සූදානම

357 26 0
                                    

y/n.....y/n.....ටිකක් මෙහෙට එන්න.....

නයනා කතා කලෙ y/n පේන්න හිටියෙ නැති නිසා.

ඇයි නැන්දේ...

Garden එක අතු ගගා හිටපු අවුරුදු 19ක ලස්සන පුංචි කෙල්ල ඉදලත් බිම දාල දුවගෙන ගියේ කුස්සියට.

......................
y/n - අවුරුදු 19යි. පවුලෙ කෙනෙක්ට කියලා ඉන්නෙ hospital එකේ ඉන්න ආච්චි අම්මා විතරයි.A/L pass වෙලා university යන්න සල්ලි නැති නිසා තමන්ගේ ඉගෙනීමේ කටයුතු එතනින් නවත්තන්න y/nට සිද්ද වුනා. ආච්චි අම්මාගෙ අසනීපයට බෙහෙත් කරන්න සල්ලි ඕන නිසා එයාගෙ ගමේ ලොකු සල්ලි කරයෙක්ගෙ ගෙදර වැඩ කරන්න y/nට සිද්ද වුනා.
......................

කෙල්ලේ, ලොකු මහත්තයා මට ඊයෙ හවස කිව්වෙ මට ඔයාට කියන්න අමතක උනානේ.

මොකක්ද නැන්දේ..

හෙට අපේ පොඩි මහත්තයා රට ඉදන් එනවලු.ඉතින් හෙට ඉදන් නම් ඔය විදිහට වැඩ කරන්න බෑ හරිද.

ඒ මොකද නැන්දේ?

y/n ඇහුවේ නයනාගේ හැසිරීමේ තියෙන අමුතු නොසන්සුන් කම හොදින් නිරීක්ෂණය කරමින්.

අපේ පොඩි මහත්තයාට හැම වැඩක්ම හරියටම තිතට තියෙන්න ඕනෙ.නැත්තන් එයා යකෙක් වැහිලා වගේ තමා.එයාට හැම වඩක්ම හරියට පිරිසිදුව වෙන්න ඕනෙ.අනික ඔය පොඩි එකෙක් වගේ ලොකු නෝනගෙ කරේ එහෙම එල්ලිලා ඉන්න ලෑස්ති වෙන්න එපා.

ඔව්, y/n හරිම අහිංසක cute කෙල්ලෙක් නිසා mrs.Jong වගේම mr.Jong පවා y/nට ගොඩාක් ආදරය කලා.එයාව හුරතල් කලා.

අනේ ඉතින් ලොකු නෝනා මට ආදරෙයිනේ...

ආදරෙයි තමයි යෝදියේ,ඒත් ඉතින් පොඩි මහත්තයව බොරුවට කේන්ති ගස්සන්න ඕනෙ නෑනේ.

ඉතින් මං ලොකු නෝනත් එක්ක හිටියා කියල එයා මොකටද කේන්ති ගන්නෙ.

ඒකනම් y/n ඇහුවෙ ටිකක් කේන්‍තියෙන්.

පොඩි මහත්තයා ලොකු නෝනට ගොඩාක් ආදරෙයි.ලොකු නෝනා ඔයාට ආදරේ කරනවා දැකලා පොඩි මහත්තයට ඉරිසියා හිතෙයි.

අනික ඇතින්න වගෙ ඉදගෙන ලොකු නෝනගෙ කරේ නැගල ඒ මනුස්සයගෙ කොන්ද කඩනව කියල ඔයට බැනුම් අහන්නත් වෙයි.

නයනා ඒක කිව්වේ නක්කලේට හිනා වෙන ගමන්.

අහ්හ්..
ඒ කියන්නෙ ඔයාට මාව පේන්නෙ ඇතින්නක් වගේද?

y/nගේ මූණ දැකලා නයනාට හිනත් ගියා.

හරි හරි. දැන් අර ඉදල අරන් තියලා ඇවිත් මට මේ ටික අස් කරන්න උදවු කරනවා.

y/n මූණත් ඇඹුල් කරගෙන ඇවිත් නයනාට් උදවු කෑම හදන්න උදවු කරන්න ගත්තා.

නැන්දේ, ඔයා ඔය කියාන තරම්ම ඔය මනුස්සය ඔච්චර නපුරුද?

y/n නයනාගෙන් ඇහුවෙ මෙච්චර වෙලා තනියම හිත හිත හිටපු දේ.

මම නම් හිතන්නෙ නෑ එයා එච්චර නපුරු ඇති කියලා. මන් එයාව photos වලින් දැකලා තියෙනවා.එයා එච්චර නපුරු පාට නෑ.

නයනා ඒකට දුන්නේ නක්කල් හිනාවක්.

මම මේ ගෙදර වැඩ කරන්නෙ අද ඊයෙක ඉදන් නෙවෙයි.ඔයා ඒක දන්නවනෙ?

නයනා මේ ගෙදර ගොඩ කාලෙක ඉදන් වැඩ කරන නිසා අනිවාරෙන්ම මෙහේ හැම දෙයක් ගැනම දැන ගන්න ඕනෙ.ඒක නිසා y/n ඒක ගැන ආයෙ ප්‍රශ්න කරන්න ගියේ නෑ. ඒත් ගෙදර සාලයේ එල්ලලා තියෙන කඩවසම් අහිංසක පාට තරුණියා නයනා කියන තරම් නපුරුයි කියල පිලිගන්න කැමති වුනෙත් නෑ.කොහොම වුනත් හෙට ඉදන් මේ විශාල මන්දිරයේ වෙන්න යන වෙනස් කමට y/n හිතින් සූදානම් වෙන්න ගත්තා.

Cold Prince Where stories live. Discover now