Unexpected wish

By _dead_soul_13

2.3K 544 768

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
51
52
53
54

50

36 8 10
By _dead_soul_13

සප්‍රායිස්!!!!!!

ඇතුලට යද්දිම මහ හයියෙන් කට්ටියක් කෑ ගහන සද්දයක් ආවා.මන් ගැස්සිලා බැලුවෙ එක පාරටම හෙන ගැඹුරු සද්දෙන් කෑ ගැහුවෙ කවුද කියලා.මාව දවසෙ දෙවෙනි පාරට පුදුම වෙලා ඉස්සරහ ඉන්න හයේ හතරෙ ඩයල් ටික දිහා බැලුවා.අපි ඇවිත් ඉන්නෙ හයිබ් එකේ ප්‍රැක්ටිස් රූම් එකට!තව පුදුම හිතෙන දේ වෙන්නෙ BTS බෑන්ඩ් එකේ ඉතුරු පස්දෙනාම එතන!ජින්ශී military ගිහින් මාසයක් විතර වගේනෙ ඒ කාලෙ...තව staff එකේ ඔක්කොම අය ඉන්නවා මෙතන.පැත්තක පොඩි කේක් එකකුයි කන්න දේවලුයි තියේ...එතකොට මට එන්න කිව්වෙ මේකටද?වෙන වැඩකට නෙවෙයිද...

මන් අත කටින් වහගෙන මේ වෙන විපර්‍යාසෙ බැලුවා...දෙයියනේ අනිත් පස් දෙනා නිකම් පොල් ගස් වගේ උසයිත් එක්ක.මන් නිකම් බිම්මලක් වගේ ඉන්නේ...මොනා වුනත් පස්දෙනා ගැන නම් කියන්න දෙයක් නෑ හැන්ඩ්සම් තමා ෆොටෝස් වලට පේනවත් වඩා...මගෙ ඇස් දෙක එක පාරටම බොඳ වුනා...මන් හිතුවෙ සතුට වැඩිකමට කලන්තෙ දායිවත්ද කියල...මාව දැක්ක ගමන් මූනෙ හිනාව එකයි හයදෙනාගෙ...නිකම් කලින් ඉදන් දන්නවා වගේ...

ඕයි ගෑනියේ බය වෙලා ඉන්නෙ මොකෝ ජීවිතේට දැකල නෑ වගේනෙ...

හනා එහෙන් මගෙන් හෙමින් අහනවා...ඉතින් ඇත්තනෙ අනේ එයා හැමදාම දැක්කට මන් ජීවිතේ පලවෙනි පාරනෙ දකින්නෙ

මට හිතාගන්න බෑ හනා...මොකද්ද වෙන්නෙ කියලා

මහ ලොකු දෙයක් නෑ...උබට අපි කිව්වෙ බොරු,වැඩ වගේකට කියලා...ඇත්තටම අයිඩියා එක දුන්නෙ ඔය හත් දෙනාම තමා.එයාලට ඉස් ඉස්සෙල්ලම ඔයාව දකින දවස නිසා සප්‍රයිස් එකක් කරන්න ඕනි කියලා...

මන් ඉතින් එයාලා හැමෝටම හිනා වෙලා ග්‍රීට් කළා...ඒ ගමන්ම මාවත් ඇදගෙන හනා ගියේ කේක් එක ගාවට...කේක් එකත් කපලා ඒක හැමෝටම බෙදලා ඉවර වෙද්දි හය දෙනාට මාත් එක්ක කතා කරන්න ඕනි වෙලා වගේ මන් දිහා බලනවා අනිත් මෙම්බර්ස් ලගෙ මූනු දිහා බල බල මුමුනනවා...ඔක්කොම ඉවර වෙලා ස්ටාෆ් එකේ අයත් ටිකක් එහාට ගියාට පස්සෙ තමා මාත් එක්ක කතා කරන්න ආවෙ...ඉස්සෙල්ලම කතා කරන්න ගත්තෙ නම්ජුන් තමා,

ආහ් nice to meet you miss Oli...

Nice to meet you too all of you!කොරියන් වලින්ම කතා කරමු නම්ජුන්ශී ඒක ලේසියි හැමෝටම...

වාව් හිතුවට වඩා ඔයාගෙ korean vocabulary එක හොදයිනෙ ඔලීශී...හරියට ගොඩක් කල් ඉදල මෙහේ ඉන්න කෙනෙක්ගෙ වගේ...හොබී කියපු එක නම් ඇත්ත තමා...

