"අහ්ම්.. ඉයුන් ජෝ.. කවද්ද ආවෙ?"

එයා ආයාසයකින් හිනාවෙන ගමන් එහෙම ඇහුවා..

"අද"

"අහ්..ජින් පුතා කිව්වෙවත් නෑ.."

එහෙම කියලා මිසිස් සේහි ජින් ඔප්පා දිහා බැලුත් ජින් ඔප්පා හිටියෙ නෝවා දිහා බලාගන..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ජන්ග්කුක්.. එදා උන දේට ඔයා දැන් සමාව ගත්තනම් හොදයි නේද?"

අපි හැමෝම වගේ කෑම කාලා ඉවර උනා විතරයි ජින් ඔප්පා හැමෝටම ඇහෙන්න එහෙම කිව්වා..මං කෙලින්ම බැලුවෙ කුක්ලට් දිහා.. එයා ගෙ මුනෙ දැන් තප්පරේකට කලින් තිබ්බ හිනාව නෑ.. මායි කුක්ලටුයි ජිමින් ඔප්පයි ටේ ඔප්පායි මේසේ යටින් කකුල් පාග පාග පොඩි සෙල්ලමක් කර කර හිනාවෙවී හිටියෙ.. ජින් ඔප්පා කිව්ව කතාව නිසා හැමෝගෙම මූණු වල හිනාව අතුරුදහන් උනා..

"අනේ ජින්.. ඕනි නෑ.. ඒක දැන් ඉවරයි නේ..නේද ඩේමන්?"

නෝවා එකපාරටම ඩේමන් දිහා බලලා එහෙම ඇහුවා.. එයාගෙ මූනෙත් ලොකු පසුතැවීමක් කනගාටුවක් වගේ එකක් තියෙන්නේ..

"ඔ..ඔව්.. සමාවක් ඕන නෑ.."

ඩේමන් එහෙම කිව්වෙ අපි කාටවත් මූන නොදී බිම බලාගන..

"අහ් ඇයි ඕන නැත්තෙ ඩේමන්?? එදා ජන්ග්කුක් කල දේ වැරදී.. නේද ජින් පුතා?"

මිසිස් සේහි ඩේමන් දිහාවට අමුතු බැල්මක් දාලා ආයෙම ජින් ඔප්පා දිහා බලලා හිනාවුනා

"ඔව් සේහි ඔම්මා.. ඒකයි මාත් කිව්වේ.. දැන්මම සමාව ගන්න ජන්ග්කුකා"

ජින් ඔප්පාගෙ කතාවෙන් කුක්ලට් ට හොදටම කේන්ති ගියා කියලා මට තේරුනේ එයාගෙ උනුහුම හොදටම වැඩිවෙනවත් එක්කම මගේ සලකුනත් වේදනා දෙන්න පටන් ගත්ත නිසා..

"නෑ ජන්ග්කුක් ඕන නෑ.. මං කිව්වනෙ ජින් ඒක ඩේමන් අමතක කලා.. ඔයාගෙ මල්ලි සමාව ගන්න ඕන නෑ"

එකපාරටම නෝවා හුගක් සද්දෙට කෑගහපු නිසා අපි හැමෝම ගැස්සුනා..ඩාශා ඔන්නි මගේ මූන දිහා බැලුවාම අපි දෙන්නාම මූනට මූන බලාගන කෙලින්ම බැලුවෙ මිසිස් සේහි දිහා.. ඒ මූන අදුරු වෙලා හරිම රෞද්‍ර පෙනුමක් ඇවිත් තිබිලා එකපාරටම නැතිවුනා..මගේ කටත් ඇරුනා ඒ තප්පර ගානක වෙනස දැකලා.. මං වගේම ඩාශා ඔන්නිත් පුදුම උනා කියල ඒ බාගෙට ඇරුන කටෙන් මට තේරුනා..

අග්නි✔️Where stories live. Discover now