මගේ girlfriend.

169 20 1
                                    

සති දෙකක් ගත වෙලා jungkook නැවත ගෙදර පැමිණියා. ඒත් jungkook ට ලොකු වෙනසක් දැනුනා. ඒකට හේතුව y/n ගේ හැසිරීම. මොකද y/n වෙනදා වගේ jungkook එක්ක වැඩිය කතා කරේ නෑ. හැමවෙලේම jungkook ව මග අරින්න උත්සාහ කරා. ඒ වගේම jungkook ට තේරුණා y/n ඉන්නේ ගොඩක් දුකින් කියලා. ඒත් එයා ඒකට හේතුවක් දැනගෙන හිටියේ නෑ. Jungkook y/n එක්ක මේ ගැන කතා කරන්න හැදුවත් y/n හැම වෙලේම ඒ කතාව මග ඇරියා.

මේ අතර තුර jungkook ගේ America වල friend කෙනෙක් නිවාඩුවට එහෙට ආවා කියලා jungkook ට පණිවිඩයක් ලැබුනා. Jungkook එයාව ගෙදර එක්කන් ඇවිත් පවුලේ අයට එයාව හදුන්වලා දුන්නා. ඒ වෙන කවුරුත් නෙවෙයි එදා jungkook එක්ක club එකේ හිටපු girl. එයා ටික දවසක් jungkook ගේ ගෙදර නවතින්නත් තීරණය කලා. එයාගේ නම Ela. එයා ආපු ගමන්ම jungkook ගේ ගෙදර හැමෝගෙම හිත දිනා ගන්න සමත් වුනා. ඒත් y/n නම් එයාට වැඩිය කැමැත්තක් දැක්කුවේ නෑ.

Jungkook ඔයා කොහොමද Elaව අඳුර ගත්තේ?

y/n මෙච්චර කාලයක් හිතේ හංගගෙන හිටපු ප්‍රශ්නයක් ඇහුවේ නිදා ගන්න ඇවිත් නිදා ගන්නෙ නැතුව phone එක ඔබ ඔබ ඉන්න jungkookගෙන්.

හ්ම්ම්...y/n මම ඔයාට ඇත්තම කියන්නම්.

Jungkookගේ ඒ කතාවට y/nගේ හිත ටිකක් ගැස්සුනා. එයා සද්ද නැතුව jungkook කියන්න යන දේට අවදානය ලබා දුන්නා.

ඇත්තටම Ela කියන්නේ මගේ girlfriend.



y/n?...y/n....

Jungkook කියපු දේට y/n ගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසා jungkook y/n ට කතා කලා. ඒත් ඒ වෙද්දිත් y/nට නින්ද ගිහින් තිබුණා. Jungkookකුත් එහෙමම නින්දට වැටුනා. ඒත් y/n ඇත්තටම නිදාගෙන නෙවෙයි හිටියේ. එයා කලේ රඟපෑමක්. y/nට ගොඩාක් දුක හිතුනා. එයා මුලු රෑම කලේ අඬපු එක. y/n jungkook ට හිතින් කොච්චර ආදරය කලත් jungkookව එයාට අයිති නොවන බව y/n තේරුම් ගත්තා. ඒ වගේම jungkook ගේ සතුට වෙනුවෙන් එයා jungkookව අතාරින්න වුනොත් ඒකත් සතුටින් කරනවා කියලා තීරණය කලා.
.
.
.
.
.
.
.
.
.
පහුවදා උදෑසන Mr. and Mrs.Jongට හදිසි වැඩකට දින කිහිපයකට ගෙදරින් යන්න සිද්ද වුනා. ඒ වගේම jungkook Elaගේ ඉල්ලීම නිසා Ela එක්ක shopping ගියා. y/n මුලු දවසම හිටියේ තනියම. තනියෙන් හිටපු නිසා y/n එක දිගටම jungkook ගැන හිතන්න ගත්තා. y/n ට හරියට කෑමක් ගන්නවත් සිහියක් තිබ්බේ නැ. එයාට ඒක ලොකු හිසරදයක් වුනා.

වෙලාව රෑ 9ත් පහු වෙලා. ඒත් jungkook තාමත් ගෙදර ආවේ නෑ. y/n jungkook එනකන් living room එකට වෙලා මග බලාගෙන හිටියා. Jungkook ඇයි තාම ආවෙ නැත්තේ, එයා තාමත් Ela එක්කද, ඒ දෙන්න මොනවා කරනවා ඇත්ද, මේ වගේ ප්‍රශ්න වැලක් y/n ගේ හිතේ සැරි සරන්න ගත්තා.

ඒත් එක්කම y/n ගේ නෙත් ගැටුනේ ගේ ඇතුලේ තියෙන mini bar එක. y/n එතනට ගිහින් උඩින්ම අතට අහු වෙන්න තිබ්බ bottle එක ගත්තා. y/n කවදාවත්ම drinks අරන් තිබ්බෙ නෑ. ඒත් එයාට දැන් තියෙන stress එකත් එක්ක ඒක බොන්නමයි හිතුනේ. y/n ඒකෙන් උගුරක් බිව්වා. එයාට දැනුනේ එයාගෙ පපුව පිච්චිලා යනවා වගේ. y/n ගේ හිතේ තියෙන වේදනාව නිසා එයාට ඕන උනා එයාටම රිද්ද ගන්න. ඉතින් y/n alcohol bottle එකම කටේ තියාගෙන අඬ අඬ බොන්න ගත්තා. මේ එයාගෙ පලවෙනි වතාව නිසා y/n ට ගොඩක් අමාරු වුනා. ඒත් y/n දන්නේ නැතුවම එයා බෝතල් 1 1/2 විතර ඉවර කරලා තිබ්බා.



වෙලාව රාත්‍රී 12යි. Jungkook Elaව එයාගෙ hotel එකට ගිහින් දාලා ගෙදර ආවා. ඒත් එයා එද්දි ගෙදර කිසිම සද්දයක් නෑ. Living room එකේ lights on කරලා. ඒත් කවුරුත් නෑ. එයා lights off කරගෙනම කාමරේට ගියේ y/nට නින්ද ගිහින් ඇති කියලා හිතාගෙන. ඒත් කාමරේට ආව jungkook ට දැක ගන්න ලැබුනේ හිස් කාමරේ විතරයි.

y/n.... y/n....

Jungkook y/nව හොයාගෙන ආපහු පහලට ආවා. පහලට ආපු jungkook දැක්කා mini bar එක ළඟ පුටුවක y/n ඉඳගෙන ඉන්නවා. ඒ වගේ ම එයා දැක්කා හිස් alcohol bottle දෙකකුත්.

y/n මොකක්ද ඔයා මේ කරල තියෙන්නේ?












මොකද කියන්නේ?  ඇත්තටම Elaව jungkookගෙ girlfriend කරමුද? නැත්තන් y/nට  chance එකක් දෙමුද?
කතාවේ  ඉදිරිය ඔයාලගෙ අතේ.....

Cold Prince Where stories live. Discover now