මට ඇස් කොනින් ජිමින් දිහා බැලුනා.බලද්දි එයත් මන් දිහා පොඩි හිනාවකින් බලන් ඉන්නවා...මන් ඒක නිකම් දැක්කෙ නෑ වගේ නම්ජුන් ට වගේම හොබීටත් පොඩි හිනාවක් දැම්මා...අපේ සන්ශයින් ඔප්පා!!!

ආහ් ඒකට නම් හේතුව තේරෙන කාලෙ වගේ ඉදන් ඔයාලගෙ run bts බලපු එකයි kdramas බලපු එකයි තමා ඉතින්...

එතකොට නූනත් ARMY කෙනෙක්ද?මරුනෙ හියුන්ග්!

ඒම කියන ගමන් ජන්කුක් ටේහියුන්ගෙ පිටට ටිකක් සැර පාරක් ගැහුවා...ඒක නම් රිදුනද කොහෙද ටේගෙ මූනෙන් පේන විදිහට

යාහ් ජන්කුකී තමුසෙට කියල තියෙයි නේද ඔහොම ගහන්න එපා කියලා ආහ්?

ඔයාව දැක්කම ගහන්න හිතෙනවනෙ හියුන්ග්...හෙහ්

උබට මම~

හරි හරි දැන් ඕක නවත්තන්න පස්සෙ වෙලාවක විසදගන්න ඕක...

යුන්ගි හියු~

කුක්!

නම්ජුන් එක වචනයයි කිව්වෙ දෙන්නම සයිලන්ට්...අනේ අනේ ලොකු ඉලන්දාරියො දෙන්නනෙ මේ පොඩි එව්වො දෙන්නෙක් වගේ රන්ඩු වෙන්නෙ...ඒකට බලන්නකො ඉන්නෙ ශර්ට්,කෝට් බාගෙට ඇදගෙන...ඉස්සරහට තව මොනා මොනා වෙයිද කවුද දන්නෙ?

i'm sorry miss Oli...මේ දෙන්නා ඔහොම්මමයි ගනන් ගන්න එපා ඒ ගැන...

අයියෝ නම්ජුන්ශී ඒකට කමක් නෑ...කොහොමත් මන් කැමතී මන් ඉස්සරහ එහෙම ෆ්‍රී එකේ ඔයාලා ජොලියෙ ඉන්නවට...එහෙම හිටියට මට කිසි ප්‍රශ්නයක් නෑ...

එහෙම කිව්ව ගමන් දෙන්නම මට කටපුරා හිනා වුනා.ඒ ගමන්ම ටේ ජිමින් දිහාත් අමුතුම බැල්මක් දැම්මා ඇස් වලින් මාව පෙන්නලා...ඒක දැක්ක ගමන් ජිමින්ගෙ මූනෙ තිබ්බ හිනාව තව වැඩිවෙලා මූනත් පල්ලෙහාට හරෝගෙනත් හිනාවෙනවා...අනේ මන්දා ඒක දැක්කම මට හරි අමුත්තක් දැනුනෙ ඇයි කියලා...

කොහොම හරි එයාලා මගෙන් එක එක දේවල් අහ අහ කතා කර කර ඉද්දි දොරත් ඇරගෙන ආවෙ PD nim,තව විදිහකට කිව්වොත් මෙම්බර්ස් ලගෙ තාත්තා...

Good evening miss Oli! Nice to meet you...මන් මේ වැඩ ටික ඉවර කරල එන ගමන් උඩ ඉදන්...ඔයා ආවා කියලා ආරන්චිය ආවට එවෙලෙ එන්න වුනේ නෑනෙ...i'm so sorry about that..

It's okay sir.ඒකට අවුල් ගන්න එපා කොහොම හරි ආවනෙ...

මන් හිතුවට වඩා මිස් ඔලී හරිම ෆ්‍රෙන්ඩ්ලි කැරැක්ටර් එකක්...කොල්ලො ටික දැනටමත් ෆිට් වෙලා වගේ පේන විදිහට...

නැත්තන් pd nim! මේ වගේ නූනා කෙනෙක් එක්ක කවුද ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉන්න කැමති නැත්තෙ...

ඒකනෙ pd nim...ආහ් ඒක නෙවෙයි pd nim,මිලිටරි ගිහින් ආවට පස්සෙ අපේ පලවෙනි mv එකට ලංකාවට යමු නේද ඈ?අනේ යමුකො යමුකො එහේ මාරම ලස්සන තැන් වලට නූනා ගිය ෆොටෝසුත් පෙන්නුවා...ඒවා නම් mv වලට කියාපු තැන්...යමුකො යමුකෝව්ව්ව්ව්...

