- Plot 23 -

By Bulbz_D

1M 136K 44.2K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
- 124-
- 125 -
A/N -

-123-

10.4K 1.1K 1.3K
By Bulbz_D

" මේ විදිය ලස්සනයි... " මියුන් සුදුමාමාත් එක්ක මුමුණනවා ගවීෂ් අහගෙන ඉදියේ පාඩුවේ අත් දෙකේම තිබ්බ කප් කේක්ස්වලට වග කියන අතරේ..... මොකද මියුනුයි සුදු මාමායි එකතු උනාම කියවන ඒවා තේරුම් ගන්න ගවීෂ්ට අනුව නම් වෙනම සාහිත්‍ය උපාධියක් ඕනේ වෙනවා... ඉදල හිටලා සුදුමාමා, මියුන්ව පොඩ්ඩක් වැඩියෙන් හුරතල් කරද්දි නම් මෑන්ස්ගේ මූඩ් එක කොරහක් නොවුනම නෙවේ.... ඒ වෙලාවට ගවීෂ් කරන්නේ ශේප් එකේ මූණ කොරහක් කරන් ගිහින් අවී මාමාගේ පැත්තට හේත්තු වෙන එක....

අලුත් ට්‍රයිඩ්‍රැක්ස් එක.... කලින් තීම් එක තිබ්බ පයිරේට් වයිබ් එකට අලුතින් හදද්දි පොඩි රස්ටික් වයිබ් එකක් එකතු කරලා... මියුන්ට නම් අලුත් විදිය ලස්සනයිලු... ඒත් ගවීෂ් , අරවින්ද් දෙන්නම ඉන්නේ පරණ එක ලස්සනයි කියන මතේ... ඒකට හේතුව ඉතින් වෙන මුකුත් නෙවේ, කලින් ට්‍රයිඩ්‍රැක්ස් එකේ තිබ්බ අසමසම බාර් කවුන්ට එක... ඒක තිබුනේ ඕල්ඩ් ලතින් වයිබ් එකට..... මේ සැරේ එක චුට්ටක් වෙනස්, නැවක බදක් වගේ.... කෝම නමුත් අවි මාමගේ වුඩ් කාවින්ග්ස්, ඩිසයින්ස් කියන්නේ වෙනම ලෙවල් එකක ටැලන්ට් එකක් .... මොකද අලුත් ට්‍රයිඩ්‍රැක්ස් එකට ඇවිත් තිබුනේ ඒ තරමින්ම ලස්සන පෙනුමක්....

ලීවලින් හදපු ස්ටේජ් එක පැත්තට වෙන්න, උඩට යනකන්ම තිබුනේ ලයිබ්‍රියක්..... ඒ රැක්ස්වල අලුත්ම මහෝගනී ලීවලින් එන සුවදයි පොත්වල සුවදයි එකතු හරියට අමුතුම ඩ්‍රග් එකක් වගේ... මෙතනට ඇවිල්ලා බොරුවට හරි පොතක් කියවන්න අපේ ගවීෂ් මනාපයි, හැබැයි තියෙන වැඩත් එක්ක ඒක ජීවිතේට වෙන්නැති බව කොල්ලා දන්නවා... කවුන්ට එක ගාවින්ම සර්පිලාකාර ලී පඩි පෙළ කෙළවර උනේ ගග පැත්තේ බැල්කනි එකකින්.... එතන අවුට්ඩෝ සීටින් ඒරියා එක.... ඒත් පහළ බැලුවම ස්ටේජ් එකත් ලේසියෙන්ම ෆෝකස් වෙනවා.....අහ්! අමුතුවෙන් කියන්න දෙයක් නෑ සුදු මාමගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වනාන්තරේමත් එතන.... ඉතින් ඒම බැලුවම අලුත් ට්‍රයිඩ්‍රැක්ස් එක රස්ටික්, බොහොමියන්, පයිරෙට්ස් වයිබ් ගොඩක එකතුවක්....

කහ පාට පොඩි පොඩි බල්බ්වල එළියෙන් නෑවුන පහළ ඩෙක් එක මේ වෙද්දිත් ටිකක් විතර ඝෝෂාකාරියි.... ඔව්, නොවී තියෙන්න බැහැනේ....  පරම්පරා දෙකේ හිච්චි පාතාලකාරයො ටික සේරම වගේ මෙතන ඉද්දි....  පොඩිම සෙට් එක වෙනම සංගමයක්... ගවීෂ්ට මෙතනටම ඇහෙනව පොඩිම සෙට් එකේ කචබචේ....ඊළගට කෙල්ලො ටික වෙනම ළිද ළග සංගමයක්.. ක්‍රිෂ් , අවිනාශ් කවුන්ට එක ගාව ආයේ වෙනම  බර කතාවක්....

" සුදු මාමේ... "

" ඇයි දරුවෝ ? "

" මියුන් මට වයින්.... අවී මාමා දන්නවා..... " ගවීෂ් සුදු මාමට උත්තර දෙන එක පැත්තකින් තියලා මියුන්ට කිව්වේ තත්පර දෙක තුනක් ගවීෂ් දිහා බලාගෙන ඉදපු මියුන් ඔළුව වනලා නැගිටිද්දි... මියුන් සෑහෙන තරමක් එහාට ගියාට පස්සේ ගවීෂ් සුදු මාමා දිහා බැලුවේ ක්‍රිෂ් අක්කට ඉගි කරලා.... ගවීෂ්ගේ ප්‍රශ්නේ තේරුම් ගත්ත මෙතුල හුස්මක් ගත්තේ සෑහෙන බර විදියට....

" සමහර විට එයත් යයි..." මෙතුල ඒ උත්තර දුන්නේ සෑහෙන හෙමින්...

" හ්ම්... ඒක හොදයි...අරය තනි වෙන එකක් නැ... " ගවීෂ් මිමිණුවේ මෙතුල යන්තන් හිනා වෙද්දි....

" ඔයා එච්චර ලේසියට ඒක අතඇරියා වෙන්න බෑ ? ම්ම් ?  " මෙතුල ඇහුවේ ගවීෂ්ගේ විදිය හොදටම දන්න නිසා... කොටින්ම ඩ්‍රෑන් මියුන් දෙන්නා තවමත් කතා කරාට ගවීෂ් ඒ සම්බන්ධව තියෙන්නේ දරුණු විදියට නිහඩ තියරියක් බව මෙතුල දන්නවා... ගවීෂ් , කොල්ලව ජපානේට යැව්වේ එයාට දෙවෙනි අවස්ථාවක් විදියට බවත් මෙතුල දන්නවා... මියුන් , මෙතුල, අවිනාශ් , ක්‍රිෂ් තවමත් ඩ්‍රෑන් එක්ක කන්ටැක්ට් තියාගත්තට මොකද අරවින්ද් , ගවීෂ් දෙන්නටම ඩ්‍රෑන්ගේ නම ඇහුනත් ඇති, පිපිරෙන්න.......

" වීෂ්!!!!! " සභා ගර්භය දෙදරගෙන ඒ සද්දේ ආවේ , වෙන කාගෙන්වත් නෙවේ උගේ පාපමිත්‍රයාගෙන් බව අදුරගත්ත ගවීෂ් ස්ටේජ් එක පැත්තට හැරුනේ ඒ පාර මොන වදයක්ද ගානට... අරවින්ද් ගවීෂ්ට ස්ටේජ් එකට කතා කලේ , ගිටාර් එක උස්සලා පෙන්නන ගමන්..... ගවීෂ් උට මිඩ්ල් ෆින්ග එක පෙන්නලා ආයේ හැරුනේ පාඩුවේ තව කප් කේක් එකක් අතට අරන්... අරු අර ගිටා එක අරම් ස්ටේජ් නැග්ගේ මෙවීනා ඉන්න නිසා.. අපි අහුවෙයි ඕවට !! ගවීෂ් ඒක ගණන් ගත්තේ නෑ කියලා තේරුම් ගත්ත අරවින්ද් , ඊළග තත්පර ගාණ ඇතුළත ස්ටේජ් එකෙන් බැහැලා දුවගෙන ආවේ මෙතුලත් ගවීෂ්ට යන්න කියලා සන් කරද්දි.....

" එකක් සින්ග් කරන්න ගවීෂ්...."

" වරෙන් යකො... "

" බෑ බන්... "

" මියුනුත් ආස වෙයි..." සුදුමාමා එකතු කළේ අරවින්ද් මෙතුලට ආපස්සට ඇහැක් ගහද්දි.....

" වද නොදි පලයන්කො... "

" අනේ අනෙ අනෙ..." අරවින්ද් කවදාවත් නැතුව පොඩි එකෙක් වගේ ගවීෂ්ගේ අතින් ඇදලා ගත්තේ ,ගවීෂ් මූණ නරක් කරගෙනම අරවින්ද්ගෙ අත ගසලා දාලා ,අත් සාක්කුවට ඔබන් ස්ටේජ් එකට ගොඩ වෙද්දි..... ඒ බේරෙන්නම බැරි තැන.... පළවෙනිම විස්ල් එක කැෆේ එක කෙළවර ඉදපු අවී මාමාගෙන්.. අවී මාමාගේ විසිල් එකට පිටිපස්ස හැරිලා ඉදපු මියුනුත් ඉස්සරහා හැරිලා කවුන්ට එකට හේත්තු වෙනවා ගවීෂ් බලාගෙන.. අහ්හ් !! ගවීෂ් උබ පරම්පරා ගාණකට ලැජ්ජ වෙන්නයි යන්නේ... අරවින්ද්ට නම් සිංදු කියන්න හරි පුළුවන් !!! වංශ නායකයෝ දෙන්නම එකටම ස්ටේජ් එකට ආපු නිසා කෝමටත් එතන වෙන වෙනකතාවල ඉදපු හැමෝගෙම අවධානේ ස්ටේජ් එකට යොමු වෙලා ඉවරයි....

" කමෝන් ගවිෂ් අය්යේ !!! " සේරටම වඩා සද්දෙන් ඒ කැගැහුවේ ආශදි... පිටට පේන්න කෙල්ලගේ මූණවත් බලන්නැති ගවීෂ් , ඒකට තව පැනික් උනේ ප්‍රිවිරු, ඩියෝන්, තනෝශ් - සනෝශ් , වාශිත් සේරම වගේ පහළ ඉදන් විසිල් කරද්දි.........

අරවින්ද් ගිටා එක තියාගෙන ස්ටූල් වාඩි උනේ ගවීෂ් මොකාද වගේ මයික් එක අතට අරන් උඩ බිම බලද්දි..... මයික් එකක් ?? උගේ අතට !! සෑහෙන වැරදීමක් !!! සෑහෙනම ලොකු එකක් !!  අරවින්ද් ස්ටෑන්ඩ් මයික් ඇජස්ට් කරගෙන, එයාගේ ෆෝන් එක ගවීෂ්ට පාස් කළේ ලිරික්ස් බලාගන්න.... උට නම් මොකද !! ඌ මෙතන ලැජ්ජ වෙන්නැනෙ.... අහ්හ් , ආශාක්‍යසිංහ මැන්ශන් එකේ වහලට නග්ගල  ඌ ලව්වා බූට් සිංදුවක් නොකියවපු එකේ වැරදි මේ..... අරවින්ද් කවුන්ට් එක අරන් සෝන්ග් එක පටන් ගත්තේ සන්සුන්ව........

" සිහින මවන්නැති අහස උසට තනියම....
ළං වෙන්න වෙන්න ඇයි සමහර දුර.... කියපන් මිනිහෝ !!! "  අරවින්ද් සිංදුව අතරින් කෑගැහුවේ ගවීෂ් මයික් එක කට ළගට ගනිද්දි......

" ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද..
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර ?"

සිරවෙලා.....නැවතිලා නැතිනම් සීමාවක....
නිදහසේ........ ඉගිලිලා යමු..... එක රෑනක !!!!!
හෝ හෝ හෝ ! හෝ හෝ හෝ...
හෝ හෝ හෝ..........!! "

අරවින්ද්ගේ වොයිස් එක මේන් වෙලා ඇහෙන නිසා ගවීෂ් මයික් එකට කැගැහුවේ ස්ටේජ් එක පහළ , ඒ වෙනකොටත් ඩියෝන් උට බැකප් එකට කැගහන නිසා... ඌ විතරක් නෙවේ පරම්පරා දෙකේම හැමෝම කැගහනවා... ඒ දෙන්නා කියනවට වඩා හය්යෙන් පහළ ඉන්න අය සිංදුව කියනවා.....ඒ හැගීම...... !!

