First kiss.

181 18 0
                                    

හිතේ දුක නැති කරගන්න කියල බොන්න පටන් ගත්ත y/nගේ හිතේ දුක තවත් වැඩි උනා මිසක් අඩුවක් නම් වුනේ නෑ. එයා මේ වෙද්දිත් හොදටම මත් වෙලා හිටියේ. හරියට කෙලින් ඉන්නවත් y/nට පන තිබ්බේ නෑ. එයා මේසයකට ඔලුව තියාගෙන සිහිය නැති වෙන්න ඔන්න මෙන්න හිටියේ.

y/n මොකක්ද ඔයා මේ කරල තියෙන්නේ?

y/nව මේ තත්වෙන් දැකපු jungkook ටිකක් තරහින් කෑ ගැහුවා. ඒත් y/n ගෙන් නම් කිසිම උත්තරයක් ලැබුණේ නෑ. Jungkook y/n ගාවට ගිහින් එයාව නැගිට්ටුවා.

ආආආ... jungkook ඔයා ආවද?.. හික්..

y/n jungkookව දැක්ක ගමන් පිස්සියක් වගේ හිනා වෙමින් කතා කලා.

y/n තමුසෙට පිස්සුද ආආ? ඇයි මෙහෙම බිව්වේ? අනික බෝතල් දෙකක්ම ඉවර කරලා. මොලේ හොඳ නැද්ද?

Jungkook y/nව පුටුවෙන් නැගිට්ටවලා එයාගෙ උරහිස් වලින් තද කරල අල්ලගෙන හොලවන ගමන් හොඳටම බැන්නා. Jungkookගේ සද්දෙ නිසා y/nගේ පුංචි ඇස් වල ඉක්මනට කඳුලු පිරුනා. y/nගේ ඇස් වල කඳුලු පිරෙනවා දැක්ක jungkookට ටිකක් දුක හිතුනා.

අනේ පැටියෝ ඇයි ඔයා අඬන්නේ? මොකද ඔයාට වුනේ?

Jungkook y/nගේ කම්මුල් පිහිදාන ගමන් ඇහුවා. එතකොට y/n තවත් හයියෙන් අඬන්න ගත්තා.

ඇ ඇයි ඔයා ගෙදර ආවේ? කෝ ඔයාගෙ අර මහ ලොකු g girlfriend? ඇ ඇයි එ එයා මඟ හැ හැලුනද?

Jungkook ඒ වෙලාවේ තේරුම් ගත්තා y/n ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා. Jungkook හිතපු දේ හරි. y/nට Ela ගැන ඉරිසියා හිතිලා.

ඔව්. Jungkook දැනගෙන හිටියා y/n Elaට වැඩි කැමැත්තක් නෑ කියලා. ඒ වගේම jungkook ට තේරුණා y/n ගේ හිතේ jungkook ගැන හැගීමක් තියෙනවා කියලා. ඒත් ඒ ගැන jungkook ට විශ්වාසයක් තිබුනේ නෑ. ඉතින් jungkook හිතුවා y/n ගේ හිතේ එයා ගැන මොන වගේ හැගීම්ක්ද තියෙන්නෙ කියලා හොයා ගන්න. ඒකට jungkook පාවිච්චි කලේ Elaව. Ela කියන්නෙ jungkook ගේ හොදම යාළුවෙක්. ඒක නිසා Elaත් jungkook ට උදවි කලා.

Jungkookට y/nව දැකපු පළවෙනි දවසේ ඉදන්ම අමුතු හැගීමක් දැනුනත් ඒ මොනවගේ හැගීම්ක්ද කියල jungkookට තේරුම් ගන්න බැරි වුනා. හැබැයි wedding එකෙන් පස්සේ jungkook තේරුම් ගත්තා එයා y/nට ආදරය කරනවා කියලා. ඒත් එයා ඒ ගැන y/nට කියන්න ගියේ නෑ. Jungkook හිතා ගත්තා හරි වෙලාව එනකන් මේ ගැන y/n ට නොකියා ඉන්න. ඒත් දැන් jungkook හිතා ගත්තා මේක තමයි ඒ හරි වෙලාව කියලා.

Cold Prince Where stories live. Discover now