භවයෙන් භවේ 🥀 ( Yizhan )

By Imalzaa

2.5K 357 97

අතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ... More

Part 1 ✽
part 2 ✽
Part 3 ✽
Part 4 ✽
Part 5 ✽
Part 6 ✽
Part 7 ✽
Part 8 ✽
Part 9 ✽
Part 10 ✽
Part 11 ✽
Part 12 ✽
Part 13 ✽
Part 14 ✽
Part 16 ✽
Part 17 ✽
Part 18 ✽
Part 19 ✽
Part 20 ✽
Part 21 ✽
Part 22 ✽
Part 23 ✽ (BONUS )
Part 24 ✽

Part 15 ✽

88 15 3
By Imalzaa

පහුවදා උදේ ඇහැරෙද්දි අකේන් ඇදේ හිටියෙ නැති නිසා මගෙ හිතට අමුතු හැගීමක් දැනුනා..

කාමරෙන් එළියට ඇවිල්ලා ගේ ඇතුලෙ බැලුවත් එයා හිටියෙ නැති නිසා මං මූණ කට හෝදන් ගෙදරින් එළියට ආවා..

එළියට එද්දි මිදුලෙ බෙන්ච් එක ලගට වෙලා එයා කාත් එක්කදෝ කතාවක්..අකේන් බෙන්ච් එක ලග හිටන් ඉද්දි කවුරු හරි කෙනෙක් ඉදගෙන හිටියා..මාත් ඒ ලගට කිට්ටු වෙන්න ගියත් අකෙන් ඔලුවෙන් එන්න එපා කිව්ව නිසා මං මග නතර උනත් අකේන් මට ඔලුවෙන් කතා කරනවා දැක්ක ඒ මනුස්සයා ඒත් එක්කම මගෙ පැත්ත හැරුනා..

ඒ ඇන්ටෝ..ඒ මිනිහා මොකද මෙහෙ කරන්නේ..මං ආපිට ගේ ඇතුලට යන්න හැදුවත්..

"අහ් මේ ඉන්නෙ චූටි මහත්තයාගෙ හිතුවක්කාර යාලුවා නේ.."

" ගිහින් වතුර එකක් රත් වෙන්න තියන්නකෝ.."

මාව දැක්ක ඇන්ටො කතා කරද්දි මං මග නතර වෙන්න ගියත් අකේන් වතුර රත් වෙන්න තියන්න කිව්ව නිසා ඇන්ටොට බැල්මක්වක් නොදී මං ආපහු ගේ ඇතුලට ආවා..

වතුර එක රත් වෙන්න තියලා කුස්සියේ දොරට හේත්තු වෙලා මං කල්පනා කර කර ඉද්දි මගෙ ඉන වටේ අකේන්ගෙ අත් දෙක එතෙනවත් එක්කම බෙල්ල ලගට මං ආසම ඒ උණුහුම දැනුනා..

" අකේන්..ඇයි අර මිනිහා මෙහේ.."

" තාත්තගෙ වැඩකට ආවේ.."

" හ්ම්ම්.."

" තේ එකක් හදන් එන්නකො ඌට දෙන්න.."

" හ්ම්ම්ම්..සීනි එහෙම කොහොමද දාන්නේ.."

" සීනි බැයිනම් ලුණු හරි දාන් හදන් වරෙන් බං.."

බෙල්ල පාමුලට හාදුවක් තිබ්බ අකේන් ආයෙත් යන්න ගියෙ මට තේ හදන්න ඉඩ දීලා..

සීනි බෝතලේ අතටත් අරන් කල්පනා කරේ අකේන් කිව්ව වගේ ලුණු දානවද නැද්ද කියලා..ලුණු නෙවෙයි ඕකට වහ දෙන්න වටින්නේ..

දෙපාරක් තුන්පාරක්ම කල්පනා කරපු මං ඔන්න ඔහෙ සීනි ටිකක්ම දාලා තේ එකක් හැදුවා..මොකෙක් උනත් ගෙදෙට්ට ආව මනුස්සයෙක්ට වෙනස්කම් කරන්න හොද නෑ නේ..

තේ එක ට්‍රේ එක්ක බිස්කට් එක්කුත් එක්ක තියාන මං එළියට එනව දකිද්දි ආකේන් ඉක්මනට ඇවිල්ලා ට්‍රේ එක අරන් මට ආයෙ ඇතුලට යන්න කිව්වා.. ඇයි මං ඉතින් ඇතුලට යන්නේ..ඌට බයේ යෑ මාත් අකේන් පස්සෙන්ම එයාලා ලගට ගියා..

