Chapter 1

10.2K 413 134
                                    

වයස අවුරුදු 41 වූ නෙහාර සුවිසල් මන්දිරයේ සාලයට වී අලුත් ඇදුමක් design කලේ නිලේෂ්ගේ ඉල්ලීම මතය.

මද වේලාවකින් කාරයේ හෝන් හඩ ඇසෙද්දි ඒ ප්‍රතාප් බව හදුනා ගත් නෙහාර සුසුමක් හෙලුවේ බියෙනි.

ඉදිරිපස දොර විවර කල නෙහාර ප්‍රතාප් එනතුරු බලා උන්නත් ඔහුගේ මුහුණේ පුළුල් හිනාවක් ඇදී ගියේ තවම අවුරුදු 15ක් වූ තම කුඩා දියණියව දැකීමෙනි.

නෙහාර දෙස එක් වරක් පමණක් බැලූ යුහාෂි ආකල්‍යා නිවස තුළට ගියේය.සුසුමක් හෙලු නෙහාර දොරකොඩට වී බලා උන්නේ ගරාජයේ සිට සිය සැමියා එනතුරුයි.

ඈතින් මතුවෙන ඒ රුව දකින නෙහාරගේ දෑස් ආදරයෙන් පිරි යන්නේය.වයස අවුරුදු 48ක් වූවත් ඔහුගේ කඩවසම් භාවයේ අඩුවක් නොවීය.පරිණත වෙන්න වෙන්න ඔහුගේ රූපය තව තවත් ආකර්ෂණීය විය.

"එන්න එන්න daddy vibe එක මතු වෙනවා මෙයාගේ.." ආඩම්බරයෙන් මිමිණූ නෙහාර සිනහවක් පෑවේය.

"මගේ දෙයියෝ..."

"ම්ම්ම්..."

සිනහා වීගෙන හැමදාටම ප්‍රතාප්ට හුරු නම නෙහාරගේ මුවින් මිමිණෙද්දී ඔහුගේ ගෙළපාමුලටත් කම්බුල මතටත් හාදුවක් තිබූ ප්‍රතාප් බෑගය නෙහාර අතට දුන්නේය.

"ඔයාට මහන්සීද..?මං දෙන්නාටම එක්ක තේ..."

"කෝ පුතාලා දෙන්නා.." ප්‍රතාප්ට මගහැරවන්න හැදූ ප්‍රශ්නෙම ප්‍රතාප් පඩිපෙළ වෙත යන ගමන් අසද්දි ප්‍රතාප්ගේ බෑගය තුරුළු කරන් උන් නෙහාර ගැස්සී ගියේය.

"මේ...ත්...ත්...තාම ආවේ නෑනේ..."

ප්‍රතාප් හැරී කෝපයෙන් නෙහාර දෙස බලද්දි නෙහාර ඉක්මනින් බිම බලා ගත්තේ ඊළඟට අහන්න වෙන සුපුරුදු බැනුම් ටික අහන්නට බලාපොරොත්තු වෙනි.

"වගකීමක් නැද්ද ඔයාට...උන් දෙන්නා අයිති තමුන්ට විතරයි කියලානේ තමුන් මුල ඉදන්ම හිතුවේ..මුල ඉදන්ම මට හදන්න දුන්නේ නෑ..වැරැද්දක් කරත් මගෙන් හංගලා බේරුවා..දැන් ඔය තමුසෙගේ කලිසම අස්සේ ගහන් හදපුවාගේ ප්‍රතිඵල පේනවද..?වෙලාවට ගෙදර එන්න දන්නේ නෑ...මොන අහුමුලු වල ලඟින්න යනවද දන්නේ නෑ..කොල්ලෝ තමා..ඒත් ඔහොම අයාලේ යන්න ඇරලා හරියනවද..?නෙහාර මං තමුන්ට මේ අන්තිම වතාවට කියන්නේ අද මගෙන් උන් දෙන්නාව බේර ගන්න හිතන්නවත් එපා..තේරුණානේ..හැබැයි එහෙම උනොත් මින් පස්සේ උන් දෙන්නා කරන එක වැරැද්දක් ගානේ ඒවාට දඩුවම් ලැබෙන්නේ තමුන්ට..."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now