අනුල්‍යා සදෙව්නි කියන්නේ කෙල්ලොම තුනක් ඉන්න පවුලේ දෙවනියා. අම්මගේ තාත්තගේ ඉඳන් සීයා ආච්චම්මා නැන්දා මාමා පුංචි බාප්පා හැමෝගෙම අවධානේ හැමදාම සෙක්ශන් එකේ පලවෙනියා වෙන අක්කටයි ගෙදර හුරතලේ, බඩ පිස්සි - නංගිටයි ලැබෙද්දි කිසිම විශේෂත්වයක් නැති මහ ලොකු ලස්සනකුත් නැති අනුල්‍යා හැමදාම හැමෝටම ඉක්මනට අමතක වෙලා යන නිකන්ම නිකන් ගෙදර නැවතිලා ඉන්න බෝඩිංකාරයෙක් ගානට වැටුනා.
පුංචි කාලේ අනුල්‍යාට අවුරුදු පහක් පිරෙනකන් - අහස්නි දුලාරා ඒ කියන්නේ අනුල්‍යාගේ නංගි මේ ලෝකෙට එන්න කලින් අනුල්‍යාට එයාගේ අක්කා ඒ කියන්නේ අනුපමී ආකල්‍යාට ලැබුනා වගේම ආදරයක් ආවධානයක් ලැබුනා. ගෙදර පුංචි එකී. අම්මගෙයි අත්තම්මගෙයි සුදු දෝණි. ගෙදර දඟ මල්ල. කොහෙ ගියත් හැමෝගෙම අවධානේ ඉක්මනට ලබාගන්න ඒ දවස්වල අනුල්‍යාට පුදුම හැකියාවක් තිබ්බේ. මොකද කෙල්ල ඩාන්සින් වලට දක්ෂයි. ඉතින් අවුරුදු පහක් වෙනකන් කෙල්ල පුරුදු වෙලා හිටියේ පවුලේ හැමෝගෙම ආදරේ ලබන්න.
හැබැයි ඒ ආදරේට ඊරිසියා කරපු කෙනෙක් හිටියා. ඒ අනුපමී. අනුල්‍යා එන්න කලින් තනිව භුක්ති විඳපු ආදරේට අකුල් හෙලන්න ආව දත් හැලිච්ච නාකි මායාකාරියෙක් වගේ තමා අනුපමීට අනුල්‍යාව පෙනුනේ. ඉස්සර තනියම කන චොක්ලට් බාර් එක දෙකට බෙදාගන්න උනාම, තනියම තුරුල් කරගත්ත බෝනික්කොන්ව නංගි එක්ක බෙදාගන්න උනාම එයාට දැනුනේ කේන්තියක්. ඒක එයා පිටකරගත්තේ ගෙදර හැමෝම නිදාගත්තට පස්සේ අනුල්‍යා නිදි කරවලා තිබ්බ කොටු ඇදට දිමි ගොටු දාලා, නැත්නම් හොරෙන්ම අනුල්‍යාව නින්දෙන් ඇහැරවලා අඬන්න තරම් හිල්වෙන්න කොනිත්තලා. මහ පාන්දර බොරුවට ඇහැරලා අඬලා ගෙදර මිනිස්සුන්වත් ඇහැරවනවා කියලා එවෙලෙට අම්මලා අනුල්‍යාට බනිද්දි අනුපමීට සැනසීමෙන් නින්ද ගියා.
අනුල්‍යාට ඒ කිසි දෙයක් මහ ලොකුවට දැනුනේ නෑ. එයාගේ ලෝකේ වීරයා උනේ එයාගේ එකම අක්කා. උදේට සුදු යුනිෆෝම් එක ඇඳලා ටයි පටිය බෙල්ලේ බැඳලා සුදු මේසුයි කලු සපත්තුයි දාගෙන ස්කූල් වෑන් එක එනකන් උජාරුවට සාලේ වාඩි වෙලා ඉන්න අක්කා තමයි එයාගේ ලෝකේ රැජිණ. උදේට ගෙදර කලබලේ නිසා අනුල්‍යා ඇහැරලා එනවට අම්මයි අත්තම්මයි කැමතිම නෑ. ඉතින් අනුල්‍යා ඒ වෙලාවට කාමරේ දොර රෙද්ද චුට්ටක් ඈත් කරගෙන ඒ අස්සෙන් අක්කා දිහා බලාගෙන ඉන්නවා. උදේ වරුවම ගස් ගල් එක්ක කතා කර කර ඉඳලා දොලහ දොලහමාර වෙද්දි කඩුල්ල ගාවට වෙලා බලාගෙන ඉන්නේ අක්කගේ ස්කූල් වෑන් එක එනකන්. ස්කූල් වෑන් එකේ එන අනික් ළමයිනුත් අනුල්‍යාට හරි ආදරෙයි. අනුල්‍යාට හිතුනේ එහෙම.
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...