දෙමාපිය කැමැත්ත.

148 22 0
                                    

පොඩි මහත්තයා...කෑම ලෑස්ති.

y/n රාත්‍රී ආහාරය සූදානම් බව jungkook ට දැනුම් දුන්නා.

y/n ඔයත් ලෑස්තී නේද ?

Jungkook ගිවිසුම ගැන y/n ට මතක් කලා.

ඔව්. මං ලෑස්තී...
.
.
.
.
.
.
.
.
පුතා මට හම්බුනා අපේ පවුලට හොදට ගැළපෙන family එකක්.

Mrs.jong කිව්වෙ රාත්‍රී ආහාර වේල ග්න්න ගමන්.

ඒ මොකටද අම්මේ?

ඇයි අනේ..ඔයාගෙ marriage එකට තමයි. වෙන මොකටද?

Jungkook ලොකු සුසුමක් පහත හෙලලා තම දෙමව්පියන් දෙස බැලුවා.

අම්මේ, තාත්ත.. මට කියන්න දෙයක් තියෙනවා.

ඔව් පුතා කියන්න.

Mr.jong කිව්වේ jungkook ට අවදානය ලබා දෙමින්.

මම කෙනෙක්ට ආදරය කරනවා.

What...? මේ ඇත්තමද පුතා? Ohh my goad! I can't believe this.

ඔව් අම්මා. මට girlfriend කෙනෙක් ඉන්නවා.

Mr. and Mrs. Jong දෙන්නටම ගොඩක් පුදුම හිතුනා කවදාවත් කෙල්ලෙක් දිහා ඇහැක් වත් ඇරල බලපු නැති කෙනාට girlfriend කෙනෙක් ඉන්නවා කිව්වහම.

කවුද පුතා ඒ girl? එයාව අපිට මුන ගස්සන්නේ කවද්ද?

Mr.jong ඇහුවේ නොයිවසිල්ලෙන්.

ඔයාල එයාව දැනටමත් මුන ගැහිල තියෙනවා.

එයාලට තවත් පුදුම හිතුනා.

අගේ කරන්නෙ නැතුව කියන්නකො පුතා.

Mrs.jong නොයිවසිල්ලෙන් කිව්වා. මේ වෙද්දිත් නයනා සහ y/n දෙන්නම හිටියේ කෑම මේසය ළඟ.

අම්මේ, y/n තමයි මගේ girlfriend. අපි දෙන්නට දෙන්නා ආදරේ කරනවා.

මොකක්?

එතන හිටිය හැමෝම එක පාරම කිව්වා. y/n ඇස් දෙක තදින් පියා ගත්තා. එයා හිතා ගත්තා මේ තමයි එයා මෙහේ ගත කරන අන්තිම විනාඩි කිහිපය කියලා.

ඇයි පුතා ඔයා මේක කලින් කිව්වේ නැත්තෙ?

Mr.jong ඇහුවේ කලකිරීමකින් වගේ.

මට කියන්න ඕන උනා. ඒත් ඉතින් මෙයා මේ ගැන කියන්න බය උනා.

Jungkook ඒ වැරැද්ද y/n ගේ කර පිට පැටෙව්වා.

කොහොම හරි y/n නොහිතපු විදිහට Mr.and Mrs.jong මේ සම්බන්දයට කැමති උනා.jungkook ගේ හිත වෙනස් වෙන්න කලින් ඒ දෙන්නගේ marriage එක කරන්නත් සූදානම් උනා. ඒ වගේම y/n මේ marriage එකට කැමතිද කියල දැන ගන්නත් mrs.jong අමතක කලේ නෑ. හැම දේම හොදින් සිද්ද උනත් y/n නම් හිටියෙ ටිකක් බයෙන්.

මේ සංවාදයෙන් පස්සේ y/n ට ඒ ගෙදර විශේෂ සැලකිලි ලැබෙන්නත් ගත්තා. වෙනදා වගේ නයනා y/n ගෙන් වැඩ ගත්තෙත් නෑ. නයනාගෙ උදව්වට අළුතෙන් කාන්තාවක් ගෙදරට ආවා. ඒත් ඉතින් තාමත් පුරුද්දට වගේ y/n ගිහින් නයනාට උදව් කලා. නයනා y/n වැඩ කරන්න නොදුන්නත් එයා නයනා ළඟින් ඉදගෙන හරි හිටියා. මේ අතර jungkook ගේ සහ y/n ගේ විවාහයට දිනයන් ද තීරණය වුනා.

Cold Prince Where stories live. Discover now