" මෙයාද හැදුවේ.."

තේ එක තොල ගාන ගමන් ඇන්ටො අහද්දි අකේන් ඔව් කියන්න ඔලුව වැනුවා..

" සීනි ඒම ගානට..රසයි.."

රලු කටහඩින් මගෙ යට ඉදන් උඩට ඇස් අරන් යන ගමන් කියද්දි මං හෙමීට අකේන් පිටි පස්සට ගියා..

" චූටි මහත්තයාගෙ යාලුවානම් ටිකක් ලැජ්ජයි වගේ නේ.."

" මොකක්ද මෙයාගෙ නම.."

" ඇන්ටොට මොකද ඒක.."

" ඇයි අපි දැනගත්තොත් නරකද.."

" නේෂත්.."

අකේන් මොනා හරි කියන්න ලෑස්ති උනත් එයාට කලින් ඉස්සර උන මං මගෙ නම කියද්දි අකේන් මට හොදම එකෙන් රැව්වා..

බැනුම් අහන්න වෙයිද මංදා ඒකටනම්..

" ම්ම්ම්..ලස්සනයි.."

" තෑන්ක්ස්.."

" නේෂි ඔයා යන්නකෝ.."

" හ්ම්ම්ම්.."

" ඔහොම ඉන්න.."

මං යන්න ගියත්..මගෙ අතක් ඒ රලු අතකින් අල්ල ගද්දි මං එහෙම්ම නතර උනා..

" ම්ම්ම්..මේකත් අරන් යන්න.."

මගෙ අතින් අල්ලගෙනම තේ එක එක හුස්මට බීලා දාපු ඇන්ටෝ ට්‍රේ එකත් එක්කම හිස් කෝප්පේ මගෙ අතට දෙද්දි ඉක්මනට ඒකත් අරන් මං එන්න ආවා..

" අ_කේන් මොකද කරන්නෙ මට රිදෙනවා.."

පැය බාගෙකින් විතර මං උය උය ඉද්දි කුස්සියට ආව අකේන් මගෙ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කරා..

" තොට වඩා මට රිදුනා.."

" අතාරින්න.."

" අතාරින්න..මංද අතාරින්න ඕනි අහ්..ඇයි අරූ අත අල්ලන් ඉද්දි උබට බැරි උනාද ඔය කට ඇරලා ඒක කියන්න.."

" අකේන් මට රිදෙනවා.."

" රිදුනදෙන්..තෝ කරන ඒවට තොට රිදෙන්නම ඕනි..එන්න එපා කියද්දි පස්සෙන් ඇවිල්ලා ආයෙත් අර පර බල්ලාගෙ ඇස්වලට අහු උනා..මං මොකෙක් වගේද නේෂි තොට පෙන්නේ..පො#නයෙක් වගේ පේනවද..ඒකද අරූ එක්ක හැමිනෙන්න ලෑස්ති..කියපන්..තොට ඌ එක්ක හැමිනෙන්න ඕනි වෙලාද දගලන්නෙ අහ්.."

රිදෙනවා..හිතුවෙවත් නැති දේවල් එයාගෙ කටින් පිට වෙද්දි පිහියකින් පපුවට ඇන්න වගේ හිත ගොඩක් රිදෙන්න ගත්තා..

" අකේන්.."

මටත් නොදැනිම මගෙ ඇස්වලින් කදුලු ගලන් යද්දි අකේන්ගෙ ඇස් ගැස්සුනා..

" අඩන්න එපා උබ..නවත්තපන් ඕක.."

" ආශ්....හු#තක් කරනව නේ..නවත්තපන් අඩන එක.."

බෙල්ල ඇතෑරපු අකේන් මගෙ ඔලුව පිටි පස්සෙන් අත තියලා එයාගෙ පපුවට තුරුල් කර ගත්තා..

" හිතුවක්කාර වෙන්න එපා.."

" අකේන් මට සමාවෙන්න.."

" සමාවක් නෑ..තොට කොච්චර කිව්ව ඔය හිතුවක්කාරකම අරින්න බෑ.."

අකේන්ගෙ ඉන වටේ අත් යනවලා මං එයාව තදින් බදා ගත්තා..

මොනා උනත් මෙයාට මෙච්චර තරහා යන්නේ මං හිතුවක්කාර වෙද්දී..

පොඩි උනාට යකෙන් වගේ මේකා..

" එහාට පල හුරතල් කරන්න ඕන් නෑ මට තමුසෙව..බඩගිනි කන්න හදන් එනව ඉක්මනට.."

