👀27 - කෑම්පින්

165 43 22
                                    

"චූටි දෝණී.... අනුල්‍යා... මෙන්න යාලුවෝ ඇවිල්ලා"

 අම්මාගේ සද්දෙට මං කොට්ටේ අරං මූණ වහගත්තා. තාම මූණ සෝදලාවත් නැතුව පිජාමා එක පිටින් මං ඇඳේ නිදි. මට එළියේ දෙතුන් දෙනෙක් කතා කරනවා ඇහුනා. මං කන් දීගෙනම හිටියා.

ජනනිගෙයි පසන්දිගෙයි කටහඬවල් මට අදුනගන්න පුළුවන් වුනා.


"අනුල්‍යා...."


මෙන්න සෙට් එකම කාමරේට රිංගලා. හයියෝ වනේ වන සතුරෙක්ටවත් මෙහෙම විපතක් වෙන්නෙපා දෙවියනේ... මං කොට්ටේ මෑත් නොකරම හිටියා.

"අනුල්‍යා... දෝණි ඔය කොට්ටේ අයින් කරන්න... මේ දරුවෝ ඔයාව බලන්න ආවම ඔයා මූණ වහගෙන ඉඳලා හරියනවද..."

 අම්මිත් දොර ගාවට ඇවිල්ලා.


මං කොට්ටේ අයින් කරලා බැලුවා.


ජනනියි, පසන්දියි, හංසියි ජනනිගේ යාලුවෝ දෙතුන් දෙනෙකුයි ඇවිල්ලා හිටියා. ඔක්කොලාම අනුකම්පාව මුසු බැල්මෙන් මං දිහා බලාගෙන උන්නා.මං අඩපණව හිනාවුනා.


"තාම උණ අඩු නැද්ද ආන්ටි?"


 ජනනි අම්මි එක්ක කයියක් පටන් ගත්තා. කතා කර කරම කට්ටිය කාමරෙන් එලියට ගියාම මං වොශ්රූම් එකට පැනගත්තා. ඇඳුමක් දාගෙන මං එළියට එද්දි කට්ටිය තේ බොනවා.


"අනුල්‍යා.. කෝ එන්න බලන්න අඩුද කියලා දැන්"

 ජනනි මගේ නළලට අත තිබ්බා. මගේ ඇස් පියවුනා.


"තාම ටිකක් රස්නෙයිනේ.. හෙටත් ස්කෝලේ එන්නැද්ද එතකොට?"

 මං නෑ කියන්න ඔලුව වැනුවා.


"සහස්‍රා කෝල් කරේවත් නැද්ද?"

 අම්මි චුට්ටක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා පසන්දි මගේ කනට කෙඳිරුවා. ජනනිත් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මගේ මූණ දිහා බලන් හිටියා. මං ඔලුව දෙපැත්තට වැනුවා.


"ඔයා මේක අහලා හිත කලබල කරගන්නෙපා.."

 ජනනි මොකක්හරි කියන්න අර අදිනවා. මං එයාගේ මූණ දිහා බැලුවා.

DandelionWhere stories live. Discover now