විවාහය.

157 20 0
                                    

අද හැමෝටම වැඩ වැඩි, ගොඩක් විශේෂ දවසක්. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. Jungkook ගෙයි y/n ගෙයි wedding එක නිසා. සුළු ආරාධිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා චාම් ලෙස එය සිදු කිරීමට jungkookට උවමනා උනා. එයාට ඕන උන විදිහටම හරිම චාම් විදිහට හැම දේම සිද්ද උනා. Wedding එකට ඇවිල්ලා හිටපු හැමෝම jungkook ගේ ළඟම නෑදෑයෝ. y/n අදුරන කිසිම කෙනෙක් එදා ඇවිත් හිටියේ නෑ. ඒක නිසා එදා මුලු දවසම y/n හිටියේ ලොකු අපහසුතාවයකින්. ඇවිත් හිටපු සමහර අය y/n දිහා බැලුවේ හරියට සතෙක් දිහා බලනවා වගේ. මොකද එයාලා දැනගෙන හිටියා y/n දුප්පත් පවුලක කෙනෙක් කියලා.
.
.
.
.
.
.
.
.
Wedding එකෙන් පස්සේ ගෙදර ගිය දෙදෙනාම Mrs.jongගේ බල කිරීම මත කෙලින්ම ගියේ jungkook ගේ කාමරයට. y/n මුලින්ම ගිහින් ඇඳුම් මාරු කර ගත්තා. පසුව jungkook ඇඳුම් මාරු කරන් එනකන් y/n ඇදේ වාඩි වෙලා හිටියා. Jungkook wash එකක් දාගෙන washroom එකෙන් එලියට ආවා. y/n jungkookව දැකලා ඇදෙන් නැගිට්ටා.

ප්..පොඩි මහත්තයා....

Jungkook y/n දිහා බලලා සුසුම්ක් හෙලුවා.

y/n ඔයා දැන් මට පොඩි මහත්තයා කියන්න ඕනෙ නෑ. මට jungkook කියලා කතා කරන්න. අපේ අම්මට ඇහුනොත් මට හොදට ගුටි කන්න වෙයි.

Jungkook කිව්වේ mrs.jongගේ ගුටියේ සැර මතක් කරන ගමන්.

හරි පො- jungkook.

හ්ම්ම්... මොකක්ද ඔයා කියන්න හැදුවේ.

නෑ මේ මං කියන්න හැදුවේ... මම කොහෙද නිදා ගන්නේ?

ඇඳේ... ඇයි ඔයා වෙනදට නිදා ගන්නේ වෙන කොහේ හරිද?

Jungkook සමච්චලේට හිනා වෙන ගමන් ඇහුවා.

නෑ එහෙම නෙවෙයි මං කියන්නේ අපි දෙන්නම එක ඇඳේ....

ඉතින් මොකද වෙන්නේ? මතක නැද්ද අපි දෙන්න දැන් ටිකකට කලින් marry කලා.

Jungkook කියපු දේට y/nට කට උත්තර නැති උනා. y/n මුකුත් නොකියා බිම බලාගෙන හිටියා.

හරි හරි මෝඩි මං sofa එකේ නිදා ගන්නම්. ඔයා ඇඳට වෙලා රාජ කුමාරිකාව වගේ නිදා ගන්නකෝ.

Jungkook ඒක විහිලුවට කිව්වත් y/nට ඒකෙන් හිත රිදුනා. මොකද අද දවසම එයාට අහන්න සිද්ද උනේ "ඔය කෙල්ල අපේ කොල්ලගෙ පස්සෙන් එන්න ඇත්තේ සල්ලි නිසා" "ඒ කෙල්ල නම් gold digger කෙනෙක්" වගේ කතා. y/n හිතුවා jungkook අදහස් කලෙත් ඒකමයි කියලා. ඒ හැම දේම මුලු දවසම ඉවසගෙන ඉදලා y/n ට ගොඩක් මහන්සි. ඒක නිසා එයාගෙ ඇස් දෙකට ඉබේටම කදුලු ගලාගෙන ආවා. Jungkook ඒකට බය උනා.

අයියෝ..මේ මොකද? අනේ මං අඬන්න දෙයක් කිව්වෙ නෑනෙ ළමයෝ. ඇයි මේ?

එතකොට y/n ඉකි ගගහා අඬන්න ගත්තා.

අනේ පොඩි මහත්තයා මං සල්ලි උවමනාවට පොඩි මහත්තයාව බැන්දා තමයි. ඒත් මං පොඩි මහත්තයගෙ සල්ලි වලට තියෙන කෑදර කමකට නෙවෙයි එහෙම කලේ.

දැන් ඔයාට කවුද එහෙම කතාවක් කිව්වේ?

Jungkook කලබලෙන් ඇහුවා.

Wedding එකේදි කට්ටිය එහෙම කතා වෙනවා මට ඇහුනා.

Jungkookට ඒකට ගොඩක් දුක හිතුනා. එයා පොඩි ළමයෙක් වගේ හොටු පෙරාගෙන අඬන y/nව ඇදල අරන් පපුවට තුරුල් කර ගත්තා.

ඔයා ඒ දේවල් ගැන හිතන්න එපා. මිනිස්සු මොනා කිව්වත් ඒව අපි ඔලුවට ගන්න හොද නෑ.

Jungkook කියන හැම දේම y/n පොඩි ළමයෙක් තාත්තට ඇහුම්කන් දෙනව වගේ අහගෙන හිටියා. Jungkook y/nගේ හිත හදන ගමන් එයාගෙ ඔලුව අත ගගා y/n ව සන්සුන් කලා. Jungkook ගේ අත් අතරට ගුලි වෙලා ඉද්දි y/nටත් ලොකු සහනයක් දැනුනා.

දැන් ඔයා නිදා ගන්න. හෙට ඉදන් ඔයාට university යන්නත් තියෙනවානේ.

මොකක්? University?

y/n ඇහුවේ පුදුමෙන්.

ඔව් මට ඔයාට කියන්න අමතක උනානෙ. ඔයා fashion designing ඉගෙන ගන්න කැමති නිසා මං ඔයාව university එකකට දැම්මා. ඒක නිසා දැන් නිදා ගන්න නැත්තන් හෙට ඔයාට යන්න බැරි වෙයි.

එහෙම කියලා jungkook නිදා ගන්න ගියා. y/n jungkook ට හිතින් ස්තූති කරමින් නිනිදට වැටුනා.

Cold Prince Where stories live. Discover now