ගිවිසුම.

145 19 0
                                    

මාස කිහිපයක් මේ විදිහට ගෙවිලා ගියා. Jungkook ට marry කරන්න ගෙදරි එන බලපෑමත් වැඩි උනා. මේ වන විටත් Mrs.Jong Jungkook ට මනමාලියක් හොයන ගමන් හිටියේ.

එදා ගෙදර කවුරුත් නැති දවසක්. නයනත් වැඩකට එළියට ගිහින්. ගෙදර හිටියෙ y/n ,Jungkook විතරයි.

y/n හිටියේ මිදුල අතුගාන ගමන්. Jungkook දොරකඩට වෙලා ඒ දිහා බලාගෙන හිටියේ යමක් හිතන ගමන්. y/n දැක්කා Jungkook ලොකු කල්පනාවක ඉන්නවා.

පොඩි මහත්තයා, මං තේකක් හදල දෙන්න ද?

y/n ඇහුවේ jungkook ළඟට යන ගමන්.

මට කෝපි එකක් හදල දෙන්න.

Jungkook ට කෝපි එකක් හදන්න y/n කුස්සියට ගියා. jungkook ඒ පස්සෙන් බලු පැටියෙක් වගේ ගියා. y/n කෝපි එක හදනකන් jungkook kitchen island එක උඩ වාඩි වෙලා බලාගෙන හිටියා.

y/n ඇයි ඔයා මෙහේ වැඩට ආවෙ? ඔයාගෙ ගෙදර කට්ටිය කැමතිද ඔයා මෙහෙම වෙන ගෙදරක වැඩ කරනවට?

Jungkook ගේ ප්‍රශ්නයට y/n යන්තමට හිනා උනා.

මට ඉන්නෙ මගේ ආච්චි අම්මා විතරයි. එයත් ඉන්නෙ hospital එකේ. එයාගෙ බෙහෙත් වලට සල්ලි ඕන නිසා තමයි මං මෙහේ වැඩට ආවෙ.

ඔයා කොච්චරක් දුරට ඉගෙන ගත්තද?

මං A/L pass උනා. ඒත් government campus යන්න තරම් ලකුණු තිබ්බෙ නෑ. Private campus යන්න තරම් සල්ලි තිබ්බෙත් නෑ.

ඉතින් ඔයා කැමති නැද්ද තව ඉස්සරහට ඉගෙන ගන්න?

Jungkook ට ඒ ප්‍රශ්නයට ලැබුනේ දුක පිරුනු හිනාවක් විතරයි.

ආසයි නේද?

y/n ඇස් දෙකේ කදුලු පුරවගෙන ඔව් කියන්න ඔලුව වැනුවා.

මට ඔයාට ඒකට chance එකක් අරන් දෙන්න පුලුවන්. හැබැයි ඔයා මට පොඩි උදව්වක් කරන්න ඕනෙ.

y/n ගේ ඇස් දෙක දිළිසෙන්න ගත්තා.

මොකක්ද මහත්තයා? මට පුලුවන් දෙයක් නම් මන් කරල දෙන්නම්.

ඔව්. මේක ඔයාට කරන්න පුලුවන්. ඔයා මට මේ උදව්ව කරල දුන්නොත් මං ඔයාගෙ ආච්චිගෙ බෙහෙත් වලටත් වියදම් කරන්නම්.

y/n ට ගොඩක් සතුටු හිතුනා. එයා හිතා ගත්තා කොහොම හරි jungkook ට උදව් කරනවා කියලා.

මෙච්චරයි වෙන්න ඕනෙ. අපේ අම්මා මේ දවස් වල මට marry කරන්න කෙනෙක් හොයනවා. ඒත් මට කාවවත් marry කරන්න ඕනෙ නෑ. ඉතින් මං අම්මට කියන්නම් අපි දෙන්න අතර affair එකක් තියෙනව කියලා.

y/n ඒකටනම් ටිකක් බය උනා.

අනේ මහත්තයා, එහෙම කරන්නෙ කොහොමද ? ලොකු නෝන මාව මෙහෙන් එලවලා දායි.

එහෙම වෙන්නෙ නෑ මෝඩි. අපි කියමු අපි දෙන්න ආදරේ කරනවා කියලා. එතකොට අම්මා අපි දෙන්නගෙ marriage එක කරල දෙයි. ඔයා හිතාගන්නකො මේක contract marriage එකක් කියලා. අපි ටික කාලෙකින් මේ contract එක කඩල දාමු. මොකද කියන්නේ?

ඒත් ලොකු නෝනා මට කැමති වෙයිද?

ඒක මම ගානට කරන්නම්. ඔයා කැමතිද නැද්ද කියලා කියන්නකෝ.

y/n ට හිතා ගන්න බෑ මොනා කරන්නද කියලා. එයාට Mrs.Jong ව රවට්ටන්න ඕන නෑ. ඒත් ඉතින් එයාට මේ වෙනුවෙන් ලැබෙන් දේවල් නැති කර ගන්න ඕන උනෙත් නෑ.

ඔයා හිමීට හිතල මට උත්තරයක් දෙන්න. මං ඔයාට බල කරන්නෙ නෑ.

Jungkook එහෙම කියලා එයාගේ කෝපි එකත් අරන් යන්න ලෑස්ති උනා. Jungkook හිතුවා y/n ඒකට කැමති වෙන එකක් නෑ කියලා.

මම කැමති...

ආආආ.. මොකක්ද?

Jungkook ට ඇහිච්ච දේ විශ්වාස නැති නිසා ආයෙමත් ඇහුවා.

මං කැමති මහත්තයට උදවු කරන්න.

Jungkook සතුටින් y/n ළඟට ආවා.

Thank you so much. මේක මට ලොකු උදව්වක්. ඔයාට ඕන කරන හැම දේම මං දෙන්නම්. ඔයාගෙ studies වලට යන වියදම්, ආච්චිට බෙහෙත් වලට යන වියදම් හැමදේම.

Thank you මහත්තයා.

එහෙනම් මේ දැන් ඉදන් ඔයා මගේ girlfriend. අද රෑට ලෑස්ති වෙන්න මම මේ ගැන අම්මට කියනවා.

Jungkook එහෙම කියල එතනින් යන්න ගියා. ඒත් y/n හිටියේ එයා ගත්ත තීරණය හරිද වැරදිද කියල හිතන ගමන්. y/nට හම්බ වෙන පඩිය කොහොමත් ආච්චිගෙ බෙහෙත් ගන්න මදි. ඒක නිසා එයා හිතුවා මේ තීරණය හරි උනත් වැරදි උනත් කමක් නෑ කියලා. අනිත් එක එයාගෙ හීනයක් උන fashion designer කෙනෙක් වෙන එකත් සැබෑවක් කර ගන්න පුලුවන් වෙයි කියලා එයා හිතුවා.

ඒත් ඇත්තටම y/nට මේ හැම දේම කරගන්න පුලුවන් වෙයිද? නැත්තම් මේ මුකුත් කරගන්න බැරි වෙයිද? එහෙමත් නැත්නම් ඊටත් වඩා දෙයක් y/nට ලැබෙයි ද?

Cold Prince Where stories live. Discover now