ස්පෝට් මීට් එකෙන් පස්සේ තිබ්බ ලොකුම රාජකාරිය උනේ හැම අවුරුද්දෙම යන අධ්‍යාපන චාරිකාව. වෙන අවුරුදු වල ඒක මීට කලිම් සැලසුම් කරා උනත් මේ පාර ස්පෝට් මීට් එක ටිකක් දිගට ඇදුන නිසා කල් ගියා. ට්‍රිප් එකට කලිම් අපේ බැජ් පැලැන්දවීමේ උත්සවය ගන්න ලොකු මැඩම්ට ලොකු වුවමනාවක් තිබ්බා වුනත් ඒක හරිගියේ නෑ. ඉතින් හෙට අපි ට්‍රිප් එක යනවා. මේ අවුරුද්දේ අපි ගියේ හෝර්ටන් තැන්න. එක තමයි ඔක්කොලාගෙම කැමැත්ත උනේ.බස් ටික හෝර්ටන් තැන්නට ළඟා වෙද්දි දවල් වෙන්නත් ළගයි. මං ජැකට් එකත් දාගෙන බස් එකෙන් එලියට පැන්නා. එලියේ දරාගන්න පුළුවන් තරමේ සීතලක් තිබුනා. දෙන්නා දෙන්නා පේලි හදන්නත් එක්ක මං අනික් ප්‍රිෆෙක්ට් ලා එක්ක එකතු වෙලා එකින් එක බස් වලට නගිද්දි යන්තම් රබර් ඇහැ දාලා බැලුවා සහස්‍රාගේ ඡායාවක්වත් හොයාගන්න තියෙනවද කියලා. ඒත් එයාවත් එයාගෙ යාලුවෙක්වත් මට දකින්න ලැබුන්නෑ. ඒ වෙද්දි තවමත් බස් දෙකක් මග එන ගමන් කියලා ලැබුන ආරංචියත් එක්ක එයා තාම ඇවිල්ලා නැතුවැති කියලා මං තීරණය කරා. එයා ට්‍රිප් එක ආවද කියලා වත් මං දැනන් හිටියේ නෑ. ඒ වගේ පොඩි දෙයක් කතා කරගන්නවත් වෙලාවක් නැති තරම් බිසී උනා අපි දෙන්නම පහුගිය ටිකේ. ගුරුවරුත් එක්ක ළමයි ක්ලාසස් පිලිවෙලින් හෝර්ටන් තැන්නට ඇතුල් වුනා.
"මං ඔයත් එක්ක යන්න එන්නද?"
තැන්නට ඇතුල් වෙන්න හදද්දිම මට කාගෙහරි කටහඬක් ඇහුනා.
"ම්ම්ම්ම් ඕ..කේ..."
මං එයා දිහා අඩමානෙට බැලුවා.
"මං සහේලි. හය වසරේ ඉඳන් ඔයාගේ ක්ලාස් එකේ හිටියේ"
මගේ ඇස් පුදුමෙන් ලොකු වෙන්නැති.
"නෑ නෑ ඒකට කමක් නෑ. මං වැඩි කතා නැති නිසා හුඟක් අය මාව දන්නෑ තමා"
එයාම කිව්වා.
"ඔහ්.. එහෙමද? හරි අපි දෙන්නා යමු. හැබැයි ප්‍රිෆෙක්ට්ලා ට දෙන්නා දෙන්නා යන්න අනිවාර්ය නෑ මොකද අපි නිතර එහෙ මෙහෙ ගිහින් කට්ටිය ගැන බලන්න ඕන නිසා. එහෙම වෙලාවට ඔයා-"
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...