" සෑම දෙයම නිම විය හැක නිමේෂයක
එහෙම වුනෝතින් මොනව හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුනම....
අනන්තයට යනවාමයිමොහොතෙම......!! "

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
හො හෝ හෝ... හො හෝ හෝ...
හො හො හො...

ලයිට්ස් එහා මෙහා වෙද්දි ගවීෂ් කැගැහුවේ පුළුවන් උපරිම හැගීමෙන්... උගුර බැරෑඩි වෙද්දි අරවින්ද් ගිටා ගැහිල්ල පැත්තකට දාලා ඉවරයි දැනටම... කිසිම මියුසික් එකක් නැතුව අප්පුඩිවල බීට් එකට විතරක් අමුතුවට කලවම් උන බිට් එකට හැමෝම කැගහනවා..... දගලන දැගලිලට මිනිහට හති ඒත් , හැමෝගෙම මූණු කහ පාට එළියෙන් පැහැදිලිව පේනව... සුදූ මාමා... පොඩ්ඩො ටික.... පිස්සා වගේ ග්ලාස් එක අතේ තියන් වටේට කැරකෙන ඩියෝන්.... ඌත් එක්ක අනිත් පැත්තට කැරකෙන ප්‍රිවිරු.... තනෝශ්ගේ දැගලිල්ලට එයාව පරිස්සම් කරගන්න බලන සනෝශ්.... ආශදීට නැගිටින්න නොදී ඉන්න මෙවීනා.... ඒක.... කවුන්ට එක ගාව අවී මාමා !!!  එයාගේ එහා පැත්තේ විනාඩියක්වත් ඇස් ගවීෂ්ගෙන් ගළව නොගත්ත මියුන්..... ගවීෂ් මියුන් එක්ක හිනා උනේ ඇහැකුත් ගහලා.... ගවීෂ් හිනා වුනේ සැහැල්ලුවෙන්.... එයාගේ ඇස් ඉස්සරහ තියෙන්නේ , ඒ හීන මවපු සීමා නැති නිදහස තමයි...!! සමහර විට අවුරුදු හත්දාහක් පුරාවට අනිත් අය හොරෙන් හීන දැකපු නිදහස..... ගවීෂ් අරවින්ද් දිහා බැලුවේ අන්තිම වර්ස් එක කම්ප්ලිට් කරන්න....

" සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක......
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
හො හෝ හෝ... හො හෝ හෝ...
හො හො හො..." ..

" වන් මෝ !!! වන් මෝ !!! " විසිල් එකකුත් එක්ක ඩියෝන් කැගැහුවේ ගවීෂ් ස්ටේජ් එකෙන් පනින්න කලින්... ඒත් ගවීෂ් ස්ටේජ් එකේන් පැන්නේ ඌ පනින පරක්කුවට , ඩියෝන් එයාව ටයිට් හග් එකකට ඇදලා ගනිද්දි.... ඒ හග් එකේ මාර විශ්වාසයක් තිබ්බා වගේම, අමුතුම විදියකට දැනෙන ආඩම්බරකාරි හැගීමක් තිබ්බා කිව්වොත් හරි.... ඩියෝන් විතරක් නෙවේ වේඝර්ණලා සේරම වගේ පිළිවවට  ප්‍රිවිරුගෙත් අතින් අල්ලන් කොල්ලගේ පිටට දාපු ගවීෂ් , ආශදීව නම් දැක්කේ නෑ වගේ හැරුනේ තොල් දෙක උල් කරන්...  මුරණ්ඩුකමට කෙල්ලව දැක්කේ නෑ වගෙ ගස්සගෙන ආවට මොකද ගවීෂ් ආයේ හැරිලත් බැලුවේ කෙල්ල වාඩ් උනාද කියලා... මියුන් අතේ ග්ලාස් එක තියාගෙන බලාගෙන ඉදිය නිසාම ගවීෂ් එතනට දුවගෙන ගියේ , අත් දෙක බැදගෙන... ගවීෂ් ස්ටූල් එකක් ඇදලා ගන්න හැදුවත්, ග්ලාස් එක පැත්තකින් තියපු මියුන් , එයාගේ උකුල උඩ සන් කළේ ගවීෂ්ගේ අතින් අල්ලගෙන....

" අනේ මේ තමුසේ හිතන්-- " ගවීෂ් කියාගෙන ආපු එක නැවැත්තුවේ මියුන් එහෙමම ගවීෂ්ගේ අතින් ඇදලා එයාව වාඩි කරවගත්ත විදියට... මේ මොන ලැජ්ජාවක්ද !!!

" මියුන් මේ, යකා අවුස්සන්න එපා හරිද ? "


"ම්ම්ම්ම්... මගෙ අය්යනේ ඉතින්....... " මියුන් උත්තර දුන්නේ ගවීෂ්ගේ බඩ වටේ අත් යවලා තද කරගන්න අතරෙ උනාට ගවීෂ් අත් දෙකම එහාට කළේ මෙතන වේඝර්ණ උරුමේ නම්බුව පරිස්සම් කරගන්න.. මෙතන බහුතරයකට තව දුරටත් කොහොමටවත් ඒ රිලේශන්ශිප් එක රහසක් නොවෙන බව ගවීෂ් දන්නවා.. ඒ වුනාට හැංගි හැංගි කරපු පාට් එකයි ලස්සන... දැන් මියුන් හෙන ආඩම්බරෙන් එළිපිටම පොසෙසිව් වෙද්දි තමයි අපේ ගවීෂ්ට එයාගේ ගැස්ට්‍රික් අමාරු වැඩි වෙන්නේ.... ඉස්සර වගේ දමල ගහලා බේරන්නත් අමාරුයි, මියුන් තදට අල්ලගත්තා කියන්නේ ඒක එතනින් එහාට ගවීෂ් ඉන්නෝන සද්දේ වහලා...ඉස්සර දාපු ගෑස්වල ප්‍රතිවිපාක තමා ගවියො මේ...

" අතැරපන් #&#* !! "

" අහ්  ..?  " මියුන් ඒ ඇහුවේ ගවීෂ්ගේ බඩ වටේ තිබ්බ අතේ ග්‍රහණය තද කරලා කොල්ලව ඇදලා සම්පූර්ණයෙන්ම උකුල උඩට අරගෙන... ඒ සැරෙ නම් මෙච්චර වෙලා පොළව උඩ තිබ්බ ගවීෂ්ගේ කකුල් දෙකත් පොළවට තිබ්බ සම්බන්ධේ ලෙෆ්ට් උනේ ගවීෂ් ආයේ මියුන්ගේ උකුළෙන් බහින්න කලින් මියුන් හරිම ක්ලියර් විදියට ඒ අතින්ම තව ගවීෂ්ව ඇගට තද කරගනිද්දි.... ගවීෂ් පිටිපස්ස හැරුනත් , මියුන් බලන් ඉදිය විදිය නොදැක්ක ගානට ආයෙ ඉස්සරහ බලාගත්තේ දෙතුන් වතාවක්ම වේගෙන් ඇස් පිය ගහන අතරේ... කවුරුත් දැක්කේ නෑ නේද මේවා ? ඊළගට මියුන්ගේ නිදහස් අත ප්ලේස් උනේ ගවීෂ්ගේ උකුල උඩින්... ගවීෂ්ව එයාගෙම උකුල උඩ එහා මෙහා කරල හොදට ඉඩ හදලා දුන්න මියුන් ඒ අතින්ම මේසේ උඩ තිබ්බ වයින් ග්ලාස් එක ගවීෂ්ගේ අතට දුන්නේ යන්තන් හිනා වෙලා.....

" ඔහොම තියන්න, පස්සේ බොන්නම්.. " ගවීෂ් සැර අඩු කරලා කිව්වේ මියුන් එයාව හරි ගැස්සුව විදිය සිරාම කම්ෆටබ්ල් නිසා... කෝමටත් , හය්ය තිබ්බ පළියට ස්ටේජ් එක උඩ දගලලමදෝ උදේ ඉදන් තිබ්බ අමාරු ආයේ මතු නොවුනොත්නේ පුදුමේ....

" එහෙනං දගලන්නැතුව ඉන්න මෙතනට වෙල.. " මියුන් ටිකක් සැරෙන් කිව්වෙ ගවීෂ්ගේ බඩ වටේ තිබ්බ අතින්ම බඩ හරිය පරිස්සමට අතගාන ගමන්...ගවීෂ් මේ ශේප් එකෙ ඔළුව ඉස්සුවේ ඒක කවුරුහරි දැක්කද කියල බලාගන්න.. අවුලක් නැ ශේප්...හැමෝම වෙන වෙන සිහිවලනෙ.... මියුන් බඩ අත ගාද්දි අමුතු විදියක සනීපයක් එන්නෙ.... ඒක එයාගේ බර්ඩ්‍රොමිඩා ශක්තිය නිසා දැනෙන උණුහුමද , ඒ ශක්තියට එයාගේ ඕර එක ප්‍රතිචාර දක්වන විදියද , ඔය මුකුත්ම නැතුව එයා ඒ අතගාන විදියේ තියන පරිස්සමද කියලා ගවීෂ්ට තෝරන්න බැ.... එයාට විශ්වාසෙන් කියන්න පුළුවන් මියුන්ගෙ මේ පුංචි වැඩේ එවෙලේ වටපිටාවෙ තිබ්බ කලබලකාරී ගතියෙන් හාත්පසින්ම වෙනස් හැගීමක් කියල විතරයි....

" උදේ බොරුවනේ කළේ අර ම්ම් ? .. " මියුන් ආයේ ඇහුවේ සද්දේ වැඩි නිසාම කනට ළං කරල.... මිනිහාත් බලන්නේ ම් ඉදියේ ගවීෂ් මෙලො ගාණක් නැතුව ස්ටේජ් එකේ දගලපු හැටි.... එතකොට නම් අමාරු මුකුත් නැ....

"ඉදපන්කො අර දත එනකන් උබවත් නැති කරනව මම.. " ගවීෂ්නුත් ආපස්සට මිමිණුවේ  මියුන්ගේ කකුලෙන් තද කරලා ආයේ අතාරින ගමන්...

" ඇත්තටම තිමෞර්ය , ඒක ඇවිත් ගොඩක් කල්..... " මියුන් උත්තර දුන්නේ , යන්තන් හිනාවෙලා...

" මොකක් ? !! කෝ ආ කියපන්.... " ගවීෂ් ඇහුවේ මියුන්ගේ නහයෙන් තද කරන ගමන්... හුස්ම ගන්න බැරි උනාම කට අරින්නැතෑ... ඒත් මියුන් හිනා උනේ, ගවීෂ් ඇස් හීනි කරල අත අහකට ගනිද්දි.... දත යන්තන් මතුවෙලා තමයි...

" අනවශ්‍ය තොරතුරක් හැබැයි...! " ගවීෂ් උත්තර දුන්නේ කට අයිනෙන් හිනාවෙලා... මියුන් ඒකට රියැක්ට් කළේ ගවීෂ්ව තවත් ළගට අරගෙන... උගේ අත මෙතන දඩු අඩුව වගේනෙ..... ගවීෂ් ආයේ ඔළුව උස්සලා බැලුවේ කවුරුහරි බලන් ඉන්නවද බලන්න...

" කවුරුත් බලන්නැ... " මියුන් මිමිණුවේ එයා අල්ලන වතාවක් ගානේම ගවීෂ් කරන්ට් වැදුන මොකාද එකා වගේ ඉස්සිලා වටපිට බලන නිසා... ගවීෂ් තර්ක නොකර නිශ්ශබ්ද උනේ , කවුරුත් නොබලන නිසාම නෙවේ. මෙතන බැනගන්න ගිහින් අවධානේ ඉල්ලගන්න ඕන නැතිකමට....ඇරත් මියුන් බඩ අතගානකොට හෙන සනීපයිනෙ.... අනික උකුල උඩත් සනිපයි... කෝමටත් මියුන්ගේ ඕරා එකට ගුලිවෙන එක හිත නිවන විදියක සැනසීමක්...

" මහන්සි ද ? " මියුන් ආයේ මිමිණුවේ ගවීෂ් නැ කියන්න ඔළුව දෙපැත්තට වනද්දි....

