👀3 - සෙල්ලම් ලෙල්ලම්

283 59 6
                                    

ඒ සිද්දියෙන් පස්සේ සහස්‍රාට එයාගේ හොඳම යාලුවා තරුමිණීගේ මිතුරුකම අහිමි වුනත්, දැක්ක මොහොතේ ඉඳන් ආයේ ආයේ දකින්න ආස කරපු, වචනයක් හරි කතා කරන්න හීන බලපු, එයා මේ ලෝකේ ආසම කරන චරිතය - අනුල්‍යාගේ මිත්‍රත්වය එයාට ලැබුනා.අනුල්‍යාට සහස්‍රා කියන්නේ මහා ලොකු චරිතයක් උනේ නෑ. එයාට සහස්‍රා කියන්නෙත් එයාගේ යාලුවො ගොඩෙන් තවත් එක යාලුවෙක් වෙද්දි සහස්‍රාට දැනුනේ මුලු ලෝකෙම එයාගේ අතට ලැබුනා වගේ.


එදා ඉඳන් හැමදාම සහස්‍රා අනුල්‍යා වටේමයි. මේකෙන් සහස්‍රා - තරුමිණී - මෙනුදි මිත්‍රත්වය බිඳ වැටුන නිසා මෙනුදි හිටියේ තරහින්. සහස්‍රා - තරුමිණී වගේම දිලාරා - අනුල්‍යා එක්කත් එයාට තිබ්බේ කේන්තියක්.


"අනුල්‍යා!!!"

මාස ගානකට පස්සේ මෙනුදිට අනුල්‍යාව තනියම අල්ලගන්න පුළුවන් උනා , එදා සහස්‍රාව එයාගේ අම්මලා මල ගෙදරක එක්ක ගිහිල්ලා නිසා ස්කෝලේ ආවේ නැති නිසා.

"ඇයි?"

හුණු කූරු ගේන්න ඔෆිස් එකට දුව දුව හිටපු අනුල්‍යා නැවතුනා. එවෙලෙම,

"ටීචර් මේ අයි ගෝ ටුද ටොයිලට්"

කියලා ටොයිලට් පර්මිශන් කාඩ් එකත් උස්සගෙන මෙනුදිත් අනුල්‍යා පස්සේ වැටුනා.

"මොකද ඔයා සහස්‍රා එක්කම ඉන්නේ? ඔයා ඔයාගේ පරණ යාලුවෝ එක්ක ඉන්න"

මෙනුදි අනුල්‍යා ගාවටම ආවේ කෑගහගෙන.

"සහස්‍රා??"

අනුල්‍යාට ගානක් නෑ මේ ටිකේම සහස්‍රා එයාගේ යාලුවෝ දාලා තමන් ගාවම කැරකි කැරකි හිටිය වග වත්.

"අහ්.. එයා තමා අපි එක්ක සෙල්ලම් කරන්න එන්නේ. මං කිව්වේ නෑ එයාට එන්න කියලා."

අනුල්‍යා චුට්ටක් කල්පනා කරලා කිව්වම බුද්ධිමත් මෙනුදිටත් තේරුනා මේක අනුල්‍යාගේ වරදක් නෙමේ කියලා.

"එහෙනම් ඇයි සහස්‍රා ඔයාලා එක්කම ඉන්නේ.. එයා දැන් අපි දෙන්නත් එක්ක ඉන්නෙම නෑ."

මෙනුදු අනුල්‍යා එක්ක එක පෙලට වැටිලා ඔෆිස් එක දිහාට ඇවිදගෙන ගියා.

DandelionWhere stories live. Discover now