- Plot 23 -

By Bulbz_D

1M 134K 43.7K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
-123-
- 124-
- 125 -
A/N -

- 122 -

9.8K 1K 1.7K
By Bulbz_D

" බර්ඩ්‍රොමිඩා !! මියුන් !! තවුසේ හරීම !! නරකයි !! "

ගවීෂ් මේ උදේ පාන්දර දෙස් දෙවොල් තියන්නේ , එයාට කියන්නැතුව ඇදෙන් බැහපු බර්ඩ්‍රොමිඩා කොල්ලට... අහුවෙයිනේ කොයි වෙලාවක ඕකවත් මට... එතකොට බහින හැටි තමා බලන් ඉන්නේ මාත්.. ගවීෂ් මූණ නරක් කරන් බලන් ඉදියේ නාලා ඉවර වෙල කොණ්ඩෙත් හොදට පිහිදදා කාමරේට ආපු මියුන් දිහා.... ගවීෂ් බලන් ඉදිය විදිය නිසාම මියුන් නැවතුනේ කෝකටත් මීටරේ පරතරේ තියාගෙන... ඔළුව පිහිදාන එක පැත්තකින් තිබ්බ මියුන් ශේප් එකේ හිනාවක් දැම්මේ ගවීෂ්ගේ පුපුරන්න ආසන්න මූණ දිහා බලන්...

" මගෙ තිමෞර්ය , නැගිට්ටද ඉතින් ? "

" මගේ තිමෞර්ය තොගෙ &#-&## !! " ගවීෂ් ගිනි පිම්බේ මියුන් අවුල මොකක්ද කියලා ප්‍රොසෙස් කරගන්න බැරුව ඇස් පිය ගහද්දි.... එක සැරේ ඩෝං ගිහින්... එහෙමම යන්තන් හිනාවෙලා ආයේ ඇද උඩට නැගපු මියුන් ගවීෂ්ගේ ඇගට උඩින් අතකුත් දාගත්ත්තේ සාමදූත මෝඩ් එකෙන්....

" එහාට පලයන්...!! " ගවීෂ් දෙවෙනි සැරේටත් ගිගිරුවේ මියුන්ව එහාට තල්ලු කරලා.... ආයෙ කන්ෆර්ම්... ඇල්ලුවත් ඩෝං ගාලා පිපිරෙනවා.... ගවීෂ්ව එහෙමම ළගට ඇදලා ගත්ත මියුන් තෙත කොණ්ඩේ කම්මුලේ ඕන කමින්ම ගෑවෙන විදියට ගවීෂ් බෙල්ල අස්සේ මූණ ඔබාගත්තේ පොඩි එකෙක් ගානට....ඒත් ගවීෂ් ආයේ මියුන්ව එහාට තල්ලු කළේ ඒ පරක්කුවට.....

" තිමෞර්ය ?  "

" .................."

" ඇයි මේ තරහා ගිහින් ? " 

"..................."

" තිමෞර්ය ........." මියුන් ආයේ කිව්වේ කොට්ටේ අස්සේ මූණ ඔබන් ඉන්න කොල්ලව එයාගේ පැත්තට හරවගන්න අතරේ.... තියෙන මුරණ්ඩුකමට ආයේ කොට්ටේ අස්සටම මූණ ඔබාගත්ත හැටි !!... ඒ මුරණ්ඩුකම මට්ටු කරන්න ලේසි නැති බව දන්න නිසාම මියුන් කොල්ලගේ ඔළුව අතගෑවේ ගවීෂ් එ සැරේ මියුන්ගේ අතත් ඔළුවෙන් එහාට කරද්දි....

" මොකද කියන්නකො මේ ? "

" මටෝන්නෑ තමුසෙව...."

" තිමෞර්ය ...."

"උබට නං මොකද !!  කිසි ගාණක් නෑනේ...  "

" ම් ? "

" මට තමුසෙව ඇති වෙලා ඉන්නේ ම්හ්...... " ගවීෂ් ආයේ නහයෙන් කැගැහුවේ ඉණෙන් පහල තිබ්බ බ්ලැන්කට් එක යන්තන් උඩට ඇදල අරන්....ඒත් මියුන් බ්ලැන්කට් එක එහාටත් තල්ලු කරලා ආයේ ගවීෂ්ගේ දාඩියට ඇලෙන ඇග උඩින්ම අතත් දාගත්තේ හොදට හරි බරි ගැහිලා ඇස් පියාගෙන...

" අමාරුද ? "

" නැ , හරි සනීපයි !! " ගවීෂ් ගිනි පිම්බේ මියුන් උත්තරය විදියට තව තදට කොල්ලව බදාගනිද්දි... එහෙමම ගවීෂ්ගේ දිග කොණ්ඩේ අතරින් ඇගිලි යවපු මියුන් , ඒ උඩින් හෙමීට තොල් තද කළේ ගවීෂ් මුරණ්ඩුකමට රවපු එක නොදැක්ක ගානට .. ඇයි ඉතින් දැන් බනින්නද කියහන්කෝ !!! ගවීෂ් හිතුවට වඩා ඉක්මනින් නිශ්ශබ්ද උන නිසාම මියුන් ඉක්මනට ඔළුව උස්සලා බැලුවේ ගවීෂ්ගේ මූණ දිහා... තවදුරටත් එයාට සම්පූර්ණයෙන්ම ගවීෂ් හිතන හැගීම දැනෙන්නෙ නැති නිසාම මියුන් ඒ ගැන ඕනවටත් වඩා පරිස්සම්.. මොකද ගවීෂ් දෙයක් ලේසියට කියන්නැති බව මියුන් හොදටම දන්නවා....

" මම මේම ඉදියට කමක් නැනෙ ? " මියුන් ඒ සැරේ ඇහුවේ ඔළුව උස්සලා.... ඒ කොළ පාට ඇස් දෙකේ තියෙන්නේ අහිංසක ගතියක්...තවමත් ඒවාට ගැස්සෙනවා තමයි ... ඒත් ටිකෙන් ටික ඒකට හුරු වෙනවා කියලා ගවීෂ් දන්නවා.....

" ඇයි නැතුව වෙන කාගේ බෙල්ල අස්සේ හොස්ස ඔබාගන්නද උබ ? !!!.. " ගවීෂ්  ඒකටත් කඩන් පැන්නේ මියුන් කියන්නත් කලින් එයාගේ බෙල්ල අස්සේ මූණ ඔබාගත්ත විදියට.... පොඩි එකාගේ පවර් එක නිකන් ඉදියත් දැනෙන තරමට ප්‍රබලයි....තෙත කොණ්ඩේ බෙල්ලේ වදිනකොට ඇග හිරි වැටෙනවා.... හරි සුවදයි මූ ගාව....!!!

" ම්ම්..ඇග රස්නෙද මන්ද... " මියුන් මිමිණුවේ ගවිෂ්ව බදාගෙන ඉදපු අත එහාට ගන්න කම්මැලිකමට කීප පාරම එයාගේ නළල  ගවීෂ්ගේ බෙල්ලට, කම්මුල්වලට තියලා උණ බලන අතරේ..

" උබට එච්චර ලේසියෙන් මට උණ ගන්නන්න බෑ ...  පුළුවන් නම් කරලා පෙන්නපන් අන්න එදාට--  "

" එදාට මොකක්ද ? " මියුන් ඇහුවේ සැහෙන කම්ෆටබ්ල් විදියට ගවීෂ්ගේ බෙල්ල ඩීප්ලි කිස් කරන අතරෙ... මෙච්චර වෙලා කියවන් ආපු ගවීෂ්නුත් වාක්යේ අතමැදින් නැවැත්තුවේ මියුන්ගේ කිස් එකට ඇස් පියවුන නිසා..... එයා නිකට පොඩ්ඩක් උස්සලා මියුන්ට බෙල්ල පාමුල ඉඩ හදලා දුන්නේ පූස් පැටියෙක් ගානට.....කිස් එක ඩීප් වෙන තරමට ගවීෂ්ගේ ඇස් පිහාටු තද වෙන්නේ අමුතුම සංවේදනයකින්...

" ඇයි මෙච්චර සුවද ? " මියුන් ඇහුවේ ආයේ ගවීෂ්ගේ බෙල්ල පාමුල ඉඹින අතරේ.... එයා කිස් කරනකන් ගවීෂ්ගෙන් නම් උත්තරයක් ලැබෙන්නැති බව දන්න මියුන් එහාට උනේ ගවීෂ්ගේ මූණ දිහාවට එබිල....  කියවන්නේ කොහොමද දැන් පූසා වගේ ඇස් පියන් ඉන්නේ කොහොමද ? මියුන් ආයේ වතාවක් එහෙමම කොල්ලගේ ඔළුව අත ගෑවේ ගවීෂ් හිමින් ඇස් අරිද්දි....... කේන්තිය නම් නිවිලාද කොහේ දැන්.....

" ඇග ටිකක් රස්නෙයි තිමෞර්ය ... " ගවීෂ්ගේ නළල හරහා අත්ල ගෙනියන අතරේ මියුන් ඒ කිව්වේ සිරියස් විදියට....

" ඒම මගුලක් නෑ.... "

" වොශ් දාගන්නවද ? " මියුන් ඇහුවේ ගවීෂ් කම්මැලිකමට බ්ලැන්කට් එක අස්සට රිංගද්දි... නාන්න ඇගසෝදන්න මුගේ මේ තියෙන කම්මැලිකම මොකෝ මියුන් නොදන්නවයැ.....

" බඩගිනියි...."

" ම්....වොශ් දාන් කමු.... "

" මට බෑ !! මං කරන්නේ මටෝන දේ....  " ගවීෂ් කඩන් පැන්නේ මියුන් ඉක්මනින්ම නිශ්ශබ්ද වෙද්දි.... කටින් පිටවෙන මොන වචනේ වැරදිලා ගවීස් බෝම්බේ පුපුරයිද මියුන්ට ශුවර් නැ....

" එහෙනම් මොනවද කරන්න ඕන ? "

" මුකුත් නැ...."

" මුරණ්ඩු වෙන්න එපා තිමෞර්ය...."

" ඇයි ඇයි !!!! මොකද දැන් ?!!! "

" ම්..."  මියුන් නිශ්ශබ්ද වුනේ ගවීෂ්ගේ කේන්තිය කොහෙත්ම විහිළුවක් නෙවේ කියල දන්න නිසා... ඊයේ පෙරේදා දේකම ඕනවට වැඩි උනාද එතකොට ? බර්ත්ඩ්ක දවස ලොකු දෙයක් උනේ නෑ කියමුකො..... එතනින් පස්සේ දවස් දෙකක්ද තුනක්ද... වැඩි----- ද ? ඊයේ නම් එක්කො පොඩ්ඩක් වැඩිද්  මන්ද.... මියුන් ඔළුව කස කස හෙනම ගිල්ටි ගතියෙන් මේ කල්පනා කරන්නේ ඒක....