" එහෙනම් ? "

" ජස්ට් වෝන්ට් ටු කිස් යූ... ! " ගවීෂ් උත්තරය විදියට මිමිණුවේ,ඔළුව හරවලා... මියුන් එයාගේ පුරුදු හරිත ඇස්වලින් බලන් ඉදියේ ඊළග ටික කන්ටිනියු කරන්න හිතාගන්න බැරුව.. එව්ව්.. ඔහොමමයි... හෙනට ප්ලැන් කරලා ෆ්ලර්ට් කරන්න බහිනව , ගවීෂ් ආපස්සට එකයි කියන්න ඕනේ පාර වැරදිච්ච පොඩි එකා වගේ බලන් ඉන්නවා...

" සනෝශ්... " කන් දෙක රතු කරගත්ත මියුන්, ගවීෂ්ට ස්ටේජ් එක උඩ ඉදපු සනෝශ්ව පෙන්නුවේ තනිකරම කොල්ලගේ අවධානේ වෙනස් කරන්න... ගවීෂ් ඉස්සරහා හැරෙන්න කලින්, මියුන්ගේ තොල් , පරිස්සමට බෙල්ල පාමුලට තද වෙනවා , ගවීෂ්ට නොදැනුනාම නෙවේ...

" රූරා ගලා සදකැන් ,
පාරා දවා මා නෙත් ...
පාළුවෙ උමතු වී
ඉකිබිදි හසකැන්.... " 

ගවීෂ් වගේම හැමෝගෙම අවධානේ හොරකම් කළේ , සනෝශ්ගේ වොයිස් එක... ඒක කොහොමටත් ලාවට වෙස්ටන් ගතියක් තැවරුන සීතල කටහඩක්.... ඒත් , අද ඒක හැගීම්බරයි... කොල්ලා ෆස්ට් වර්ස් එක ඉවර කළා විතරයි , මුළු ඕඩියන්ස් එකම විස්ල් තියල අහවරයි...

" ආයේ මා තනිවීලා , යායේ තරු සැගවිල...
මේ අහසේ රැ රහසේ , සද දොඩමළු නැ...
ආයේ මා තනිවීලා , යායේ තරු සැගවිල...
මේ අහසේ රැ රහසේ , සද දොඩමළු නැ...."  

"යෝ සනෝශ් !!!!" ගවීෂ් පවා විසිල් එකක් ගැහුවේ මියුන් ඒ සැරේ ගවීෂ්ව ඔතාගෙන ඉදපු අත් දෙක හිමින් ලිහිල් කරද්දි... මෙච්චර වෙලා නිදහසේ තමන්ගේ බෙල්ල පාමුල තොල් රස්තියාදු කරවපු මියුන්ගේ අවධානේ මොකකටම හරි වෙනස් උන බව ගවීෂ් තේරුම් ගත්තත් ඌ ස්ටේජ් එක උඩ මයික් ස්ටැන්ඩ් එක අල්ලන් බිම බලාගෙන මියුසික් එක පාස් කරන කොල්ලට විසිල් කළේ සෑහෙන උනන්දුවෙන්....

" හදිසියේ මුනගැසුනු
නෙත් කැළුම් රස මැවුනු
කිමිදී ඉපිලීනිල් දියේ
මා සෙවූ ආදරේ...
නොලියූ කවියකි පද ලිහී.... "

" ආයේ මා තනිවීලා , යායේ තරු සැගවිල...
මේ අහසේ රැ රහසේ , සද දොඩමළු නැ..
ආයේ මා - "

"තිමෞර්ය... " මියුන් මිමිණුවේ එයාට නැගිටින්න ඕනකමට කියල  තේරුන ගවීෂ් ඉක්මනින්ම උකුලෙන් බිමට පැන්නේ මියුන් දිහාවට නළල රැලි කරන ගමන්.. එයා ඇයි කියලා ඇහුවේ,  සද්දෙත් එක්ක කැගහලා තේරුමක් නැති බව තේරුන මියුන් රෙස්ට්රූම් එක පැත්තට ඉගි කරලා ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාද්දි... ගවීෂ් සිංදුවේ කල්පනාවෙන්ම ඔළුව වැනුවේ ආයේ ස්ටේජ් එක පැත්තට ගිහින් කොල්ලට සප් එකට කැගහන අතරෙ... සනෝශ් සමහර වචන ගොඩක් බරටත්, සමහර වචන දැනෙන නොදැනෙන තරම් සැහැල්ලු හැගීමකිනුත් පිට කරන්නේ හරිම යුනික් විදියකට.... එයාගේ හිතුවක්කාරකම සින්ගින්වලින් පවා පේනව....

" හිත දිගේ කිතිකැවුනු
පෙම් පැතුම් යලි මැවුනු
මුමුණා අමුනා හීන දෙහිතේ
අප සෙවූ ආදරේ
නොපිපී කුසුමකි පෙති සැලී.."

" ආයේ මා තනිවීලා , යායේ තරු සැගවිල...
මේ අහසේ රැ රහසේ , සද දොඩමළු නැ...
ආයේමා තනිවීලා ............" සනෝශ් එහෙමම සිංදුව නවත්තලා ඔළුව පහළට හරවගත්තත් ඕඩියන්ස් එකම වගේ ඉතිරි ටික කම්ප්ලිට් කළේ කිසිම අඩුපාඩුවක් නැතුව..... ගවීෂ් පවා විස්ල් කළේ කොහෙන්දෝ මන්දා එයාගේ එහා පැත්තට ආපු අරවින්ද් උගේ උරහිසෙන් අල්ලගනිද්දි..... ගවීෂ් ඇයි කියලා අහන්න සන් කළේ අරවින්ද් ඒත් ආයේ එයාටම මුකුත් නෑ කියන්න වගේ කන්ෆර්ම් කරගෙන ඔළුව වනද්දි....
එහෙමම සෝන්ග් එක නවත්තලා මයික් ස්ටෑන්ඩ් එකේ අත් දෙකෙන් එල්ලිලාම වගේ බිම බලන් ඉදපු සනෝශ්, මියුසික් එක ඉවර වෙන්න කලින්ම ස්ටේජ් එකෙන් බහිනවත් ගවීෂ් බලාගෙන...

" අපෝ මුන්ගේ ලැජ්ජාව !! " ගවීෂ් විස්ල් එකක් ගහලා හූ තිබ්බේ අරවින්ද්ටත් නෝන්ඩියට හිනා වෙලා... ආශාක්‍යසිංහලාගේ කට විතරයි !! ...

" මියුන් කෝ ඌත් සින්ග් කරනවා කිව්වා නේ ? " අරවින්ද් ඇහුවේ ගවීෂ් හතර වටේ හැරිලා උරහිස් අකුළද්දි.. කොහෙද ගියා කියලා නම් මතකයි... අහ්හ්!! රෙස්ට් රූම් එකට... ඒත් යකු එකට තුන් පාරක් රෙස්ට් රූම් ගිහින් එන්න වෙලාව ඇතිනේ මේකාට....

" අඩෝ කෝ සිරාවට ?" ගවීෂ් ඇහුවේ අරවින්ද්ගෙන්...

" දැන් මමද දන්නේ ? "

"  ඔය කොහේ හරි ගිහින් එන්නැතැ... " ගවීෂ් කියන්නන් වාලෙ කිව්වට මොකද මිනිහා ආයේ වතාවක් ඉස්සිලා බැලුවේ අසවලා ඉන්නේ කොහෙද කියල ලොකේට් කරගන්න.. යකු එක පාර කොහේ අතුරුදහන් වෙන්නද ? ඌ හතර වටේ ඉස්සිලා බලලා ආයේ හැරෙද්දි-- හපෝ චිංචි මානවිකාව මෙතන !! මෙවීනාට නහයෙන් පුම්බපු ගවීෂ් , ඇසුත් රෝල් කළේ ඒකිගේ අතේ තිබිලා වින්ද්ගේ අතට මාරු උන ෂැම්පේන් ග්ලාස් එක දිහා බලාගෙන... එව්ව්ව් අරවින්ද් පගය !! ග්ලාස් එක අතට ගත්තට මොකද මිනිහා වෙනමම ලුක් එකකින් බලන් ඉන්නේ මෙවීනා දිහා විතරමයි.... ඒකි නම් ඔහේ කලබලෙන් බලන් ඉන්නේ අරවින්ද් ග්ලාස් එක හරියට අල්ලගන්නකන්... මොකද ඌ ඒක අල්ලන් ඉන්නෙත් මෙලෝ සිහියකින් නෙවේනේ !!

" සුදූ අද ලස්සනයි....."

" කලින් කිව්වා. "  මෙවීනා උත්තර දුන්නේ කිසිම හැගීමක් නැතුව.....

" එහෙමද ? " අරවින්ද් ආයේ ඇහුවේ ඔළුව කසන ගමන්... ගවීෂ් තොල් දෙක තද කරන් බඩටත් අත තියන් අනිත් පැත්ත හැරුනේ වමනේ යන්න ආපු එක නවත්තගන්න... ප්‍රේමවිකාරයයි , මල්ලන්තයයි... කෝ මෙ බර්ඩ්‍රොමිඩා කොල්ලා ? මේම දාලා ගිය එක වැරදියි හා.....!! අපිත් සින්ගල් නෑ බොලව් !!

" මේක අල්ලගන්නවද නැද්ද ? " මෙවීනාට මල පැනලා කැගැහුවේ අරවින්ද් කොහෙන්දො මතුවුන හදිසියකට ෂැම්පේන් ග්ලාස් එක අතට ගනිද්දි.....ඒක අතට දීලා ඒකි යන්න හැරුනේ සෑහෙන ප්‍රවේගෙකින් නිසා ගවීෂ්නුත් ඒ පැත්ත හැරුනේ ඉණට අත් දෙක තියාගෙන... අරවින්ද් අමු ගවයා තාම බලන් ඉන්නේ මෙවීනා ගියපු දිහාව නිසා.... මූණෙ ඇදනු හිනාවක් යටි තොල හපාගෙන හිරකරගත්ත අරවින්ද් ගවීෂ් දිහාවට හැරුනේ උගේ මූණේ තිබ්බ හිනාවට ගවීෂ් අමතන්න හිතන් ඉදිය වචන ටික ගිලගනිද්දි... එව්ව් පගය... හෙනම සෙල්ෆ්ලස් මංමුලා වෙච්ච හිනාවක් දීපු අරවින්ද්ට ගවීෂ් රැව්වේ මූ ඊළගට පැයක්වත් යනකන් මෙවීනා ගැන කියවන නිසා.....

" එයාට කළු පාට තමයි ලස්සනම!! "  අරවින්ද් කිව්වේ යන්‍තමින් තැවරුන හිනාවක් එක්ක... අරවින්ද් ඒ කිව්වේ , මෙවීනාගේ ඩ්‍රෙස් එකට වඩා, එයාගේ හංගන්නැති කළු චරිතය ගැන බව ගවීෂ් නොදන්නවා නෙවේ.... ගවීෂ්ගෙ නිශ්ශබ්දතාවේ එයා හිතන විදියට ජන්දයක් කරගත්ත අරවින්ද් ෂැම්පේන් ග්ලාස් එක දිහා බලාගෙන ආයේ හිනා උනේ ගවීෂ් දෙවෙනි සැරේටත් ඇස් රෝල් කරද්දි... එව්.....හිච්චි ආදරවම්තයෝ...!! කෝ යකො මේ මියුන් ??

" වීෂ් මේ.... "

" ඕ ?  " ගවීෂ් ඇහුවේ අරවින්ද් උස ටේබල් එකෙන් වාඩි වෙලා ෂැම්පේන් ග්ලාස් එක ඒක උඩින් තියලා ඊට ඉස්සරහින් පොඩි එකෙක් වගේ නිකට තියාගන්නවා බලාගෙන...

" ලස්සනයි බන් !! " අරවින්ද් ආයේ කිව්වේ ෂැම්පේන් ග්ලාස් එකේ උඩ නගින බුබුළු දිහා බලාගෙන... ඌ එයින් දෙක තුනකටම ටොක් ටොක් ගගා ඇගිල්ලෙන් තට්ටු කරනවාත් ගවීෂ් බලාගෙන...

" ඇයි බුබුළු වගේ- නෑ මුකුත් නැ..." ගවීෂ්ම කට පියාගත්තේ අරවින්ද් බුබුළුවලට තට්ටු දදා හිනා වෙන හැටියට නෝන්ඩි කරන්නත් දුක නිසා.. යකො, ඒකි ඇවිත් බැනලා ගියාමත් මුට යන්නේ මේම මනමාල හිනාවක් නම්, වෙනවට කියනව නෙවේ ඒත් අතින් ඇල්ලුවොත් මොනා වෙයිද දන්නැ.... ගවීෂ් සහානුකම්පාවෙන් වින්ද්ගේ පිටට තට්ටු කළේ කටත් ඉරක් කරගෙන....

