👀23 - දෙනුවන් සේනිය වර්ශමාන

195 41 20
                                    

"සංජීවනී මිස්!!!"

 මගෙ බය වුන කටහඬට සහස්‍රා ගැස්සිලා මගෙන් ඈත් වුනා. ලද අවස්තාවෙන් සහස්‍රාගේ ඉණෙන් අල්ලලා ඈතට තල්ලු කරලා මං ක්ලාස් එක දිහාට දිව්වා.

"අනුල්‍යා!!! මොකද ළමයෝ මේ හොල්මනක් දැකලා වගේ?"

"මිස් මං.. මං-"

"මුලින්ම ඔය ළමයා වාඩිවෙන්නකෝ. ඊටපස්සේ කතා කරමු අපි"

 සංජීවනී මිස් ආපහු පාඩම පටන් ගත්තා.

මං ක්ලාස් එකට නෙත් යොමු කරා.

ඇයි මේ? ඩී ක්ලාස් එකේ ළමයිනුත් අපේ ක්ලාස් එකේ.

"ළමයි වැඩි දෙනෙක් හවස නැවතිලා නෑනේ. ඉතින් මං ක්ලාස් දෙකම එකට එකතු කරා."

 මං තවමත් වාඩි නොවුන නිසා මිස් මට වග උත්තර බැන්දා. මගේ ගෲප් එකේ මං අඳුරන්නැති ළමයි දෙතුන් දෙනෙක් වාඩිවෙලා ඉඳපු නිසා මං බෑග් එක අරගෙන ඇවිල්ලා කෙලවරේම ඩෙස්ක් එකේ මුල්ලක වාඩි වුනා.

"එක්ස්කියුස් මී මිස්"

 විනාඩි දහයකට විතර පස්සේ සහස්‍රා බෑග් එකත් කරේ දාගෙන ක්ලාස් එකට ආවා. වටපිට බලලා එයා මගේ එහා පැත්තෙන් දඩස් ගාලා බෑග් එක අතෑරලා පුටුව ඇදලා වාඩි වුනා. මං ලොකු සුසුමක් අතෑරියා.

..............................................................................

"අනුල්‍යා.... පොඩ්ඩක් නවතින්න"

 ක්ලාස් ඉවර වෙලා ළමයි ඔක්කොම එලියට යද්දි සංජීවනී මිස් මට කතා කරා. සහස්‍රා දිහා ඇස් කොනින් බලලා මං ගුරු මේසේ ගාවට ළං වුනා. එයා පොත් අස් කර කර මං වෙනුවෙන් පමා වෙනවා මං දැක්කා.

"මොකද අද පරක්කු උනේ?"
මිස් කාරුණිකව ඇහුවා

"කෑම ගන්න ගිහින් එද්දි වෙලා ගියා. 

"සෙනග හිටියා කඩේ"

 මං අමතර කොටසක් එකතු කරා.

"බැරි වෙලාවත් සහස්‍රා ඔයාව නතර කරගත්තා එහෙම නෙමේ නේද?"

 මං ඇස් ලොකු කරලා මිස් දිහා බැලුවා. මිස් මගේ දිහාම බලාගෙන හිටියා. මං නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.

DandelionWhere stories live. Discover now