6

44 10 17
                                    

" එහේ ලීසා මොකෝ මේ ඇස් වල කදුලු පිරිලා " ජීසූ ලීසාගෙන් ඇහුවා.

" අහ්හ් මුකුත් නෑ ඔන්නී සතුටට මන් ගැන මෙච්චර හොයලා බලන කෙනෙක් හම්බුනාමයී " එහෙම කියද්දි ලීසාගේ ඇස් දෙකෙන් කදුලු වැටෙන්න ගත්තා.

" හරි හරී දැන් මන් ඉන්නවනේ ඔයා ගැන හොයලා බලන්න. දැන් අඩන්න එපා එහෙම උනොත් එහෙම ඔයාගේ ඔයා නහය ජම්බු ගෙඩියක් වෙයී." එහෙම කියලා ජීසූ ලීසාගෙ කදුලු පිහදලා ලීසාව බදාගත්තා.

" තැන්කිව් ඔන්නී මාව ඔයාගෙම නන්ගි කෙනෙක් කරගත්තට , ම්ම් ඔන්නී එතකොට ඔයාගේ පවුලේ කවුරුත් නැද්ද? " ලීසා එයාගේ කදුලු පිහදගන්න ගමන් ඇහුවා.

" මගෙ අම්මයී තාත්තායි නන්ගි මල්ලි ඉන්නේ ඒ හැමෝම ඉන්නේ බූසාන් වල ඇත්තටම මට පොඩි කාලේ ඉදන් ආසාවක් තිබ්බා හැමෝගෙන්ම ඈත් වෙලා මගේම කියල එපාර්ට්මන්ට් එකක තනියම ඉන්න. ඉතින් මන් දැන් ඒ ආසාව ඉෂ්ට කරගෙන ඉන්නේ." ජිසූ හිනා වෙන ගමන් ලීසාට කිව්වා.

" එතකොට ඔන්නී ඔයාට එයාලාව මතක් වෙන්නේ නැද්ද " ලීසා ආයේ ජීසූගෙන් ප්‍රශ්න කලා.

" මතක් වෙනවා... ඒත් මන් එයාලා ලගට ආයෙ යන්න කැමති නෑ. එයාලා හින්දා මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා ඔව් එයාලා හිටියේ නැත්නන් අද මන් මෙතන නොයින්න තිබුනා. ඒත් ලීසා මොනවා උනත් මට මගේ මානසික නිදහස වටිනවානේ " එහෙම කියලා ජීසූ බිම බලාගත්තා.

" ඔව් ඔන්නී මට ඔයාව තේරුන් ගන්න පුලුවන්. අපි දන්නේම නැතුව බහින තැනටත් ඇවිල්ලා එන්න බහිමු ඉක්මනට " එහෙම කියලා ලීසා ජීසූගෙ අතින් ඇදගෙන ගිහින් බස් එකෙන් එලියට පැන්නා.

" හරි ලිසා එහෙනන් කොලේජ් ඉවර වෙලා ගෙදර ගිහින් මට මැසෙජ් එකක් දාන්න ගෙදර ආවා කියලා " ජීසූ එහෙම කියලා එයාගේ ඔෆිස් එකට යන්න හැරුනා.

" හරි ඔන්නී. මන් යනවා ඔයත් පරිස්සමෙන් යන්න." ලීසා එහෙම කියලා කොලේජ් එකට යන්න හැරුනා.

~~~~~~~~~~

" ජීසූ පොඩ්ඩක් මගෙ කැබින් එකට එන්න මගෙ ශෙඩූල් එකෙ අව්ලක් වගේ " රෝසේ ජීසූට එයාගෙ කැබින් එකට කතා කලා.

Sister's loveWhere stories live. Discover now