"ඒකට කමක් නෑ ඉයුන් ජෝ... ඔයා හොදින් නේ.. මේ උන දේ සුලුවට හිතන්න හොද නෑ.. මං හිතනවා මේකට හේතුව මං දන්නවා කියලා.."

මගේ ඔලුව අතගාන ගමන් නම්ජූන් ඔප්පා අනිත් අය දිහාට හැරිලා එහෙම කිව්වා..

"මොකද්ද හ්‍යුන් හේතුව?? අපිටත් කියන්න"

මගේ හිතත් ටේ ඔප්පාගෙ වගේම කුතුහලෙන් පිරිලා තිබුනෙ.. ඒ විතරක් නෙවෙයි දවසින් දවස වෙන අලුත් දේවල් එක්ක මං හිටියෙ ලොකු පීඩනයක..

"අපි ඒ ගැන කතා කරමු.. ඊටකලින් ඉයුන් ජෝ ට රෙස්ට් කරන්න දීලා අපි යන්"

නම්ජූන් ඔප්පා කිව්ව දේ පිලිගත්තා වගේ හැමෝම පේලියට කාමරෙන් එලියට ගියා.. අන්තිමට එලියට ගිය ජිමින් ඔප්පා ගිය තැපෑලෙන්ම ආයෙ කාමරේට ආවෙ ටිකක් හදිස්සියෙන් වටපිට බල බල..

"ඉයුන් ජෝ.. ඔයාට මොනාහරි ඕනි උනොත් ඩාශා ට කතාකරලා ඉල්ලගන්න.. බයවෙන්නෙපා එයා ඔයාට ඕනි දේකට උදව් කරයි.. මම නේ කියන්නෙ.. "

ජිමින් ඔප්පා කලබලේට වටපිට බල බල එහෙම කියද්දි මට හිනාත් ගියා.. එයා බලන්නේ කවුරුහරි අහගන ඉන්නවද කියලද කොහෙද..

"ඔප්පා...

යන්න හැරුන ජිමින් ඔප්පාව මං ආයෙ නවත්තගත්තා.. ඇයි කියලා අහන්න වගේ ඔප්පා මගේ දිහා බැලුවා..

"ඩාශා ඔන්නිව ගෙන්නගන්න හැම සැරේම මට ඔප්පාගෙන් අවසර ගන්න වෙයිද?"

"ඇයි ඒ?"

"නෑ ඉතින්.... ඔන්නි ඔප්පාගෙ නේ"

මං එහෙම කියලා ජිමින් ඔප්පාගෙ මූනෙ ඉරියව් දිහා හුගක් ඕනිකමින් බලන් හිටියා.. ඒ මූන රතුවුනේ ඉබේටමයි.. කට කොනින් පුංචි හිනාවමක් ගියත් ඔප්පා ඒක තදකරගත්තා..
මොන දේ උනත් මොන විදියට හැසිරුනත් ජිමින් ඔප්පාත් ඩාසා ඔන්නිට ආදරෙයි කියන එක ඒ හැම පුංචි චලනෙකින්ම මට තේරුනා..

ජිමින් ඔප්පා මුකුත් නොකියම කාමරෙන් එලියට ගියා..
.
.
.
.
.
.
.
ඇගේ තිබ්බ මහන්සි ගතිය හින්දා මටත් නොදැනිම නින්ද ගිහින්
තිබුනා.. මං ඇහැරුනේ කවුරුහරි දොරට ගහන සද්දෙට..

"ඉයුන් ජෝ... අපි ඇතුල්ට එන්නද?"

"දේ ඔප්පා.. එන්න.."

අග්නි✔️Where stories live. Discover now