බිඳුනු විශ්වාසය

560 95 9
                                    

අධිරාජ්‍යයා සෙබළා සමඟ අසුපිටින් මාළිඟාව වෙතට යන විට මාළිඟාව ලේ විලක් බවට පත් වී තිබුණා. එහෙත් රාජකීය සෙබළුන් රජු එනවා දැක තවත් ශක්තිමත් වී රජුව ආරක්ෂා කිරීම සඳහා මී යන්ග්  සෙබළුන් සමඟ සටන් කිරීමට පසුබට නොවූවා. අධිරාජ්‍යයා විගසින් රාජකීය රැස්වීම් ශාලාව වෙත සටන අතරින් පිවිසියා.

විශ්මයක්!

සිංහාසනයේ වාඩිවී සිටියේ අධිරාජ්‍යයේ අගමැතිතුමා. ඔහු ගැන අධිරාජිණිය කොතරම් සැක පළ කර සිටියත්, අධිරාජ්‍යයා ඔහුව විශ්වාස කරා. අධිරාජ්‍යයාට දැනුනේ වේදනාව කැටි වූ කෝපයක්.

අධිරාජ්‍යයා දුටු විගස සිංහාසනය මත වාඩිවී සිටි අගමැතිතුමා අවඥා සහගතව සිනාසී අධිරාජ්‍යයාව තම දෙපා මුල දණගස්සවන ලෙස  මී යන්ග් අධිරාජ්‍යයේ සෙබළුන්ට අණදුන්නා. අධිරාජ්‍යයා තමාගේ උපරිම ශක්තියෙන් ඔවුන් සමග සටන් කරමින් සිංහාසන අසලට පැමිණියා. සටන අපහසු වෙනවා දැක මී යන්ග් අධිරාජ්‍යයේ සේනාධිපතිතුමා සටනට ප්‍රවිශ්ඨ වුණා. අධිරාජ්‍යයාට ඔහුත් සමඟ සටන් කීරීම අපහසු වුණා. ඔහු අධිරාජ්‍යයාගේ ප්‍රධාන නිලවලට පහර දී රජුව අඩපන කිරීමට උත්සාහ කරා, අධිරාජ්‍යයාගේ බඩේ පිහිටි ප්‍රධාන නිල ස්ථානයට පහරක් වැද අධිරාජ්‍යයා බිමට නැමෙත්ම, අධිරාජ්‍යයාගේ කොන්ද ප්‍රදේශයට කඩුවෙන් හරහට පහරක් එල්ල කරා. එයින් අධිරාජ්‍යයාව දන ගැස්සවුණත් කඩුව පොළවට වාරුකර, අගමැති ඉදිරියේ තම හිස අවසාන මොහොත දක්වා නොනමා සිටීමට අධිරාජ්‍යයා උපරිම උත්සාහයක් දැරුවා.

අගමැති යළිත් අවඥා සහගතව සිනාසුනා, එත් සමඟම අධිරාජිණිය හා දරුවා නැති බව සිහියට නැගී අධිරාජ්‍යයාගෙන් විමසුවත්, අධිරාජ්‍යයා පැවසුවේ, මා මරා දැමුවත් මා එය නොපවසන බවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අගමැති යළිත් අවඥා සහගතව සිනාසුනා, එත් සමඟම අධිරාජිණිය හා දරුවා නැති බව සිහියට නැගී අධිරාජ්‍යයාගෙන් විමසුවත්, අධිරාජ්‍යයා පැවසුවේ, මා මරා දැමුවත් මා එය නොපවසන බවයි. එයින් කෝපයට පත් අගමැති මී යන්ග් සෙබළුන් කණ්ඩායමක් විගසින් ඔවුන්ව සෙවීමට පිට කරන ලෙස මී යන්ග් සේනාධිපතිට අණ කළා. අධිරාජ්‍යයා අසලට පැමිණි අගමැති,

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now