" ඇදුමක් අරන් දියන්... " ගවීෂ් තව බ්ලැන්කට් එක අස්සට රිංගලාම කිව්වේ මියුන් ආයේ ඇදට ගොඩ වෙනවා බලාගෙන... ගවීෂ්ව බ්ලැන්කට් එකෙන් ඔතාගත්ත මියුන් කොල්ලව කිසිම ගාණක් නැතුව අත් දෙකට උස්සලා ගත්තේ ගවීෂ් යුධ ප්‍රකාශ කරද්දි.... ඉස්සර වගේ නම්බුව ගැන කතා කරන්නේ කොහොමද මගුල!! බර්ඩ්‍රොමිඩා කෙනෙක් මේකා.....

" බිමින් තියපන්...... !!
ලැවරියා මැදට දාපු පැණිපොල් ගුලියක් වගේනේ මු අපහාස කරන්නෙ මේ දැසමන් මලට...!! මියුන් ගවීෂ්ව පැන්ට්‍රිය උඩින්ම පරිස්සමට වාඩි කරවලා අවුල් වෙලා තිබ්බ බ්ලැන්කට් එක ආයෙ ඇජස්ට් කළේ ගවීෂ්ගේ ඇග වැහෙන විදියට.....

" සීතල නැනේ ?" මියුන් ඇහුවේ ගවීෂ් ඊළග එක්ස්කියුස් එක දිගාරින්න කලින්.... ගවීෂ් නැ කියන්න ඔළුව වැනුවේ මූණත් සවුත්තු කරගෙන... මොකද මේ දවස් ටිකම නිකන් එයයි හෝයි කියනවා නම් උම්බෑ කියාගෙන තමයි ගෙවුනේ..... ඉට්සෝකේ ඉට්සෝකේ ගවිස්.... මොකද මේකා පොඩි වැඩි තාම... තව ටිකක් ලොකු උනාමයි ඇට කටු කුඩුව නැතිම උනාම මේ සේරමදල රිටන් එක දෙන්න ඕනේ පොලියත් එක්කම...... දැනට මුට ඔහොම ඔනෙ එකක් කරගන්න දීල  තියෙන්නේ තනිකරම අනුකම්පාවට..... අනුකම්පාව භූමිකම්පාව වෙලා දෙගොඩ පලා ගිහින් තමා කොන්ද නෑ වගේ ෆිලින් එක තියෙන්නේ....

" ඇයි තිමෞර්ය ? " ගවීෂ් කල්පනා කරන්නේ මොනවද කියල හිතාගන්න බැරි උන මියුන් ඇහුවේ යන්තන් පහත්වෙල ගවීෂ්ගේ මූණට එබිලා...ගවීෂ්ගේ දණහිසට උඩින් අත තියන් මියුන් බලන් ඉදියේ උත්තරයක් ලැබෙනකන්... එයාගේ කොළපාට ඇස් දිලිසෙනව...ඒ අත හරහා පැතිරුන අසීමිත ශක්තියට ගවීෂ්ගේ ඇස් නිකන්ම රතු පාට උනේ ඇසිල්ලකින්.... ඒ එක ස්පර්ශය ඇගම උණුසුම් කළේ මෙච්චර වෙලා යන්තමින් හරි ඇගට දැනුන සීතල සම්පූර්ණයෙන් නැති කරලා.... හරියට ඇග වටේ කොට්න් ජර්සි එකක් ඇන්දුව වගේ..... ගවීෂ්ගේ සීතල නැති වෙනකන් ඉදපු මියුන් බ්ලැන්කට් එක උරහිසෙන් පැන්නුවේ කොල්ලට දාඩිය දාන්න කලින්........

" ඒයි !! ඒයි... "

" ඇයි ? "

" යටට මුකුත් ඇදලා නෑ මිනිහො!!!" ..

" ඉතින් ???.  මං විතරනේ ඉන්නේ... " මියුන් ආයේ කිව්වේ ගවීෂ්ට කම්ෆටබ්ල් වෙන්න බ්ලැන්කට් එක හරි ගස්සලා.... ඔව් ඔව්ව් "! ඌ විතරක් ඉන්න එකනේ ප්‍රශ්නේ මෙතන.... ඉස්සර වගේ පොඩ්ඩක් බලෙන් වැඩ කැලි දාලා බේරෙන්නත් බැ අහුවුනොත් ඉන්න එපැයි සද්දේ වහලා ගිරේට අහුවුන පුවක් ගෙඩිය වගේ.....

බෙල්ලේ ඉදන් නේවල් එක හරියටම ගවීෂ්ගේ ඇගෙ පරණ කැළැල් අතරේ හිස්තැන් මකපු පැල්ලම් තනිකරම ආට්වර්ක් එකක් වගේ.....  ගවීෂ්ගේ ටෑන් ස්කින් එකට උඩින් , වදමල් පාටට ඉතිරිවෙල තිබ්බ පැල්ලම් උඩින් ආයේ මහපටගිල්ල අරන් ගිහින් , මියුන් එයා දිහාවට හැරිල තිබ්බ් ගවීෂ්ගේ ඇස් දිහා බැලුවේ එක්තරා විදියක ආඩම්බරකාරී බැල්මකින්....ඒ කොළ පාට ඇස්වලටම ගැළපෙන විදියේ ආඩම්බරකාරී බැල්මේ තියෙන ලස්සනම දේ තමයි මියුන්ගේ සංවේදි හදවත පාවාදෙන කදුළු පටලය.....කදුළු පටලය නිසා, ඒ ඇස් වැඩිපුර එක්ක දිලිසෙනවා....  ආයෙම ගවීෂ්ගේ ඇස් මග ඇරපු මියුන් , එයාගේ වියත ගවීෂ්ගේ වේස්ට් එක හරහා තියලා බැලුවේ සෑහෙන උනන්දුවෙන්....  අහ් හා ! ගවීෂ්ට මොකද අමතක... හැමදාම වියත තියලා ඉණ මැනලා බලන එක මියුන්ගේ හෙනම නොදරු ආසාවක් නෙ.... ආයෙ ගවීෂ්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනේ නෑ , එයාගේ ඇගේ වැඩිපුරම පැල්ලම් ඉතිරි වෙලා තියෙන්නෙත් අනිවාරෙන්ම ඔය හරියෙම තමයි....මියුන් අත තිබ්බත් ඇති ඉතින් කොල්ල ගැස්සිලා යන්න...

" මේ !! කොලං නැතුව.... මොනා හරි හදලා දීපම් ඉතින්......" මියුන් එයාගේ වේස්ට් එක වටේ අත යවද්දි ගවීෂ් වහාම විරෝධය ප්‍රකාශ කළේ මියුන්ව එහාට තල්ලු කරලා...

" මොනවද මගේ තිමෞර්යට ඕනේ ? "

" කන්න යකෝ!! බඩගිනියි මට !!! අඩනව ඔය පාර !!!" ගවීෂ් බෙරිහන් තිබ්බේ , මියුන් ඇස් දෙකත් අකුලගෙන සැබ්සූම් ෆාස්ට් එකෙන් ක්‍රියාත්මක වෙද්දි.... බඩගිනි උනාම මේකා එක්ක ඇලෙන්න ගැලෙන්න යන සැහෙන භයානක බව මියුන් අත්දැකීමෙන් දන්නවා..... ආයේ ගවීෂ් දිහා බලලා රවපු නිසාම අනන් මනන් බඩු ටික අරන් මියුන් ආයේ වැඩේට අවධානේ යොමු කළේ සැහෙන වේගෙකින්....

" කෝ දැනට මේක කන්නකො...." මියුන් ටික වෙලාවකින් ආයේ හැරුනේ, මොනවද අතේ තියන්... මොනාද දන්නැතත් ගවීෂ් කට ඇරපු පරක්කුවට කටට ඔබපු සලාද කොළේ ගවීෂ් හැපුවේ ඇස් ලොකු කරන්...යකු සලාද ??? !!! ඒව මෙච්චර රහෙයි ? ගවීෂ් මේ උඩින් එබුනේ මියුන් සලාද කොළේ අස්සට එබුවේ මොනවද බලාගන්න.... ළූනු, මෙයොනිස්, සලාද... එච්චරයි !! මියුන් දෙවෙනි සැරේටත් ගවීෂ් පැත්තට හැරුනේ ගවීෂ් ඒ සැරේ වේලාසනින්ම කට අරිද්දි.... කෝමටත් ඉන්නේ බඩගිනි ලෙවල් එකේ උපරිමනේ....

" මොනාද හදන්නේ දැන් ?" ගවීෂ් ඒ ඇහුවේ කටේ ඔබාගත්ත සලාද ළූනු මොකක්ද නම දන්නැති ජාතිය අමාරුවෙන් ගිලගෙන....

" ස්පැගති.... "

" මං කන්නැ....  !! " ගවීෂ් උත්තර දුන්නේ  මියුන් සේරම බඩු ටික තියල ආයේ හැරෙද්දි.... පොඩි එකාගේ මූණ දැක්කම හින යන්නත් එනවා....

" ඒක තමා ඇහුවේ මොනද ඕනේ කියලා ?" මියුන් අහුවේ තරහ යන්න ඔන්න මෙන්න තිබ්බ කටහඩකින්.......

" උබව !! . " ගවීෂ් කිසිම ගාණක් නැතුව උත්තර දුන්නේ මියුන් , පැන්ට්‍රියට අත් දෙකෙන් බරදීලා හිටගත්ත විදියට කට අයිනෙන් හිනා වෙන අතරේ.... මියුන්ගේ ඇස් දෙක කොළ පාටින් දිලිසුණ බවත්, එයා ඒ අත් දෙක තිබ්බ සැරේට වීදුරුවල පවා සියුම් කම්පනයක් ගියත් ගවීෂ් නෙවේ එයාගේ මූණේ තියෙන හිතුවක්කාරකම අඩු කරගත්තේ.... බර්ඩ්‍රොමිඩා කෙනෙක් කියල ඒ දාන ගෑස්වල ඒම සැලිලා පුළුවන් ද.....  මියුන්ගෙ කන් අග කේන්තියට තද වෙලා.....

" ආව්..... කෝමල පැටියෝ...? " මියුන්ගේ අතට ඇගිල්ලකින් අනින ගමන් ගවීෂ් මිමිණුවේ වෙන මොකටවත් නෙවේ පාඩුවේ ඉන්න එකාව අවුස්සගන්න.... නිකන් ඉන්න බැරිකමට වගෙ....

" ඇති හරිද..... " මියුන් ඒ ම්මිණුවේ ගවීෂ්ව ඇහුනේ නැති ගාණට , ආයේ ස්පැගති පැකට් එක අතට අරන්....  ගවීෂ් ආයේ කකුලෙන් මියුන්ගේ ඉණට ඇන්නෙත් කට අයිනෙන් හිනාවෙලා...

" තිමෞර්ය .... " මියුන් පළවෙනි පාර වෝන් කළේ ගොඩක් සන්සුන්ව.... ඒත් දෙවෙනි පාරටත් ගවීෂ් කලින් වැඩේම කරද්දි නම් මියුන් රවලා බැලුවේ අන්තිම අනතුරු ඇගවීම විදියට......

" මගේ හප්පුච්චියේ එයාගේ රැවිල්ල !!..  " ගවීෂ් කිව්වේ මියුන්ට ගස්සගෙනම ප්‍රැන්‍ටියෙන් එකෙන් බහින්න හිතන් උනාට මොකද , ගවීෂ් බහින්න කලින් මියුන්ම කොල්ලව ආයේ උස්සලා වාඩි කෙරෙව්වෙ සෑහෙන වේගෙකින්...  ගවීෂ් හිතුවක්කාරකමට දෙවෙනි නොවුන මියුන් , එහෙමම ගවීෂ්ගේ කකුල් දෙක අතරේ ඉඩක් හදාගත්තේ හරිම මුරණ්ඩු විදියට...

