"අනුල්‍යා මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද?"
පෝය දවසේ උදෙන්ම සයන්ස් ක්ලාස් එකට යන ගමන් හිටපු මාව ක්ලාස් එකට හැරෙන තැනදි සහස්‍රා නවත්තගත්තා.
"පුලුවන්"
"අනුල්‍යා... මට සමාවෙන්න. මමයි වැරදි. මං දෙනුවන් අයියට ආදරෙයි. මට එයාව අමතක කරන්නම බෑ."
මං මගේ අත් දෙක මිටමොලවගත්තා.
"අද ක්ලාස් නෑලු බං. ක්ලාස් එක වහලා."
සහස්‍රාගේ යාලුවෝ ටික ක්ලාස් එක දිහා ඉඳන් දුවගෙන ආවා.
"අපි කොහෙහරි යමුද? ගෙදර යන්න තව වෙලා තියෙනවනේ"
සහස්‍රා මගෙන් ඇහුවා.
"මට බෑ. මං දැන් යනවා ගෙදර"
"අනුල්‍යා ප්ලීස්..... මට ඔයා එක්ක කතා කරන්න ඕන. ඔයා කිව්වනේ පුළුවන් කියලා"
"හරි ඉතින් දැන් මෙහෙම කියන්න"
"මෙහෙම කියන්න බෑ. ගොඩක් දේවල් තියෙනවා කියන්න. අපි පන්සලට යමුද?"
"මේවා ඇඳගෙන?"
මං අපේ ඇඳුම් දිහා බැලුවා. යන්තම් හරි ලා පාට ඇඳුමක් ඇදගෙන හිටියේ සහස්‍රාගේ කැඩෙට් යාලුවා හිරූ විතරයි. කමක් නෑ. මං දෙනුවන් අයියා එක්කත් දවසක්-"
"යනවා නම් යමු ඉතිං"
මං පෙරමුණ ගත්තා. මගදි හම්බුන පසන්දි සහේලිත් හංසිත් අපේ ගමනට එකතු උනා. මාර සේනාව වගේ, පාට පාට ඇඳගෙන මහ දවාලේ කෙල්ලො සෙට් එක පන්සලට කඩා වැදුනා. සෙරෙප්පු ගලවලා එක තැනක ගොඩ ගහලා බුදුන් වැඳලා අපි චෛත්‍ය වටේ වාඩි වුනා. සහස්‍රා මගේ ගාවින්ම වාඩිවෙලා මගේ අතකින් අල්ලගත්තා. අනිත් අය වාඩිවෙලා හිටියේ අපිට ටිකක් ඈතින්.
"මේ අත අල්ලන්න තාම අවසරයිද මට?" එයාගේ හඬ බිඳිලා.
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...