27. She know

42 5 8
                                    

"එහෙම කරපන්"
මගේ ජීවිතයේ මං ගත්ත අමාරුම තීරණය ඒක වෙන්න ඇති. අන්තිමට මගේ ආදරේ එයා දැනගන්න දවස ආවා. හැබැයි මගෙන් නෙමේ. එදා එයා හින්දා මං හිටියේ හොදටම අවුලෙන්. ලඟ ලඟ අපි දෙන්නා අතර පොඩි ප්‍රශ්ණ වුණත් අපි ආයේ එකට හිටියා. ඒකට හේතුව අපි දෙන්නට එකිනෙකා එක්ක කතා නොකර ඉන්න බැරි හින්දායි. මේ වෙද්දී මගේ ආදරේ ගැන එයාගෙයි මගෙයි හොදම යාලුවා දුලනි දැනන් හිටියා. හිතුවට වඩා මට ඒක පුදුම සහනයක් වුණා. එයා ගැන මගේ හිතේ තිබ්බ ආදරේ කියන්න මට කෙනෙක් හම්බුණා. ඒත් එක දවසක් මං කලබල වෙලා ගත්ත ඒ තීරණේ අපි ඔක්කෝගෙම ජීවිත වෙනස් කළා. මං එදා දුලනිට "එහෙම කරපන්" කියලා කිව්වේ තවත් මේක මට හන්ගන් ඉන්න බැරි හින්දා. ඔව් මං දුලනිට අවසර දුන්නා මගේ හිතේ තියෙන දේ එයාට කියලා දාන්න.
ඒත් ටික වේලාවකින් මගේ මුළු ලෝකෙම හිට්ටා වගේ. මොකක්ද මන් කළේ ආයේ එයා මාත් එක්ක කතා නොකර ඉදි ද කියලා මට බය හිතෙන්න ගත්තා. ඒත් ගත්ත තීරණය වෙනස් කරන්න මට උවමනාවක් තිබ්බේ නෑ. ඊලඟ දවස මගේ ජීවිතේ ගෙව්නේ තත්පර හරියට අවුරුද්දක් වගේ. "මේ වෙද්දි එයා මං ගැන කියලා ඇති නෙ. " දවසම ඕක හිත හිත මං ඉස්කොලේ හිටියෙත්. ගෙදර ඇවිත් බලද්දී දුලනිගෙන් කිසිම පණිවිඩයක් නැති වෙද්දි මගේ බය තව වැඩි වුණා.  අනික අද මට පංති යන්න තිබ්බ හින්දා අනිවාර්යෙන්ම එයාව හම්බුවෙනවා. මං දැන් කොහොමද හැසිරෙන්න ඕන කියන මට තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් වුණා. කිසිම දෙයක් දන්නේ නැති විදිහට ඉන්න ඕන කියලා හිතාගෙන මාත් class ගියා. Class එක වෙනදා වගේම ඉවර වුණා එයාගෙ කිසි වෙනසක් මං දැක්කෙ නෑ. සමහර විට දුලනිට කියන්න බැරි වෙන්න ඇති කියලා හිතන් මං ගෙදර ගිහින් phone එක බලද්දි මං දැක්කේ

 සමහර විට දුලනිට කියන්න බැරි වෙන්න ඇති කියලා හිතන් මං ගෙදර ගිහින් phone එක බලද්දි මං දැක්කේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ කියන්නේ එයා දන්නවා ඔක්කොම

ඇයWhere stories live. Discover now