" ආව්ශ්...... " ගවීෂ් ක්ෂණිකව බෙරිහන් තිබ්බේ මියුන් ආයෙ තත්පරෙන් ආපස්සට වෙල  සන්සුන් වෙද්දි.... අහ්හ් ! රිදුනා ඒක... ගවීෂ් ඇස් තද කරගත්ත විදියෙන් මියුන් අනුමාන කරගෙන ඉවරයි .... එයා එහෙමම ගවිෂ්ගේ කකුලට අත තියලම කොල්ලව සන්සුන් කෙරෙව්වේ ඉක්මනින්ම මෘදුවුන බැල්මක් එක්ක.... ගවීෂ් කෝමටත් මීයට පිම්බා වගේ සයිලන්ට්... අඩ අදුරේ උනත් කිහිප වතාවක්ම ඒ ලැප්ස් ඕනවට වඩා තදින් එයාගේ ඇග වටේට හිරවුන බව මියුන්ට මතක නැතුව නෙවේ.....

" කිව්වනේ මම එපා කියලා....මං මොනව හරි ගාන්නද ? ම්ම් ? " මියුන් ඇහුවේ ගවීෂ් මුකුත්ම නොකිය එයාගේ උරහිස උඩින් නළල තියාගත්ත විදියට...

" අවුලක් නැ...."

" කොතනද රිදෙන්නේ මෙතන ? මෙහේ ? තව උඩද ? පහළද ? ... මෙතනද ? " මියුන් පිළිවෙලට ඇහුවේ හැමතැනටම පරිස්සමින් අත තියන අතරේ...

" ඇග රස්නෙයි තමයි තිමෞර්ය ... "  මියුන් තුන් වෙනි සැරේටත් කිව්වේ ගවීෂ් , එයාගේ උරහිස වටේ තිබ්බ අත තද කරනවා බලාගෙන ....

" මට උණ නැ...!!! "  ගවීෂ් මුරණ්ඩුකමට මිමිණුවේ මියුන් නිශ්ශබ්ද වෙද්දි... බර්ඩ්‍රේන් කෙනෙක් විදියට කලින් එයාට සාමාන්‍ය උනත්, දැන් මියුන්ගේ ඕර එක දරාගන්න එක  ගවීෂ්ට ලේසි නැ... ඒක සාමාන්‍ය ෆිසිකල් බැදීමකට වඩා එහා ගිය අධ්‍යාත්මික හුවමාරුවක් වෙනකොට කොහොමටවත් නැ.....මියුන් ගවීෂ්ගේ ඔළුව උරහිසට තද කරගෙන පිටහිමින් අතගෑවේ ඒක තේරුම් අරගෙන... මොකද ගවීෂ් එයා වීක් බව දැනෙනවට සැහෙන අකමැති බව මියුන් දන්නවා... ඉතින් එයාට කොච්චර අමාරු උනත් මියුන්ට සිද්ධ වෙනව ඒම නැ වගේ හැසිරෙන්න.....

"සිංදුවක්.....  " ගවීෂ් මිමිණුවේ අත තදින් ගුලි කරගෙන....

" ම්ම් ? " මියුන් ඒ ඇහුවේ ගවීෂ් ඒම කියන්නේ අහන්න ඕනේ සිංදුවත් හිතේ තියාගන බව දන්න නිසා....

" ඕන එකක්... " ගවීෂ් උත්තර දුන්නේ මියුන් ටික වෙලාවක් බලන් ඉදලා ගවීෂ්ව උස්සලා වඩාගනිද්දි.... කොච්චර උනත් මේ වෙලාවෙ මියුන්ගේ ඕරා එකට එයා කොච්චර බැදිලද කියනවා නම් ගවීෂ් කිසිම විරෝධයක් නැතුව මියුන්ට ගුලි උනේ සැනසීමෙන්.... මියුන් අත් දෙකෙන්ම ගවීෂ්ව හරියට වඩාගෙන බ්ලැන්කට් එකත් ඇග වටේ එතුවේ සීතල නොදැනෙන විදියට.... වඩාගත්තට පස්සේ කිසි කතාවක් නැතුව ගුලිඋන විදියට තමයි වැඩියෙන්ම පපුව බරවෙන්නෙ.... එයාගේ උරහිස උඩ තියාගත්ත ගවීෂ්ගේ ඔළුව හිමින් අතගාපු මියුන් යන්තන් හිනා උනේ , සෑහෙන ආඩම්බරකාරකාර හැගීමලින්.....

" කියනවද නැද්ද උබ !! " ගවීෂ් යුධ ප්‍රකාශ කළේ මියුන්ගේ මේ අනං මනංවල පරක්කුවට...

" කියන්නම්.....
ම්ම්ම්........
මේ ප්‍රථම වසන්තයයි......
දිවි අරණේ.... මධු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා.....
මේ ප්‍රථම වසන්තයයි .......

තරු නැඟෙන තුරා නිදිබර අඹරේ
සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ..
මේ -- ප්‍රථම වසන්......... "

මියුන් උගුර හිර වෙන ගතියකින් සිංදුව නැවැත්තුවේ , යන්තමින් එයාගේ පිටට තද උන ගවීෂ්ගේ අත්වලට.. ගවීෂ් කලින්ට වඩා තදින් ඇස් පියාගෙන එයාව බදාගත්ත වව තේරුන ඇසිල්ලෙදිම මියුන් සිංදුව නැවැත්තුවේ , පැකිළීමෙන්..... ප්‍රථම වසන්තය ..... වැඩි දුර නොහිත සිංදුව කියාගෙන ආවට-........ ගවීෂ් හග් එක ටයිට් කළේ නිකන් නොවෙන බව මියුන් දන්නවා... එයා බර හුස්මක් ගත්තේ මියුන් සිංදුව නවත්තපු හේතුව හිතාගන්න බැරුව ගවීෂ් ඔළුව උස්සලා මියුන්ගේ ඇස් එක්ක සමාන්තර කරද්දි.....

" ඇයි නැවතුනේ ? "

" නිකන්..."  මියුන් උත්තර දුන්නේ ගවීෂ්ව බ්ලැන්කට් එකත් එක්කම තව ටයිට් වෙන්න හග් කරගෙන..

" වෙන එකක් කියන්නද තිමෞර්ය ? "

" හා..."

"....ම්ම්........
විතක් මී දෝතට පෙරාගෙන.....
මතක් සේ තුන් යම දරාගෙන.....
සදක් මෙහිවිත් නැවතුනිද කෝමා ..
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා ?.....

මියුන් ස්ලෝ ඩීප් වොයිස් එකෙන් ගවීෂ්ගේ කන ගාවම හිමින් මිමිණුවේ ඒ තාලෙටම පිටට තට්ටු කරන ගමන්.. ඇයි පොඩි ළමයි විතරද නැළවෙන්න ආස ? ගවීෂ් එයාටම රවාගෙන මියුන්ගේ උරහිස උඩින් කම්මුල තියන් ඇස් පියාගත්තේ සැනසිමෙන්.... මියුන් එක තැන ඉදන් නෙවේ මේ කොල්ලව නළවන්නේ.... මියුන් තාමත් තදින් වෙලාගෙන , හෙමින් පිටට තට්ටු කරනවා ගවීෂ්ට දැනෙනවා...

" හිනාවක මගේ නෙත් වෙලාගෙන...
කතාවක මග පටලවාගෙන...
දැහෙන් බිද සිල් රකින්නද කෝමා ?
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා ? "

"රැයෙන් රැය ගෙවි රැයක් අහිමිව..
නුඹේ සුව රැදි යහන සිපගෙන...
තවත් කල් මං දරන්න්ද කෝමා ?
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා ? "

මියුන්ගේ කටහඩ බර වෙලා... එයා ඔළුව අතගාන අතරේම තමන්ගේ නළල තදින් ඉඹපු බව තේරුන ගවීෂ් ඔළුව ඉස්සුවේ මියුන්ගේ කොළපාට ඇස් කෙලින්ම එයා දිහාවට එල්ල වෙද්දි.... එ හග් එක එන්න එන්නම ටයිට් වෙනවා.. හරියට මෙ දැන් අතඇරෙයි වගේ බයෙන්.... මේ දැන් මගඇරෙයි කියන සිතුවිල්ලෙන්.....

දියක් සේ දියඹක සිහිල් පැන්...
දොළක් සේ කතරක අමාරොන්....
නිවව්න් පපුවක තිබුනාද කෝමා ?.....
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා ?..

තමන්ට සෑහෙන ළගින් තිබුන ගවීෂ්ගේ තද රතු පාට ක්‍රිස්ටල් ඇස් දිහා බලන් සින්ග් කරපු මියුන් කොල්ලගේ බෙල්ල පාමුල ආයේ ඉම්බේ පුදුම තරම් පරිස්සමකින්....  මියුන් මුකුත් නොකිය දෙවෙනි වතාවටත් ගවීෂ්ගේ කම්මුල තදින් ඉඹලා කොල්ලව උස්සලා හදාගත්තේ පපුවට තුරුල් කරගන්න අතරෙ.. පුපුරලා යයි ද විශ්වාසයක් නැතුව ගවීෂ් ඇස් තදට පියාගෙන දැනටම සෑහෙන වෙලාවක්...

" මං ඊයෙ රිද්දුව නම්....."

" පුළුවන් ද ඔහොමම ඉදන්  ආදරෙයි කියන්න ? " ගවීෂ් ඇහුවේ ඇහුවේ ඇස් තදට පියාගෙන.....

" තිමෞර්ය ..."

"  ආදරෙයි.... ?? "

"  තිමෞර්ය දන්නවද ?....."

" කියන්න කියන්න උබේ ඔය පණ්ඩිත කතා අහන්න තමයි මම ඉන්නේ..." ගවීෂ් මිමිණුවේ මියුන් යන්තන් හිනා වෙද්දි....

" ආදරේ නිර්වචනය කරන්නේ වචනවලින් නෙවේ තිමෞර්ය... ඒක හිස් තැනක්... හිස් වෙලා තියෙනකන් එක එක විදිවලින් පුරවගන්න බලනවා... ඒත් පුදුම හිතෙන දේ දන්නවද ?

"හ්ම් ? "

" ඒ හිස්තැන පිරෙනකන්ම පිරුනේ කෝමද අපිවත් දන්නේ නැ... කාගෙම හරි නමකින් ඒ හිස්තැන පිරිලා ගියාට පස්සේ අපිවත් දන්නැතුව ඒ නිර්වචනය සදාකාලික වෙනවා.... ආදරේ කියන වචනේ ඇහුනොත් එතනින් පස්සේ මං විශ්වාස කරන්නේ ඒ නිර්වචනේ විතරමයි..... "

" උබ ඔය මට තර්ජනේ කරනවා !" ගවීෂ් මිමුණුවේ මියුන් යන්තන් හිනා වෙද්දි....

