5

56 11 25
                                    

" ජීසූ මොනවද අනේ ඔයා අද ආපු වෙලාවේ ඉදන් කල්පනා කරන්නේ " රෝසේ ජීසූගෙන් ඇහුවා.
" අහ් මුකුත් රෝසේ " ජීසූ රෝසේ දිහා බලලා හිනා උනා.
" මට බොරු කියන්න එපා ජීසූ ඔයාගේ මූණ බැලුවහම පේනවා ඔයා ඉන්නේ ප්‍රශ්නෙක කියලා. මන් ඔයාගේ හොදම යාලුවා. ඔයාට මට කියන්න කියන්න බැරි දේවල් මොනවද තියෙන්නේ ජීසූ" රෝසේ එක දිගට අහගෙන ගියා.
" හරි හරි මන් කියන්නන් මන් හිතන්නේ ලීසාට මොකක් හරි ප්‍රශ්නයක් රෝසේ" ජීසූ හරි දුකෙන් කිව්වා.
" ඇයි මොකක්ද ලීසාට වෙලා තියෙන්නේ " රෝසේ ඇහුවා.
ඊට පස්සේ ජීසූ එයා අද බස් එකේදී ලීසාගේ අතේ දැක්ක පාරවල් ගැන රෝසේට කිව්වා.

" ජීසූ එයාගේ අම්මා ගැන එයා ඔයාට මුකුත් කියලා නැද්ද" රෝසේ එයාගේ යාලුවා ලීසා ගැන වද වෙනවා බලන් ඉන්න බැරිම තැන ජීසූගෙන් ඇහුවා.
" නැහැ එයා මාත් එක්ක කෝල් කරන,කතා කරන හැම වෙලාවකම එයා කියන්නේ එයාගේ තාත්තා ගැන.එයා ඉතින් එයාගේ අම්මා ගැන මාත් එක්ක කියලා නෑ මන් හිතුවා ඉතින් එයා වැඩකට හරි යනවා ඇති කියලා" ජීසූ කිව්වා.
" ජීසූ උඩින් පේනවට වඩා ලොකු දෙයක් ලීසාගේ ජීවීතේ තියෙනවා මට පේන විදිහට. පොඩ්ඩක් හොයල බලන්න සමහර විට එයාගේ අම්මයි තාත්තායි දෙන්නම වසයිද දන්නේ නැහැනේ " රෝසේ කිව්වා.

" ඒක තමා මන් අද ගෙදර ගිහින් කෝල් එකක් අරන් බලනවා." එතකොටම ජීසූගේ පෝන් එක වයිබ්‍රේට් උනා.

" ඔන්නී මන් ගෙදර යන ගමන් දැනුයි කොලේජ් ඉවර උනේ" ලීසාගෙන් ජීසුට මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා.

" රෝසේ මන් ලීසාට කෝල් එකක් අරන් එන්නන් " එහෙම කියලා ජීසූ ඔෆිස් එකේ වොශ් රූම් එකට ගියා.

" හැලෝ ලීසා "
" හැලෝ ඔන්නී "
" හරි ලීසා දැන් මට කියන්න ඔයාගේ අත් වල ඔය තියෙනව පාරවල් මොනවද කියලා.බස් එකේ වගේ දැනුත් බොරුනන් කියන්න එපා. "

* ලීසා හිතුවා ජීසූට බොරු කියලා වැඩක් නෑ කියලා*

" හරි ඔන්නී මන් ඇත්ත කියන්නන් "
" හ්ම්ම් කියන්න "
" ඔන්නී ඊයේ මන් ගෙදර යද්දී ටිකක් පරක්කු උනා.මන් ගෙදරට යනකොට තාත්තා ගෙදර ඇවිල්ලා. මන් පරක්කු උනේ ඇයි කියලා අහලා මට හොදටම ගැහුවා." ලීසාගේ ඇස් දෙකෙන් කදුලු කඩන් වැටුනා.

Sister's loveWhere stories live. Discover now