එහෙම කරල එයා යන්න ගියා...

මම ඒ පුංචි කොල කෑල්ල දිග ඇරගෙන කියෙව්ව..එක දිගට කියෙව්ව...

මගෙ කදුලු මම ඒ හීනෙදි එයත් එක්ක වචන වලට පෙරලුවා... මම එයත් එක්ක කතා කලා..

අනිත් හීන  වගේ උදේ ඇහැරෙන වෙලාවට අමතක වෙනව වෙනුවට ඒ හීනෙ හැම සිදුවීමක්ම මගේ හදවතේ තදින්ම සටහන් වුණා..

" ජීවිතය මට එපා වෙලා තියෙන්නෙ...මගේ කියල කවුරුත් මට නෑ..දෙමව්පියන්ගෙ ආදරේ විතරක්ම මදි නේද ජීවත් වෙන්න...මට..මට මගෙම හියුනුත් නැතී වුණා..පුංචි කාලෙ ඉදන් හැම තත්පරයකම මම තනි වුණා...මම අඩන වෙලාවට...මාව සනසන්න කෙනෙක් මගෙ ලග හිටියෙ නෑ...දන්නවද? දන්නවද? මගෙ හියුන් මාව දාල ගියාම මට දැනුන වේදනාව...මගෙ ඇගේ පැත්තක් නැති වුණා වගේ...එයා ගියා...එයා ගියා එයාගෙ පුංචි හුරතල් කුකීවත් අරගෙනම....මම....මම මොකද්ද කරන්න ඕන....?"

කිසිම දවසක හරි හැටි මූණවත් නොදැක්ක ...මගේ හීනෙ ජීවත් වෙන මනුස්සයට මම මගේ දුක කිව්ව..ඒ අත අල්ලගෙනම ඇඩුවා...ජීවිතේ එලි පිට කා ඉස්සරහ වත් පිට නොකල වේදනාව මම එයා ඉස්සරහ හරිම ඉක්මනට වචන කලා...

මගෙ ඇස් දිහා එයා බලන් හිටිය..බොද වුණ ඡායාවක් වුණත් මට ඒක දැනුනා.....හෙමීට ඒ අත් දෙකෙන් මගෙ කදුලු පිහ දැම්ම...

ඊලගට...ඊලගට එයා අකුරු කලා...සීරුවට වචන ටිකක්....

අන්තිමට ..අන්තිමට අමුණ අමුණ ලියපු ඒ වචන කොලේ මගෙ අත උඩ තියල එයා ගියා...

" I know that you’re hesitating because even if you say the truth

In the end it will all return as scars

I’m not going to say anything blatant like “find strength”
I will let you hear my story, let you hear it"

(I will come tomorrow... now sleep well.... I'm your true savior...)

එයාගෙ පලවෙනි ඇමතුම...ඒ වචන කවරදාටත් වඩා මාව ශක්තිමත් කලා......

වැටුනු මට ඒ වචන නැගිටින්න පුංචි අත්වැලක් වුණා..

එක මොහොතකට...

එක මොහොතකට...

මම....

ලගදිම නතර වෙන හදවතක අයිතිකාරයෙක් කියන දේ.... එයා මට අමතක කලා...

💫MAGIC SHOP💫(COMPLETED)Where stories live. Discover now