" ඔව්, සමහර විට....?  "

" මං දන්නැ.. "

" හිතෙන දේ කියන්නකෝ... "

" මට මුකුත් හිතෙන්නැ... ! "

" තිමෞර්ය .. ඔළුව උස්සන්න.....මගේ දිහා බලන්න.. "

" බැ, කිස් කරන්න එපා මං මූණ හේදුවේ නැනේ... " ගවීෂ් මියුන්ගේ උරහිස අස්සෙම ඔළුව ඔබන් උත්තර දුන්නේ ඒ සැරේ මියුන්ගේ හිනාව පුපුරලා යද්දි...

" ඔහොම කියද්දි නම් -- " එයා කියන්න ගියපු එක නවත්තපු මියුන් ගවීෂ්ව වඩාගෙනම ඉස්සරහ දොර දිහාවට අවධානේ යොමු කළේ , ඒ සද්දේ අදුරගත්ත ගවීෂ්නුත් උරහිසෙන් ඔළුව උස්සද්දි...

" අහ්හ්! බව්වො.... කෝමද ඔහෙට..."  පහළ කොරිඩෝ එකේ ඒ දෝංකාර දුන්නේ  වෙන කාගෙවත් නෙවේ අරවින්ද්ගෙ කටහඩ.... අහ්හ්හ්හ්හ්හ්හ් !!!!!! ගවීෂ් මියුන් දිහා රවලා බැලුවේ මියුන් ටක් ගාලා අහක බලාගනිද්දි..... මේ යකා අදත් දොර ලොක් කරලා නෑනෙ !! ගවීෂ් මියුන්ගේ ඇගෙන් පහළට බහින්න හැදුවට මොකද මියුන් ගවීෂ්ව ඇගට තද කරගත්තේ රවන්නත් අමතක නොකර.... ඔව්, එයාගේ කිසිම කැමැත්තක් නැ ගවීෂ්ව බිමින් තියන්න....

" අවුලක් නැ යකො!! තියපන්...! තිය--  " ගවීෂ් යුධ ප්‍රකාශ කළාට මොකද ඒ වෙද්දිත් අරවින්ද් කඩාගෙන ඇතුළට ඇවිත් ඉවරයි... අරවින්ද් හීක් ගාගෙන හුස්ම උඩට අරගත්ත විදියට ගවීෂ් මූණ මියුන්ගේ අස්සටම ඔබාගත්තේ දැන් නම් නම්බුවේ කැලිවත් හොයන්න බැරි බව දන්න නිසා..... සේරටම වඩා ඇග වටෙ ඔතලා තියෙන බ්ලැන්කට් එක නැත්තන් ඌ සම්පූර්ණයෙන්ම නේක්ඩ් !!!!

"මේ මහ දවලුත් උබලා....----"  අරවින්ද් කිව්වේ එයා හෙන අමාරුවෙන් වඩාගෙන ඉදපු බලු කුක්කාව බිමින් තියන අතරේ.. අහ් හරි සෝක් මුරට තියපු එක්කෙනා.... ගෙදරට අමුත්තෙක් ආවම මෙහෙම වෙන්නැති බව්වගේ අයිතිකාරයා කියල දීලා ඇත්තේ...   මහ රෑ ඇනයක් වෙනවට මියුන් පඩිපෙළ් නගින්න බැරි අසරණයව පහළින් තිබ්බ බව වෙනම කතාවක්....පෆ් පැනගෙන ඇවිත් මියුන්ගෙ කකුල් දෙක වටේ කැරකුනේ වලිගෙන පොළොව අමදින ගමන්.... කකුළුත් ලෙව කාගෙන අරවින්ද්ව ගෙට ගත්ත බව වෙන්නැති දිවත් එළියට දාන් මේ කියනවා ඇත්තේ....

" මය් මණික..... බඩගිනිද ? ම්ම් ? බය්යන් දෙන්නං හාද ? සුලු බුලියා... මේ මොකද මේ හුරතලේ ???? "  මියුන් ඒ ඇදලා පැදලා කතා කළේ නාටු කුක්කාට බව දන්න ගවීෂ් කට ඇද මියුන්ගේ පිටත් අහුවෙන්නම කොනිච්චන ගමන්... නෝස්ලෙප්ට් ඇවිත් හැහ් හැහ් ගගා වටයයි කැරකුනේ , එක්කෙනෙක් බව්වගේ බඩගිනි නිවන්නයි ලැස්තිය... එයා මෙතන පැය බාගෙක විතර ඉදන් බඩගිනියි කියනකොට තමා දාර්ශනික ටෝක් දෙන්නේ හහ්..!.

" මේව බලන්නද යකෝ මම මෙහෙ ආවේ ?"  අරවින්ද් ඇහුවේ එයා දිහා හැරිලා බලපු ගවීෂ්ට පත නෝන්ඩි හිනාවක් දීලා.....

" උබ මේව බලන්න තමා ආවේ !! අශහනකාරයා..." ගවීස්නුත් කැගැහුවේ අරවින්ද්ට කටත් ඇද කරලා...

" අඩෝ නෝ !! දවස් තුනකට කියල  නිවාඩුවක් ගත්ත කොල්ලා නේද මේ ? ආතරයිටිස්වලට ගාන ඒව හරියන එකක් නැද බං ? " අරවින්ද් කම්මුලටත් අත තියන් තාලෙට ඇහුවේ ගවීෂ් ආයෙ ඌ දිහාවට හැරිලා මිඩ්ල් ෆින්ග එක පෙන්නද්දි... මිනිහට නම්බුවක් ඇතුව මෙතනින් බැහැගන්න ඕනේ උනත් මේ දැන් ඉන්න විදියට බහින්න ගිහින් අරවින්ද්ට දහ අට සන්නිය නටන්න වෙන බව ගවීෂ්ට ෂුවර්...බ්ලැන්කට් එක කොහෙන් කොහෙන් එතිලත කියලා ගවීෂ්වත් දන්නැ...

" මියුන් !! ඕකව යවපන්....අසහනකාරී තනිකඩයා....!!" ගවීෂ් කිව්වෙ අරවින්ද් උගේ ගෙදර වගේ කිසි ගාණක් නැතුව ෆ්‍රිජ් එක අරිද්දි.....

" අඩෝ , මේ කූල් වතුර නැද්ද ? කෝ මේකේ අයිස්කැට යකෝ ? අහ්හ්හ්හ්හ්හ් !!  උබල ඒවත් ගත්තද ශිහ්... !! " අරවින්ද් කැගැහුවේ ගවීෂ් හොරෙන් කකා රැට හචිං අරින නිසා මියුන් අයින් කරලා තිබ්බ හිස් අයිස්කියුබ් බ්ලොක් එක පෙන්නල.... දෙය්යාන්දුරුවනේ , ඇහුනද මූ කියපු අසමජ්ජාති කතාව !!! මියුනුත් ඉන්නව හොදට සද්ද නැතුව අහගෙන.. ඇයි යකො නම්බුව !!..

" මේ ගෙදර තව මොනවා , මොනාකාරයෙන් අවභාවිතා වෙලාද දන්නැ ?.... මුතුන් මිත්තන්ගේ කැළඹිලා නැතුවැති නේද ?  " අරවින්ද් තාම ඉවර කරලා නැ......

" මෙන්න මුව එළියට දාපන් යකො.. !! " ගවීෂ් ඒ කිව්වේ එයාව බිමින්වත් නොතිප්ය ලා හිනාවක් එක්ක බලන් ඉදිය මියුන්ට....

"  ඒ වුනාට මේ ගෙදර රස්නෙට බොන්න මොකවත් නැති හැටියක්....අහ් මං මේක පිරෙව්ව, සෝ තැන්ක්ස් මී ලේටර් මියුන්....."  අරවින්ද් කිව්වේ අයිස්කියුබ්ස් බ්ලොක් එකට වතුරත් පුරවල සෙට් වෙන්න ෆ්‍රිජ් එකට ඔබන ගමන්....

" ඇයි ? " මියුන් ඒ ගවීෂ්ගෙන් ඇහුවෙ එයා කොනිත්තපු නිසා...

" මට බඩගිනියි .. " ගවීෂ් මියුන්ට මිමිණුවේ මියුන් බෙල්ල හරවල එයා වඩන් ඉදිය මහ බබා දිහා බලද්දි... ගවීෂ් පහළට ලිස්සන නිසාම ආයේ එයාව උස්සලා හරිගස්ස ගත්ත මියුන් ගවීෂ්ගේ ඔළුව උඩින් කම්මුල තියලා ඇගේ රස්නේ බැලුවේ අත් දෙකම නිදහස් නැති නිසා.... ඒක උණක් නෙවේ , අමුතු රස්නයක්... සමහර විට මියුන්ගේ ඕරා එක එයාට ඕනවටත් වඩා බලගතු නිසා කියලයි ගවීෂ් අනුමාන කළේ...

" මියුන් උබ හරි නෑ හොදෙ.... බඩ ගින්නේ තියලද ...... අහ් මුකුත් නැ හරි... " අරවින්ද් ඉල්ලා අස් කරගත්තේ මියුන්ගේ රැවිල්ලට... ඒත් ගවීෂ්ට තියෙන දැවෙන පස්නෙ අරවින්ද් කවදාවත් නැතුව මේම කටර් එක වගෙ කියවන එක.... ගවීෂ් ඒක ගැන අහන්න කලින් අරවින්ද් කිචන් එකට ඇවිත් ස්පැගති කූරු දෙකක් අරන් කටේ අයිනක ගහගත්තේ අතිශය මොංගල් විදියට.... ආයෙ එහෙමම අත් දිග ෂර්ට් එකේ අත් උඩට රෝල් කරගත්ත අරවින්ද් සින්ක් එක හායි ගාලා ඇරලා අත් සෝදගන්නවා මියුන් , ගවීෂ් ඩබල බලන් ඉදියේ කටත් ඉරක් කරන්.. අද සිහියක නෙවේ මේකා ඉන්නේ......

" දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතු වී හදේ

නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු උම්ම්ම්ම්ම්වාහ්...... "

අරවින්ද් හැන්දටයි, නන්ස්ටික් පෑන් එකටයි, සෝස් බොට්ල් එකටයි මාරුවෙන් මාරුවට කිස් දුන්නේ , ගවීෂ් මූ නම් ආශාක්‍යසිංහ උරුමය නොවෙන ගානට මියුන්ගේ අස්සට ඔළුවට ඔබාගනිද්දි... කෝමටත් උගේ නම්බුවත් ගියා ගගේ..... ගගට උඩින් මේ යන්නේ අරවින්ද්ගේ නම්බුව නේද ? !!!

" බලා හිඳින් හදින්
සදා නොයන් ළඟින්
බලා හිඳින් හදින්
සදා නොයන් ළඟින්
නෙතේ වෙලී හදේ ඇදෙන් ලඳේ .........." අරවින්ද් කෙචප් බොට්ල් එක මයික් එක කරන් සින්ග් කරනව මහ හය්යෙන්..... මිනිහගේ ගිටාර් එක තමා නන්ස්ටික් පෑන් එක....

" දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේඒඒ......... අඩො උබල දෙන්න මොකද මෙතන තාම ? පලයන් පලයන්..... මං මොනාහරි හදන්නම්... හැන්ඩි කොල්ලා අද ගේමේ ඉන්නෙ ගේමේ.... උම්ම්වහ්... කෝමත් හවස ඕපනින් එකනෙ....... "

"මොකද උබට අලුතෙන් කෙල්ලෙක්--- " ගවීෂ්ට කම්ප්ලිට් කරගන්න හම්බුනේ නැත්තේ අරවින්ද් යන්න කිව්ව පරක්කුවටම මියුන් කිසිම කතාවක් නැතුව ගවීෂ්වත් උස්සන් පැත්තකට වෙද්දි.... මෙච්චර වෙලා ගවීෂ්ව මේම තියන් ඉන්න උගේ කිසිම අවුලක් නැති උනාට , අරවින්ද් කඩාපාත් උනාට පස්සේ හිටි ගමන් ගවීෂ්ව කාමරේ අස්සට ගෙනැල්ලා හංගගන්න කොල්ලට මතු වෙලා තිබ්බෙ පුදුම හදිසියක්....

" අරුට අර මොන යකා වැහිලද මන්දා ? " මියුන්ගේ උරහිසට උඩිනුත් ඉස්සිලා අරවින්ද් දිහාවට ඇස් හීනි කරපු ගවීෂ් ඇහුවේ සෑහෙන කුතුහලෙන්....

" ඉස්සෙල්ලා වොශ් දාමු...."

" බෑ.........."

" හවස පාටි එකට ඕමද යන්නේ ? "

" උබ ටිකකට කලින් කිව්ව නේද සුවදයි කියල ? අහ් ? ප්‍රෝඩාවනේ !!" ගවීෂ් ඇහුවේ මියුන්ට කට උත්තර නැති වෙන්න.... කට උත්තර නැති වෙන්න ? ඒ ඌ හිතන් ඉදිය විදිය.. ගවීෂ්ගේ මූණට සන්සුන්ව හිනා උන මියුන් , කොල්ලගේ බෙල්ල ගාව ඉම්බේ සෑහෙන පරිස්සමින්...

"ම්ම්.... සුවදයි තමයි.... තිමෞර්ය ගාව මගේ සුවදයි... කමක් නැද්ද ? " මියුන් ඇහුවේ ගවීෂ් ඒ සැරේ කොහෙන්ද මතුවුන ලැජ්ජාවකට ආයේ මියුන්ගේ උරහිස අස්සේම ඔළුව ගහගනිද්දි.. මූත් කියන්නේ ඕන්නැති කතානේ.....

" යනව එළියට එහෙනම්......" ගවීෂ් ඒ ඕකේ එක දුන්නේ වොශ් දාගන්න.. ඕකේ එක ලැබෙන පරක්කුවට ගවීෂ්ව හරහට හරව ගත්ත මියුන්, කොල්ලව එහෙමම උස්සන් ගිහින් බාත් ටබ් එකේ හාන්සි කෙරෙව්වේ , ගවීෂ් කිසිම විරෝධයක් නැතුව බලන් ඉද්දි... බාත් ටබ් එක ෆිල් වෙනකන් මියුන් එතනම ගැට්ට උඩින් වාඩි උනේ ගවීෂ් දැනටම ඇස් පියාගෙන ඉවර නිසා....

" වැඩි වෙලා වතුරේ ඉන්න එපා.... ඔය නිදිද  ? " මියුන් ඇහුවේ ගවීෂ් දැනටම ඇස් පියාගෙන ඉදිය විදියට   

"  නෑ නෑ..!! වද නොදී යනවකෝ... අර උලමා කිචන් එක ගිනි තියයිද දන්නෑ !! " ගවීෂ් කිව්වේ මියුන්ව එහාට තල්ලු කරලා.....

" හා....."  ඔය මූණ නරක් කරන් නැගිට්ටේ වැඩි කැමැත්තකින් නෙවේ ඉතින්.... මියුන් දොරත් වහන් එළියට ගියා කියලා ෂුවර් කරගත්ත ගවීෂ් කකුල් දෙකෙන්ම වතුර ඇවිස්සුවේ මේ දැන් ෆුට් බෝල් ලෝක කුසලානය ගත්තා වගේ ෆීලින් එකකින්....  අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් !! මියුන් ආඝර්ව ආශාක්‍යසිංහ !!!ස්ජ්ස්ජ්ස්ජ්ජජ්ජ්ස්ජ්ස්ස්ජ්ස්ස්ජ්ස්ජ්ස්සිස්ක්සිස්න්ස්ජ් !!!!!!!

ගවීෂ් අත් දෙකෙන් මූණත් වහගෙන වතුර යටට ගිලුනේ හිතේ හැටියට දගලන අතරේ..... වතුරට බැස්සම කෝමටත් තිබ්බ අමාරු සේරම අමතකයි මිනිහට...... ස්ඝ්ශ්ස්ජ්ශ්හ්ස්ශ් !!! බර්ඩ්‍රොමිඩා මියුන්!!!!!!  හොව්ව්ව් !! අමතක උනා, ඌ එළියේ නේද !! වතුර කැලතෙන සද්දෙයි , උගුර යටින් අමුතු සද්ද දදා මේ කරන විකාරයි සේරම මියුන්ට ඇහෙන බව මතක් උන ගවීෂ් , ආයේ වතුරෙන් උඩ ආවේ අයිස් වගේ සීතල මූණක් එක්ක... නැ  , එහෙම මහ ලොකුවට ෆීල් උන්නැ..  පිස්සුද !! මයිල් ගහක් සැලුනේ නෑ ඕකා නිසා..... ගවීෂ් එයාටම රවාගත්තේ දොර දිහා බලලා ආයේ රවන ගමන්...

ඔව් , අදාළ මනුස්සයා අහන් තමයි ඉන්නේ !! ඕක හිතන්නත් දෙයක්ද ... දොර වැහුවට මොකද මියුන් මේ අත් දෙක බැදන් බිත්තියට හේත්තුවෙලා හිනා වෙන්නේ ඒකට තමයි.... වතුර කැලතෙන සද්දේ අඩුවෙලා ගවීෂ් නිශ්ශබ්ද උනාට පස්සේ තමා මියුන් එතනින් එහාට උනේ... ගවීෂ්ට තනියම ඉන්න දීලා මියුන් ආයේ කිචන් එකට ආවේත් ඔළුව දෙපැත්තට වන වන තනියම හිනා වෙවී.... අහ්හ්, කිචන් එකේ මදිපාඩුවට ඉන්නවා තව තනියම හිනා වෙන එකෙක්.... අරවින්ද් සෝස් බොට්ල් එක උඩ දාලා කරකවලා ඒකත් එක්ක හිනා උන විදිය බලන් ඉදපු මියුන් තොල් කණපිට පෙරලුවේ සෑහෙන ඇන්ටි- රොමැන්ටික් මූඩ් එකකින්... මියුන් එහෙමම ඇවිත්, අරවින්ද් කිචන් එකට කරලා තියෙන විනාසේ බැලුවේ ඇස් හීන් කරගෙන....

" මොනවද මේ හදන්නේ ? "

" උබට මො- අහ් නැ...... " අරවින්ද්ගෙ සද්දේ අඩුවුනේ මියුන් ඇහිබැම උඩ යවද්දි.... අරවින්ද්ගේ මොකක් හරි හොරයක් තියෙනව අද... මියුන් එහෙමම අරවින්ද්ට පිටුපාලා හේත්තු උනේ ඩෝන්ට් කෙයා ගතියෙන්... ඒ ඉස්සර ඉදන්ම ඒ දෙන්නා කතා කරන්න හුරුවෙලා ඉදිය විදිය...කවදාවත් කොහොමටවත් මූණට මූණ බලන් සිරියස් දේවල් කතා කරන සිරිතක් අරවින්ද් - මියුන් දෙන්නගේ තිබ්බේ නැ... කෝමටත් දෙන්නා අතරේ නොබිදුන අයිස් තට්ටුවක් එහෙම් පිටින්ම, තවමත් තිබ්බා.... වෙන ගනුදෙනුවෙක් සිද්ධ උනේ ඒ ග්ලැසියර් තට්ටුව කඩන්නේ නැතුව....

" මොකද කරගත්තේ ඒ පාර ? . " අරවින්ද් සන්සුන්ව ඇහුවේ මියුන් ඒ අත් දෙක බැදන් හේත්තු විදිය නිසා... එයා ෆ්‍රයි වෙන්න තියපු සොසේජ් ටික ළිපෙන් අරගන්න ගමන් අරවින්ද් ආයෙ මියුන් දිහා බැලුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන්.....අහ් නෑ, මියුන්ගේ විදියට එකම දේ තුන් හතර පාරක් අහනකන් කියන්නෑනේ....

" කියපන් බං , මම සිරියස් මූඩ් නෙවේ ඉන්නෙ..." අරවින්ද් කිව්වේ මියුන් හුස්මක් ගත්ත විදිය බලාගෙන.... එක වචනයක්වත් ඌ කිව්වේ නැති උනාට, කරගෙන තියෙන දේ ඒ හුස්ම උනත් කල් තියා කියන්න අරවින්ද්ට හොදට පුළුවන්... ඒ බර හුස්ම කෝමටත් පිටවුනේ එකෙක් වෙනුවෙන් විතරමනේ... අරවින්ද් , ඩිශස් දෙක පැත්තකින් තියලා මියුන්ට ජජ්මන්ටල් ලුක් එකක් දුන්නේ නෝන්ඩියට...

" මොනා හරි කියවුනා ? එහෙමද ?  " අරවින්ද් ඇහුවේ මියුන් ඩෝන්ට් කෙයා ගතියෙන් අහක බලාගනිද්දි.... හරි , මොනවහරි කියවිලා තමයි!!.. අහක බලාගත්ත හැටි !! අහ් ,ලොකුකම කෝමටත් මියුන්ට පිහිටලා තිබ්බේ පොඩි මාත්‍රාවකිනුත් නෙවේනෙ....

" මොකක්ද දැන් ගවීෂ්ට කිව්වෙ ? "

" මට මගේ ප්‍රශ්න තනියම විසදගන්න පුළුවන් ! " මියුන් එයාගේ ජාතික උත්තරේ අරවින්ද්වත් කුපිත කරවගෙන... හැමදාම ප්‍රශ්නයක් උනාම එනවා ඇගේ ඇලෙන්න, ඒක කියන්නේත් නෑ.... ඔහේ හිටගෙන ඉදලා , මට මගේ ප්‍රශ්න තනියම විසදගන්න පුළුවන් යැයි යැයි කියලා යනවා... ඒ ඇවිත් මියුන්ගේ ජාතික ප්‍රතිපත්තිය.... අනික ඌ මේම අරවින්ද්ගේ අස්සට එනව නම් ප්‍රශ්නෙට හේතුව මොකක්ද කියලා අරවින්ද් කලින්ම දන්නවා...

" කොච්චර ආස උනත්, සමහර සිංදු මට ආයේ ජීවිතේට කියන්න බැරි වෙයි...."  

" උබ හොදින්ද ? "

" ඒ වගේ පේනවද ? "

" අනේ මන්ද..." අරවින්ද් උරහිස් ඇකිළුවේ අවිශ්වාසෙන්.....

" ඔය විනිගර්!! " මියුන් හිටි හැටියෙම කිව්වේ අරවින්ද් අතට ගත්ත බෝතලේ උදුරල අරගෙන...