එයාගෙ තුරුලෙන් මාව එහාට කරද්දි මං මූන එල්ලන් කදුලු පිරුන ඇස්වලින් එයා දිහා බැලුවත් කිසිම අනුකම්පාවක් නැතුව මාව ඈත් කරලා යන්න ගියා..

කදුලු පිහ දාන ගෑස් ලිපේ තිබ්බ මාලුව හැදි ගාන්න ගද්දි..ආයෙත් මං ලගට ආව අකේන් මගෙ ඉන වටේ අත් යවලා උරහිසෙන් නිකට තියා ගත්තා..

" මට බයයි.."

" ඇයි අකේන්.."

" උබව නැති කර ගන්න බෑ..අනේ මාව දාලා යන්න එපා නේෂී.."

" මට දරා ගන්න බැරි වෙයි උබ නැති උනොත්..ඒ ගැන හිතද්දිත් පිස්සු වගේ නේෂී..ආයෙවත් හිතුවක්කාර නොවී ඉන්න බලන්න.."

කලින් තරහින් මට කෑ ගැහුව අකේන් දැන් පොඩි එකෙන් වගේ මාව බදාන අඩන්න ගත්තා..තරහින් පුපුරපු ඇස් වලින් වැටෙන කදුලුවලට මගෙ කමිස උරහිස තෙත් උනා..

" අකේන් ඇයි මේ අඩන්න එපා රත්තරං.."

" මට බයයි නේෂි..උබව මගෙන් උදුර ගයි කියලා බයයි.."

" මාව ඔයාගෙන් කව්රුත් උදුර ගන් නෑ අකේන්..කෝ මෙහෙ බලන්න.."

මං එයාගෙ පැත්ත හැරිලා ඒ කදුලු ගලන කම්මුල් මාපට ඇඟිල්ලෙන් පිහදාලා අත් දෙකෙන්ම මූණ අල්ලා ගත්තා..

" අඩන්න එපා අකේන්..ඔයාට ගැලපෙන් නෑ ඒක..කෝ දැන් ඉස්සල්ල මට කෑ ගැහුව චණ්ඩියා ම්ම්ම්.."

"හිතේ වේදනාවට කෑගැහුවේ..සමාවෙන්න.."

" දන්නවා..ඒත් හිත රිදුනා.."

" මට ඔයා ඇර වෙන කෙනෙක් ඕනි නෑ..ඒක හොදට මතක තියා ගන්න..අනික අර මිනිහට බය වෙලා ඉන්න බෑ මට.."

" ඇයි උබ බය නොවී ඉදලා මොනා කරන්නද.."

" අනේක් ඒ මනු__ "

" හිතුවක්කාරකම තියෙන්නෙ තෝව හදන්න බෑ එහාට පල.."

ම්හුක් ආයෙ තරහ ගත්තා නේ..මගෙ අත් දෙකත් එහාට කරලා යන්න ගියා ගස්සගෙන පද්දගෙන..

උයලා ඉවර වෙලා එයාගෙ පිගානට බත් බෙදාන එද්දි..දුශ්ට අකේන් කාමරේ ඇදේ ඉදන් පොතක් කියවනවා..

" අකේන් ම්ම්ම්.."

බං බත් එක දික් කරද්දි පොත පැත්තකින් තිබ්බ එයා ඇදෙන් බිමට කකුල් දාලා ඉද ගත්තා..

" කවන්න..."

" කවන්න බෑ අකේන් ඔයා කන්නකෝ අර රෙදි ටික හොදන්න ඕනි අව්ව වැටෙන අතරේ.."

" පස්සෙ හෝදමු.."

" ඒ__"

මගෙ අතින් පිගාන අරන් පැත්තකින් තියලා එයා මාව ඔඩොක්කුවෙන් ඉන්දව ගත්තා..

" මොකද මේ.."

" බත් කවන්න ඉතින්..ම්ම්ම්.."

ආපහු පිහාන අරන් මට දික් කරද්දි මං ඒක අත් දෙකෙන්ම ගත්තා..

එයා ආස බත් අඩුවෙන් කරීස් වැඩියෙන් දාලා ගන්න..

පරිප්පුයි සෝයයි බත් ටික්කට වැඩියෙන් අනලා අරන් අකේන්ගෙ කට ලගට ලන් කරත් මේ මනුස්සයා බත් ටික කන්නෙ නැතුව මං දිහා කන්න වගේ බලන් ඉන්නවා..

" ඇයි..."

" මගෙ කටේ හොදට ඉඩ තියනවා බං.."

" ඉතින්.."

