සොයා යෑම

139 45 11
                                    

"අයියණ්ඩි"

එක්වරම දුටු සිහිනයක් නිසා තිගැස්මට පත්ව ඇය ඇහැරුනේ දා බිඳු වලින් තෙත් වූ නළල පිරිමදිමින්.

ඇයට අනිත් පසින් වැතිර සිටි ෆෙයි යී එම කෑ ගැසීමට අවදි වූවා.

ෆෙයි යී:(නැගිටමින්)කිමද මේ දියණිය?

දොං ජී:මා පිටව යා යුතුයි. (සයනයෙන් බසිමින්) මා පිටව යා යුතුයි.

ෆෙයි යී:මේ අළුයමේ, ඔබ උමතුවෙන්ද?

දොං ජී කිසිවක් නෑසුනා සේ ඇගේ ගමන් මල්ල සකසා ගෙන කඩුවක් අතැතිව කුටියෙන් පිටත ගියේ හැකි තරම් ඉක්මනින් අයියණ්ඩිය සිටිනා ඉසව්වකට යෑමට.

ෆෙයි යී ඇය පසු පසින් ගොස් ඇයව නවතා ගැනීමට දැඩි ප්‍ර්‍යන්තයක නිරත වුණා. මේ එයට සුදුසු කාලය නොවන බව ෆෙයි යී, දොං ජීට තරයේ පැවසුවා. එහෙත් ඇය කෙසේවත් නතර කර ගත නොහැකි බව ෆෙයි යීට වැටහුණා. අවසානයේ,

ෆෙයි යී:දියණිය, දැන් ඔබ පිටව යෑමට සැරසුනත් ඔබ එහි යන මාර්ගය දන්නවද?

දොං ජී:නැහැ. 😔😔

ඉන්පසු හන් රාජ්‍ය සඳහා යන මාර්ගය ඇය දොං ජීට පැවසුවා. දොං ජී එය මතකයේ රඳවා ගත්තා.

ෆෙයි යී:ඔබත් මෑණියන් වගේ හරිම මුරණ්ඩුයි. ඔබ පිරිමි වෙස් ගෙන එහි ජීවත් වෙන්න. ජී හන්ග්ට හැර වෙන කිසිවෙක්ට ඔබ කාන්තාවක් කියා දැන ගැනීමට කිසිමවිටක ඉඩ නොතියන්න. ඔහුටත් එය තරයේ පවසා සිටින්න. ඔබ පළමුවෙන් සිතිය යුතු ඔබේ ආරක්ෂාව ගැන.

අතීතය යළිත් ගොඩගැසුවොත් වෙරළට ඔබේ ජීවිතය පමණක් නොව අන් සියල්ලගේම ජීවිත අනතුරක අනතුරකට අතවැනීමක් බව මතක තබා ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අතීතය යළිත් ගොඩගැසුවොත් වෙරළට ඔබේ ජීවිතය පමණක් නොව අන් සියල්ලගේම ජීවිත අනතුරක අනතුරකට අතවැනීමක් බව මතක තබා ගන්න. ඔබයි කිරුළ හිමි තැනැත්තිය, ඔබ ඔබ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ආරක්ෂා විය යුතුයි.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now