මෙච්චර වෙලා සද්ද නැතුව ඉදලා දැන් තමා ජිමින්ටත් නැටිල්ල තියෙන්නෙ pd nim ගාව...

ආහ් හරි හරි කොල්ලෝ ඔක්කොටම ඉස්සෙල්ලා උබලා මිලිටරි ගිහින් වරෙන්කො ඉක්මනට...ආහ් දැන් මෙතන වැඩ ටික ඉවර නම් යන්න මේ ළමයවත් බොරුවට ගෙන්නලා,එයාටත් මහන්සි පාටයි.හා හා යන් යන්!ආහ් මිස් ඔලී පුලුවන්නම් විනාඩි පහකට විතර මාව හම්බෙන්න පුලුවන්ද?බැරිනම් අපි වෙන දවසකම හම්බෙමු ප්‍රශ්නයක් නෑ...

නෑ නෑ සර් මට අවුලක් නෑ...මන් එන්නම්...

එහෙම්මම මන් ආයෙ සැරයක් හිටපු හැමෝටම දුන්නු ට්‍රීට් එකට තෑන්ක්ස් කරලා pd nim එක්ක රූම් එකෙන් එලියට ආවා...

මන් ඔලී කිව්වට ප්‍රශ්නයක් නෑ නේද මිස් ඔලී?

එහෙම ප්‍රශ්නයක් නෑ සර්...

Right,first of all thank you very much ඔලී ජිමින් ගිය ශෝ එකට උදව් කරපු එකට.ඇත්තටම හරි වෙලාවට ඔයා හිටපු එකත් ලොකු දෙයක්.අපිට ඉස්සෙල්ලා හිටපු කෙනාට වුනත් french ගැන ලොකු knowledge එකක් නෑ...අනික මෙහේ ඒ subject එක ගැන දන්න අය ගොඩක් අඩුයි.කරන්නම දෙයක් නැති තැන තමා අපි මෙහේ university වලට request එකක් යැව්වෙ...ඒකෙන් තමා ඔයාව හම්බුනෙත්.And again thank you so much අපිට උදව්වට ආපු එක ගැන...

It's my pleasure sir...no need to thank you...

දෙවෙනි එක තමයි ඇත්තටම මේක ටිකක් අමාරු දෙයක් නොවුනට ගොඩක් වගකීම් සහගත දෙයක් කියලා අමුතුවෙන් මන් ඔලීට කියන්න ඕනි නෑනෙ...මොකද මේ ඉන්නේ global superstars ලා...එතකොට එයාලගෙ personality එකට කිසි හානියක් නොවෙන විදිහට වැඩ වෙන්න ඕනි ඔලී...මන් කියන එක තේරෙනව කියල මට හිතෙනවා...

ඔව් සර් තේරෙනවා...

මට ඔලීව විශ්වාසයි එහෙම දෙයක් නොකරනවා කියලා...මොකද ඔයා ගැන good report එකක් ගැන යුනි එකෙන් අපිට දුන්නු නිසා.මන් කියන්නෙ වටපිටාව ගැන...මොකද ඔය වගේ තැන් වලට මීඩියා වගේම පැපරාසිකාරයොත් එනවා...එතකොට මෙම්බර්ස් ලගෙ හැසිරීම,කතාබහ හැමදේම ඔයා හොද අවදානෙන් ඉන්න ඕනි ඔලී.මේ ටිකම ඔයා සයින් කරපු contract එකේ තියෙයි තමා ඒත් මන් ආයෙත් මෙහෙම කියන්නෙ මොකක් නිසාවත් නෙවෙයි.උන් මට මගේ ළමයි වගේ ඔලී...කොයි කාලෙ ඉදන්ද කියලා ඔයත් දන්නවනෙ...පොඩි හරි තැනක් අවුල් වුනොත් මේ කොල්ලො ටික ඕක ගැනම තමා කල්පනාවෙ ඉන්නෙ...ප්‍රැක්ටිස් එකක් වුනත් හරියට කරන්නෙ නෑ...අනික කොල්ලො ටික එහෙම ඉද්දි මට වාවන්නෙ නෑ ඔලී ඇත්තටම කිව්වොත්...සල්ලි ගැන reputation එකට වඩා මට උන්ගෙ නිදහස විතරයි වටින්නෙ ඔලී...ඒ නිසාමයි මන් ඔයාට ආයෙ ඒ ගැන මතක් කරේ...

pd nim කියන කතාව ඇත්ත...මටත් ජිමින් අර වගේ හිතුවක්කාර වැඩ කරද්දි මතක් වෙන්නෙ ඔය ටිකම තමා...

