පරිච්ඡේදය 2

186 52 20
                                    

හැම දවසක්ම වෙහෙස කරයි වැසි දියෙන් විඩාබර වූ මිහිලියට, හිරුගේ රැවටීමට අසු වූ මල්ගොමු වලට. එහෙත් තුරුලිය සිනාසේවි. හැමදාමත්. මේ ලොව ඔබ තරම් පරිත්‍යාගශීලී කෙනෙක් නොවන නිසා.

සෑම ඉරුදිනම විෂ සෑදීමට අවශ්‍ය පැළෑටි වර්ග ගෙන ඒමට යාරා පිටව ගියත්, අද දින කුමරිය ඇයට පිටව යන ලෙස පැවසීම ගැන ඇය පුදුමයට පත් වුණා. එහෙත් ඇයට එය සැනසිල්ලක් ගෙන දුන්නා. කිමද ඒකාකාරී විඩාබර දවස් වලින් එක දවසක මොහොතකට හෝ නිදහසේ සිටීමට ඇයට හැකි වීම පිළිබඳව.

.......

දොං ජී කුමරියගේ මාළිගයේ නැවතීමට ගිය, පසු දිනම උදෑසන කවුරුන් හෝ සමඟ කුමරිය දොං ජීව හමුවීමට පැමිණියා.

ඒ තැනැත්තිය ගන්හන් හොවා කියා කුමරිය දොං ජීට පවසා එතැනින් නික්ම ගියේ වෛද්‍ය විද්‍යාලය පටන් ගැනීමට මද වේලාවක් තිබුණු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ තැනැත්තිය ගන්හන් හොවා කියා කුමරිය දොං ජීට පවසා එතැනින් නික්ම ගියේ වෛද්‍ය විද්‍යාලය පටන් ගැනීමට මද වේලාවක් තිබුණු නිසා. ඇය දොං ජීට බොහෝ බලාපොරොත්තු දුන්නත් ඇය එයට අකමැති වූයේ විෂ අන් අයට අහිතකර බව පවසමින්. ගන්හන් හොවාගේ ඉවසීමේ සීමාව ඉක්ම වූවා. ඉන්පසු ගන්හන් හොවා අතිනුත් බොරු එකතු කරමින්, තමා කුමරියට ඔබ ගැන අනුකම්පාවෙන් පැවසුවේ, එම නිසයි කුමරිය ඔබ ගැන සොයා බැලුවේ යැයි පවසමින් එයට කෘතගුණ සලකන්නේ මෙහෙම දැයි අසමින් අපහාස කරමින් ඇයට බැන වැදුනා. දොං ජීට කර කියා ගන්නට යමක් නොමැති නිසා ඇය අකමැත්තෙන් වුවත් විෂ සෑදීමට කැමති වූවා. ඉන්පසු විෂ සෑදිය යුතු පිළිවල ආදී සියළුම දේ ගන්හන් හොවා දොං ජීට පහදා දුන්නා. දොං ජීට සියලුම දේ ගැන ඇති වුණේ කළකිරීමක්.

 දොං ජීට සියලුම දේ ගැන ඇති වුණේ කළකිරීමක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now