1

138 18 19
                                    

"ට්‍රීන් ට්‍රීන්"උදෙන්ම ජිසූගේ පෝන් එක රින්ග් වෙන්න ගත්තා."ඇයි ලිසා මේ උදේ පාන්දරම ඔයාට නින්ද යන්නේ නැද්ද" ජීසූ තරහෙන් ලීසගෙන් ඇහුවා.

"යා ඔන්නී කොහෙද මේ උදේ පාන්දර ඔයා තාම නිදිද බලන්න දැන් වෙලාව කීයද කියලා දැන් 7ටත් ලගයි ඔයා අද ඔෆිස් යන්නේ නැද්ද" ලීසා එක දිගට ප්‍රශ්න අහගෙන ගියා

"දෙයියනේ 7 ටත් ලගයිද??" මෙහෙම කියන ගමන් ජීසු පෝන් එකෙන් වෙලාව බැලුවා. "ලීසා මන් ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ නැත්නන් මට පරක්කු වෙනවා බායි." මෙහෙම කියන ගමන් ජීසූ ඇදෙන් පැනලා කෝල් එක කට් කරලා බාත්රූම් එකට දිව්වා.

විනාඩි 30 කට පස්සේ ජීසූ ලැස්ති වෙලා උදේ කෑමත් හදාගෙන කාලා එයාගේ එපාර්ට්මන්ට් එකෙන් එලියට ගියා

*ජීසූ ඉන්නේ වෙනම ගෙදරක එයා පොඩි කාලේ ඉදන් හරිම ආසාවෙන් හිටියේ තනියම එපාර්ට්මන්ට් එකක ඉන්න*

"මන් හිතනවා මන් වෙලාවට බස් හෝල්ට් එකට ආවා කියලා" හිතන ගමන් ජීසූ හතිදාගෙන බස් හෝල්ට් එක ඇතුලට ආවා.

විනාඩි 5 කින් බස් එක ආවා.ජීසූ බස් එකේ නැගලා යන ගමන් බස් එක තවත් හෝල්ට් එකකින් නැවැත්තුවා.දන්නේම නැතුව ජීසුගෙ මූනට හිනාවක් ආවා එයා දන්නවා එතනින් තමා ලීසා බස් එකට නගින්නේ කියලා.

"ඔන්නී" බස් එකට නැග්ග ගමන් ලීසා දුවගෙන ගියා ජිසූ ගාවට.

"ගුඩ් මෝර්නින් ලිසා"
"ගුඩ් මෝර්නින් ඔන්නී"

~~~~~~~

* ජීසූ කියන්නෙ ලොකු කම්පැනි එකක සෙකර්ට්‍රි කෙනෙක් ලීසා තාම කොලේජ් යනවා. ජීසූ දවසක් ඔෆිස් යනකොට එයා දැක්කා දැකලා පුරුදු කෙනෙක් බස් එකට නගිනවා. ජීසුට මතක් උනා මේ අර හැමදාම බස් එකට නගින ලස්සන ගෑනු ලමයා නේද කියලා. ලීසා හැමදාම බස් එකට නැග්ග ගමන් ඇස් කරකෝ කරකෝ හොයන්නේ ජීසූ බස් එකේ ඉන්නවද කියල මොකද ජීසූ කියන්නේත් හරිම ලස්සන ගෑනූ ලමයෙක් දකින කාගේ උනත් හිත දිනාගන්න පුලුවන් විදිහේ අමුතු හැකියාවක් ජීසුට තියෙනවා.ජීසුව දැක්ක ගමන් ලීසාගේ මූනට හරි ලස්සන හිනාවක් එනවා. ජීසුත් ලීසාව දැක්ක ගමන් ලීසාට ලස්සන් හිනාවකින් සංග්‍රහ කරනවා. දවසක් ලීසා බස් එකට නැගලා ජීසූත් එක්ක හිනා වෙලා ටිකක් දුර යනකොට ලීසාට දැනුනා පිරිමි කෙනෙක් එයාට කරදර කරනවා වගේ. ලීසාට කිසිම දෙයක් කරගන්න බැරි උනා එයා හරිම අසරන විදිහට ජීසූ දිහා බැලුවා.ජීසූට තේරුනා ලීසාට මොකක් හරි ප්‍රශ්නයක් තමයි කියලා. ජීසූ ලීසා ගාවට ගිහින් ලීසාව එයාගේ ලගට ගත්තා.

Sister's loveWhere stories live. Discover now