" එයා දැන් බනින්නේ මට !! ඇත්තටම මට...." අරවින්ද් කිව්වේ සෑහෙන හයිප් එකෙන්... අර කියන්නත් වගේ ඉස්සර මෙවීනා අරවින්ද්ට බනින්න පාවිචිචි කරන්න කේනාල් අය්යා ඕම නෑ කියන වචන දෙක තුන හැලිලා තමයි !! අරවින්ද් තාම බුබුළු දිහා බලන් වෙනම ධ්‍යානයකට සමවැදිලා ඉන්නෙ.... කට තද කරගන්නවා... ආයේ එක පාරටම හෙණ ගැහුවා වගේ හිනා වෙලා බුබුළකට අනිනවා... එව්ව්ව්ව් !!!!!

" උබ ඕක බොන්නැත්තන් දිපන් මට ..."

" අහ් ? කුමාරයට අත තියන්න එපාආආ!!! " අරවින්ද් කිව්වේ ෂැම්පේන් ග්ලාස් එක ගවීෂ්ගෙන් කවර් කරගන්න අතරේ.....

" කෝ බං මියුන්  ? " ගවීෂ් ඒ සැරෙ නම් ඇහුවේ ටිකක් විතර කලබලෙන් ... තාමත් මතකෙන් මැකිලා නැති සමහර සිද්ධි තියෙනවා අහේතුකවම බය කියන දේ ඇති වෙන...... මියුන් පොඩ්ඩක් ඇස් මානෙන් ඈත් වෙනකොට ඒ බය නිකන්ම මතුවෙන්නේ ඒමයි.... අරවින්ද් ෂැම්පේන් ග්ලාස් එක ඉවර කරනකන් ගවීෂ් ආයේ ෆෝන් එක අරන් මිස්ඩ් කෝල් එකකුත් තිබ්බේ මියුන් ඉන්න තැනක් හොයාගන්න... ෆෝන් එක ඕන්, ඒ කියන්නේ ෆෝන් එක අතේ තියෙන්නේ.. ඒත් රින්ග් වෙලා කට් උන ෆෝන් එකට ගවීෂ් රැව්වේ නළල රැලි කරගෙන...

" ආන්ස කරන්නැද්ද ? "

" ම්හ්.." ගවීෂ් කිව්වේ අරවින්ද්ගෙත් මූඩ් එක ටිකක් සිරියස් වෙද්දි....

" වරෙන් පොඩ්ඩක් එළියේ බලලා එන්න..." අරවින්ද් කිව්වේ හිස් ෂැම්පේන් ග්ලාස් එක එහෙමම තියලා නැගිටින අතරේ... ගවීෂ් අරවින්ද් දෙන්නම ටයිඩ්‍රැක්ස් එකේ ගාඩ්න් එක පැත්තට ආවේ ෂුවර් එකට මියුන් අතුරුදහන් වෙන්නේ ඒ වගේ තැනකට බව විශ්වාස නිසා... රෙස්ට් රූම් එකේ,  ආයෙම වතාවක් සුදු මාමා ගාව වගේ හැමතැනම බැලුවට පස්සෙත් මියුන් නැති උනාම තමා ගවීෂ් අරවින්ද් දෙන්නම පොඩ්ඩක් සිරියස් වුනේ...

" උබට කියන්නැතුවද ගියේ ? "

" ඔව් !!!"  ගවීෂ් උත්තර දුන්නේ ආයේ මිස්ඩ් කෝල් එකක් තියෙන අතරේ... අහුවෙයන්කො , කනව ඔළුව !!! ගවීෂ්ගේ කේන්තිය දැන් ටිකෙන් ටික නැගගෙන එනවා.... ගවීෂ් අරවින්ද්ට මුකුත් නොකියම සියඹලා ගහ පැත්තට ගියේ මියුන් එතන බව අනුමාන කරලා... අරවින්ද් අහන්නැ ගවීෂ් මේ කොහෙද යන්නේ කියලාවත්... ඌ වට පිටාවේ මියුන්ව හොය හොය ගවීෂ්ව ෆලෝ කරනව විතරයි ... මොකද අරවින්ද් දැන් හොදටම දන්නවා, ඇත්තු දහයකට ගහන්න වගේ පාට් දැම්මට මියුන් ගොඩක් සංවේදි බව.. එයා කොහොමටවත් තනියම කල්පනාවලට වැටෙන්න දෙන්න හොද කෙනෙක් නෙවේ....

" මෙහ්....."

" ෂ් !! " ගවීෂ් අරවින්ද්ව නිශ්ශබ්ද කළේ සෑහෙන වේගෙකින් වටේ තරංග සීල් කරන අතරේ.. ඌ එහෙමම නැවතුනේ සෑහෙන කම්පනයකින්.......

" ඩියෝන් ????? "

ගවීෂ් ඇස් දෙක ලොකු කළේ සිද්ධිය දැකපු අරවින්ද් ගවීෂ්ව ඇදගෙනම පදුරකට මුවා වෙද්දි... ගවීෂ් වේලාසනින්ම තරංග සීල් කරපු නිසා කොහොමටත් එතනට ඇහුන පාටක් නෑ...

උන් දෙන්නම දැක්ක විදිය හරි නම් ඩියෝන් ඉදියේ සනෝශ්ව වඩාගෙන.... ඔව්ව් !!!! වඩාගෙන....... සනෝශ්ගේ ඉණ වටේ අත් දෙක ඔතාගෙන එයාව බදාගෙනම උස්සන් ඉදිය ඩියෝන් නළල හේත්තු කරන් ඉන්නේ පොඩි එකාගේ බෙල්ල අස්සේ... පුදුම ලෝබකමකින් කොල්ලව වඩාගෙන ඉදපු ඩියෝන්ව දැක්ක්ම ගවීෂ්ගේ ඇග සීතල වෙන්නේ , නිකන්මයි...ඩියෝන් ???? සනෝශ්ව.... ඒම..... ඒ විදියට වඩාගන්නේ ඇයි ?? අනික කවුරුත් නැති තැනක මේ දෙන්නා තනියම ???? ගවීෂ් තවමත් බලාගෙන ඉන්නේ තේරුමක් කරගන්න බැරුව.....අරවින්ද් සෑහෙන බර හුස්මක් පිට කරනවා ගවීෂ්ට හොදටම ඇහුනා...ඒ හුස්ම සෑහෙන බරපතළයි...

ඩියෝන් මෙච්චර උණුසුම් විදියට ආදරේ කරන්න දන්න එකෙක් නෙවේ....එයා සනෝශ්ව ඒ විදියට බදාගෙනම ඉදියේ ඊටත් වඩා පපුව හිර වෙන තරමේ විදියකට සනෝශ් ඩියෝන්ගේ ඔළුවව අත් අස්සේ පරිස්සමට ඔතාගෙන අත ගාපු විදියට..... ගවීෂ් අරවින්ද් දිහා බැලුවේ මොකක් කරන්නද් හිතා ගන්න බැරුව.... අරවින්ද් එයාට දීපු බැල්මේ තිබ්බෙත් සංකීර්ණ ගතියක්.... ඒත්, සන්සුන් ගතියක්....

" මොකකට හිත හදනවා වගේ වෙන්න ඇති නේද බං ? " ගවීෂ් ඒ ගොනා සේ ඇහුවේ අරවින්ද් ඒත් මුකුත් නොකිය නිශ්ශබ්ද වෙද්දි..... ඩියෝන් සනෝශ්ව උස්සගෙනම ඇගට හේත්තු කරන් ඉදියේ උට පොළොවේ අඩිය ගහන්න නොදෙන තරමේ බර හැගීමකින්.... එතන තියෙන හැගීම් නොතේරෙන්න තරම් අරවින්ද්වත් ගවීෂ්වත් නොදරුවෝ නෙවේ.....

" බං අර කොල්ලට තාම පහළවයි !! ඉදපන් මම ඩියෝන්ට කතා කරන්න.. " ගවීෂ් තදින් කිව්වේ අරවින්ද් ආයේ උගේ උරහිසින් අල්ලලා නවත්තද්දි.....

" පොඩ්ඩක් බලමු වීෂ්..... " අරවින්ද් කිව්වේ ගවීෂ්ව සන්සුන් කරලා.... ගවීෂ් වැරදි නැත්තන් අරවින්ද්ගේ කටහඩේත් තිබ්බේ හෙණගැහිලා ගිය බලාපොරොත්තු කඩවීමක්.....

" ඩියෝන් !!!! අම්ම්පා මූව හම ගහනවා මම.... සනෝශ් තාම පොඩියි කියලවත් ඌට හිතෙන්නෙ නැද්ද ? !!! " 

" කිව්වම බලමුකෝ පොඩ්ඩක්.!!!!...." අරවින්ද් ආයෙ කිව්වේ ගවීෂ්ව ඇදලා අරන් වාඩි කරවගෙන....

ඩියෝන් පරිස්සමට සනෝශ්ගේ කකුල් දෙක බිමින් තිබ්බේ දැනෙන නොදැනෙන ගානට... එයාගෙ පපුව මැද්දෙ ගැහෙන හදවත තවමත් දෝතින් අතඇරගන්න බැරුව ඩියෝන්ගේ ඔළුව පහළට හැරවුනේ සනෝශ්ගේ උසට හරියන්න..... වම් පැත්තෙන් එයාගේ පපුව ගැහෙන සද්දෙට වඩා එයාගේ හිත කීරි ගැහෙන්නේ දකුණු පැත්තට හිර වෙලා තියෙන සනෝශ්ගේ පපුව ගැහෙන සද්දෙට.... සනෝශ් අඩියක් පස්සට තිබ්බේ , ඩියෝන් ආයේ කොල්ලගේ ඔළුව පපුවට තද කරලා බදාගනිද්දි....

" පපුවේ දකුණු පැත්ත හිස් වෙනකොට බය හිතෙනවා සනෝශ්........ "  ඩියොන් මිමිණුවේ ගවීෂ් , අරවින්ද් දිහා බැරෑරුම් විදියට බලද්දි.... ඔව් , උන්ට කන්ට්‍රොල් කරන්න බැරි තරම් මේක දුර ඇවිත්.... ඒත් සනෝශ් අඩියක් පස්සට තිබ්බේ ඩියෝන්ගේ මෙච්චර වෙලා එයාගේ හදවතේ සද්දෙ පාළුව මකපු ඩියෝන්ගේ පපුවේ දකුණු පැත්තට අත තියලා... ඩියෝන් ඉක්මනින්ම සනෝශ්ගේ අත උඩින් අත තියාගත්තේ සනෝශ් ඊට කලින් අත ඇදලා ගනිද්දි... කොල්ලා ඇත්තටම ටිකක් මුරණ්ඩුයි... එහෙමම කකුලේ ඇගිලි තුඩුවලින් ඉස්සිලා ඩියෝන්ගේ උසට සමාන උන සනෝශ් කම්මුල උඩින් චූටි කිස් එකක් තියලා අඩියක් පිටිපස්සට තිබ්බේ නිශ්ශබ්දව... කෝමටත් එතන කතා කලේ ඩියෝන් විතරයි ....වෙනදට හොස්ස අගින් මැස්ස යන්න බැරි පොඩි එකා මෙච්චර නිහඩ චරිතයක් උනේ කවදා ඉදන්ද ?

" ඒමයි කියලා දැක්කම අහක බලන් යන්න ඕනේ නැ.... හිතුනොත් අතින් අල්ලගන්න අවසර ගන්න ඕනෙත් නැ ... ඇවිත් මාව බදාගත්තට මම තරහත් නැ...." ඩියෝන් වේගෙන් කියාගෙන ගියේ අත් දෙක සාක්කුවට ඔබාගෙන....

" අර මොනවද යකෝ මේ කියවන්නේ ? " ගවීෂ් අරවින්ද්ගෙන් ඇහුවේ අරවින්ද් ගවීෂ්ට වඩා සංකීර්ණ බැල්මකින් ආයේ ඒ දිහා බලද්දි.....

" මට නිකමට......... " අරවින්ද් කියන්න ගියපු වචන නවත්ත ගත්තේ ආයේ පැකිලීමෙන්.... ඩියෝන් ආයේ සනෝශ්ගේ ඔළුවෙන් අල්ලලා ඉඹිනවා බලාගෙන ඉදපු ගවීෂ් නැගිට්ටේ අත මිට මොළවන්....

