5. start

66 6 0
                                    

"මේ ක්ලාස් එකේ පහන තියනවකො. ඊලගට මිස් ඇවිත් මට බනි. හරියට ඩියුටි කරන්නේ නැ කියලා. "

අනේ දෙයියනේ මගේ දුක තේරුම් ගන්න. 5 වසරේ ප්‍රෙෆෙක්ට් කෙනෙක් උන එක නිසා මට බලන්න හම්බවුනේ 5B class එක. මන් 5A වෙද්දි මට හම්බුනේ එහා පැත්තෙ පංතිය. උදෙන්ම ගිහින් මුන්ට බැනලා පහන තියන්න මට වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මන් මේකේ පංතිභාර මිස්ට බයයි. කොහොම හරි 4 වසරේ පංති කැඩීම හේතුවෙන් මගේ හොදම යාලුවො හිටියේ මේ පන්තියේ. හැමදාම උදෙන්ම උන් ටික ක්ලාස් එකේ විදින දුක අහන එක මගේ වැඩේ. මන් යනු  section එකම දන්න ලමෙක්. ඉගෙනීම පැත්තෙන් වගෙම ලෙඩ දාගන්න පැත්තෙන් මට හුඟාක් කතා තිබ්බා. හැමදාම දවසට කොල්ලෙක්ට ගහන එක මගේ පුරුද්ද උනා. එහෙම වෙලා තියෙද්දී මගේ හොඳම යාලුවා class එකේ දුක විදිනවා අහන්න මන් කැමැති උනේ නැ. ඒකට මොනා හරි කරන්න ඕන උනත් කොල්ලො එක්ක වගේ මන් කෙල්ලො එකක රණ්ඩු වෙන්න කැමැති උනේ නැ. අනික මන් මිස්ට බය උනා. ඒත් එක්කම මොකුත් නොකලට මට ඒ ළමයි එක්ක පුදුම විදියේ තරහක් තිබ්බා.

ඇයWhere stories live. Discover now