8

47 11 30
                                    

" ලීසා ජීසූ ඉක්මනට එන්න කෑම හරී " ජීවෝන් කෑගැහුවා.

" කෑගහන්න එපා අපි මෙතන " ජීසූ කිව්වා.

" අහ් එහෙනන් හොදයි එන්න ඉදගන්න කමු අපි " එහෙම කියලා ජීවෝන් කෑම මේසෙට ආවා.

" ලීසා ඔන්නී ඕන තරන් කන්න " යූනා කිව්වා.

" හරි යූනා." ලීසා හිනා වෙන ගමන් කිව්වා.

" ජීසූ මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා." ජීවෝන් එහෙම කිව්වාම අනිත් හැමෝම ජීවෝන්ගේ මූන දිහා බැලුවා .

" ම්ම් මොකක්ද අහන්න තියෙන්නේ " ජීසූ කෑම කටේ දාගන්න ගමන් ඇහුවා.

" ඔයා කවද්ද මැරි කරන්නේ " ජීවෝන්ගේ ඒ කතාව අහපු ගමන් ජීසූ කාපු කෑම ටිකත් ඉස්මොල්ලෙ ගියා.ලීසා ඉක්මනට එයාගේ ඔන්නිට වතුර එකක් දිලා පිටට තට්ටු දැම්මා.

" අම්මා ඔයාට පිස්සුද දැන්ම මැරි කරන්න මට තාම අවුරුදු 22 යි. ඔයා ඔය ප්‍රශ්නේ හැමදාම අහන හින්දා තමා මන් එන්න අකැමති." එහෙම කියලා ජීසූ කෑම මේසෙන් නැගිටලා එයාගේ කාමරේට ගියා. ටික වෙලාවකින් ආයේ එයාගෙ කෝට් එකයි කාර් එකේ යතුරයි අරන් එලියට යන්න ගියා.

" ඔන්නී කොහෙද යන්නේ... " ලීසා කෑගැහුවා.
" ඔයා කන්න ලීසා මන් ටිකකින් එන්නන්." එහෙම කියලා ජීසූ ගෙයින් එලියට ගිහින් ස්ටාර්ට් කරන් කොහෙද ගියා.

" අම්මා ජීසූ ඔන්නී කොහෙද ගියේ " ලීසා ජීවෝන්ගෙන් ඇහුවා.

" එයා ගියේ එයාගේ සීයාව බලලා එන්න ජීසූට ප්‍රශ්නයක් ආවාම එයා යනවා එයාගේ සීයාව බලන්න." ජීවෝන් කිව්වා.

" එතකොට කෝ ජීසූ ඔන්නීගේ සීයා." ලීසා ඇහුවා.

" එයා නැති වෙලා දැන් අවුරුදු 15 ක් වෙනවා ලීසා.ඒත් ජීසූ තාම එයාගේ සීයාව අමතක කරලා නෑ.ජීසූ එයාගේ ප්‍රශ්න කිසි දෙයක් අපිත් එක්ක කියන්නේ නෑ. ජීසූ අපි ඉස්සරහා අඩලාවත් නෑ. ජීසූ ඉස්කෝලේ යනකොට ජීසූට යාලුවෙක් හිටියා බෝනා කියලා. සමහර විට ඔයා මේ කතාව දන්නවත් ඇති නේද " ජීවෝන් ඇහුවා.

" නැහැ අම්මා ජීසූ ඔන්නී කවදවත් මට ඒ කතාව කියලා නෑ " ලීසා කිව්වා.

Sister's loveWhere stories live. Discover now