" කුරුලු පැටියෙක්ට කවනවා වගේ බත් ඇට දෙක තුනක් අතට අරන් කැව්වම හරිද.."

" අනේ මගෙ අතට අහුවෙන තරම තමා කවන්නේ..කනවනම් කන්න බැයිනම් නිකන් ඉන්න.."

" කවපන් කවපන් ඉතින්.."

චූටි චූටි බත් කටවල් එයාට කවන ගමන් මාත් ඒකෙන්ම කෑවා..
































දවල් වෙලා අකේන් factory එකට ගිහින් එන්න යද්දි මං ගෙදර තනි උනා..මාව තනියම තියලා එයාට යන්න ඕනි උනේ නැතත් මාවත් එක්කන් යන්න විදිහක් තිබ්බෙත් නෑ..ඒ නිසා දොර ජැනෙල් වහන් පරිස්සමින් ඉන්න කියලා අකේන් ගියා..

අකේන්ගෙ ඇදට වැටුන මං එයා කියව කියව හිටිය පොත අතට ගත්තා..

ඒක ආදර කතාවක්..මේ දුශ්ටයා මේවත් කියවනවද..පොතේ පිටු පෙරලන ගමන් මං තැනින් තැන කියෙව්වා..ඒකේ අන්තිමටම කොල්ලා මැරෙනවනේ..කෙල්ල තනි වෙනවා ඒත් ඒ කොල්ලා වෙනුවෙන්ම පේ වෙලා බලන් ඉන්න ඒ කෙල්ලට පස්සෙ ආත්මෙක කොල්ලව ආයෙ මුණ ගැහෙනවා..පස්සෙ ආත්මෙක මුණ ගැහුනත් කලින් ආත්තේ එයා මතක එක්ක තනි වෙලා..වයසට ගිහින් නිකන්ම මැරිලා යනව නේ..

ගොඩාන් ආදරේ කරන අයට ඒ අය අහිමි වෙද්දී..අනේ මංදා ඒ ගැන කල්පනා කරද්දි ඇත්තට පිස්සු වගේ තමා..අකේන් නැතුව ඉන්නෙ කොහොමද කියලා මට හිතා ගන්න බෑ..මේ පාරවත් මගෙ දෛවය මට නපුරුකම් නොකර ඉදී කියලා හිතනවා..

" නේෂියෝ..........."

" කෝ ඔයා මේ දොර අරින්න.."

එක පාරටම යටිගිරියෙන් මගෙ නම කියලා කෑ ගහනවා ඇහෙද්දි කල්පනා කර කර හිටිය මං පියවි සිහියට ආවා..

" දොර ඇරපම් මිනිහෝ.."

" අකේන්....නේෂී උබලා ගෙදර නැද්ද.."

" ඉන්නවෝ ඉන්න.."

ඉක්මනින් ඇදෙන් බැහැලා ගිහින් මං දොර ඇරියා..මාවත් තල්ලු කරගෙනම ඇතුලට ආව තිසරු ගිහින් පිටුවට ඉද ගත්තා..

" මොකද මේ දොර ජැනෙල් වහන්.."

" අකේන් නෑ ගෙදර.."

" අහ්..ඒක තමා..ඒම ඉන්න එක හොදයි මේ වත්තෙ ඉන්නෙ මහ එපා කරපු උන්.."

" හ්ම්ම්ම්.."

" ලෑස්ති වෙන්නකෝ.."

" ඇයි ඒ.."

" ගමනක් යන්.."

" කොහෙද.."

" ටව්මට යන්..ඇදුම් ගන්න.."

" මට යන්න බෑ තිසරූ අකේන්ට කිව්වෙත් නෑ..ගෙදර එද්දි මං නැති උනොත් බය වෙයි.."

" යන ගමන් factory එකට ගිහින් කියාන යන් ඉතින්.."

" ම්ම්..හාකො හාකෝ.."

" මේ මගෙ වගේ එකක් ඇද ගන්න හාද අපි දෙන්නම එක වගේ ඇදන් යන්.."

" හී හා හා..ඉන්න ඒනම් ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්.."

























⏳⏳⏳⏳⏳

ඇග පත ටිකක් හෝදන් තිසරු ඇදන් හිටිය විදිහට කලු දිග කලිසමට ලා නිස් ශර්ට් එක්කුත් දාන්  අකේන්ගෙ පර්ෆියුම් එකත් ගාන් මං එළියට ආවා..

" හරිද.."

" හරි හරි යන්.."

දෙන්නම එක වගේ ඇදන් ගෙදරින් එළියට බහින්න ගියත් ඒත් එක්කම අකේන්ගෙ කාර් එක ඇවිල්ලා නැවැත්තුවා..