හරි සර් මට තේරෙනවා...සර් බය වෙන්න එපා සර්ව කවදාවත් මන් ගැන් disappointed වෙන්න දෙන්නෙ නෑ...

pd nim ඒ කිව්ව දේට පොඩි හිනාවකින් උත්තර දීලා මට අත දික් කළා.

thank you oli...I believe you

මාත් හිනාවෙලා අතට අත දීලා පාකින් එකට ආවෙ හනා මන් එනකම් එතන ඉන්නවා කිව්ව නිසා...ඒත් ගිහින් බලද්දි හනා exit එක හරියෙ තියා කොහෙවත් නෑ...කරන්නම දෙයක් නැති තැන මන් කෝල් එකක් ගන්න හදද්දි මගෙ කන ගාවින් කටහඬක් ඇහුනා.

කාවද හොයන්නෙ

මන් ගැස්සිලා අනිත් පැත්ත හැරෙද්දි හිටියෙ ජිමින්...

ජිමින් ඔයා තාම ගියෙ නැද්ද?

නෑ නූනා එනකම් හිටියෙ

ඒත් හනා මන් එනකම් ඉන්නවා කිව්වනෙ

එයාව ස්ටාෆ් එකේ යන වෙහිකල් එකේ යැව්වා අපේ කට්ටිය...ඒ වෙහිකල් එකට පරක්කු වෙනව කිය කිය හිටියෙත්...රෑ වෙලත්නෙ ටිකක්...

ආහ් දැන් දැක්කෙ...මෙසේජ් එකක් දාලනෙ එයා...

හ්ම්...එන්න

ජිමින් ඇවිදගෙන කාර් එක ගාවට යද්දිත් මන් හිටියෙ එතනම...

නූනා...?

පිටිපස්සෙන් අඩි සද්දයක් නැති නිසා ජිමින් මගෙ පැත්ත හැරිලා බැලුවා කතා කරගෙනම...

ජ්-ජිමින්...

එහෙම්මම එයා මන් ගාවට ආවා...ගොඩක් ළඟට නෙවෙයි.මොකද අපි ඉන්න හරියෙ cctv තියෙනව...තව ලඟට ආවනම් ඒක භයානකයි.කොයිවෙලේ ඕවා ලීක් වෙයිද කවුද දන්නෙ...

ඕකට බයවෙන්න එපා...ඕවා ලීක් වුනානම් මීට ඉස්සෙල්ලා ලීක් වෙන්නෙ...

ආහ්?

ජිමින් හිනාවෙලා මගේ අත අල්ලගත්තා.

cctv එකටනෙ බය වුනේ...දෙන්නම එක පාර යන එක ගැන...එහෙනම් ඉතින් අපි හැමෝම ඉදල හමාරයි.

කොහොමද මන් හිතපු එක ඒ විදිහටම ජිමින් හිතුවේ...මට ඒක ගැන කල්පනා කරන්නවත් උනේ නෑ මාවත් ඇදගෙන කාර් එක ගාවට ඇවිල්ලා පැසෙන්ජර් සීට් එකේ දොර ඇරලා දුන්නා.

මොකද්ද ඒ කලින් ලීක් වෙන කතාව?

උදෙන්ම ප්‍රැක්ටිස් තියෙද්දි අපි ඔතනින් යන්නෙ බාගෙට නිදිමතේ ශර්ට් වල බොත්තම් බාගෙට දාගෙන...ගොඩක් වෙලාවට යුන්ගි හියුන්ග්,කුක් තමා එහෙම යන්නෙ...තව එක එක හේතු තියෙයි...ඒවා ඔයා පස්සෙ දැනගනියි.

එහෙම කියාගෙනම මට ඇහැකුත් ගහලා මන් නැග්ග පැත්තෙ දොරත් වහලා අනිත් දොරෙන් ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා.මේ කොල්ලා ඕනවට වඩා වැඩි දැන්...

නූනා ලොකේශන් ශෙයා කරන්න

ආහ්...ජිමින්

ම්ම්...

