14

53 7 10
                                    

" ජීසූ මන් හිතන්නේ නෑ ඒක හොද දෙයක් කියලා. ඔයා දන්නවනේ ලීසාට එයාගේ තාත්තාගෙන් වෙච්ච දේවල්. ඔයා තමා එයාගැන අම්මා කෙනෙක් වගේ හොයලා බැලුවේ. දැන් ඔයා කරන්න ඕනේ එයා ගත්ත තීරණයට උදව් කරන එක." රෝසේ කිව්වා.

" නැහැ රෝසේ මන් ඒක එයාගෙන් අහන්නම ඕනේ දැන් ඔයාමයි මන් එයාගේ අම්මා වගේ හැමදේම එයා ගැන හොයලා බලනවයි කියලා. රෝසේ මොනවා උනත් ඒ ඉන්නේ ඒ ලමයාගේ තාත්තා. එයාව අවුරුදු ගානක් බලාගත්තේ ඒ තාත්තා. මන් එයාට හම්බුනේ මේ ලගකදී. රෝසේ මන් එයාට හොද අක්කා කෙනෙක් වෙනවනන් මන් ඉසෙල්ලාම කරන්න ඕනේ එයා කරන වැරදි වැඩ වලින් එයාව බේර ගන්න එක නේද? "  ජීසූගේ සද්දේ එන්න එන්නම වැඩි උනා.

" ඒයී ජීසූ ඔයාට ඔහොම කෑ ගහන්න හොද නෑ ඔයාට වෙලා තියෙන තුවාලේ ගොඩක් ගැඹුරුයි ඒක හින්දා සද්ද නැතුව රෙස්ට් කරන්න " ඉරේන් ජීසූගේ රූම් එකේ ඇතුලට එන ගමන් කිව්වා.

" ඔන්නී ලීසා කෝ මට ලීසාව හම්බෙන්න ඕනේ " ජීසූ කිව්වා.

" ඔන්නී " එතකොටම ලීසා දුවගෙන ඇවිල්ලා ජීසූව බදාගත්තා.

" ඔන්නී රෝසේ ඔය දෙන්නට පොඩ්ඩක් එලියෙන් ඉන්න පුලුවන්ද මට ලීසා එක්ක කතා කරන්න ඕනේ." ජීසූ කිව්වා.

" ජීසූ......"

" නැහැ නැහැ රෝසේ බය වෙන්න එපා " ජීසූ කිව්වා.

" හරි එහෙනන් අපි ගිහින් ඔය දෙන්නට කන්න මොනවා හරි අරන් එන්නන් " එහෙම කියලා රෝසේයි ඉරේනුයි එලියට ගියා.

" ලීසා මට දැන ගන්න හම්බුනා ඔයා ඔයාගේ තාත්ත ගැන පොලිසීයට දුන්න කටඋත්තරය ගැන ඔයා ඇයි එහෙම දෙයක් කිව්වේ එයා මාව මරන්න හැදුවා කියලා." ජීසූ හරිම සන්සුන් විදිහට ඇහුවා.

" ඔන්නී ඒක මන් නිකන් කිව්ව දෙයක්වත් බොරුවක්වත් නෙවෙයි මගේ තාත්තා කැමති නෑ මන් කිසිම කෙනෙක් එක්ක වැඩිය කතාවට යනවට අඩුම තරමේ මගේ තාත්තා ජෙනී සොමි එක්කවත් මට එලියට යන්න දෙන්නේ නෑ. අපි දෙන්නා බූසාන් ගියපු එක තාත්තා දැන ගෙන. මට බය හිතුනා එයා ඔයාට මොනවා හරි කරයි කියලා. මට මොනවා උනත් මට කමක් නෑ මට කාත් කවුරුත් නෑ කියන්න පුලුවන්නේ. ඒත් ඔන්නීට එහෙම නෙවෙයි නේ ඔන්නීට අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා. ලස්සන නංගි කෙනෙකුයි මල්ලී කෙනෙකුයි ඉන්නවා. ඔයා තමා ඒ පවුලේ වැඩිමලා ඔයා එයාලා ගැන බලන්..."

Sister's loveWhere stories live. Discover now