4

59 12 12
                                    

* ලීසා හරිම සතුටෙන් ගෙදර ආවා. එයාට හරිම සතුටු හිතුනා. ඒ වගේම ලොකූ ආදරේකුත් තිබ්බා එයාගේ ජීසූ ඔන්නීට. ඒත් එයා ගෙදර ඇවිල්ලා දොර ඇරිය ගමන් එයාගේ හිතේ තිබ්බ සතුට නැතුව ගිහින් ලොකු බයක් ආවා.*

" තා..තාත්තේ ඇ..ඇයි ඔයා කලින් ගෙදර ඔයා කලින් එනවයි කියලා මට කිව්වේ නැහැනේ " ලීසා ගොත ගගහා එයාගේ තාත්තාගෙන් ඇහුවා.
" කොහෙද මෙච්චර වෙලා ගිහින් හිටියේ දැන් බලනවා වෙලාව ආ කීයටද එනවයි කිව්වේ හවස 5 වෙනකොට එනවා කිව්වා නේද... ආ.... දැන් බලනවා වෙලාව දැන් 6ටත් ලගයී. ලෑස්ති වෙනවා අද මගෙන් කන්න." එහෙම කියලා ලීසාගේ තාත්තා ලීසාගේ කොන්ඩෙන් ඇදලා අරන් එයාගේ අතේ තිබ්බ බෙල්ට් එකෙන් ලීසාට හොදටම ගැහුවා ලීසාට කිසි දෙයක් කරගන්න බැරි උනා.

~~~~~~~~

" කෝ තාම මේ ලමයගෙන් මැසෙජ් එකක් නැහැනේ " ජීසූ ගෙදර ගිය ගමන් එයාගේ පෝන් එක බැලුවේ ලීසාගෙන් මැසෙජ් එකක් ඇති කියලා හිතාගෙන.
" හ්ම්ම් සමහර විට අමතක වෙන්න ඇති කමක් නෑ මන් දාන්න ඕනේ මැසේජ් එකක්" එහෙම කියලා හිතලා ජීසූ ලීසාට මැසේජ් එකක් දැම්මා එයා ගෙදරට ආවායි කියලා.

~~~~~~~~
"අහ්හ් දැන් යනවා ගිහින් මට රෑට කන්න කෑම එක හදනවා.ශික් මේ වගේ එකියෙක් මහන්සි වෙලා මහන්සි වෙලා එනකොට ගෙදර නෑ.මාව කන්නම ආපූ එකියෙක්. තමුසෙගෙ අම්මත් එක්ක තමුසෙටත් යන්න තිබ්බේ." ලීසාගේ තාත්තා එයාගේ අතේ තිබ්බ බෙල්ට් එක පැත්තකට විසික් කරන ගමන් මෙහෙම කිව්වා.

*ලීසාගේ ඇස් දෙකේ කදුලු පිරුනා ඒ කිව්ව කතාවට. ලීසා හිමීට එයා හිටිය තැනින් නැගිටලා කොර ගගහා කුස්සියට ගිහින් එයාගේ තාත්තාට කන්න කෑම ටික හදලා එයාගේ බෑග් එකත් අරන් කාමරේට ගිහින් දොර වහගත්තා.*

" ඇයී.. ඇයී මන් මෙහෙම ජීවත් වෙන්නේ කව්රුත් මට ආදරේ නෑ. කව්රුත් මන් ගැන බලන්නෙත් නෑ ඇයි මන් මෙහෙම ඉන්නේ" ලීසා එකපාරටම දණ ගහගෙන අඩන්න ගත්තා. එහෙම අඩ අඩ ඉද්දී එයාගේ පෝන් එක වයිබ්‍රේට් වෙනවා දැනුනා.එයා හිමීට නැගිටලා ඇද ගාවට ගිහින් එයාගේ පෝන් එක බැලුවා.

" ලීසා මන් ගෙදර ආවා ඔයා පරිස්සමෙන් ගෙදර ගියා නේද ?"
මැසෙජ් එකක්වත් නෑ ගෙදර ගියා කියලා දන්නේ නැද්ද මන් බය වෙනවා කියලා"

Sister's loveWhere stories live. Discover now