මගේ නොවන රාජ්‍යය

183 41 45
                                    

වර්ෂාව වසාගත් නටඹුන් සරත් සෘර්තුවේ සැමරුම් වෙන්නේ කිසිමදෙයක් සඟවන්න බෑ කියන්න වගේ.

ඔහු සයනයේ ඒ මේ අත පෙරළමින් සිටියේ ඇය මැදියම් රැයට ආසන්නව තිබියදීත් තවම නොපැමිණීම ගැන. ඒ සඳහා ඔහු සෙබළුන් කණ්ඩායමක් යැවීමට පසුබට වුණේ ඇය කාන්තාවක් බව රහසක්ව තබාගත යුතු නිසා.

අසෙකුගේ කුර හඬක්. ඇය වෙන්න ඇති.
ඔහු අපහසුවෙන් වුණත් නැගිට්ටේ පෙරමගට යාමට.

දොං ජී:අයියණ්ඩි.

ඇය වැටෙන්නට යන ඔහුව අල්ලා ගත්තේ යුහුසුළුව.

දොං ජී:මා පවසා තිබෙනවානෙ..

ජී හන්ග්:බිය වන්න එපා. මා හොඳින් නැගණිය. ඔබ ඇයි ප්‍රමාද වූයේ?

දොං ජී:ම්ම්.. මේ..

දොං ජීට ඔහුට බොරු කීමට කිසිදිනක නොහැකි වූවා. කිමද ඔහුට තමන්ගේ සියුම් හැසිරීම් වල වෙනස්කම් පවා දැනෙන බව ඇය දැනන් සිටියා.

දොං ජී:කිරුළ හිමි කුමරුන්ව හමු වුණා. ගංතෙරේදී..

ජී හන්ග්:ඔහු ? කුමක්ද සීමවෙන් පිට කරන්නේ?

දොං ජී:ඔහු සීමාව නොදැනුවත්ව පැමිණෙන්න ඇති.

ජී හන්ග්:ම්ම්.. ඉන්පසුව..

ඔහු පැකිලෙමින් එය ඇසුවේ ඔහුට ඒ ගැන අයිතියක් ඇත්දැයි නැත්දැයි කියා සිතමින්. ඇයත් එය කීමට මදක් පැකිළුනත් ඇයට ඔහුට එය සැඟවීමට අනවශ්‍ය වුණා. ඇය දැනන් සිටියා ඔහු එයින් වේදනාවට පත්වන වග. එහෙත් ඒ සියල්ල ඔහුට ඇය කියා සිටියා.

ජී හන්ග්:පිටව යන්න.
මට තනියම සිටීමට ඉඩදෙන්න.

දොං ජී:අයියණ්ඩි.

ජී හන්ග්:යන්න.

ඔහු කෝපයෙන් මිශ්‍ර වේදනාවෙන් කියා සිටියදී ඇයගේ ඇස්වල කඳුළු පිරුනේ නිරායාසයෙන්මයි. ඔහු එය දැක තවත් වේදනාවට පත් වුණා. ඇය එතැනින් පිටව යෑමට සැරසුනේ තම කඳුළු ඔහුගෙන් සඟවාගැනීමට. එහෙත් ඔහු එක්වරම පිටව යාමට සැරසෙන ඇගේ අතින් ඇඳ තමා වෙත ළංකරගෙන, ඇයව පිටුපසින් වැළඳගෙන ඇගේ උරහිස මතින් ඔහුගේ නිකට තබා ගත්තා. ඇයගේ දෙනෙතින් නොනවත්වා වැටෙන කඳුළු ඇය අල්ලෙන් පිසදමන අයුරු ඔහු බලා සිටියා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now