👀2 - වලිය

356 64 20
                                    

අනුල්‍යාට මේ වෙනස තේරෙද්දි එයා හතර වසරේ විතර ඇති. දවසක් දිලාරා එක්ක ලොකු වලියක් ගියා ස්කෝලේ හතර වසරෙ කොරිඩෝ එකේ. පන්ති භාර මිසුත් ආවා වලිය මොකක්ද බලන්න.

"ටීචර් මෙයා හැමදාම එයාගේ ඩ්‍රාමා එකේ ප්‍රින්සස් විදියට දිලාරාව ගන්නවා. කවදාවත් අපිව ගන්නෑ. අපිටත් ඕන උදෑසන රැස්වීමේ රඟපාන්න."

අනුල්‍යා සේනාවක්ම අරගෙනයි ඇවිල්ලා තිබුනේ. දිලාරා ප්‍රින්සස් කරනවට විරුද්ධ සේරම අනුල්‍යාට පිටුපස්සෙන් පෙල ගැහිලා හිටියා.

"ඉතිං ඔයා කැතයිනේ. ප්‍රින්සස් වෙන්නේ ලස්සන එක්කෙනා. දිලාරා තමා ක්ලාස් එකෙන්ම ලස්සන" 

තරුමිණී එයාගේ පැත්තෙන් කරුණු දැක්වුවා. ටීච ඔලුවේ අතගහගත්තා. දැන් ඉතින් ඉවරයිනේ.

"තරුමිණී ඔයා කිව්ව දේ වැරදී.. එහෙම කාටවත් කැතයි කියලා කියනවද පුතේ... බලන්න ඒ ළමයා කොච්චර ලස්සනයිද.. ඇයි ඒ වගේ කතා කරන්නේ යාලුවොන්ට??" 

ටීච දෙන්නගෙම හිත නොරිදෙන්න වැඩේ සමාදාන කරන්නයි ගියේ.

"හුහ්.. එහෙනම් ටීචර්ගේ ඇස් පේන්නෑ. බලන්නකෝ හැටි මූණේ. සුදුත් නෑ එයා. කොන්ඩෙ දිගත් නෑ. දත් දෙකකුත් ඉස්සරහ හරියට හාවෙක් වගේ. මෙයාව මං ඉබ්බගෙයි හාවාගෙයි රේස් එක කරන දවසට හාවට ගන්නම්." 

තරුමිණි කිව්වේ සමච්චලේට හිනාවෙලා.

"තරුමිණී!!! මොකක්ද ඒ කිව්ව කතාව? මගෙන් මැරුම් නොකා දැන්ම සමාව ගන්නවා මේ ළමයගෙන්!!!" 

එකපාරම අනුල්‍යාට පිටුපස්සෙන් වලිය ඉස්සරහට ආවේ සහස්‍රා. සහස්‍රා අභිරාණි.

ඔක්කොලාම සූස් ගාලා ඉහලට ඇද්දා. සහස්‍රා, තරුමිණි, මෙනුදි කියන්නේ ක්ලාස් එකේ ඉඳපු චණ්ඩි තුන්දෙනා. ස්කෝලෙට ඇතුල් උන දවසේ ඉඳන් තුන් නිවුන් දරුවෝ වගේ එකටමයි ඒ තුන්දෙනා හිටියේ. පිරිමි ළමයි වගේ කොන්ඩෙත් කපලා. ටීචර්ස්ලාවත් එයාලා එක්ක වැඩිය වලියට ගියේ නෑ. විශේෂයෙන් තරුමිණී එක්ක. එයාට කේන්ති ගියාම කටින් ගලාගෙන එන සමහර වචන ගුරුවරුවත් ජීවිතේට ඊටකලිම් අහලා නෑ. ටීචර්ස්ලා ඊළගට එයාව අව්වේ දණගහලා තියෙන එකෙන් නැත්නම් ප්‍රින්සිපල්ගෙන් වේවැල් කසාය ඉල්ලලා දෙන එකෙන් අනුල්‍යා ඇතුලු ක්ලාස් එකම තේරුම් ගන්නවා ඒවා නරක වචන කියලා. ඒ නිසා කවුරුත් තරුමිණී එක්ක රණ්ඩුවට යන්නෑ. ඒත් අනුල්‍යා අන්තිමේදි එයා එක්ක හැප්පෙන්න තීරණය කරලා තිබ්බා. නොහිතපු විදියට එයාගේ උදව්වට ආවේ සහස්‍රා. තරුමිණී එක්ක එකටම ඉන්න එයාගේ යාලුවා.

DandelionWhere stories live. Discover now