👀9 - මුණගැසීම

220 49 51
                                    

ස්පෝට් මීට් කාලෙට මං හරි ආසයි. ඒ කාලෙට හැමෝම ග්‍රවුන්ඩ් එකට එන නිසා මං විතරක් ග්‍රවුන්ඩ් යනවා කියලා මට කාගෙන්වත් බැනුම් අහන්න උවමනා උනේ නෑ. ග්‍රවුන්ඩ් එකේ ගිනි අව්වේ තමන්ගේ හවුස් එකට චියර් කරන එක, සමාප්ති ඩාන්සින් ප්‍රැක්ටිස් කරන එක, ඩ්‍රිල් එකට ප්‍රැක්ටිස් කරන ගමන් ෆවිලියන් එක ගාවම චෙරි ගහ යට කැඩෙට් ප්‍රැක්ටිස් කරන කොල්ලො දිහාට ලාවට රබර් ඇහැ දාන එක, සහෝදර පිරිමි පාසලේ බෑන්ඩ් ලීඩර්ට කෙල හලන එක, ගස් නැගලා බිලිං චෙරි කඩන එක එකී නොකී මෙකී ආතල් වැඩ සේරම තියෙන්නේ ස්පෝට්මීට් කාලෙට. ඉතින් කවුද ඒ කාලෙට අකමැති. පලවෙනි වාරෙම වගේ ස්පෝට් මීට් එකට තමා බොහෝ දුරට වැයවෙන්නේ. මුලින් මුලින් පොඩ්ඩ පොඩ්ඩ බාහිර වැඩ වලට ළමයි එකා දෙන්නා ක්ලාසස් වලින් අඩු උනත් සමාප්තිය ළං වෙද්දි පන්තිවල ඉගැන්වීම් කටයුතුත් නවත්තලා හැමෝම වගේ ග්‍රවුන්ඩ් එකට බහිනවා.


හැමදාම වගේ හතහමාරට ළං වෙලා මං ක්ලාස් එකට ඇවිල්ලා බෑග් එක තියලා ඩාන්සින් රූම් එකට දිව්වා. ක්ලාස් එකේ හිටියා කියලා වැඩක් නෑනේ. කාගෙහරි කතාවකට හිත රිදෝගන්නයි වෙන්නේ.  


දඩබඩ ගාලා කලබලේ මං නිව් බිල්ඩින් එකෙන් පල්ලෙහාට බැහැගෙන බැහැගෙන ගියේ ඒ වෙද්දිත් මං පරක්කු නිසා ජාතික ගීය පටන් ගන්න කලිම් ඩාන්සින් රූම් එකට පැනගන්න. නැත්නම් ඔෆිස් එක ඉස්සරහ සීරුවෙන් හිටගෙන ඉන්න සෙට් උනාම කොහොමද ආතල් එක.. ඩාන්සින් රූම් එක වුනේ අලුත් බිල්ඩින් එකේ පොලව යට තට්ටුවේ කෙලවරේම රූම් එකට කලින් රූම් එක. කෙලවරේම රූම් එක කැඩෙට් රූම් එක. ඒත් මේ ටිකේම ඒ රූම් එක වහලා තිබ්බේ එයාලා කෑම්පින් ගිහිල්ලා ඉඳපු නිසා. මං පඩිපෙල දිහා බලාගෙනම අත්වැට අල්ලන් වේගෙන් එකවරකට පඩි දෙක දෙක පහලට පැනගෙන පැනගෙන ගිහිල්ලා කෙලින්ම වැටුනේ කාගෙහරි අත් දෙකකට. දෙන්නත් එක්කම බිමට පෙරලෙන්න ගියත් මට වඩා හයිය තිබුන ඒ අත් වලින් මාව තුරුල් කරගෙන අල්ලගෙන වගේ එයා එක අඩියක් පිටිපස්සට තිබ්බා. ඒකෙන් දෙන්නාත් එක්ක එක පොදියට බිම පෙරලෙන එක නතර වුනාට ඒ වුන දෙයින් මං හිටියේ එයාගේ තුරුලේ වගේ. ඒ කෙනා කවුරු උනත් එයා හිටියේ යුනිෆෝම් එකෙන් නෙමේ කියලා මං දැක්කා. සුදු ටී ශර්ට් එකට් නිල් බොටමට යට කරන් ඉන්නවා ඇස් කොනින් දැක්කම මට හීන් දාඩිය දැම්මා. ඒ කියන්නේ මේ කැඩෙටින් කරන ළමයෙක්.

DandelionWhere stories live. Discover now