10

31 9 3
                                    

" අහ් මන් ගෙවපු ලස්සනම දවස් ටික තම ඒ මට හරිම සතුටුයි " ලීසා එහෙම හිතාගෙන නිදාගන්න ගියා.

~~~~~~~~

" ඔන්නී ගුඩ් මෝර්නින් " ලීසා බස් එකට නැගලා ජීසූට කිව්වා.

" ගුඩ් මෝර්නින් ලීසා ඊයේ මුකුත් කරදරයක් උනේ නැහැ නේද ? " ජීසූ ඇහුවා.

" අනේ නෑ ඔන්නී මේ ඉන්නේ මන් හොදට මේ බලන්න අර එදා වගේ පාරවලුත් නෑ ඇගේ " ලීසා හිනා වෙන ගමන් කිව්වා.

" ඇත්තටම ඔන්නී තැන්කිව් මාව එහෙ එක්කන් ගියාට " ලීසා ජීසූට ස්තූති කලා.

" ආ මොකටද තැන්කිව් කියන්නේ දැන් ඔයත් අපේ පවුලේ කෙනෙක් මගේ අම්මා දැන් ඔයාගෙත් අම්මා. මගේ තාත්ත  ඔයාගෙත් තාත්තා. මගෙ නන්ගි මල්ලී ඔයාගෙත් නන්ගි මල්ලී තේරුනාද ඒක හින්දා මට තැන්කිව් කියන්න ඕනේ නෑ " ජීසූ හිනාවෙන ගමන් කිව්වා."

" ඔන්නී......" ලීසා එහෙම කියන ජීසූව බදාගත්තා.

" හී හී දැන් හරි කෝ අපි බහින්නත් ලං වෙලා යන් " එහෙම කියලා ජීසූයි ලීසායි බස් එකෙන් බැස්සා.

" ඔන්නී අද මන් කොලේජ් ඇරිලා ඔයාගෙ ඔෆිස් එකට එන්නද " ලීසා කවදාවත් නැතුව ඇහුවා.

" ඒ මොකෝ ලීසා ඒ "

" නැහැ ඔන්නී තාත්තා තාම ඉන්නේ කැනඩා වලනේ මට ගෙදර ගිහින් කරන්න දේකුත් නෑ මන් එන්නද ඒක හින්දා ඔන්නී කැමතිනන් විතරයි හැබැයි."

* ලීසා ඒක කියපු විදිහට ජීසූට දුක හිතුනා."

" හරි ලීසා එහෙනන් කොලේජ් ඉවර වෙලා අපෙ ඔෆිස් එකට එන්න ම්ම් එනකොට මන් හිටියෙ නැත්නන් ඔයා මගෙ කැබින් එකට වෙලා ඉන්න මන් ඔෆිස් එකෙ කෙනෙක්ට කියලා යන්නන්." ජීසූ කිව්වා.

" හරි ඔන්නී එහෙනන් මන් යනවා " ලීසා කිව්වා.

" හරි ලීසා පරිස්සමෙන් යන්න."

" ඔයත් පරිස්සමෙන් යන්නෝ " ලීසා කෑගැහුවා.

~~~~~~~

" මැඩම් අද ඔයාට මීටින්ග් එකයි තියෙන්නේ." ජීසූ රෝසේ ගාවට යන ගමන් ඇහුවා.

" හ්ම් කීයටද තියෙන්නේ ජීසූ " රෝසේ ඇහුවා.

" ම්ම් 12.30ට තියෙන්නේ. ජන්ග් කෝපරේෂන් එකේ." ජීසූ කිව්වා.

Sister's loveUnde poveștirile trăiesc. Descoperă acum