" අඩෝ සෝයා සෝස් නෙවේද ? " අරවින්ද් කන්ෆියුස් සීන් එකේ ඇහුවේ මියුන් උගේ උඩ ඉදන් යටට බලල රවද්දි....දැන් නම් සාධාරණ සැකයක් එනවා අරවින්ද් මේක හැදුවේ මොනවා දාලාද කියලා......

" එහාට යන්න මංම හදන්නම් !!   තිමෞර්ය , බඩගින්නේ ඉන්නේ..."

" ඇයි මං හදන ඒවා කෑවම කැවෙන්නැද්ද උට !! " අරවින්ද් ආපස්සට ඇහුවේ මියුන්ගෙන් හැන්ද උදුරල අරන්...

" මං වෙනම හදනවා!! " මියුන් මුරණ්ඩුකමට උත්තර දුන්නේ , හූඩි එකේ අත් උඩට රෝල් කරගන්න අතරෙ... හහ් !! ඌ ගේමද !! අරවින්ද් ඔක්කොම බඩු ටික පැත්තට කරගත්තේ මියුන්ට අතවත් තියන්න නොදී... අරවින්ද්ට නෝන්ඩියට හිනා උන මියුන් , රයිස්කුකර් එක ඇදලා ගත්තේ අරවින්ද් ඇස් හීන් කරන් බලන් ඉද්දි..... ඊළග තත්පර කිහිපය ඇතුළත කිචන් එකේ නිර්මාණය උනේ ට්‍රෝජන් යුද්ධයක්.... මියුන් බාස්මතී හාල් හෝදන අතරේ ඇස් අයිනෙන් බලන් ඉදියේ අරවින්ද් ෆ්‍රිජ් එකේ තිබ්බ අනිත් බඩු සේරමත් ඇදපු විදිය... ඔව් ඔව්, මිනිහාත් දැන් මේක සුළුවෙන් තකන්නේ නෑ....මෙච්චර වෙලා ගිහිල්ලත් ඌ තාම ස්පැගති සෝස් එක ඉවර නැ.... මියුන් අරවින්ද්ට පේන්නම පිහිය උඩ දැම්මේ , අරවින්ද් ඒකේ රිටන් එකට තක්කාලි ගෙඩි ටික කටින් බෝඩ් එක දිගේ රෝල් කරද්දි....

" චහ්.." මියුන් නෝන්ඩියට හිනා උනේ රෝල් නොවී නැවතුන තක්කාලි ගෙඩිවලට... ඊට වඩා මිනිහට හිනා යන්නේ ගාලික් , අනියන් දෙකම පැන් එකේ ගෝල්ඩ් වෙන්න ෆ්‍රයි වෙන්න දාලා මේ දැන් ටොමැටෝ පියුරි එකට තක්කාලි හෝදන අරවින්ද් දැක්කම.... වැඩේ ටයිමින් අවුලක් තියේ කියල තේරුම් ගත්ත අරවින්ද් , පෑන් එක හොට් ප්ලේට් එකෙන් එළියට ගත්තේ අතත් බාගෙට පුච්චගෙන.... අනිත් පැත්තෙන් මියුන්, මැරිනේට් කරගත්ත චිකන් බ්‍රෙස්ට් එක ඩීෆ්‍රීසර් එකට එබුවේ , අරවින්ද්ගේ කටින් බෝඩ් එක උදුරලා අරගෙන.... කොහෙද, අරවින්ද් ආපස්සට කටින් බෝඩ් එක අනිත් පැත්තට ඇද්දේ මියුන් ඕනේ මගුලක් කියල ඒ පාර ඒක අතඇරලා, දාද්දි... අරවින්ද් කිචන් එකේ වම් පැත්ත වනසනවා... එතකොට අපේ මියුන් කුස්සියේ දකුණු පැත්තේ......

ඔව්, තරගය ඉතාමත් උද්යෝගයෙන් ඉදිරියට ඇදෙනවා හිතවතුනි.... කොච්චර ද කියනවා නම්, කිචන් එකම ආශාක්‍යසිංහ කොල්ලො දෙන්නා එකතුවෙලා අනිත් පැත්ත ගහලා ඉවරයි .... නිකන් නෙවෙ දෙන්නා එක්ක හැම ඉන්ග්‍රිඩියන් එකක්ම උඩ දදා සර්කස් පෙන්නන්නත් අමතක කරල නැ... උදාහරණ වශයෙන් දැනට වැඩියෙන්ම උඩ ගිය තක්කාලි ගෙඩිය සම්මානය අරවින්ද්ගේ...... වැඩිම වතාවක් පිහිය කැරකැවිම සම්මානය මියුන්ගේ..... කොල්ලො දෙන්නටම වයිල්ඩ් කුක් බුක් වැහිලා අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙලයි ඉන්නේ දැන්...එක පැත්‍තකින් මියුන්ගේ වන්පොට් රයිස් එක... අනිත් පැත්තේන් අරවින්ද්ගේ ස්පැගති එක.... 

සේරම එක පොට් එකට දාල , කුක් වෙන්න තියපු මියුන් අරවින්ද් දිහාවට හැරුනේ මිනිහා ස්පැගති එකට උඩින් කිසිම ලෝබකමක් නැතුව චීස් ස්ප්‍රෙඩ් එකත් හලද්දි.... ඒකත් හලලා හෙනම වීරකම ගානට අරවින්ද්නුත් මියුන් දිහාවට හැරුනේ පොඩ්ඩක් හති අරින්න.... අරවින්ද් එක පාර කම්පිටිශන් එකක් ඇදල ගත්තේ නිකන් නොවන බව දැන් දැනෙන සැහැල්ලු මූඩ් එකට අනුව මියුන් දන්නවා.... අරවින්ද් ගාව කෝමටත් අමුතුම ක්‍රම තිබුනා සමහර දේවල් ගැන කතා නොකරම ඒක විසදන්න.... අඩුම ඒ දේ අමතක කරවන්න... මියුන් පැන්ට්‍රියට හේත්තුවෙලා අරවින්ද් දිහාවට දුන්නේ ග්ලැසියර් ගතිය නොබිදුන ස්තුතියක්..හැබැයි ඒ අරවින්ද් අහක බලාගෙන ඉදපු නිසා .. අරවින්ද් බලපු ගමන්ම මියුන් රවලා හමාරයි....

"  ඔය සෝස් නාලා... ! " අරවින්ද් නෝන්ඩියට කිව්වේ මියුන්ගේ ෂර්ට් එකේ තියෙන සෝස් පැල්ලම්වලට... ඒත් එයාගේ ෂර්ට් එක දිහා බලපු මියුන් යන්තමින් ගැස්සුනේ අරවින්ද් නළල රැලි කරද්දි... මියුන් එහෙමම සින්ක් එකට නැඹුරු වෙලා පැල්ලම හරිය වතුරෙන් තෙමුවේ සෑහෙන ඉක්මනින්... නැ, මොකක් හරි අවුලක් තියෙනවා, කෝමටවත් ඒක සෝස් වගේ නිකන්ම හේදුනේ නැති බව අරවින්ද් දැකලා ඉවරයි ..... එයාත් සින්ක් එක ගාවට ගියේ , කිසිම කලබලයක් නැතුව.... ඒත් අරවින්ද්ට ළං වෙන්නවත් නොදීපු මියුන් එහාට උනේ අරවින්ද් අත් දෙක බැදගෙන නවතිද්දි..... එයා සන්සුන් උනත් , මියුන් හරහා විනිවිද යන බැල්මක් දුන්නේ මියුන්ගේ කලබලකාරී ගතිය බලාගෙන ඉද්දිම අඩුවෙද්දි....

"ම්ම්ම්ම්.....  ඒ ලේ නේද .. අහ් මියුන් ?  " අරවින්ද් ඇහුවේ මියුන් උත්තරයක් නොදීම ෂර්ට් එක ගසද්දි... මියුන්ගේ ෂර්ට් එකේ වම්පැත්තේ පපුව උඩ වතුරට හේදිලා ගිහින් තිබ්බ පැල්ලම දිහා බලපු අරවින්ද් ,දැනටම ඒ මොකක් නිසාද කියලා අනුමාන කරලා ඉවරයි....

මියුන් කොච්චර මුරණ්ඩු උනත්, අරවින්ද් කොල්ලගේ ෂර්ට් එකේ කරෙන් පහළට ඇද්දේ මියුන්ගෙ පපුව එක්ස්පෝස් වෙන විදියට... ලේ කැටි ගැහලා තිබ්බ වේඝර්ණ මාක් එක... බැලූ බැල්මට කියන්න පුළුවන් , ඒක ඔරිජිනල් මාක් එක උඩින් දෙවෙනි සැරේට........ සමහර විට තුන් හතර වෙනි සැරේට හූරගත්ත එකක් බව.... එක අතකට පුදුම වෙන්නද !! බර්ඩ්‍රොමිඩා කෙනෙක්ගේ ඇගේ තුවාල හොද වෙන වේගෙට අනුව මෙ වෙද්දි මේ කැළැල මියුන්ගෙන් නැත්තටම නැති වෙලා තියෙන්න ඕන... විශේෂයෙන් යාදම් කැළලේ සලකුණක් පවා මේ වෙද්දි නැති වෙද්දි.... ඒත් ඒ වෙනුවට , ආයෙම රතු පාටින් උඩට ඉලිප්පිලා තිබ්බ වේඝර්ණ සලකුණ දිහා බලපු අරවින්ද් , හුස්මක් ගත්තේ මුකුත්ම නොකිය.....

" ගවීෂ් දැක්කේ නැද්ද ? "

"....නැ.. "

" අහ් ඔව්.. දැක්කා නම් උබේ බෙල්ල මිරිකලා තියෙන්න එපැයි...." අරවින්ද් එයාටම උත්තර දීගත්තේ මියුන්ට තද බැල්මක් දීලා...

" ඉතින් දැන් ඕක අලුත් කියලා පේනවනේ.. ?? ."

" හවස් වෙද්දි පරණ ගානට එනවා..." මියුන් උත්තර දුන්නේ සැහැල්ලුවෙන්...

" ඒ කියන්නේ උබ ඕක ඩේලි හූරගන්නවා ? අහ් ?   " අරවින්ද් ඇහුවේ මියුන් උත්තරයක් නොදී, හැරෙද්දි....

" එතකොට අර අමුගවයා හිතන් ඉන්නවා කැළැල මැකෙන්නෙ නෑ කියලා ? " අරවින්ද් ආයේ තදින් ඇහුවේ, මියුන් ඒත් උත්තර නොදී ඩෙගා නටලා තිබ්බ කුස්සිය අස් කරද්දි.....

" දැන් මොකක්ද උබ ඕම කළා කියලා තියෙන වැඩේ ? "  අරවින්ද් තදින් ඇහුවත් මියුන් තාමත් නිශ්ශබ්දයි... උගේ මුරණ්ඩුකම පාස් කරන්න බැරි බව දන්න අරවින්ද් නිශ්ශබ්ද උනේ කිසිම වචනයක් නැතුව....අරවින්ද් මේ මියුන්ගේ වැඩ දිහා බලන් ඉන්නේ සෑහෙන නිවීමකින්... ඒ ගැන කේන්ති ගන්න හේතුවක් අරවින්ද්ට හිතාගන්න බැ... සමහර විට මියුන්ට ඕන නැතුව ඇති ඒක මැකිලා යන්න... ඒත් හැමදාම ඕක අලුතින් හූරගනිද්දි ?.......

