ආරම්භයක් වූ අවසානය.

201 19 0
                                    

කාමරේ ජනෙල් කව්ලුවෙන් වැටෙන උදෑසන හිරු එළිය මූණට වැටුන නිසා තඩි කලු ගලක් උඩ සනීපෙට නිදාගෙන හිටපු පුංචි රෝස මලක් නින්දෙන් ඇහැරුනා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ y/n.
එතකොට කව්ද මේ කලු ගල?...

y/n නින්දෙන් ඇහැරෙනවත් එක්කම එයාට තද හිසරදයක් දැනුනා. එයා ඔලුවත් අල්ලගෙන ලාවට ඇස් ඇරලා වට පිට බැලුවා. ඒත් එක්කම එයාට දැනුනා එයා ඉන්නෙ කාගෙ හරි පපුවක් උඩ කියලා. y/n හිමීට ඔලුව උස්සලා බැලුවා. එතකොට තමයි y/n දැක්කේ එයා මෙච්චර වෙලා නිදාගෙන ඉදල තියෙන්නෙ කොහෙද කියලා. y/n කලබලෙන් නැගිටින්න උත්සහ කලා. ඒත් එක පාරටම jungkook y/nව තවත් පපුවට තුරුල් කර ගත්තා.

y/n ටිකක් බය වුනා. එයා කලින් දවසේ වෙච්ච දේවල් මතක් කරන්න උත්සහ කලා. ඒත් එයාට කිසි දෙයක් මතක තිබ්බේ නෑ. මොනා වුනත්     y/nට  jungkookගේ නින්ද කඩන්න ඕන වුනේ නැති නිසා y/n එහෙම්මම හිටියා. 

ටික වෙලාවකින් jungkook ඇහැරුනා. එයා එයාගෙ පපුව උඩට වෙලා ඉන්න y/n දිහා බැලුවා. Jungkookට තේරුණා y/n ඉන්නේ ටිකක් අමාරුවෙන් කියලා.

y/n මොකක්ද ප්‍රශ්නේ? ඇයි ඔයා අමාරුවෙන් වගේ ඉන්නේ?

Jungkook ඇහුවේ y/nගේ නිකටින් අල්ලලා එයාගෙ මූණ තමන් දෙසට හරව ගන්න ගමන්.

මුකුත් නෑ.. මගේ ඔලුව ටිකක් රිදෙනවා වගේ.

එතකොට තමයි jungkookට ඊයෙ වෙච්ච දේවල් මතක් වුනේ.

ඔලුව රිදෙන්නෙ නැතුව තියෙයිද ඉතින් අර බීල හිටපු විදිහට. ඔලුව නෙවෙයි රිදෙන්න ඕනෙ හරිනම්.

Jungkook y/nට ටිකක් සැර කලා. y/n බිම බලාගෙන පූස් පැටියෙක් වගේ හිටියා.

ඔහොම ඉන්නවා. මම ගිහින් දෙහි එකක් හදාගෙන එන්නම්.

Jungkook එහෙම කියලා ඇදෙන් නැගිටලා කාමරෙන් එලියට ගියා. y/n මේ අතරතුර ඊයෙ වෙච්ච දේවල් මතක් කරන්න උත්සහ කලා. ඒත් එයාට වැඩි දෙයක් නම් මතක් කර ගන්න පුලුවන් වුනේ නෑ.

Jungkook y/nට දෙහි එකක් ගෙනත් දුන්නා.

Jungkook ඊයෙ රෑ මොකද වුනේ මට මුකුත් මතක නෑනේ?

y/n ඇහුවේ දෙහි එකත් හිමීට බොන ගමන්.

ඔව් ඉතින් මතක තියෙන්නේ කොහොමද ඔයා හිටියේ මේ ලෝකෙ සිහියෙන් නෙවෙයිනේ.

Cold Prince Where stories live. Discover now