" මං මේකට කැමති නැ.. ! "

" වීෂ් !! "

" ඇයි දැන් උබ කැමතිද ? !..." ගවීෂ් තදින් ඇහුවේ අරවින්ද් ටික වෙලාවක් ඉදලා ආයේ ගං ඉවුර දිහාවම බැරෑරුම් විදියට බලද්දි...... ඒ අරවින්ද්ගේ , නැ කියන එක.... ගවීෂ් සන්සුන් උනෙ අරවින්ද්ගේ මූණෙත් තිබ්බෙත් වැඩි කැමැත්තක් නොවන නිසා.... දේවල් හොදින් තියෙනකන් ඒක ලස්සන හැගීමක් වෙයි.. ඒත් එක්කෙනෙක් හරි ලොකු වෙද්දි හැගීම් වෙනස් උනොත්.......... ??? ඩියෝන්ව නම් හිරකරගන්න කිසිම හේතුවක් නෑ ඒ කොල්ලට විස්සක්... ඒත් සනෝශ් ? ආශාක්‍යසිංහලාගේ පවර්ෆුල්ම කොල්ලා.... මේ වයසෙදි වෙන එක පොඩි හිත් රිදීමක් ඇති වෙයි කොල්ලගේ ධාහන්රා එක වීක් කරන්න.. කලින් තනෝශ් සිද්ධිය අරවින්ද්ට උනත් අමතක නැ... එ සේරම පැත්තකින් තිබ්බම , කොල්ලට තාම දාසයයි.... !!!

" මොකද බං මේකට කරන්නේ ? " අරවින්ද් ඇහුවේ ගවීෂ් දන්නේ නෑ කියන්න ඔළුව වනද්දි... කොල්ලො දෙන්න තදට බදාගෙන ඉන්නේ.... අහ් නැ, ඩියෝන් තමා තවමත් අත ඇරියේ නැත්තේ.... සනෝශ් අතඇරලා අත්දෙක එහාට අරන් ඉවරයි...

" මං හිතන්නේ ඩියෝන් අඩනවා වීෂ්.... " අරවින්ද් මේ මිමිණුවේ ගවීෂ්ටත් පැහැදිලිව පේන දේ....ඔශිව් ඩියෝන් වේඝර්ණාරච්චි , ඔව් මිනිහා යන්තමින් ගැහෙනව තමයි... ඌ අඩනවා කියන එක විශ්වාස කරන්න බැරි උනත් ඌ අඩනවා තමයි !!..

" උබ හිතන්නේ වේඝර්ණ කොල්ලො ගල් කණු කියලද ? ඇහුනෙ නැද්ද පොඩි එකා ටිකකට කලින් මූණට දමලා ගහපු සිංදුව ? "

" එතන මොකක්ද වෙන්නේ කියල උබට තේරෙනවද ? "

" තේරෙනව නම් මෙතනට වෙලා බිත්තර රකිනව කියලා හිතුවද ? "

" හරි , පොඩි එකා ස්ටේජ් එකේ තනි විරහ ගීයක් කිව්වා... අන්තිම හරිය යද්දි මයික් ස්ටැන්ඩ් එකේ එල්ලිලාම ඇඩුනා... පස්සේ ඒ පොඩි එකාව අරු වඩාගෙන ඉදියා.... පස්සේ අන්න ඒකාව බිමින් තියලා යන්න දෙන්න බෑ වගේ ලයින්ස් දෙක තුනක් කිව්වා.... පිස්සෙක් වගේ ඔළුව ඉඹගෙන ගිහින් , දැන් පොඩි එකෙක් වගෙ අඩන්න ගත්තා... උබ හිතන්නේ මොකක්ද ? " අරවින්ද් ඇහුවේ ගවීෂ් කට ඇද කරද්දි....

" වෙන මොකක්ද ඉතින්, අපේ ගවය බූට් එකක් කෑවා..."

" අපේ පොඩි එකාගෙන්...?"

" අනේ මේ !! "

" ආශාක්‍යසිංහලා වටේ යන්නැ වීෂ්..."

" ඒ වුනාට වටබඩුමනේ කරගහන්නේ...."

" ඒක නිකන් උබටම කියාගත්තා වගේ නැද්ද ? "

" ඔව් හැබැයි --- අහ්හ්හ්හ් මොකක් හරි... වරෙන් දෙන්නම ඉන්න වෙලේ මේක කතා--- " ගවීෂ් අරවින්ද්ගේ අතින් අදින එක වෙනුවට එහෙමම ඌවත් එහා පැත්තට පෙරලන් කට වැහුවෙ අරවින්ද්ගේ කටින් පිටවෙන්න ගිය කුණුහර්ප ටික නවත්තගන්න... කොච්චර තරංග සිල් කරල තිබ්බත් ඊට වඩා වැඩ්ඩෙක් ඉන්නවනේ දැන්.... ගවීෂ් මේ අරවින්ද්ගේ කට වහලා ඌව පෙරළගත්තේ ඒ ඕරා එක දැනෙන පරක්කුවට....

" මියුන්ද ? " අරවින්ද් කට විතරක් හොලවල ඇහුවේ උගේ ඇග උඩ ඉදපු ගවීෂ් කලබලෙන් ඔළුව වනද්දි.... තව ටිකක් මේම ඉදියොත් අරවින්ද් බඩ වෙයිද ශුවර් නැති ගානට ගවීෂ් උගේ ඇග උඩින් පොඩ්ඩක් එහාට උනේ ආයෙ ගල උඩින් සිද්ධිය බලාගන්න.... එක පොඩි සද්දයක් උනත් ඇති මියුන්ව මෙතනට.. අපොය්!!!!!---

" අහ් මියුන් ! " ගවීෂ් දැන් දැක්ක ගානට පුදුමෙන් ඇහුවේ ගල එහා පැත්තෙම සාක්කුවට අත් ඔබන් බලන් ඉදපු මියුන්ට දත් සෙට් එකම දාලා හිනාවෙලා... මියුන්ගේ ඝන ඇහි බැම හෙන ඩේන්ජරස් වෝනින් එකකින් උඩ ගියේ එයාගේ හිනාවට නොවෙන බව නම් ගවීෂ්ට ශුවර්... ගවීෂ් මුකුත් කියන්නත් කලින්ම අරවින්ද් ගවීෂ්ව එයාගේ ඇග උඩින් එහා පැත්තට පෙරලුවේ මියුන්ගේ මාරාන්තික බැල්ම එල්ල උනේ තමන්ට බව හොදටම අදුරගෙන... ගවීෂ් නම් මොකද වැලි පිහිදාගත්තම බබා වගෙ ගෙදර යයි... මියුන්ගෙ උදහසට ලක් උනොත් , අරවින්ද් එපැය් කොන්ද එක්ක ඔට්ටු අල්ලන්න....  ගවීෂ් අරවින්ද් පදුරු අස්සෙන් වැලි ගස ගසම නැගිට්ටේ, ඕනෙ මගුලක් වෙන්න කියලා....

ගවීෂ්ගේ ඇස් මුලින්ම එල්ල උනේ ඩියෝන් දිහාවට... ආයේ ගවීෂ් එතන ඉදිය බව දැකලා ඩියෝන්ගෙන් අගල් ගානක්ම එහාට උන සනෝශ් දිහාවට.. ගවීෂ්ගේ ඇස්වල භයානක බැල්ම එල්ල උනේ ඩියෝන් දිහාවට.... අරවින්ද් , දෙන්නාටම දුන්නේ එක හා සමාන සීතල බැල්මක් විතරයි...

" ගවීෂ් අය්යෙ...." ඩියෝන් , මිමිණුවේ ටිකක් බැරෑඩි උන කටහඩකින්....

" ගවීෂ් අය්යේ ?? හහ් !! " ගවීෂ් තදින් ඇහුවේ එයාගෙ වැලමිටෙන් අල්ලගත්ත මියුන්ගේ අතත් ගසලා දාල.... ඔව් !!! ආයේ ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕන නැනේ මියුන් මේකට උදව් කරන්නැති බව....

" අපි පාටි එක ඉවර වෙලා මේ ගැන කතා කරමු... " අරවින්ද් තදින් කිව්වේ ඩියෝන් - සනෝශ් දෙන්නා දිහා බලලා..

" නෑ,  ඒක ඉවරයි.... .." සනෝශ් ඒ උත්තර දුන්නේ ගවීෂ්ට... ඒ නිල් පාට ඇස්වල තිබ්බේ ස්ථිර තීරණයක්... පොඩි එකා ඒක කියපු විදියට ගවීෂ්ගේ ඇස් ආයේ එල්ල උනේ, කිසිම කතාවක් නැතුව කදුළු පිරුන ඇස් හංගගන්න අනිත් පැත්ත හැරුන ඩියෝන් දිහාවට... ආශාක්‍යසිංහ කොල්ලො නපුරුය් !!! දැන් නම් ගවීෂ්ට පිළිගන්නම වෙනවා ඒක... ඩියෝන් වගේ තනි රතු කොඩියක රතු පාට හේදිලාම යනවා ගවීෂ්ට දැන් පෙනිලා ඉවරයි.....

" ඩියෝන් ?"

" ඔව්, පොඩි ආතල් එකක් ගත්ත විතරයි.... කෝමත් මං ඕවා සිරා කරන්නැනෙ.....!!!." ඩියෝන් ආවේගෙන් උත්තර දුන්නේ , අරවින්ද් ගවීෂ්ට තවත් කතාකරන්න එපා කියලා සන්කරද්දි... ඉමෝශනලි කොල්ලො දෙන්නම ඉන්නේ කතා කරන්න පුළුවන් තත්වෙක නෙවේ කියලා ගවීෂ්ටත් පේනවා....

" මට කියන්න දෙයක් නෑ  !!.."  ආයේම වතාවක් ගවීෂ්ට කෙලින්ම උත්තර දීපු සනෝශ්, කිසිම දෙයක් නොවුන ගානට ආයේ ටයිඩ්‍රැක්ස් එක පැත්තට ගියේ අරවින්ද් දිහා නම් බලන්නවත් කරදර නොවී... ඩැම්න් ඒකෙත් හැටි !! පොඩි එකා හෙන නපුරුයිනෙ... ඩියෝන් , ටිකවෙලාවක් ඔහේ බලන් ඉදලා අරවින්ද් දිහා බැලුවේ ගවීෂ්ගේ මාරාන්තික බැල්ම මගඇරලා....

" මටත්- කියන්න දෙයක් නැ..." ඩියෝන් උත්තර දුන්නේ ගවීෂ් බනින්න කට හදාගන්න කලින් මියුන්ම ඩියෝන්ගේ පිටට තට්ටුවක් දාද්දි.... මියුන් ගවීෂ්ට තද බැල්මක් දුන්නේ ගවීෂ් කට පියාගනිද්දි...... අරවින්ද් ගවීෂ් දෙන්නම මූණට මූණට බලාගත්තේ එතනින් එහාට මොනවා කියන්නද කියලා විශ්වාස නැතුව... කොහෙත්ම කලින් වුන දේවල්වල හැරියට තව මොනව කියන්නද කියලා ගවීෂ්ට විශ්වාස නැ...

" අම්.....ඩියෝන් , අපි මොනා හරි බොමු ඉස්සෙල්ලා........" ගවීෂ් කිව්වේ, අරවින්ද්ට සනෝශ්ව බලන්න කියලා සන් කරන ගමන්.... ඩියෝන් ඉදියේ එයාව ෆලෝ කරන මානසිකත්වෙක නොවෙන නිසාම ගවීෂ් කොල්ලගේ උරහිසින් අල්ලලා ටයිඩ්‍රැක්ස් එක පැත්තට තල්ලු කලේ මියුන්ටත් අරවින්ද් එක්කම ඉන්න ඇරලා... ඩියෝන්ව හෙන අමාරුවෙන් තල්ලු කරන් ඇවිත් කැෆේ කවුන්ටර් එකේ ස්ටූල් එක උඩින් වාඩි කරවපු ගවීෂ් , එහා පැත්තේ ස්ටූල් එකෙන් වාඩි වෙලා ඩියෝන් දිහාවට හැරුනෙ බැරෑරුම් විදියට... අනිත් පැත්තෙන් අරවින්ද් , සනෝශ්ව කතාවට අල්ලගන්නවා ගවීෂ් බලාගෙන.....