" ගෝස්වලින් කවර් කරගන්න මීට පස්සේ.... හදිසියේවත් බ්ලීඩ් උනොත් පේන්නෙ නැහැනෙ.....දන්නවනේ දැනගත්තොත්---" අරවින්ද්ම ටික වෙලා ඉදලා කිව්වේ, මියුන් අස් කරන එක නවත්තලා අරවින්ද් දිහා බලද්දි.... ඒ ඇස්වල තිබ්බේ ලොකු සැනසීමක්....

" දැනගන්න දෙන්නැ.... කියන්නෑ නේද ? " මියුන් වේලුන හඩකින් ඇහුවේ යන්තන් හිනා වෙලා නැ කියන්න ඔළුව වනද්දි.... ආයේ කොල්ලො දෙන්නා අතරේ හැදුනේ නිශ්ශබ්දතාවයක්.... දෙන්නම අත් දෙක පපුවට කරන් බැදගෙන පැති දෙකක් බලාගෙන නිශ්ශබ්දතාව රැක්කේ සෑහෙන උනන්දුවෙන්.... ඒක ඉස්සර ඉදන්ම අරවින්ද් - මියුන් දෙන්නට ආවේණික උන ග්ලැසියර් නිශ්ශබ්දතාවයක්... වලියක් නැත්තන් මේක තමා සමාන්‍ය විදිය...

" අන්න වඩිනවා.." අරවින්ද් මිමිණුවේ කොණ්ඩෙත් ගස ගස සිවුරුහන් කර කර සාලේට ආපු ගවීෂ්ව පෙන්නලා..... මෙච්චර වෙලා චිල් එකේ තෙත කොණ්ඩෙත් ගස ගස ආපු ගවීෂ් ඇස් හීනි කරන් බැලුවේ අය්යා- මලො දිහ.... ගහ මරාගන්නැතුව මේම ඉන්න එකත් පුදුමයක්නේ.... අරවින්ද් කෙසේ වෙතත් මියුන් නම් වතුර නාලා....

" මොකද වෙන්නේ ?" ගවීෂ් ඇහුවේ එයා දිහාවට ආපු මියුන්ගෙන්....

" කන්න, මම ඇදුමක් දාන් එන්නම්...."

" අහ් හා...!" ගවීෂ් ඒ අන්ද මන්ද ගතියෙන් ඔළුව වැනුවේ ඌව පාස් කරන් අතුරුදහන් උන මියුන්ට.... ඊළගට ඌ කෙලින්ම ඇස් දෙක හීන් කළේ අරවින්ද් දිහාවට... මෙතන මොකක්දෝඕ හොරයක් තියේ අය්යා - මලෝ දෙන්නගේ....

" මොනවද හැදුවෙ ? " ගවීෂ් ඇහුවේ අරවින්ද්ගෙ කරට අත දාන් ඌ මේ දමාගෙන සුවද ගහන්න හදන්නේ මොකක්ද කියලා බලාගන්න.... ස්පැගති... ගවීෂ් , කෙලින්ම බාජනේ පිටින්ම අතට ගත්තේ අරවින්ද්ගෙන් අහන්නෙත් නැතුව......ඒත් අරවින්ද් ඒක ආයේ උදුරලා ගත්තේ , මියුන්ගේ පොට් රයිස් එක ගවීෂ්ට ඉගි කරන අතරේ.....

" හරි හරි.. ඕකෙනුත් කටක් දීපන්... උබ දැන් මොකද මෙහේ ? "

" පම්පොරියක් ගහන්න ආවේ...!! ආවට පස්සේ හිතුනා මගේ පම්පෝරි මොනවද කියලා..." අරවින්ද් මිමිණුවේ ගොඩක් සන්සුන්ව.... ඌ එහෙමය සිරියස් ටෝන් එකකින් කතා කරනවා අහුවෙන්නෙත් කලාතුරකින්...

" මොකො උබ සිරියස් ඒ පාර ? මොකක්ද පම්පෝරිය ? "

" මියුන් ගියා නේද ?" අරවින්ද් ඇහුවේ කෝකටත් ඉස්සිලා බලලා තහවුරු කරගෙන....

" මෙවීනා ගැන දෙයක්....."

" අහ් හා ?"

" උබ වාඩි වෙයන්කො ඉස්සෙල්ල...." අරවින්ද් කිව්වේ ගවීෂ්ගේ මූණේ තිබ්බ සුදුමැලි ගතිය හොදට හය්ලයිට් වෙන නිසා...හැබැයි මුකුත්ම කියන්න කරදර නොවුන ගවීෂ් , කෙලින්ම ඩයිනින් ඒරියා එකේ ටේබල් එකෙන් වාඩි උනේ අරවින්ද්ට පේන්නැතිවෙන්න කොන්දත් අල්ලන්....දැක්කොත් කියන කුණු කතා ටික අහන් ඉන්න පුළුවන්යැ... ඒ වුනාට මොකද මිනිහා ඒක දැකලා ඉවරයි !!!

" අඩෝ ඔය කොන්ද මොකද ? "

" මුකුත් නැ ...!" ගවීෂ් කිව්වේ රවන අතරේ....

" අඩො ඔච්චර අමා--- " අරවින්ද් කියාගෙන ආපු එක නවත්තලා කට වහගත්තේ ගවීෂ්ගේ මිනිමරු බැල්මට.....

" උබ දන්න $*$- නෑ !! අහ්හ් ශෙට්.. ! උගුරටත් එනවා........ " ගවීෂ් උත්තර දුන්නේ කරකැවිල්ලට මේසේ උඩින් ඔළුවත් තියාගෙන.....

" අඩො...මේ උබ ඔය මාව බය කරනවා... ඇ.. මියුන්ට එන්න කියන්නද ? මට තේරෙන්නේ නෑ ඕව...."

" අනෙ මේ..... කටපියන් වාඩි වෙයන්... මෙතන---" ගවිෂ් කට පියාගත්තේ ආයේ උගුරට එන ගතිය නිසා.... අරවින්ද් මේ දෙකට නැවිලත් බැලුවේ ගවීෂ් කතාව නවත්තලා ඔළුව මේසේ උඩින් තියාගත්ත විදියට.....

" එහ් මේ !!!!!! " අරවින්ද් කැගැහුවේ හදිසියේ.......

" ඒ පාර මොකද ? "

" උබ ප්‍රෙග්නන්ට් ද දන්නැ !!! "

" මොන &$-#ද කියවන්නේ !! " ගවීෂ් ඇහුවේ තියෙන මගුල් මදිවට අරවින්ද් කියවන විකාර තේරුම් ගන්න බැරුව... කටට එන එන වචන කියන්න ගියොත් ...... අනික ඒ මදිවට අරවින්ද් ඒක කිව්වේ හෙනම සිරියස් මූඩ් එකකින්....

" නෑ ඉතින් අරූ බර්ඩ්‍රොමිඩා කෙනෙක්නෙ..." අරවින්ද් නිදහසට හේතුව කිව්වේ ඔළුව කස කස.....

" ඉතින් !! "

" උත්තරිතර වංශිකයෙක් නිසා , උබට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් ද දන්නැ !! "

" අරවින්ද් තමුසේ කුණුහර්ප දන්නවා නේද !!! "

" නෑ කවුද දන්නේ ඕවා !! ඔය කතාවල වෙන්නේ !!! "

" ළගට වරෙන් තොගේ බෙල්ල මිරිකන්න වසලය !!! එතකොට  අමාශෙද ළමයි හදන්නේ ? "

" හරි හරි.. මම දෙන්නෙක් හදලා උබටත් එකෙක් දෙන්නංකෝ..... පුදුම කේන්තියක්නේ යන්නේ උබට...." අරවින්ද් කිව්වේ සිරාවටම ගවීෂ් ඉන්නේ හොස්ස අගින් මැස්ස යන්න බැරි තත්වෙක කියල අවබෝධ කරගෙන....

" චහ්... උබට ඔච්චර ආස නම් මෙවීනාට කියපන්කො උබව ප්‍රෙග්නන්ට් කරන්න කියල...  "

" හහ් !!! "

" අහ්හ්හ්හ් !! මං මැරෙයිද ඕයි !! "

" ඉතින් යකෝ අමාරු නම් උබේ මිනිහාට කියපන්කො....!! ඌ නැති උනාම තමා උබෙත් අමාරු සේරම....."

" මට නම්බුවක් කියල එකක් තියේ යකො.... කොන්ද ම්හ්..... "

" ප්‍රෝඩාවනේ !! දැන් එද්දිත් කිසි අමාරුවක් නැතුව ඉදියේ අරුගෙ කරේ නැගන් ...හහ්.. "

" මගේ දුක අහපන් මිනිහෝ !! ම්හ්.... උබ හිතන් ඉන්නේ මියුන් හෙන බෝ පෑළේ කියල ද ?? අහ්හ්හ් !!ම්හ්.... අනික....  බර්ඩේක දවසේ විතරයි ඉන්න දුන්නේ....ම්හ්....දවස්......තුනක්..... එක දිගට---  " ගවීෂ් කතා කරන එක නැවැත්තුවේ ආයේ උගුරට එන ගතිය නිසා... ගවීෂ්ට මේ උගුරට එන්නේ සිරාවට බව අරවින්ද්ට පේනවා... ඌ දැන් ඉන්නේ ටියුබ් ලයිට් මානසිකත්වෙන්.... ඇත්තටම ප්‍රෙග්නන්ට් වෙන්න බැයිද දන්නැ ?

" ඉතින් ඕක මාරුවෙන් මාරුවටවත් මොකක් හරි කරගනින්කො....."

" ඌ තාම පොඩියිනේ.....!!!!"

" පොඩියි කියල නළව නළව ඉදලා , තව කොන්ද රිදෙනවා ගගා නහයෙනුත් අඩනවා... "

" කට වහන් දුක අහපන් මිනිහො !! ම්හ්... උබලා කාටවත් තේරෙන්නේ නෑ මේ දුක....ම්හ්.... "

" නඩා ඉදපන් මයෙ අම්මා... ඔය නම් ඉල්ලලා දාගත්තුවා... ඔහොම ඉදන් ගණන් කරපන් බලන්න..... මාස තුනක් අප්ලොශ් එකෙන් එළියේ තිබ්බා..... ආයේ ඇවිල්ල කියලත් ගණන් ගත්‍තද ඌව ?  හරි ඊට පස්සේ ආයේ මාස ගාණක්.. අහ් අරු නියුධාශ්‍රමයෙත් ඉදියා මාස දෙකක්.. අවුරුද්දකට ළගයිනේ.... හරි ඒ ඔක්කොම පැත්තකින් තියමුකො... සේරම සෙට්ල් උනාට පස්සේ !!!! මම උබට අච්චර කිව්ව.....අච්චර කිව්වා ගෑස් දාන්න එපා කියල.. තෝ අමු ගවයා මාස එකහා මාරක්ද කොහේ මූණවත් බැලුවේ නැ.... කොහෙද ඉතින් අපි කියන දේ අහන්න අපිට කොළ පාට ඇස් නෑනෙ !! කෝ කොන්දද රිදෙන්නේ දැන් ? හොද වැඩේ උබට !! හොදම වැඩේ.... මගේ කොන්ද ඇනුනම හිනාත් වුනා නේද ? !! " අරවින්ද්  කියාගෙන ගියේ මොනා උනත් අනුකම්පාවට ගවීෂ්ගේ කොන්ද අතගාන අතරේ....

