හද ගැස්ම.

163 23 0
                                    

Jungkook washroom එකෙන් එලියට එද්දි දැක්කේ හදිස්සියෙන් කාමරේ අස් කරන y/nව.

මොකක්ද හදිස්සිය කෝච්චිය අල්ලන්න යන්නද?

Jungkookගේ සද්දෙට y/n ගැස්සිලා ගියා. y/n පිටිපස්ස හැරුනම දැක්කේ towel එක පිටින් බිත්තියට හේත්තු වෙලා බලන් ඉන්න jungkookව.

නෑ පොඩි මහත්තයා හදිස්සියක් නෑ.

y/n බිම බලාගෙන ඇහෙන නෑහෙන කටහඩකින් උත්තර දුන්නා.

තමුන් මොනාද මගේ කාමරේ ඇතුලේ කරන්නෙ? කෝ නයනා?

Jungkook ඇහුවේ y/nගේ හැසිරීම නිරීක්ෂණය කරමින්. Jungkook ට තේරුනා y/n ඉන්නේ බයෙන් කියලා.

නැන්දාට දණිස් අමාරුව. ඒක නිසා මට කිව්ව පොඩි මහත්තයගෙ කාමරේ අස් කරන්න කියලා.

මොකක්ද තමුන්ගෙ නම?

මම y/n මහත්තයා.

මහත්තයා කියන්නෙත් නමේ කෑල්ලක්ද?

Jungkook ඇහුවේ නක්කලේට හිනා වෙන ගමන්.

අනේ නෑ. y/n විතරයි.

හරි හරි. කාමරේ අස් කරලා මගේ cupboard එකත් අස් කරන්න.

හා පොඩි මහත්තයා.

y/nගේ මූණ දැක්කම Jungkookට y/nව තව ටිකක් බය කරන්න හිතුනා. Jungkook හිමීට y/n හිටපු තැනට ලන් වුනා. Jungkook ලඟට එනවා දැක්ක නිසා y/n ටික ටික පස්සට ගියා. ටිකෙන් ටික පස්සට ගිහින් y/n බිත්තියේ හැප්පුනා. Jungkook කොයිම වෙලාවකවත් y/n එක්ක තියෙන eye contact එක කඩා ගත්තෙ නෑ. ඒත් y/n, Jungkook ගේ ඇස් දෙක දිහා ඇරෙන්න අනිත් හැම තැනම බැලුවා. දෙන්නගෙ තොල් ගෑවෙන නොගෑවෙන තරමටම jungkook කෙල්ල ලඟට ලන් උනා. Jungkookට y/n ගෙ heart beat එක පවා ඇහුනා.

ප්..පොඩි මහත්තයා...

y/n එහෙම කියනවත් එක්කම Jungkook එහා පැත්තෙ තිබ්බ එයගෙ perfume එක අරන් පස්සට උනා.

තවත් මොනාද බලන් ඉන්නෙ? ඉක්මනට අස් කරල එලියට යනවා.

y/n ගේ මුලු මූණම රතු වෙලා. එයා හිතුවේ Jungkook එයාව kiss කරයි කියලා. Jungkook මහ කුරිරු සතුටකින් y/n දිහා හොරෙන් බලාගෙන හිටියා. y/n ඉක්මනට කාමරේ අස් කරල එතනින් යන්න ගියා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
රාත්‍රී ආහාරය ගෙන හැමෝටම සමු දී Jungkook තමන්ගේ කාමරයට ගියේ සුව පහසු නින්දක් ලබා ගැනීමට. නමුත් තමන්ගේ හිත එක්තැන් කර ගැනීමට ඔහුට අපහසු විය. උදෑසන y/n සමඟ ගෙවුනු විනාඩි කිහිපය jungkookගේ හිතේ මුලු දවස පුරාවටම සැරි සැරුවේය. ඔහු තමන්ගේ හිත නිදහස් කර ගැනීමට කමරයේ බැල්කනියට ගියේය. ඒත් එහිදීත් Jungkook ගේ නෙත ගැටුනේ garden එකේ වාඩි වෙලා පොතක් කියවන y/n ව. Jungkook ඇය දිහා බලාගෙන ටික වෙලාවක් කල්පනා කලා.

උදේ jungkook ට y/n ගෙ heart beat එක විතරක් නෙවෙයි, එයාගෙ heart beat එකත් ඇහුනා. y/n ගෙ වගේම එයාගෙත් heart එක ගොඩක් වේගෙන් ගැහුනා. ඒ ඇයි කියන්න එයාවත් දන්නෙ නෑ. සමහර විට jungkookගෙ හිතේ y/n ගැන ආදරයක් වත්.... නෑ එහෙම වෙන්න බෑ. Jungkook මේ දේවල් ගැන හිත හිත y/n දිහා බලාගෙන හිටියා.

y/n කියන්නේ අළුත් දේවල් ඉගෙන ගන්න ගොඩක් ආස කෙනෙක්. ඉතින් එයා එයාට බාර වෙලා තියෙන වැඩ ඉවර වෙලා හැමදාම රෑට පොතක් කියවන්න පුරුදු වෙලා හිටිය. අදත් පොතක් කියවන්න ගත්තට y/n ගෙ හිත තිබ්බෙ පොතේ නෙවෙයි, jungkook ගේ කාමරේ. එයත් උදේ වෙච්ච දේ ගැන හිත හිත තමයි හිටියේ. තව ඉස්සරහට මේ වගේ මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියල y/n ට හිතුනා. ඒත් එක වරම y/n ගේ ඇස් ගිහින් නතර උනේ jungkook ගේ කාමරයේ බැල්කනි එක ළඟ. y/n ගැස්සිලා ගියේ Jungkook එයා දිහා බලන් හිටපු නිසා. y/n ට ඔහුව ඉතා කඩවසම් විදිහට, ගොඩක් ගාම්භීරව පෙනුනා. හරියට නිකන් රාජ කුමාරයෙක් වගේ. y/nගේ heart එක ආයෙමත් වේගෙන් ගැහෙන්න පටන් ගත්තා. එයා ඉක්මනට එතනින් නැගිටලා ගේ ඇතුලට ගියා. Jungkookකුත් කාමරය ඇතුලට ගියේ හෙට උදෑසනම ඔහුට රාජකාරියක් පැවරී තිබූ නිසයි.

Cold Prince Where stories live. Discover now