" ඩියෝන් ... ??  "  ගවීෂ් කතා කළේ සන්සුන්ව..... කලින් තිබ්බ තද ගතිය සම්පුර්ණයෙන් ලිහිල් උන හඩකින්... ඒත් ඩියෝන් ඉන්නේ තාමත් තිගැස්මකින්....කෝමත් මං ඕවා සිරා කරන්නැනේ කියල කැගහපු එකා නේද ඒ පාර මේ මූඩ් ගැහුවේ.....

" අහ් පොඩි මෑන්ස්ලා !!!  බියර් ? වයින් ? බ්‍රැන්ඩි ? " අවී මාමා ඇහුවේ , ගවීෂ් එපා කියන්නත් මෙච්චර වෙලා නිශ්ශබ්ව ඉදපු ඩියෝන් ඕන කියන්නත් ඔළුව වනද්දි.... දැන් ටිකකට කලිනුත් ඩියෝන් ඩ්‍රින්ක්ස් ගත්ත බව ගවීෂ්ට අමතක නෑ....

" බ්‍රැන්ඩි ... නැපෝලියන්.. ! " ,ඩියෝන් ඒකට නම් අවි මාමට උත්තර දුන්නේ සෑහෙන උනන්දුවෙන්...

" කෝ සුදු මාමා ? " ගවීෂ් ඇහුවේ අවී මාමා උත්තර නොදිම ග්ලාසස් දෙක එයාගේ පොඩි මෑන්ස්ලා දෙන්නා ඉස්සරහින් තියලා අත් දෙකම කවුන්ට එකට තියලා පහත් වෙද්දි...

" විශ්වාස කරන්න පොඩි මෑන්ස්, මේ තත්වෙන් මේපල්ව දැක්කොත් යේක ඔයාලට සේහෙන නරක පාඩමක් වෙනවා තමා !! " අවි මාමා කිව්වේ ගවීෂ්ට ඇහැක් ගහලා....

" මොනවද අහුවෙලා තියෙන්නේ ? "  ගවීෂ් ඇහුවේ ඔළුවට අත ගහගෙන....

" ලයිට් බියර්.....එපාමයි කියලා තිබ්බට,  මම එහේ මෙහේ වෙච්ච තත්පරේට කටේ හලන් !! " අවී මාමා පැමිණිලි කාලේ ගවීෂ් තොල් තද කරන් හිනාව නවත්තගනිද්දි... මොකාක්දෝ අපි නොදනී දෙය්යෝ දනී හේතුවකට අවී මාමා සුදු මාමාට බොන්න නොදෙන්නේ දැන් සෑහෙන කාලෙක ඉදන්.....

" තත්වෙ දරුණුද ? "

" සෑහෙන !! මේ -- " අවී මාමා එයාගේ එහෙමම හැරිලා එයාගේ බාහුව පෙන්නුවේ ගවීෂ් හෙමින් කට ගාවට ගත්ත ග්ලාස් එක තව පොඩ්ඩෙන් නහයෙන් යවාගනිද්දි... අවී මාමගේ තද ටෑන් ක්ලර් ස්කින් එකෙ බෙල්ල ගාව ඉදන් අත දිගේ පහළට වෙනකන් බල්ලෝ කාලා වගේ හපපු දත් පාරවල්...!!! දෑසමන්මල ලොකු කරපු සුදු මාමාට මේ මොකද උනේ දෙය්යනේ ?? !!

" හපලා !!!! හරිම නරකයි නේද !! " ගවීෂ් ඇහුවේ අවී මාමා යන්තන් හිනාවෙද්දි... සුදු මාමා ඉතින් මොන ආපදාව කළත් අවී මාමාගේ රිප්ලයි එක තමා ඔය " ඉතින් මගේනේ " වයිබ් එකේ හිනාව....

" මගේ ළමයා මොනා කරගෙනද දන්නැ පොඩි මෑන්ස්... බලලා එන්නම් මම...... මේ ඔය මූඩ් ගහන් ඉන්න හාදයා!! මෙ අපි කැපුනා ඒනම්... " ගවීෂ් නම් එයා එක්ක කතා කලාට , ඩියෝන් ග්ලාස් එක හිස් කරන ගමන් ඔහේ බලන් ඉදියා විතරයි කියලා තේරිලා තිබුන නිසාමදෝ අවිනාශ් කිව්වේ ඩියෝන්ගේ පිටට තට්ටුවක් දාලාම මාරු වෙන ගමන්... එයාගේ ග්ලාස් එක අතට ගත්ත ගවීෂ් ඒක දිහා බැලුවෙ තොල් ඇද කරලා... ඩියෝන් නම් දැනටම දෙවෙනි ග්ලාස් එක...පොඩ්ඩක් පුරවගන්නවා වෙනුවට මිනිහා කිසිම පැකිලීමක් නැතුව ග්ලාස් එක සම්පූර්ණයෙන් පුරව ගන්නවා ගවීෂ් බලාගෙන ඉදියේ එයාගේ ග්ලාස් එකේ අඩිය තාමත් එහෙ මෙහෙ හොල්ලන අතරේ..... ඩියෝන්ගේ ඇල්කොහොල් ටොලරන්ස් එක ස්ට්‍රෝන්ග් තමයි..!! ඒත් , ගවීෂ් බ්‍රැන්ඩි බෝතලේ තමන්ගේ පැත්තට උදුරලා ගත්තේ ඩියෝන්ට සැර බැල්මක් දීගෙන......

" මොකො දැන් බොන්නද ඕන ? " ගවීෂ් ඇහුවේ ඩියෝන් ඔළුව වනද්දි....

" බිව්වම හරියනවද ඔක්කොම ? "

" දන්නෙ නැති මගුල් කියවන්න එපා.." ඩියෝන් කඩන් පැන්නේ ගවීෂ් මුකුත්ම නොකිය නිශ්ශබ්ද වෙද්දි..

" මට ඉදියේ එච්චරයි..." ඩියෝන්ම ටික වෙලාවකින් කිව්වේ ඊළග උගුරත් හිස් කරලා... එයා එහෙමම නළල කවුන්ට එක උඩින් තියාගත්තේ ලොකු හුස්මක් එක්ක....

" ඉතින් උබ දැන් කිව්වේ කෝමත් ඕවා සිරා කරන්නෑ කියලා ??? " ගවීෂ් සන්සුන්ව ඇහුවේ ඩියෝන්ගේ කේන්තියෙන් රතු වුන ඇස් ගවීෂ් දිහාවට එල්ල වෙද්දි... ඒ ඇස්වලින් කියවුනේ ඩියොන්ගෙ උදාන වාක්‍ය දෙක.. මරනවා !! ඔව්, ගවීෂ් ඉක්මනට කට පියාගත්තේ ඩියෝන්ගේ උත්තරෙ ඇස්වලින් පැහැදිලිව පේන්න තිබ්බ නිසා... ඒත්, ටික වෙලාවක් එහෙමම බලාගෙන ඉදපු ඩියෝන්ගේ ඇස්වල කදුළු පිරුනේ ගවීෂ්ට හිතාගන්න බැරි වේගෙකින්... ගවීෂ් ග්ලාස් එක එහෙමම පැත්තකින් තිබ්බේ , ඩියෝන්ගේ උරහිසෙන් අල්ලගෙන එයාව කෙලින් කරගන්න අතරේ.....

" මං ඔයාව ඩිසපොයින්ට් කළාද ? " ඩියෝන් ඇහුවේ ගවීෂ්ගේ ටී ෂර්ට් එකෙන් අල්ලගෙන.....

" මං ගැන කළකිරුනාද ?.  " ඩියෝන් ආපහු ඇහුවේ ගවීෂ් උත්තර දෙන්නත් කලින්.... ඒ ප්‍රශ්නේ සෑහෙන බැරෑරුම්... ඩියෝන් ඒක අහපු විදියත් බැරෑරුම්, එයාගේ ඔළුවේ තිබ්බ පීඩනයත් බැරෑරුම්.....

" ඩියෝන් අහපන්...."

" දැන් එහෙම දෙයක් නෑ.... කෝමටත් මේ බොට්ල් එක ඉවර වෙද්දි සේරම අමතක වෙලා තියෙයි මට..." ඩියෝන් කිව්වේ ගවීෂ්ව අතඇරලා , තව බ්‍රැන්ඩි ග්ලාස් එකක්ම පුරවගන්න අතරේ....

" මගේ ප්‍රශ්නේ තියෙන්නෙ උබ ඔය හිතන තැන නම් නෙවේ ඩියෝන් ......" ගවීෂ් තදින් කිව්වේ ඩියෝන්ගේ අතින් ග්ලාස් එක උදුරලලා අරන් පැත්තකින් තියලා.....

"ඒ කිව්වෙ...... ඔයාට කමක් නැද්ද ...... මං.... මමත්.... " ඩියෝන් වචන ඇහිලුවෙ දැනටම මත් ගතියෙන්.....

" උබට විස්සක්... උබ හිතන විදිය, උබ බලාපොරොත්තු වෙන විදිය අර පොඩි එකාට වඩා ගොඩක් වෙනස්.... ඒකට කමක් නෑ , ආදරේට වයස අව්ලක් නැ බ්ලාහ් බ්ලාහ්..... කෝම හරි ආදරේ කරනවා කියන මයින්ඩ් එකෙන් නම් උබ ඉන්නේ.... කොල්ලගෙන් පැත්තට වුන එකමයි හොද....." 

" මම ඕන නැති විදියට ළං වෙල නැ ගවීෂ් අය්යේ....! "

" කෝමටත් එයා පොඩියි..."

" අමතක නෑ..."

" ඇයි එහෙනම් එයාට දැනෙන්න දුන්නේ ? " ගවීෂ් තදින් ඇහුවේ ඩියෝන් ටිකකට නිශ්ශබ්ද වෙද්දි.... එයා ග්ලාස් එකට ඇගිල්ලෙන් ඇනපු විදියත් ගවීෂ් බලාගෙන... බුදු අම්මේ මුන්ගේ කෝලං...!!

" ඇඹරෙන්නැතුව කියපන්... උබට මට කියන්න බැරි දෙයක් නැනෙ ?? "  ගවීෂ් යන්තන් හිනා වෙලා සැහැල්ලුවෙන් ඇහුවේ, ඩියෝන් ග්ලාස් එක අත් දෙකෙන්ම අල්ලගෙන කතාව පටන් ගනිද්දි....

" එයා තමා කන්ෆෙස් කළේ......" ඩියෝන් සද්දෙ අඩු කරලා කිව්වේ , ගවීෂ් නිවී සැනසිල්ලේ කටට ගත්ත බ්‍රැන්ඩි උගුර කටින් විසි වෙද්දි.... මොකක් කියලාද මූ ඒ කිව්වේ ? !! නහයෙනුත් ආපු බ්‍රැන්ඩි නිසා දවල් තරු පෙනිලා ඉදපු ගවීෂ් , ඇස්වල දැවිල්ලට මතුවුන කදුළු අතරින්ම ඩියෝන් දිහා බැලුවේ කැහැ කැහැ.... අර පොඩි එකා ??? මුට ??? ගවීෂ් ඒක කොහොමටවත් විශ්වාස නොකරපු බව තේරුන ඩියෝන්, එහෙමම එයාගේ ෆෝන් එක ගවීෂ් අතට දුන්නේ අන්ලොක් කරලා.....

"  ඩැම්න්...!!" ගවීෂ්ට කියවුනේ වෝල්පේපර් එක දැක්ක ඇසිල්ලෙමයි... ඩියෝන්ගේ බයික් එක.... කොහේ හරි කමක් නෑ බිම පාර වැහෙන්නම තිබුනේ මල් පියලි..... සනෝශ්, කකුලේ ඇගිලි තුඩුවලින් ඉස්සිලා ඩියෝන්ගේ කම්මුල කිස් කරන ෆොටො එක.... ගවීෂ් ෆෝන් එක අතේ තියාගෙනම , තාම ෆොටො එකට එබිලා ඒක දිහා බලන් ඉන්න ඩියෝන් දිහා බැලුවේ සන්සුන් හිනාවක් එක්ක.... 

