ටිකිරි මාරි.

152 22 0
                                    

වෙනදා වගේම උදෑසනම අවදි වුන y/n කුස්සිය පැත්තට ගියේ නයනාට උදෑසන ආහාරය පිළියෙල කිරීමට උපකාර කිරීමටයි. ඒ වන විටත් නයනා කුස්සියේ බොහෝ වැඩ අවසන් කර තිබුනා.

Good morning නැන්දේ....

y/n නයනාගේ කරේ එල්ලෙන ගමන් කිව්වා.

ආආආ.. නෝන හාමු, දැන්ද නැගිට්ටෙ?

නෑ දැන් ටිකක් වෙලා.

එහෙනම්, මේ තේක ගිහින් පොඩි මහත්තයට දෙන්න.

අනේ.... ඇයි මං යන්නෙ?

y/n බොරුවට නහයෙන් අඬ අඬ කිව්වා.

ඇයි යන්න බැරි? ඔයා දන්නවනේ මට පඩිපෙල් නගින්න බෑ කියලා. පොඩි මහත්තයා මට ඊයෙ රෑ කිව්වා office යන්න ඇදුමක් මැදල තියන්න කියලා. මේ තේක දීලා පොඩි මහත්තයට office එකට යන්න ඇඳුමකුත් මැදලම එන්න.

නයනා එහෙම කියලා y/n අතට තේ කෝප්පය දුන්නා. y/n ඒකත් අරන් හිමීට Jungkook ගේ කාමරයට ගිහින් දොරට තට්ටු කලා.

එන්න.....

කාමරේ ඇතුලෙන් jungkook ගේ කටහඬ ඇහුනම y/n දොරත් ඇරගෙන හිමීට කාමරේ ඇතුලට ගියා.

y/n කාමරට යද්දි jungkook හිටියේ බැල්කනියට වෙලා. y/n, Jungkook ගේ අතට තේක දුන්නා.

පොඩි මහත්තය, නැන්දා කිව්වා පොඩි මහත්තයට ඇඳුමක් මදින්න කියලා.

y/n බිම බලාගෙන කිව්වා.

ඉතින් මදිනවා.

Jungkook කිව්වේ ටිකක් සැරෙන්.

ඉ..ඉතින් මොකක්ද මදින්නේ?

අර තියෙන්නෙ cupboard එක, කැමති එකක් අරන් මදින්න.

y/n, jungkook ට හිතින් බැන බැන ගිහින් cupboard එක ඇරියා. jungkook ට ඇදුම් ගොඩක් තියෙනවා. ඉතින් y/n ඒවා එකින් එක එලියට අරගෙන එකට තිය තිය match කරන්න ගත්තා. Jungkook ඒක දිහා හොදට බලාගෙන හිටියා. එයාට තේරුනා y/n ට හොඳ fashion sense එකක් තියෙනවා කියලා.

ඒක නෙවෙයි, ඔයාගෙ වයස කීයද කිව්වේ?

25යි මහත්තය.

හ්ම්ම්ම්... ඉතින් ඇ...

Jungkook ට කියන්න හදපු දේ කියන්න බැරි උනා. මොකද එතනට එක පාරටම තඩි බල්ලෙක් කඩාගෙන පැන්නා. ඒ බංගලාවෙ ඉන්න නයනාගෙ බල්ලා. එයා jungkook පොඩි කාලෙ ඉදන්ම එහේ තමයි හිටියේ. ඒත් ඒ දෙන්න අතර ලස්සන සම්බන්දයක් නම් නෑ. එයා බලාගෙන ඉන්නෙ කොයි වෙලාවෙද jungkook ට වද දෙන්නේ කියලා. හැබැයි එයා y/n එක්ක නම් ගොඩක් යාලුයි. දැනුත් එයා කාමරට කඩාගෙන පැන්නෙ y/n ගේ පස්සෙන්. හැබැයි ඒ හොදකට නම් නෙවෙයි. එයා මුලු කාමරේම එහේ මෙහේ දුව දුව අවුස්සන්න ගත්තා.

අයියෝ... මොන මගුලක් ද? කවුද මූව මෙහෙට ගෙනාවෙ.

අනේ සමාවෙන්න මහත්තයා. එයා මගේ පස්සෙන් එන්න ඇත්තේ.

එහෙනම් ඉතින් බලන් ඉන්නෙ නැතුව මූව මෙතනින් අරගෙන යනවා.

හරි මහත්තයා.

y/n බල්ලව නවත්තන්න එයාගෙ පස්සෙන් දුවන්න ගත්තා.

ටිකිරි මාරි... අනේ ඔහොම නවතින්න. කියන දේ අහල ඔහොම නවතින්නකො බබා.

y/n ගේ ඉල්ලීමට එයාගෙ ටිකිරි මාරි දුවන එක නවත්තලා y/n ලඟට ආවා.

හොඳ පුතා වගේ එලියට යන්න දැන්.

ටිකිරි මාරි දුකෙන් කාමරෙන් එලියට ගියා.

මොකක්, ටිකිරි මාරි? මං මෙහෙන් යද්දි උගේ නම shadow නේ. කවද ඉදන්ද එයා ටිකිරි මාරි උනේ.

එයාට ඒ නම දැම්මේ මම.

y/n බිම බලාගෙන කිව්වා.

විකාර. ඔන්න ඔය ඇඳුම iorn කරල දෙන්න ඉක්මනට මට පරක්කු වෙනවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Jungkook office යන්න ලෑස්ති වෙලා එද්දී y/n හිටියෙ සාලෙ බඩු පිහිදාන ගමන්.

තාත්තෙ අපි යමු නේද?

Jungkook එහෙම කියාගෙන පඩිපෙල බැහැගෙන ආවා. y/n, jungkook දිහා ඇසිපිය නොහෙලා බලන් හිටියා. Jungkook ඒ තරම්ම handsome.

ශා.. පුතා අද හරිම handsome නේ.

Mr.Jong එහෙම කියද්දි Mrs.jong හිනාවෙලා ඒකට එකඟ උනා.

මගේ පුතා කොහොමත් handsome නේ.

අම්මා එහෙනම් අපි ගිහින් එන්නම්.

හරි පුතා පරිස්සමින්.

Jungkook Mr.jong එක්ක office යන්න පිටත් උනා.

Jungkook, y/n ව පාස් කරන් යන ගමන් එයා ළඟින් නැවතුනා.

හොරෙන බලන්න ඕන නෑ. ඔයාට කෙලින්ම මං දිහා බලන්න පුලුවන්.

Jungkook කාටත් ඇහෙන්නෙ නැතුව y/n ගේ කනට කරල කිව්වා. y/n එයා දිහා පුදුමෙන් බැලුවා. මොකද jungkook, y/n දිහා නිකමටවත් බැලුවෙ නෑ. එහෙනම් කොහොමද එයා දන්නේ y/n හොරෙන් බැලුවා කියලා. Jungkook, y/n ට ඇහැකුත් ගහල එතනින් යන්න ගියා. ඒකට නම් y/n රතු වෙලා ගියා. y/n ට හිතා ගන්න බැරි උනා මේ වෙන්නේ මොනාද කියලා.

Cold Prince Where stories live. Discover now