" පලයන් අහකට... ම්හ්.... සුදු මාම දැනගත්තොත් ගස් ගදයෝ එයාගේ දෑසමන් මලට මේම කරනවා කියලා..... අර තඩි බටර් නයිෆ් එකෙන් උබලව කෑලි කෑලි වෙන්න කපන්නේ....... ආව්ව්ව්ව් මිනිහෝ කොන්ද !!!!! "

" මට කියන්න එපා ඕවා !! අර එන්නේ , කියාගනින්........." අරවින්ද් කිව්වේ මියුන් දිහාවට සන් කරලා... මියුන් කෙලින්ම නැවතුනේ මේසේට ඔළුව තියන් ඉදපු ගවීෂ් ගාව.... ඒත් ගවීෂ් ඒ වෙද්දිත් සැහෙන පොර මානසිකත්වෙන් ඔළුව උස්සගෙන ඉවරයි...

" මේ ඔළුව තෙමාගෙන නේ ?" මියුන් ටිකක් තදින් ඇහුවේ ගවීෂ්ගේ තෙත කොණ්ඩ අගිස් දැක්කේ දැන් නිසා...  ඔව් ඉතින් බාත් ටබ් එකේ පිස්සු නටපු විදියට කොණ්ඩේ තමා ගත්තේ නැත්තන් නේ ප්‍රශ්නේ.....

" කෑවේ නැද්ද ?" මියුන් ඇහුවේ ගවීෂ් තාම අතවත් තියලා නැති අරවින්ද්ගේ අති විසේස ස්පැගති එක පෙන්නලා....

" ඌ ඒක කන්නැ... උබ අරක අරන් එන්නකෝ... " අරවින්ද් මියුන්ව කිචන් එකට එලෙව්වේ සෑහෙන අමාරුවෙන්... ඌ එහෙමම ගවීෂ්ට සන් කළේ, ගවීෂ් ඉක්මනින්ම අරවින්ද්ගේ නිව්ස් එක අහන්න වටේ තරංග සීල් කරද්දි....

" ඉක්මන් කරපන්, උට පුළුවන් මේක බිදින්න..." ගවීෂ් රහසින් මිමිණුවෙ අරවින්ද් ආයේ ඇඹරෙන්න ගන්න කලින්....

" මං අද මෙවීනා එක්ක කතා කලා...!! " අරවින්ද් කිව්වේ සෑහෙන උනන්දුවෙන්....

" ඉතින්? එස්ට්‍රේන්ජ්ඩ් වෙන්නනේ ? " ගවීෂ් ඇහුවේ අරවින්ද් ඔළුව වනද්දි...

" අමෝ , ඇති යන්තන්.. අහ් නැ....මං කිව්වේ..... මට හරි දුකයි බං..... අඩො... උබට තනිකඩයි කියල විහිළු කරන්නැතුව ඉන්නම්කෝ.. " ගවීෂ් සෑහෙන අනුකම්පාවෙන් කිව්වේ සද්දෙ උපරිම අඩු කරලා....

" දුක් වෙන්න එපා බං !!! සුදූ කිව්ව හදිසියක් නැහැ කියලා... "

" මොකක් !!!! "

" ඔව් බන් , දැන්ම හදිසියක් නෑ කිව්වා !!! " අරවින්ද් කිව්වේ පපුවට අත තියාගෙන සිවිලිමේ වැදි වැදි.... ඒකි එහෙම කියලද !!! ගවීෂ් තාම බාගෙට කට ඇරන් බලන් ඉන්නේ අරවින්ද් දිහා... ඒක තමා එහෙනම් මියුන්ට ඇහෙන්නැති වෙන්න කියන්න ඕන උනේ...

" ඇත්තටම කිව්වද ඒම ? "

" ඔව්...!! උබ දන්නවනේ තාම අපේ ක්ලැන් ලීඩර් වැඩ සෙට්ල් නැනෙ.... මම කිව්ව ඒ ටික ඉවර උනාම අපි තීරණයක් ගමු කියල.... එතකොට තමයි කිව්වේ එහෙනම් හදිසියක් නෑ කියලා..... ආව්ව්ව් ඇයි බොල ගැහුවේ !! " අරවින්ද් ඇහුවේ ගවීෂ් උගේ ඔළුවට ගහපු පාරට.....

" අම්මපා උලමෝ !! ඒකි කියන්න ඇත්තේ ඒ වැඩ ඉවර වුනාම ඒක බලමු කියල වෙන්නැති... !  නැතුව මේ උබ හිතනව වගේ නෙවේ !!..."

" අනෙ....." අරවින්ද් කිව්වෙ ගවීෂ් දෙවෙනි සැරෙටත් උගේ තට්ටේ පෑදෙන්න පාරක් ගහද්දි... තෙමිච්ච පූසා වගේ බලාගෙනත් ඉන්නව තව....

" අනෙ හුනේ නෙවේ යකො...!! අම්මපා... උබ සිංදු කිව්වේ ඒකටද ? හහ්හාඅ.... ට්‍රැක්ද ? අමෝ..." ගවීෂ් කිව්වේ මියුන් එනවද කියල බලන්න... ඌ ඒ එන්නෙ නැත්තේ හිතලම වෙන්න ඕන.... මෙච්චර වෙල  උදය සුපිපුණ මලක් වගේ ඉදපු අරවින්ද් මූඩ් ගහල ඒ පාර.....

" උබ ඉරිසියාවටනෙ කියන්නේ ඔය.....? "

" තොට කියන කට ගහගන්නව මම ගලේ...!! "

" ඒ උනාට එයත් මට ආදරෙයි බං...!! "

.
.
.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

A/N -

© - සදක් ඇවිත් by Tharindu Damsara

" විතක් මී දෝතට පෙරාගෙන.....
මතක් සේ තුන් යම දරාගෙන....
සදක් මෙහිවිත් නැවතුනිද කෝමා?
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා ? "
.
.
.

කාර්තුවෙන් කාර්තුවට ප්‍රේමය නොසැලී පවතින්නේ යැයි කියන කවියන් , බොහෝ විට ප්‍රේමය උපකල්පනය කරන මැවුම්කරුවෝ ය... නැත, ප්‍රේමයත් කාර්තුවෙන් කාර්තුව ලියලමින් වැඩෙන හෝ මියෙමින් ගිලිහෙන කොළ ඇති ගසක් වැන්න.... ඉතින්ප්‍රථම කාර්තුව, මී විත සේ මිහිරිය... දෝතට ගන්නා මාත්‍රාවෙන් වුව තුන්යම මත් කරවන නැවුම් හැගීමකි... සදක් මෙහෙ ඇවිත් කෝම නැවතුනාද මන්දා !! ඒ උද්යෝගය පපුව පිටාරා ගලනකොට, " ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා ? "

" හිනාවක මගෙ නෙත් වෙලාගෙන....
කතාවක මග පටලවගෙන.....
දැහැන් බිද සිල් රකින්නද කෝමා ?
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා ?

ඉතින් මේ දෙවෙනි කාර්තුවයි.... එය හිටිහැටියේ ප්‍රේමණීය බවක් දැනුන ඇසිල්ලේ සිප ගන්නට ඇවැසිවන්නා වූ කාර්තුවයි...  ඉදින් එය හිනාවක් නම් දෑසින් හිනාව දුටු ඇසිල්ලෙම දැහෙන් බිදෙන කාලයයි... ඉතින් එය නිමක් නොවෙන කතාවක් නම් කතාව අවසන් වන්නට පෙරම දැහැන් බිදෙන කාලයයි.... දෙවෙන කාර්තුව නුහුරු උද්යෝගය වෙනුවට සුවපහසු ආදරණීය හැගීම් ගෙන එන කාර්තුවයි... ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා ?

" රැයෙන් රැයෙන් ගෙවි රැයක් අහිමිව...
නුඹේ සුවරැදි යහන සිපගෙන....
තවත් කල් මං දරන්නද කෝමා ?
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා....

ආදරය අමු ෆැන්ටසියකි... තම තමන්ගේ ආදරය ගැන නිර්වචනය නිසැකවම පුරවාගත් පසුව ,  ඒ තුන්වන කාර්තුව එළැඹේ.. ඒත් , විටෙක එය හුදෙක්ම දරාගැනීමකි... ආදරය නම් අමු ෆැන්ටසියට මුදාහල අනන්ත හැගීම්වල බර දරාගනිමින් රැයෙන් රැය අහිමිව ගෙවී යයි.... ඉතින් යහන සිප ගෙන නුඹේ සුවදින් සැනසෙමින් තවත් රැයවල් කෝම නම් දරන්නද ? ඒ හැගීම රියැලිටියට ගළපද්දි, ඉතින් නුඹව සිප නොගෙන ඉන්නේ කොහොමද ?

දියක් සේ දියඹක සිහිල් පැන්...
දොළක් සේ කතරක අමා රොන්.
නිවන් පපුවක තිබුනාද කෝමා...
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා ?

අධික පිපාසයෙන් පෙළෙන්නෙකු වුව කරදිය පානය නොකළ යුතු වේ.. කරදියෙන් තවත් උමතුවෙන පිපාසිතයන් මුහුදට පැන දිවි නහ ගන්නා බව දන්නෝ දනිති... ඉතින් ඈත දියඹක, පවා පිපාසය නිවන සිහිල් පැන් , වැලි කතරක පවා අමා රොන් දොළක් වගේ උත්තම හැගීමක්  , සහ අර්ථයෙන් කවියන්විස්තර කළ නිවනක් , පපුවක නම් කෝම තිබුනද මන්දා !! නිවන, අමා රොන , දියඹ නොපෙන්න තරම් ඈත වුවත්... ඒ සා දුරට නිවන සැනසීම තිබුනේ එකම පපුවක විතරක් වෙද්දිඉතින් නුඹ සිප නොයින්නේ කෝමා ?

Continue Reading

You'll Also Like

3M 192K 103
ဘုန်းပြည့်ချမ်းဟန်ဆိုတာ ချမ်း, တစ်ယောက် တည်းရဲ့အမည်နာမပဲဖြစ်စေရမယ်...။ 1.10.2021 >> 6.2.2022
3.7K 970 13
💜️ මිනිස්සු මිනියක් ඉස්සරහා අඬන්නෙ තමන් ගැන කියව කියව මිසක් ඔයා කොහොමද සොහොනට වෙලා තනියම ඉන්නෙ කියලා නෙවෙයි... 💜️ ආදරේ කරන්න හදිස්සි වෙන්නම ඕනෙද...
19.1K 2.9K 17
ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay relationship එකක්. එ නිසා කැමති අය විතරක්...
5.7K 913 14
දැනට වට්පෑඩ් තුල ප්‍රසිද්ද කතුවරුන් මෙතෙක් කාලයක් ආ මග