අපි දෙන්න එහෙම්ම ඉද්දි කාර් එකෙන් බැහැල ආව අකේන් දෙන්නගෙම යට ඉදන් උඩට ස්කෑන් කරා..

" කොහෙද යන්න යන්නෙ උබලා මේ එක වගේ ඇදන්.."

" ටව්න් යනවා.."

" ඇයි ඒ..."

" තිසරුට ඇදුන් ගන්න ඕනිලූ.."

" ටව්මට විතරනේ යන්නේ..එන්නෙ කීයටද.."

" ඔව් අනේ..ඔබ තුමාගෙ භාර්යාව මං පරිස්සමින් එක්කන් ගිහින් ගෙදෙට්ටම ගෙනැල්ලා දාන්නම්..ගොඩක් හවස් වෙන්න කලින් එනවා.."

" හ්ම්ම් හ්ම්ම්..පරිස්සමින් යන්නකො ඒනම් දෙන්නත් එක්ක.."

" හා ඒනම් අපි ගියෝ.."

" නේෂි..."

තිසරුත් එක්ක මං යන්න ගියත් අකේන් මට යන්න නොදී අතින් අල්ල ගත්තා..ඒ ටිකට අර හාදයානම් දුවන් ගිහින් එයාගෙ කාර් එකට නැගලත් ඉවරයි..

" ඇයි අකේන්.."

" ම්ම්ම්ම්.."

කලිසන් සාක්කුවට අත දැම්ම අකේන් පන්දාහෙ කොලයක් අරන් මගෙ අතේ ගුලි කරා..

" ඇයි මේ.."

" ඕකෙන් ඔයාට ඕනි දෙයක් ගන්න.."

" අනේ එහෙම ඕනි නෑ අකේන්..මේක ගන්න.."

" පණ්ඩිත නැතුව ඕක ගන්නවකෝ.."

" ඒත්.."

" ඒත් මේත් නෑ..අරූ ඇදුන් ගන්නකන් තමුසෙ බලන් ඉන්න යෑ..කොහොමත් හෙට අනිද්ද මොනා හරි ඇරන් දෙන්න ටව්මට එක්කන් යන්න හිටියේ..දැන් අරූ එක්ක යන එකේ ඕනි දෙයක් අරන් එන්න.."

දැන් වගේ නෙවෙයි මේ කාලෙ රුපියල් පන්දාහට ගොඩක් දේවල් ගන්න පුලුවන්..මේ කාලේ පන්දාහක් කියන්නෙ ටිකක් ලොකු ගානක්..

සල්ලි මගෙ අතේ ගුලි කරපු අකේන් මගෙ නලලට හාද්දක් දුන්නා..

" පරිස්සමින් ගිහින් එන්න හවස් වෙන්න කලින්..තිසරුට ගේ ලගටම ගෙනැල්ලා දාන්න කියන්න හරිද.."

" හ්ම්ම්...ඔයත් පරිස්සමින් ඉන්න.."

අකේන්ගෙ කම්මුලෙන් චූටි හාදුවක් තිබ්බ මං තිසරු එන්න කියලා හෝන් කරන නිසා දුවන් ගිහින් කාර් එකට නැන්ගා..








*****

😪👍

vote 👇







Continue Reading

You'll Also Like

128K 487 35
Smut 18+ ONLY! ⚠️WARNING⚠️ ⚠️CONTAINS MUTURE CONTENT⚠️ ⚠️VERY SEXUAL 18+⚠️ 22 year old Raven Johnson is just going to her yearly doctors appointment...
45.3K 2.6K 22
𝐁𝐨𝐨𝐤 # 𝟏 𝐨𝐟 𝐓𝐡𝐞 𝐑𝐚𝐚𝐳 𝐬𝐞𝐫𝐢𝐞𝐬. Love or betrayal? Consumption of betrayals. Internal betrayal? Yes! Will they be overcome? Or W...
21K 3.7K 21
සිත්තරෙක්මි ..... අකුරු ඇහිදින ... මගෙ කතාවට ........ ❤️ මවන්නෙමි ... නේකවිද රටාවන් .... ඒ පොතේ පිටු අතර ..... 💚
844 80 5
" සොකරී එන්නි සබයෙන් අවසර ගන්නී... නැටුම් නටන්නී තාලෙට රාග තියන්නී..." " මම උඹට හරි ආදරෙයි දේව්......." "ඉතින් එහෙනම් ඇයි මේ ඇස් වල කදුලු...