25. With her

53 4 1
                                    

කාලය හිතුවට වඩා වේගෙන් ගෙවිලා ගියා. ඇත්තටම එයා මට කිව්වේ නෑ. එයා ict ක්ලාස් එනවා කියලා. ඒත් එයාගේ යාලුවා හින්දා මං දැන ගත්තා. කොහොමහරි එයාට ඕනෙ වුණෙ මාව පුදුම කරන්න. ඒත් අන්තිමට එයා දැන ගත්තා මන් ඒක දන්නවා කියලා. කොහොමහරි ඉතින් එයාගේ plan එක වෙලා තිබ්බේ මගේ birthday එක දවසට මාව surprise කරන්න. ඒත් වැඩේ හරි ගියේ නෑ.

කොහොමහරි මං ආසාවෙන් බලන් හිටිය දවස ආවා. මගේ පපුව එදා වාගේම හොදටම ගැහෙනවා. අන්තිමට මගේ Angel ආවා. ඇවිත් මාත් එක්ක වාඩි වුණා. මට නිකන් පුරුදු නෑ වගෙයි.
"අහ් මෙන්න happy birthday " එයා මට එයාගේ gift එක දුන්නා. අම්මෝ එයාගෙන් දෙයක් හම්බුවෙනවා කියන්නේ. දෙයියො දෙයක් දුන්නා වගේ. "Thanks" මන් එයා ආපු එක විශේෂ දෙයක් විදිහට එයාට පෙන්නනේ නැතුව ඉන්න හැදුවා. ක්ලාස් එක අස්සේ කෝලම් කෝටියයි. එක පාර මොනා හරි කකුල උඩ තියෙනවා වගේ දැනුනා. මෙන්න මේ කෙල්ල මගේ කකුල උඩ කකුල තියන් ඉන්නවා. මගේ ඇගේ current එකක් ගියා වගේ වුණා. ඒත් මන් ඒක ගාණක් නෑ වගේ හිටියා. සැරින් සැරේ අත කොනිත්තන්නයි විකාර ගොඩයි ඒත් ඒ හැමදේටම මං ආස වුණා. ඇත්තටම මාස ගාණකට පස්සේ මේ විදියට ඉන්න මං මවපු හීන ඔක්කොම ඇත්ත වුණා වගේ දැනුනා. එදා හවස ගෙදර ගියේ මං පිස්සු වගේ හිනා වෙවී. ගෙදර ගිය ගමන් එයා දුන්න gift එක ඇරලා බැලුවේ. එකේ photo අරන් phone එකේ save කරගන්න ගමන්. අදින් පස්සේ එයා ආයේ මං ළඟ මගේ ඔළුවට අවේ ඒ දේ විතරයි.

ඇයWhere stories live. Discover now