"අයියෝ... ඩාශා ඔයා වොශ් රූම් එක විනාස කරලනේ"

ජිමින් වොශ්රූම් එකේ දොර ඇරලා මහ හයියෙන් කෑගහපු පාර කෙල්ල අඩියට දෙකට එතන්ට ආවෙ මොකද්ද වෙලා තියෙන්නෙ බලන්න..

"අ.. ඇයි ජිමින්?? මොකද්ද වෙලා තියෙන්නෙ"

ඩාශා හොදටම බයවෙලා වොශ් රූම් එක පුරාම ඇහැ යව යව අහනවා..

"මෙහෙ එනවා...!!!"

ජිමින් කෙල්ලව ඇදලා අරන් බිත්තියට තද කරගන කෙල්ලට හිතන්නවත් නොදී ඒ තොල් වලට බරවුනා... ජිමින් ගෙ ඇගෙන් තැබිලි පාට චූටි චූටි ගිනි පුපුරු පිටවෙන්න ගත්තෙ තමන්ගෙ ෆ්ලේම් ගැන හිතේ තියන ආදරය එලියට පෙන්නන ගමන්..  එකපාරට උන දෙයින් ඩාශා ගැස්සුනත් ඊලග තප්පරේ ඇස් පියාගනම කෙල්ල ජිමින් ගෙ උනුහුම විදින්න ගත්තෙ ජිමින් ගෙ නිරුවත් පපුව පුරා ඇගිලි තුඩු වලින් රටා අදින ගමන්..

ඩාශා ගෙ ඇගෙනුත් තැබිලි පාටට පුංචි ගිනිපුපුරු විසිඋනා..ඒ එක්කම කෙල්ලගෙ බෙල්ල පිටිපස්සෙ අලුත උපන් සලකුන කෙල්ලට දැනෙන්න ගත්තේ සිපගැනීම තවත් වේගවත් කරන ගමන්.. ජිමින් කෙල්ලගේ කම්මුලක් අතගාන ගමන් කෙල්ලව හරිම ආදරෙන් සිපගන ඒ තොල් වලින් ඈත් වෙලා කෙල්ලව තදින් තමන් ගෙ නිරුවත් පපුවට තුරුල් කරගත්තා..
එහෙම තප්පර ගානක් ඉදලා ආයෙම ඩාශාව පපුවෙන් ඈත් කරපු ජිමින් ඩාශාගෙ ඇස් වලට එබුනා..ඒ ඇස් තැබිලි පාටින් දිලිසෙනවා දැකපු ජිමින් ට කටකොනින් පුංචි හිනාවක් ගියා..

"කිව්වා නේද මං ආආආ??"

ජිමින් ඩාශා ගෙ මූනට එබීගන එහෙම අහනකොට කෙල්ල පුදුමෙන් ඇස් ලොකු කලේ කියපු දේ තේරුනේ නැති නිසා..

"මං කිව්වනේ.. දිගටම චිමී කියන්න කියලා.."

ජිමින් කිව්ව දේ ඇහුනා විතරයි ඩාශා ට ඉබේටම හිනාවක් ගියා.. කෙල්ල තොලත් හපාගන බිම බලාගත්තේ හිනාවෙවීමයි.. ජිමින් නිකටෙන් අල්ලලා ඩාශා ගෙ මූන තමන් දිහාට හරවගන්න ගමන් නලලට හාද්දක් දීලා ආදරෙන් ඩාශා දිහා බැලුවා..

"නාගන එන්නම්..."

ජිමින් කෙල්ලගෙ කම්මුලකට උනුසුම් හාදුවක් දීලා වොශ්රූම් එක ඇතුලට ගියා.
************************************************************
ඉයුන් ජෝ pov

අග්නි✔️Where stories live. Discover now