13

38 9 14
                                    

" ඔන්නී.................."
" ජිසූ......................"

ලීසාගේ තාත්තා කේන්තියෙන් ඉස්සරහට දික් කරපු පිහිය මැද්දට පැනපු ජීසූගේ බඩ පසාරු කරගෙන ගියා. ඒත් එක්කම ජීසූ සිහිය නැතුව ඇදගෙන වැටුනා.රෝසේ ඉක්මනට එයාගේ යාලුවා ගාවට දුවගෙන ගියා.

එතකොටම ලීසාගෙ ගෙදරට පොලිසියෙන් ආවා. ලීසාගේ තාත්තාව එයාලගේ භාරයට ගත්තා.

" ඔන්නී ඔන්නී අනේ නැගිටින්නකෝ ඔන්නී..." ලීසා අඩන්න ගත්තා.
" ලීසා අඩන්න එපා ඉක්මනට මොකක් හරි ටවල් එකක් ගේන්න අපි ජීසූව හොස්පිට්ල් එක්කන් යන්න ඕනේ." රෝස් එහෙම කියන ගමන්ම ඇම්බියුලන්ස් එකකට කෝල් කරා.

" ඉක්මනට පේශන්ව එක්කන් යන් හොස්පිට්ල් එකට තත්තවය බරපතළයි වගේ." නර්ස් කිව්වා.

" ලීසා ඔයා යන්න මෙයාලත් එක්ක ඔයාටත් තුවාලයිනේ මන් ඔයාලගෙ පිටිපස්සෙන් එන්නන් " එහෙම කියලා රෝසේ ලීසාවත් ඇම්බියුලන්ස් එකට නග්ගලා එයා එයාගෙ කාර් එකෙන් හොස්පිට්ල් එකට ගියා.

~~~~~~~

ජීසූව ඔපරේශන් තියටර් එකට ගත්තා රෝසේයි ලීසායි එලියේ ඉදන් ජීසූ ගැන ආරංචියක් හම්බෙනකන් හිටියා.

" ලීසා යන්න ඔයත් ගිහින් බෙහෙත් දාගන්න බලන්න ඔයාටත් තුවාල වෙලානේ " රෝසේ කිව්වා.

" ඔන්නී අපි මේ ගැන ජීසූ ඔන්නීගෙ අම්මලට කියන්නේ නැද්ද " ලීසා හොදටම අඩනවා.

" මන් හිතන්නේ නෑ ජීසූ ඒකට කැමති වෙයි කියලා. ඔයා දන්නවනේ ලීසා ඔයාගෙ ඔන්නී කැමති නෑ කියලා එයා හින්දා කවුරුත් කරදර වෙනවට." රෝසේ කිව්වා.

" යන්න ලීසා දැන් ඔයත් ගිහින් බෙහෙත් දාගන්න බලන්න ඔයාගෙ ඔලුවත් තුවාල වෙලා.ඔයාගෙ ඔන්නී ඔයා ඔහොම ඉන්නව දැක්කොත් එයාට දුක හිතෙයි "

" හරි ඔන්නී." ලීසා බෙහෙත් දාගන්න ගියා.

After 3 hours

" මේ ලෙඩාව අරන් ආවේ ඔයාලද " ඩොක්ටර් රෝසේගෙන් ඇහුවා.

" ඔව් ඩොක්ටර් මන් මෙයාගෙ අක්කා." ඩොක්ටර් අහන ප්‍රශ්න අඩුකරගන්න රෝසේ එහෙම කිව්වා.

" අහ් ඒක හොදයි ඔපරේශන් එකනන් හොදට කෙරුනා. අපි පේශන්ව වෝර්ඩ් එකට දැම්මා.ඒත් තාම පේශන්ට සිහිය නෑ. " ඩොක්ටර් කිව්වා.

Sister's loveWhere stories live. Discover now