ආරක්ෂකයා

138 47 15
                                    

ගල් පර නැති තැන්හි රූරා හැරෙන දිය ඇල්ලක් සේ දිගු වරලස, හොඳින් පිරී ගිය ලමැඳ, නාරිලතාවක් සේ දුටුවන් දුටු පමණින් මන බඳින හැඩැති ඉඟ සොඟ. එරබදු මල් පොහොට්ටු සේ පිරී ගිය දෙතොල්, අහසෙ තාරුකා සේ මින් ඇස්පිය සහිත දුටුවන් ආකර්ශනය කරන දෙනෙත්, රෝස මලක් සේ ජපා වර්ණයෙන් පිරී ගිය වතකමල. ශ්වේත වර්ණ වස්ත්‍රය නිරාවරණය වන තැන්හි හඳුනාගත නොහැකි අයුරෙන් ඇති ශ්වේත වර්ණ සම නෙත් පිය නොහෙලා බලා සිටීමට තරම් කෙනෙකුගේ දෙනෙත් ඇය වෙතම අවදානය රඳවා ගැනීමට සමත් වූවා.

දොං ජී උදෑසනම අවදිව කුටියෙන් ඉවතට පැමිණියේ මෑණියන් කියාදුන් ලෙස නව දවසට ආරම්භයක් රැගෙන ඒමට.

අහිංසක වුණත් තීව්ර රුදුරු දෙනෙත් මොහොතින් මොහොත දරදඬුවන මුහුණේ ඉරියව් විහඟෙකු සේ යම් තැන්හි පාව යන මිහිපිට දිව්‍යාංගනාවන් වැනි කාන්තාවක් සතු සිත් වසඟ කරවන පිරිමි පෞර්ෂය, ඒ සියල්ලටම වඩා දොං ජීගේ සිත ගත්තේ දණහිසටත් වඩා පහළට දිගු කඩා හැලෙන දිය දහරක් බඳු වූ ඇගේ දිගු වරලසට. ඇය සිතින් සිතුවේ මටත් එවැනි වරලසක් තිබුණා නම් කියා.

ෆෙයි යීගේ දැහැන බිඳුනේ කවුරුන් හෝ පැමිණි බවක් ඇයට දැනුනු නිසා.

ෆෙයි යී:දියණිය ඔබ අවදි වූවාද?
එහෙනම් අප දෙදෙනාම ආහාර ගෙන අද දවස පටන් ගමු.

ඔවුන් ආහාර ගත් පසු දොං ජී, ජී හන්ග්ටත් ආහාර රැගෙන ගියා. දොං ජී මෑණියන් කියූ ලෙස ගසෙහි බැඳ දමා තිබූ රෙදි පටිවල එල්ලෙමින් ව්‍යායාම කරමින් උදෑසනට ආරම්භයක් ලබා දුන්නා. ඉන්පසු ෆෙයි යී ඇයව රැගෙන ගියේ ගඟාව අසලට. එහි තැනින් තැන තිබූ ගල් පරවලට මාරු වෙමින් ෆෙයි යී කියූ පරිදි සමබරතාවය රැකගැනීමට පුරුදු වූවා. එසේ එම දවස ෆෙයි යීගේ නොයෙක් ඉගැන්වීම් වලට වෙන් වුණා. එසේ මසක් පමණ ගත වුණා. ගෙවී ගිය මාසය ඇතුළත ඇයට දැනුණා ඇය පෘෂ්ඨිමත් පුද්ගලයෙකු වන බව. ඇය ඒ ජීවිතයට හිතින් ආසා කරා. මේ වන විට ජී හන්ග්ද නිදහසේ සැරිසරන්නට පටන්ගැනීම නිසා ඉඩ ලද සෑම මොහොතෙහිම ඇය ඔහුගේ ඉගැන්වීම් වලටත් කාලය වෙන් කර ගත්තා.

අද කඩු සටන් පුහුණුව ලබා දෙන පළමු දින. මදක් බිය වුණත් දොං ජී එයට ප්‍රිය කරා. ෆෙයි යී කිසිම අනතුරක් නොවෙන ලෙස පියවරෙන් පියවර ඇයට පුහුණුව පටන් ගත්තා. එසේ ඇයට ඉලක්කයට විදීම, අශ්වයන් පැදවීම, දිය දහරා පාලනයෙන් සටන් කිරීම, සියුම් ස්වර භාවිතයෙන් සටන් කිරීම ආදී ෆෙයි යී දන්නා සියළුම දේ ඇයට ඉගැන්නුවා. ජී හන්ග්ද දොං ජීට ඔහු දන්නා සියල්ල ඉගැන්නුවා. එසේ කාලය ගතවී ගියා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now