හාදුවක් අවශ්‍ය ද?

155 41 49
                                    

විඳවන්න හැකිමුත් විඳින්නට නොහැකි ප්‍රේමයක් ළඟ සිත මොන්තරම් අසරණ වෙනවාද. එක් දිනක් අතීතෙට යන්න තිබුණනම් කොතරම් දේ ඇතිද ආපසු හදාගන්න.

වෙහෙසකර යුද පිටියෙන් අද දිනට සමුදී ඇය පැමිණියේ ඔවුන්ගේ කුටිය වෙත.

ඇය යුධ ඇඳුම් ඉවත් කරමින් සිටියදී,

ජී හන්ග්:ඔබට හැකිද තනියම යෑමට?

දොං ජී:හැකියි. අයියණ්ඩි බියවන්න එපා. මා ඉක්මනින්ම පැමිණෙන්නම්.

ඇය ඔහුගේ සිනිදු කෙහෙරැලි අතරින් තම දිගු ඇඟිලි යවා හිස පිරිමැද ඔහුට සමුදුන්නේ ස්නානය සඳහා පෙරදා මෙන් ගං තෙරට යෑමට.

ඇය තම අසරුවා හසුරුවමින් කැළෑව අවසානයේ ඇති ගං තෙරට පැමිණියා. වෙනදා මෙන් එය නිසල බවෙන් පිරී ගොස් තිබුණා. ඇය නෙතු පියාගත්තේ ඒ සුව විදීමට මෙන්.

නාස් පුඩු අතරින් ඉහලට ඇදෙන නැවුම් සුවඳ, ගත හිරි වට්ටමින් හමා යන සිසිල් සුළඟ, ඒ සුළඟෙ තාලෙට නැලවෙන දිය රැලි ඇඟේ ගතේ විඩාව මෙන්ම සිතේ විඩාවට නිවා දැමීමද සමත් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නාස් පුඩු අතරින් ඉහලට ඇදෙන නැවුම් සුවඳ, ගත හිරි වට්ටමින් හමා යන සිසිල් සුළඟ, ඒ සුළඟෙ තාලෙට නැලවෙන දිය රැලි ඇඟේ ගතේ විඩාව මෙන්ම සිතේ විඩාවට නිවා දැමීමද සමත් වුණා. ලෝ දිය ගඟක් සේ සෑම තැනම ගලා යන රුධිරය.

තමා ඉදිරිපස වැටෙන ඉමක් නොමැති මල සිරුරු,
සැබවින්ම ඇය යුද්දයට වෛර කිරීමට පෙළබවෙවුවා. දහස් දෙනා සුව කරපු වෙද මැදුරක ළමා විය ගත කරපු ඇයට ඒ සිදුවීම් මහත් වේදනාකාරී වූවා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now