" කවුද කැප්ච කලේ   ? "

" අහ්... තනෝශ්... බ්ලූමින් සීසන් එක පටන් ගත්ත විතරයි...." ඩියෝන් උත්තර දුන්නේ ගවීෂ් ආයේ ෆොටො එක දිහා බලලා යන්තන් හිනාවෙද්දි.... ඒක ඇත්තටම හිත පිරෙන විදියේ දෙයක්...  ඒත් ඊට වඩා හිත පිරෙන හැගීම තිබ්බේ ඩියෝන් පරිස්සමට ෆෝන් එක අතට ගනිද්දි හිනා වෙනකොට.... ඉදියට වඩා සෑහෙන පරිණත වෙලා තමයි... ගවීෂ් මුකුත්ම නොකිය ඩියොන්ගේ කොණ්ඩේ ඇවිස්සුවේ ඒ කල්පනාවෙන්මයි.... ඩියෝන් පොඩි එකෙක් කියලා ගවීෂ්ට මේම දැනෙන්නේ එහෙමත් වෙලාවක විතරයි ...

" ඊට පස්සේ ? "

"ඒක දිග කතාවක්.. දැන් ඉවරයි.... කෝමටත් ආශාක්‍යසිංහලාට එයාව නැතුව බෑ..."

" ඇයි වේඝර්ණලාටත් උබව ඕන්නැ කියල තියෙද ? " ගවීෂ් ඇහුවේ ඩියෝන් නිශ්ශබ්ද වෙද්දි....

" ඩියෝන් ..." ගවීෂ් ආයේ කතා කළේ , එයාගේ ග්ලාස් එක දෙවෙනි සැරේට ෆිල් කරගෙන....

" ම් ? "

" එයා රිලේශන්ශිප් එකකට පොඩියි කියලා හිතෙන්නෙ නැද්ද තාම ?  " ගවීෂ් අවංකවම ඇහුවෙ ඩියෝන් උත්තර නොදි ග්ලාස් එක දිහා බලද්දි....

" එයාට වෙලාව ඕන කිව්වා....." ඩියෝන් මිමිණුවේ සන්සුන්ව...

"මොකටද ? එහෙම කිව්වද එයා ? " ගවීෂ් ඇහුවේ ඩියෝන් ඔළුව වනද්දි...

" හ්ම්... එයා වයසට වඩා හරි සිරියස් අය්යේ... ඒත්..... අතින් අල්ලගන්නත් බයයි... චුට්ටක් කේන්ති ගස්ස්ලා පැටලෙන්න එනකොට මූණම රතු වෙනකන් කිස් කරන්න හිතෙනවා මට..... ඒ වෙලාවට මම එතනින් දුවලා එනවා...මම කොහෙන් නවතියිද කියල මට බයයි.... "

" උබට ඉවසිම තියෙනවද ? "

" ඔව්..! "

" එහෙනම් අවුරුදු පහක් ඉවසපන්...! " ගවීෂ් අන්තිම තීරණේ දුන්නේ ඩියෝන්ගේ ග්ලාස් එක ආයේ ඌ දිහාවට තල්ලු කරලා.... ඩියෝන්  සමච්චලෙට හිනාඋනේ ග්ලාස් එක පුරවගන්න අතරෙ.... බලාපොරොත්තු විරහිත හිනාවක් ඒක....

" මොකද උබ ඔහොම හිනා වෙන්නේ.... ? "

" එයාම කිව්වා,  ඒක ඉවරයි..... "

" ඒත්--

" එයා මට වඩා උබට ආදරෙයි අය්යේ...." ඩියෝන් යන්‍තන් හිනා වෙලා කිව්වේ ගවීෂ් නළල රැලි කරද්දි....ඩියෝන් ඒක කිව්වේ හරියට සෑහෙන ආඩම්බරයකින් වගේ....

" මම කැමතියි උබලා හැමෝම ආශදි වගේ හිතනවා නම්... මොකද අනිත් හැමදේම අතඇරලා ආදරේම විතරක් තොරගන්න හැමෝටම ගට් එකක් නැ.... මටවත් නැ...... "

"  අනිත් උන් වගේ නෙවෙ කිව්වනේ මම..."

" කවුද උබට ඕවා ඉහට ගන්න ඉගැන්නුවේ ? " ගවීෂ් තදින් ඇහුවේ ඩියෝන් දැනටම ඉන්නේ හොදටම විකාර කියවන මත් ගතියෙන් නිසා....

" නෑ , මම කීයටවත් ඔයාගේ බලාපොරොත්තු කඩන්නැ...!"

" පුහ්......උබ මගේ බලාපොරොත්තු කඩන්නේ , අවුරුදු පහක් ගිහින් උබට කොල්ලගේ කැමැත්ත ගන්න බැරි උනොත් තමයි.... " ගවීෂ් නෝන්ඩියට කිව්වේ ඩියෝන්ගේ ග්ලාස් එක ආයේ ෆිල් කරලා , දීලා....

" එයා වෙනස් වෙයි... " ඩියෝන් මිමිණුවේ එක හුස්මට ග්ලාස් එක හිස් කරන ගමන්.... එහෙමම වේදනාවට පපුවත් අල්ලන්, ඩියෝන් කවුන්ට එක උඩින් ඔළුව තියාගත්තේ ගවීෂ් ශේප් එකේ හැරිලා , අරවින්ද් මියුන් දෙන්නා කතාවට අල්ලගෙන තිබ්බ සනෝශ් දිහා බලලා.... එතන වෙනම කතාවක් වගේ... පොඩි එකා නෙවේ ඩියෝන් වගේ ඔහේ කියවන්නෙ... එයා ඉන්නේ කිසිම දෙයක් සිද්ධ නොවුන ගානට අත් දෙක බැදගෙන අරවින්ද් කියන ඒවා අහගෙන... ඒත් ඊළග මොහොතේ හොරෙන් කවුන්ට එක පැත්ත බලපු සනෝශ්ව ගවීෂ්ට අතටම මාට්ටු උනේ ගවීෂ්ගේ කට අයිනේ හිනාවක් යද්දි... ගවීෂ්ට එයාව නෝට් උන බව තේරුන සනෝශ් ගැස්සුනේ ගවීෂ් බලාගෙන ඉද්දිම.... ඒත් පොඩි එකා දැනටම සෑහෙන මුරණ්ඩුයි.... එයා බැලුවේ වෙන දිහාවක් වගේ සනෝශ් අහක බලාගත්තේ ගවීෂ් යටි තොල හපාගෙනම තව බ්‍රැන්ඩි උගුරක් උගුරෙන් පහළට යවද්දි..... නරකම නෑ !!

"  වෙනස් නොවෙන්නත් පුළුවන් ..... " ගවීෂ් උත්තර දුන්නේ සනොශ් අහක බලාගත්ත විදියට කට අයිනෙන් හිනා වෙලා....

" ම්‍ර්ප්....." ඩියෝන් මත් ගතියෙන් කටින් සද්දයක් දැම්මේ ඔළුව උස්සන්නවත් කරදර නොවී....

" හැබැයි දැන්ම කියන්නම්, දැනටම මේම නම් අවුරුදු පහකින් උබට ලේසි නම් වෙන්නැ පුතෝ.... " ගවීෂ් යන්තන් හිනාවෙලා කිව්වේ ඩියෝන්ගේ පිටට තට්ටුවක් දාලා කිව්වේ, ග්ලාස් එකත් අරන් ආයේ කවුන්ට එක පැත්තට හැරිලා.....

" මගේ පපුව පැලෙයිද ගවීසය්යේ ? " ඩියෝන් උගේ බඩට අත තියන් කියවන්නේ සිහියෙන් නෙවේ....

" අපේ අප්පේ, උබේ පපුව බඩට ආවද ඩියොන් ? "

" පපුව බුරු බුරු ගානවානේ.... හතර කඩකට පැලිලාද කොහේ ගවීස්සය්යේ......" ඩියෝන් බඩට අත තියන් ඔහේ කියවනවා.... ගවීෂ් කොල්ලගේ කොණ්ඩේ ඇවිස්සුවේ මුකුත්ම නොකිය... අවුරුදු පහකින් ඉන්න සනෝශ් නම් උබ ගාවට ඇවිත් හාච්චියක් දීලා යාළුවෙයි කියලා හිතෙනව නම් උබට වැරදිලා කොල්ලො...... අම්බානෙක කට්ටක් කන්න වෙයි උබට...ඔන්න ලැජ්ජ කරන්න නම් එපා ඔශිව් ඩියෝන් වේඝර්ණාරච්චි....!! ගවීෂ් හිතින් ම්මිණුවේ ග්ලාස් එක උස්සලා ඩියෝන්ට චියර් එකක් දෙන අතරේ.....

" රහසක් කියන්නද ?" ඩියෝන් කවුන්ට එකෙන් ඔළුව උස්සන්නැතුවම ඇහුවේ දබර ඇගිල්ල අරගෙන එයාගෙම කම්මුලට තියන් ඉස්කුරුප්පු නියනක් වගේ කරකව කව හිනා වෙලා.....

" ඒ පාර මොකො ? "

" ඇස්වලට බෑනේ බොරු කරන්න.. " ඩියෝන් කිව්වේ සෑහෙන විශ්වාසෙන්....

" ඉතින් ? " ගවීෂ් ඇහුවේ ග්ලාස් එක ආයේ ෆිල් කරගන්න අතරෙ.....වැරදි බෝතලේ මිනිහටත් අහුවුනේ.. ඌත් දීලා අරිනවා පාඩුවේ.... ගවීෂ් ඉන්නේ දැන් ටිකෙන් ටික ගුරුත්වාකර්ෂණ කලාපෙන් මිදෙමින් ....කෝමටත් වැනිලා ෆ්ලේවර්ඩ් නැපෝ කියන්නේ ගවීෂ්ගේත් ආගමක්....!!

" ඒ ඇස්වල නිල් පාට අතුරුදහන් වෙන දවසක් ආවොත්......... එදාට....එදාට මම අමුවෙන්ම පපුව පලාගන්නවා.." ඩියෝන් ඔහේ කියෙව්වේ අත මිට මොළවලා බඩට තියාගෙන තද කරගෙන..... ගවීෂ් කොල්ලගේ බඩේ තිබ්බ අත අරන් පපුව උඩින් තියල හරි ගැස්සුවේ සෑහෙන උනන්දුවෙන්....

" ඔව්..... අමුවෙන්ම පපුව පලාගන්නවා..." ඩියෝන් කැඩිලා බිදිලා ගිය හඩින් ආයෙම රිපීට් කළේ ගවීෂ්ගේ අතෙ තිබ්බ ග්ලාස් එකත් කොල්ලකන අතරේ...... ඒත් ගවීෂ් එයාගෙ ග්ලාස් එක අතඅරින්න ලෑස්ති නැ.....

" චැලන්ජ් කරනවද ? " ඩියෝන් ඇස් හීනි කරලා ඇහුවේ බාගෙට වැනි වැනිම බ්‍රැන්ඩි බෝතලේ අරගන්න අතරෙ... ගවීෂ්ගෙයි , එයාගෙයි ග්ලාසස් දෙක ආයේ පුරවපු ඩියෝන් ග්ලාස් එක ඉස්සුවේ ගවීෂ්නුත් දැනටම දෙකක් වෙලා පේන ඩියෝන්ගේ ග්ලස් එකට චියර්ස් ගහන්න ග්ලාස් එක උස්සද්දි.... ඩියෝන්ට පොඩ්ඩක් ඉන්න කියලා සන් කරපු ගවීෂ් , ලෙවින්ට මිස්ඩ්කෝල් එකක් තියල ආයේ ඩියෝන් දිහාවට හැරුනේ එකට පටන් ගන්න උනාට, ඩියෝන් ඒ වෙද්දිත් ඊළග එක පුරවන් අහවරයි.... වේඝර්ණ මැන්ශන් එකේ වගකිවයුතු එක සහ දෙක දෙන්නෙම බ්‍රැන්ඩි වීදුරුව හිස් කළේ ගවීෂ් ආයෙම වතාවක් ග්ලාසස් අයිස්වලින් ෆිල් කරලා බ්‍රැන්ඩිවලින් පුරවද්දි... තුන් වෙනි වටේත් පුරුදු විදියට ඇදිලා ගියේ ගවීෂ් හතර වෙනි වතාවට අභිමානෙන් පුරවන්න ගියපු ග්ලාස් එක එක සැරේම කවුරුහරි පැහැර ගනිද්දි....

