මම පොරොන්දු වුණා වගේම...

ඔයාට මේ ලෝකෙ පෙන්නනව හියුන්...

මම ඒක කරනවමයි...

.....

.....

.....

.....

.....

" ඔයා ඇස් දෙකක් දන් දෙන්න හොයා ගත්ත පේෂන්ට් කොයි හොස්පිටල් එකේ ද ඉන්නෙ ජේකේ? අපි ඉක්මනට එයාව මේ හොස්පිටල් එකට ගේන්න ඕන..ඔයා කිව්වෙ එයා මේ ලගමයි කියල නේද?"

කොලයක මොනවද මන්ද කුරුටු ගාන ගමන්   doctor  මගෙන් අහනවා..

මම ඔහේ බලන් හිටියෙ මොනව කියන්නද කියල හිතා ගන්න බැරුව..

" ජන්ග්කුක්??"

පිලිතුරු නැති මගෙ මූණ දිහා doctor  බලාගෙන...

" doctor..."

" කියන්න දරුවෝ...මට අද ඔයාගෙ මූණෙ වෙනසක් පේනව.."

එයාටත් මගෙ කලබල හිත ගැන තේරිල..

දෙපාරක් නොහිතම පුටුව පැත්තකට කරල මම  doctor  ඉස්සරහ දණ ගැහුවෙ අත් දෙක එකතු කරල මූණ බිමට හරවගෙන..

මම දන්නව..කීයටවත් නැත්තන් එයා මේකට කැමති වෙන්නෑ..

ඒත්..

ඒත්..

මට ඒක කරන්න ඕන...

මගෙ හියුන් වෙනුවෙන්...

" ජ..ජන්ග්කුක් මොකද මේ ආහ්?? "

" ඩොක්ටර්...ප්ලීස්...මගෙ.. මගෙ හියුන්ට මගෙ ඇස් දෙක දෙන්න...ප්ලීස් ඩොක්ටර්...මම වැදල ඉල්ලන්නෙ ඔයාගෙන්..."

අත් දෙක එකතු කරල මම ඉල්ලපු එකම ඉල්ලීම..

මට මොකුත්ම කරන්න බැරි වුණා මගෙ හියුන් වෙනුවෙන්..

මොකුත්ම..

ඒත් මට බෑ තවත් එහෙම ඉන්න...

ආසයි..එයා ඇස් ඇරල ලෝකෙ දකිනව බලන්න..

ඒ ඇස් සතුටින් දිලිසෙනව බලන්න..

මාත් එක්ක හිනා වෙනව බලන්න..

ඒත්..

ඒත් හියුන්ට මාව පෙන්නන්න හිටියොත්..

මට කවදාවත් බැරි වේවි එයාට ලෝකෙ පෙන්නන්න...

හියුන්..,

💫MAGIC SHOP💫(COMPLETED)Where stories live. Discover now