඟීම් නැති සීතල බැල්මකින් .. මන්.. මං ළඟ හිටපු දෙන්නෙක් දිහා මාරුවෙන් මාරුවට බැලුවා... හරියට... ඔයාලා හැමෝම ඒක දැනගෙන හිටියද කියල අහන්න වගේ... ඒ ඉරියව්වෙන්ම ඉන්නෙක අපහසු නිසා...අමාරුවෙන් උනත් , මන් නැගිටලා ගිහින් Ajගෙ car එකෙන් ඉඳගත්තා... එයාලට මගේ මේ වෙනස අමුතුයි කියලා දන්නවා.. ඒත්.. වෙන මොනා කරන්නද මම... ඒ කෙනා ආවා... මාත් එක්කම... ඒ මූණෙ .. බයක්,දුකක්,පුදුමයක් වගේම කියාගන්න බැරි දේවල් ගොඩක් ලියවිලා... ඒ ඇස් මගේ ඇස් එක්ක ලොකු කතාවක්... තේරුන්ගන්න බෑ ඒත් මට...
ටිකකින් ඒ කෙනා කතාකරන්න පටන්ගත්තා...

"සෙනූ... අපි ගෙදර යමු😊❤..."
අර තේරුන්ගන්න අමාරු බැල්මෙන්ම ඒ කෙනා කිව්වා.. මගේ හිත එක පැත්තකින් ඒකට එකඟවෙද්දි... අනෙක් පැත්ත කෑගහලා කිව්වෙ..' නෑ යන්න ඕනි නෑ..' කියලා.. පුංචිම පුංචි වාදකිරීමකට පස්සෙ මං කටහඬ අවදි කලා...

"නෑ අයියෙ.. මන් ගැන කරදරවෙන්නෙපා.. අපි කස්ටියුම් සිලෙක්ට් කරගෙනම යමු😊"

ඒ කෙනා මගේ මුරණ්ඩුකම ගැන තේරුම්ගත්තා වගේ මාත් එක්ක කස්ටියුම් සිලෙක්ට් කරන්න, එයාම සිලෙක්ට් කරගත්ත ශොප් එකකට එක්කගෙන ගියා...ලේඩි කෙනෙක් ඇවිත් ඩ්රෙසස් කීපයක් පෙන්නලා මගේ චොයිස් එක ගැන අහනවා... චොයිස් එකක් නෑ කියන්නද.. එහෙම බෑනෙ.. අත ළඟ තිබුණු ගොඩක් විච්චූරණ නැති ඩ්රෙස් එකක් සිලෙක්ට් කලා මන්... මට මගේ ජීවිතේ ගැන ශුවර් එකක් නෑ... ඒ නිසා... වෙඩින් එකක් නොගෙන.. freeshoot එකත් එක්ක registration එක විතරක් ගන්න මං AJ එක්ක කතාකලා... පුදුමයි මටත්... එයා කැමතිඋනා... කිසිම වාදකිරීමක් නැතුවම...

The TrutH UNTOLD🌎❤🥀   ✔️Where stories live. Discover now