" හහ් හා.... හූ.....හොද වැඩේ...." ගවීෂ්ට ඇගිල්ල දික් කර හිනා වුන ඩියෝන් ආයේ කවුන්ට එක උඩින් ඔලුව තියාගත්තේ ටිකෙන් ටික හිනාව අතුරුදහන්වෙල ඩියෝන් සන්සුන්ව ඇස් පියාගනිද්දි.... කොල්ලා ඩවුන්.... ගවීෂ් ඒකට හිනා උනේ ඩියෝන්ට නෝන්ඩි හිනාවක් දීලා.... ඊළගට ගවීෂ්ගේ අමනාපෙන් පිරුන ඇස් එල්ල උනේ එයාගේ ග්ලාස් එක උදුරගත්ත කෙනා දිහාවට.....

" මෙහේ දියන්...." ,ගවීෂ් කිව්වේ එයගේ ග්ලාස් එක තියන් ඉදිය මියුන්ට... මියුන් ඒක අහපු නැති නිසාම ගවීෂ් නැගිටලා ග්ල්ස් එක උදුරගත්තේ කොල්ලවත් අතින් ඇදලා අරන් එහා පැත්තේ ස්ටූල් එකෙන් වාඩි කරවන්... ගවීෂ් ග්ලාස් එක පැත්තකින් තියලා මියුන් එක්ක හිනා උනේ, සෑහෙනම වෙනස් විදියකට... මියුන්ගේ කොළ පාට ඇස් ඊට නොදෙවෙනි අභියෝගයකින් ගවීෂ් දිහාවට එල්ල වෙලා තිබුනා තමයි.... ගවීෂ්ගේ කවදාවත් නැතුව එක දිගට එල්ල වෙලා තිබ්බ ස්ටෙයා එක නිසාමදෝ අන්තිමේ ගිවප් කරපු මියුන්, ඉස්සරහ බලාගත්තේ ගවීෂ් තමන්ගෙම නළලට වැටිලා තිබ්බ කොණ්ඩේ ආයෙමත් බෑන්ඩ් එකෙන් උඩට කරලා ගැට ගහගනිද්දි.... කොණ්ඩේ උඩට ටයි කරගත්තම ගවීෂ්ට කොහොමත් ආවේ සෑහෙන මැචුවර්ඩ් වගේම සිරියස් ලුක් එකක්....

" මීට පස්සේ මට නොකිය යන්නෙපා කොහෙවත්... " ගවීෂ් තදින් කිව්වේ මියුන් එකපාරක් ඔළුව වනලා , ආයේම ගවීෂ් අතේ තිබ්බ ග්ලාස් එක ගන්න අත දික් කරද්දි.... මියුන්ට ග්ලාස් එක රීච් කරන්න ඉඩ නොතියපු ගවීෂ් , ඒ අත තද කරල අල්ල ගත්තේ එයාම ග්ලාස් එක පැත්තකින් තියලා......

" මට වෙලාසන යන්න වෙනවා.... පේනවනේ අර... " ගවීෂ් කිව්වේ , දැනටම කවුන්ට එකට ඔළුව තියන් නිදාගෙන ඉදපු ඩියෝන්ව ඉගි කරලා....

" ම්.. "

" ඇයි දැන් ? " ගවීෂ් මිමිණුවේ මියුන්ගේ අත මහපටගිල්ලෙන් පිරිමදින අතර... එච්චර මූඩ් හොද නැනෙ ඉතින්..... 

" මාස්ට ගවීෂ් ... ඔහ්.. මට සමාවෙන්න......."

" අහ් ලෙවින්..." මියුන්ගේ අත අතාරින්න්නේ නැතුවම , ගවීෂ් මිමිණුවේ ලෙවින් දැන් දැකපු මියුන්ට ආචාර කරද්දි.... ලෙවින්ගෙ හැටියට කඩන් පනින එක නම් හරිම සාමාන්‍යයයි... ඒ වුනාට , කොහොමටත් හැම යොරෙල් කෙනෙක්ටම උත්තරීතර මුහුම් වංශකයා ගැන තිබුනේ සෑහෙන පූජනිය විදියක ගෞරවයක්.... ලෙවින් මේ බලන් ඉන්නේ මියුන්ගේ කොළ ඇස් දිහා වෙන්න ඕන.... හරියට පොඩි එකෙක්, හද බලනවා වගේ... ඔව් ඉතින්, බර්ඩ්‍රොමිඩා කෙනෙක්ගේ ඇස්, හිටිගමන් සිරුරෙන් එන දිලිසුම යොරෙල් කෙනෙක්ට මැජික් වගේ වෙන්නම එපැයි.... ගවීෂ් දැන් දෙතුන් පාරක්ම ලෙවින් බලන් ඉදපු විදියට රැව්වට මොකද කොල්ලා නම් ඒක දැකපු පාටක් නෑ...

" ලෙවින්! " ගවීෂ් තදින් කතා කළේ කොල්ලා ගැස්සිල යද්දි....

" මාස්ට ගවීෂ් ? "

" ඩියෝන්ව ගන්න... " ගවීෂ් කමාන්ඩ් කළේ ලෙවින් ඉක්මනට ඔළුව වනද්දි... ලෙවීන් ඩියෝන්ව වත්තම් කරගනිද්දි, ගවීෂ් ආයේ මියුන් දිහාවට හැරුනේ කොල්ලගේ අත රිලීස් කරන අතරේ....

" මං ගියා එහෙනම්.. " ගවීෂ් කට අයිනෙන් හිනා වෙලා කිව්වේ සාක්කුවට අත් ඔබන් නැගිටින අතරේ.... එහෙමම පහත් වෙලා මියුන්ගෙ, කම්මුල් උඩින් කිස් එකක් තියපු ගවීෂ් ලෙවින්ට එළියට එන්න කියලා සන් කළේ සාක්කුවට අත් ඔබාගෙනමයි.....

" මාත් එන්නම්..." මියුන් මිමිණුවේ ගවීෂ්ව අල්ලගන්න අතරේ.... හෙනම සිහියෙන් වගේ ඉදියට මොකද ගවීෂ් ඉන්නෙත් , කෙලින් අඩි දෙක තුනක් තියාගන්න බැරි මත් ගතියකින් තමයි....  ටයිඩ්‍රැක්ස් එකෙන් එළියට යනකන්ම ගවීෂ්ව එක්කන් ආපු මියුන් කොල්ලව හෙමින් අත ඇරියේ ලෙවීන් ඩියෝන්ව නම් වාහනේට ඔබාගනිද්දි.....ගවීෂ්ව වාහනේ ගාවට ගෙනාපු මියුන් , ආයේ ගවීෂ්ගේ මූණට වැටිලා තිබ්බ කොණ්ඩ කැරල්ල ඇල්ලුවේ ගවීෂ් මියුන්ගේ අත තදින් අල්ලලා එහාට කරද්දි....

" උබ දැන් මොකටද මෙතනට ආවේ ? පාඩුවෙ ගෙදර පලයන්......." ගවීෂ්  ඒ මියුන්ට සැර කළෙ එයාව එහාටත් තල්ලු කරලා.... ගවීෂ්ගේ අඩ මත් ගතියක් තිබ්බ ඇස්වල තිබ්බ අමුතුම නපුරුකම කියවගත්ත මියුනුත් ටික වෙලාවක් ගවීෂ් දිහා බලාගෙන ඉදියේ ඊට නොදෙවෙනි බැල්මකින්..... ඒත් ඊළග විනාඩියේ මියුන් එහෙමම මුකුත් නොකිය ගවීෂ්ව අතඇරලා ගිය විදිය ලෙවින් බලාගෙන ඉදියේ ඇස්පිය ගහන්නැතුව...

" අපේ අනිත් අයව බලන්න ටික දෙනෙක් තියන්න ලෙවීන්.... අහ්,  මට හෙට තියෙන වැඩ ටික කියන්න... " ගවීෂ් ඒ කා එකට හේත්තුවෙලා ඇස් පියාගෙන මිමිණුවේ මහන්සියට බෙල්ල අතගාගන්න අතරේ...

" හෙට හවස ඩ්‍රොප් සෝන් ඩීලර්ස්ලා එක්ක... අර මර්ඩර් කේස් එකේ-- "

" හෙට හවස ? ඇයි උදේ නෙවේද  "

" එයාලා හවසට ඇජස්ට් කළේ මාස්ට ගවීෂ්...."

" උන්ට ඕන වෙලාවටද මං එතනට යන්න ඕන...!!  "

" මාස්ට ගවීෂ්ට කේන්ති ගිහින් ඉන්නේ.... "

"හවසනේ එන්න කියන්නේ !! මම යන්නේ රෑට.. රෑ වෙනකන් එකෙක්ට හෙළවෙන්න දෙන්න එපා එතනින්... "

"ගොට් ඉට් මාස්ට ගවීෂ්.... "

" සෙල්ලම් කරන්න තියගත්තොත් දිගටම කරයි... පළවෙනි පාරින්ම දැනගන්න ඕන මාත් එක්ක ඉන්න ඕන විදිය...! "

" මාස්ට ගවීෂ් ඩ්‍රින්ක්ස් ගත්තද ? " ලෙවින් ඇහුවේ ගවීෂ් දිහාවට එඹිලා...

" උබට මොකටද ඒක ? "

" මාස්ට ගවීෂ් හරි සැරයි ඩ්‍රින්ක්ස් ගත්තම... අර බැන්නත් එක්ක......."

" උබට මටවත් නැති අමාරුවක්නේ අයිසේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් ගැන ! " ගවීෂ් පිපුරුවේ ලෙවීන් ඒ සැරේ නම් කට පියාගනිද්දි.... ලෙවින්ට කැගැහුවට මොකද කොල්ලා බිම බලන් පස්සට උන විදියටම ගවීෂ්ගේ හිත උණු වෙලා ඉවරයි.... දවසෙම අහෙ මෙහෙ දුවල එයත් මහන්සි වෙලානේ ඉන්නේ....

" මීට පස්සේ මං ඩ්‍රින්ක්ස් ගත්ත වෙලාවට වාද කරන්න එපා ලෙවීන්...."

" තේරුනා මාස්ට ගවීෂ් .."

"  මුකුත් කම්ප්ලේන්ස් නැද්ද  " ගවීෂ් ආයේ ඇහුවේ ලෙවින් නැ කියන්න ඔළුව වනද්දි...

" මුකුත්ම කේසස් නැද්ද ඩවුන් විලේජ්වලවත් ? "

" නෑ මාස්ට ගවීෂ් , බර්ඩ්‍රේන් නෙවෙ ඩ්‍රොමිඩා විලේජ්වලත් කේස් යන්නේ නැහැ නේද ? "

" ඔව්, අරවින්ද්නුත් කිව්වා....එයාලා ප්‍රශ්න හංගනවා වගේත් හිතෙනවා... "

" ඒ කිව්වේ මාස්ට ගවීෂ් ? "

" ඔය කිව්වට සීයට දෙකක්වත් මාස දෙකෙන් මේකට හැඩ ගැහෙන්නේ නෑ ලෙවින්.. එයලා අපිව පිළිගන්නේ නැ..." ගවීෂ් කිව්වේ සන්සුන්ව....

" ඒ එයල මාස්ට ගවීෂ්ව දන්නැති නිසා."

" උබ පැහෙන්නැතුව ඉදපන්..."

" මාස්ට ගවීෂ් තව එක දෙයක්.... ...."

" ඔව් ?"

.
.
.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~


*අනේ හලො 121 ඉදන් ඩිලිට් කරන් යන්න හිතෙනවා... බඩ දගලනවා මට ලව් කරන කැලිවලට..😵‍💫 මම ආදරේ ගැන දන්න ලබ්බක් නැ...ඉතින් මම මවන ඒවා expectationsවලට වඩා වෙනස්ද දන්නැ . Bare it ඇ..🫠

*ටීම් මියුන් සද්දයක් දාන්න...

*ටිම් ගවීෂ් සද්දයක් දාන්න...

Continue Reading

You'll Also Like

3M 193K 103
ဘုန်းပြည့်ချမ်းဟန်ဆိုတာ ချမ်း, တစ်ယောက် တည်းရဲ့အမည်နာမပဲဖြစ်စေရမယ်...။ 1.10.2021 >> 6.2.2022
841 85 5
" මගෙ වස්තුව , ආයෙ පාර වරදින එකක් නැහැ... "
14K 1.9K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
84.5K 15.4K 64
"හැමදාම වගේ මගේ ජීවිතේ මුලින්ම හිටියේ එයා.. අපි විවාහ වුණා.. දරුවෝ එක්ක කාලේ ගත කරා.. සතුටු වුණා.. අදටත් සතුටින් ජීවත් වෙනවා.. ඉස්සරහට යද්දීත් සතුටින...