ඉලක්කය

153 50 3
                                    

කාන්තාරයක අතරමං වුණත් ගසකට නොවැඩි ඉන්න බැහැ. ඒත් ඒ ගසේ ස්භාවය කෙනෙක්ට රළු වැඩියි කියල මත පළ කරන්න අයිතියක් නැහැ.

සැලැස්මට අනුව ගන්හන් හොවා විසින් ඔවුන්ව ස්ථාන ගත කරා. කිනම් මාර්ගයක ජී සන් කරා ගමන් කරත් මෙම ස්ථානයේ යා යුතු බව ඇය දැනන් සිටියා.

මද වේලාවකින් ඇයගේ ඔත්තුකරුවෙකු විසින් අහසට මල් වෙඩිල්ලක් විද ඇයට ඔවුන් ලඟම පැමිණෙන වග දැනුම් දුන්නා.

ඔවුන් ඉලක්කය වෙත පැමිණියා. ගන්හන් හොවා පහර දෙන ලෙස සියල්ලටම අතින් සංඥා කරා. අසුරු සැනකින් විෂ පෙවූ හී සර එහි සිටි මී යන්ග් රැජිණියගේ ආරක්ෂකයින් ගේ ශරීරය පසාරු කරගෙන ගියා. ඔවුන් එකින් එකා බිම ඇඳ වැටී වෙව්ලමින් සුදු පැහැති ලෙස වමනය දමමින් අවසන් සුසුම් වාතලයට මුසු කරා.

එක්වරම දෝලාව බිමට පතිත වීම නිසා මී යන්ග් රැජිණගේ අරක්ෂිකාව දෝලාවෙන් ඉවතට ගොස් අවට පරික්ෂා කරන විට දුටුවේ ඔවුන් සමඟ පැමිණි අන් අයගේ මළ සිරුරු. එක්වරම ඇය දුටුවේ ඇය දෙසට එන ඊතලයක් ඇය එම ඊතල වලට තම කඩුවෙන් පහර ගසමින් ඒවා රැජිණිය දෙසට යෑම වලක්වා සිටියා.

මී යන්ග් රැජිණියට මෙහි ශබ්දය ඇසීම නිසා ඇය පිටතට පැමිණියා. එය දුටු ගන්හන් හොවා එක්වරම තම දුන්නෙන් හීයක් මී යන්ග් රැජිණියට ඉලක්ක කර එල්ල කරා.

 එය දුටු ගන්හන් හොවා එක්වරම තම දුන්නෙන් හීයක් මී යන්ග් රැජිණියට ඉලක්ක කර එල්ල කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එය දුටු ආරක්ෂිකාව එම හීයෙන් රැජිණියව බේරා ගැනීම සඳහා රැජිණිය ඉදිරියට පැන්නා.

ආරක්ෂිකාව:රැජිණියනි පළා යන්න. මම මොවුන්ව බලා ගන්නම්..

රැජිණ:නොහැකියි මා මිය ගියත් කම් නැහැ. මා මොවුන් සමඟ සටන් කරනවා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now