"මහන්සිද මැණික?"
පෝලිමේ ඉඳලා යන්තම් වොශ් එකක් දාගෙන බැල්කනි එකට රිංගලා අම්මටත් කලිම් කෝල් කරේ සහස්‍රාට. ජනනිගේ අම්මාත් අපි එක්ක ආව නිසා රෑ වෙලා ආන්ටිගේ ෆෝන් එකෙන් අම්මට කෝල් කරන්න මං හිතාගත්තා.
"එච්චර නෑ....හ්. නින්ද ගියා මට මගදි"
"ස්කෝලේම පාලුයි අනුල්‍යා. ආයේ ඔයා ස්කෝලේ එනකන් මං ස්කෝලේ යන්නෑ"
"පිස්සුද සහස්‍රා? විකාර කරන්නෙපා. ස්කෝලේ යන්න. එක්සෑම් ළඟයිනේ. ටර්ම් ටෙස්ට් එකත් එනවනේ ළඟ ළඟම. මගේ හොඳ සුදු බෝලෙනේ ඔයා"
හැට හතරෙන් එකක් දාලා බැලුවා.
"හ්ම්. හරි මං යන්නම් එහෙනම්"
මං ඇස් වහගෙනම නොපෙනෙන සහස්‍රා කෙනෙක්ට මදහසක් පෑවා.
"සහස්‍රා......"
"ම්ම්ම්ම්ම්ම්ම්ම්......."
"අජූ අපූව කිස් කරානේ"
මං කිව්වේ රහසින්.
"ඔයා මොකටද ඒවා බලන්න ගියේ ආහ්?"
"බැලුවේ නෑ. පිටිපස්සේ සීට් එකට නිදාගන්න යද්දි දැක්කේ. මං ආපහු හැරිලා වෙන සීට් එක්කට ගියා."
"හ්ම් හොඳ ළමයා"
"හී... හී... සහස්‍රා... මං යන්නද? ආන්ටි බලනවා සැරින් සැරේ"
"හ්ම්. හරි හරි යන්න."
"ඉතිං තරහයිද?"
"නෑ මැණික. පාලුයි."
"හ්ම්"
"ගුඩ් නයිට් අනුල්‍යා. හෙට වින් කරලා එන්න"
"හෙට නෝටි බබෙක් නොවී ස්කෝලේ යන්න සහස්‍රා. ගුඩ් නයිට්"
"සහස්‍රා...."
"ම්ම්ම්ම්"
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...