අස්වීම ගන්න ස්කෝලෙට ගිය දවසේ අහම්බෙන් මට සහස්‍රාව මුණගැහුණා.
"අනුල්‍යා ඔහොම ටිකක් නවතින්න"
සහස්‍රා දැක්කා විතරයි භූමිතෙල් ගහපු ගැරඬියා වගේ දුවන්න ගත්තු මාව සහස්‍රා නවත්තගත්තේ මගේ අතකිනුත් අල්ලගෙන. එයත් එක්ක අර කැඩෙට් යාලුවා හිටියා.
ඇත්තටම මෙයාට තනියම ගමනක් යන්නම බැරිද.. කොයිවෙලේ බැලුවත් මොකෙක් හරි පස්සෙන් එල්ලගත්තු ගමන්මයි ඉන්නේ.
"මොකද මෙහෙ?"
එයා ඇහුවා. මං අස්වීම පෙන්නුවා.
"හ්ම්ම්ම්.. අපේ ස්කෝලේ කාලේ ඉවරයි එතකොට නේද?"
එයා ඇහුවා. මං ඔව් කියන්න ඔලුව ඉහල පහල වැනුවා.
අපි දෙන්නා මූණෙන් මූණ බලාගෙන හිටියේ කියන්න දෙයක් නැතුව.
අවුරුදු දෙක හමාරකට විතර පස්සේ මුණගැහිලා මට දැනුනේ හරිම ආගන්තුක බවක්.
"මං එහෙනම් යන්නද සහස්‍රා?"
එයා හා කිව්වා
"අනුල්‍යා විනාඩියක්!!!"
මං ආපහු හැරුනා.
"ඔයාගේ නම්බර් එක දෙනවද මට?"
මං ඉහලට ගත්තු හුස්ම පහලට හෙලන්න බැරුව බලන් උන්නා.
"හරි බැරිනම් කමක්-"
"071 ***"
කියාගෙන මං ගේට් එක දිහාට දිව්වා.
ගේට් එක ළඟ නැවතිලා මං ආපහු ස්කෝලේ දිහා බැලුවා.
අවසාන වතාවට ස්කෝලේ ළමයෙක් විදියට. මගේ ඇස් වලට අහු උනේ මදහසක් මූණේ තියාගෙන මගේ දිහා බලාගෙන ඉන්න සහස්‍රාව. ප්‍රයිමරි එකේදි මං ස්කූල් වෑන් එකට නගිනකන් ගේට් එකේ එල්ලිලා මට අතවනන සහස්‍රාව මට මතක් උනා. ආපිටට දුවගෙන ගිහින් එයාව තදින් වැළඳගන්න තරම් හිතුන හැඟීම යටපත් කරගෙන මං එයත් එක්ක හිනාවුනා. එයා මට අත වැනුවා. බර සුසුමක් පිට කරපු මං එයාට ආපිටට අතවනලා ගේට් එකෙන් එලියට යන්න ගියා.
.......................................................................
-නිමි-
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...