ඔයා මන් ගැන~ ඔම්මලට කිව්වද?

ලොකු හුස්මක් ගන්න ගමන් ජිමින් වාහනේ ඉස්සරහ බලාගෙනම ගියා.

තාම නෑ

ආහ්...

එහෙම්මම මන් එලියෙ පේන seoul night view එක බල බල ගියා...ඒ ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ මාරම ලස්සනයි...

මන් අර ඇත්තමයි කිව්වෙ නූනා...

කලර් ලයිට් එකක් ගාවදි තමා ජිමින් ආයෙ කතා කරේ...

මොකද්ද?

ල‍ංකාවට යන්න ඕනි කියලා...හැබැයි ඔයත් එක්ක විතරක්!

මාව නිකම් හිරවුනා වගේ වුනා ඒ කිව්ව දේවල් ටිකට...දෙයියනේ ජිමින් ඔයා කියන්නෙ එතකොට~

බය වෙන්න එපා...නූනගෙ හිතේ තියෙන හැම දෙයක්ම දවසක එලියට දානකම් මට බලන් ඉන්න පුලුවන්...අවුරුදු දහයකටත් වඩා බලන් හිටපු එකේ තව ඕනි තරම් කාලයක් බලාගෙන ඉන්න පුලුවන් මට...

මට දැන්නම් ඇඩෙන්න වගේ මේ ටික අහලා...පොඩි කාලෙ එහෙම දෙයක් වුනාට අපි කොච්චර හිතුවත් අපි දෙන්නා ගැලපෙයිද?අනිත් එක මන් වෙන රටක කෙනෙක්...එහෙම වුනොත් ජිමින්ට ෆෑන්ස්ලගෙන්,පැපරාසිකරයොන්ගෙන් එන ප්‍රෙශර් එක සුලුපටු එකක් නෙවෙයි...

බය වුනාද කිව්ව කතාවට...

අනේ නෑ පිස්සුද?අහන ලස්සන විතරක්...

ඒකට නම් ජිමින්ට මහ හයියෙන් හිනා ගියා.

ඔයා වෙනස් වෙලා නූනා...හිතුවටත් වඩා...

වෙනස් වෙන්නෙ නැතුව තියෙයිද...අවුරුදු පහක් කියන්නෙ පොඩි කාලයක් නෙවෙයි මෝඩ චිම්...

යාහ් නූනා මන් මෝඩ නෑ!!!ඔයා තමා මෝඩ!!!

ඒකට නම් තරහ ගිය මූනක් හදාගෙන කිව්වෙ...අනේ මිරිකන්න හිතෙනවා ඒ කම්මුල් දෙක...ම්හුක් බෑනෙ ඉතිම්...

ඔහ් චිම් you also cute with that angry mood!

එහෙම්මම ඒ මූනත් එක්කම ජිමින් ඉස්සරහ බලාගෙන මට කියුට් විදිහට රැව්වා...ඒකෙන් උනේ මන් හිරකරගෙන හිටපු හිනාව එක පාරටම එලියට පැනපු එක...මන් හිනා වෙලා ඉවර වෙනකම් ජිමින් කරේ සැරින් සැරේ මන් දිහා බලපු එක...

තව ටික වෙලාවකින් අපි අපාර්ට්මන්ට් එක ගාවට ආවා.

තැන්කිව් ජිමින් කරපු උදව්වට.good night...

එච්චරද?

ආ?

nevermind...

පොඩි හිනාවක් දීලා ඔලුවත් පොඩ්ඩක් දෙපැත්තට ගසන ගමන් ජිමින් කිව්වෙ.මන් බහින්න හදද්දිම එක පාරටම ජිමින් මගෙ අත අල්ලගත්තා...

නූනා,I believe you!

මගේ ඇස් දෙක දිහා බලාගෙන කිව්ව දේ මොකද්ද කියල තේරුම් ගන්න බැරි නෑ...ඇස් දෙකට කඳුලු පිරෙන්න ඔන්න මෙන්න තිබිලා මන් ඔලුව වනලා කාර් එකෙන් බැස්සා...බැස්ස ගමන් මන් පිටිපස්ස හැරෙන්නෙවත් නැතුව අපාර්ට්මන්ට් එක ඇතුලට ආවා.

Chim<333
'good night noona'

වොශ් එකක් දාගෙන ඇවිත් ෆෝන් එක බලද්දි තිබ්බ මෙසේජ් එක දකිද්දි මතක් වුනේ අද දවසෙ සිද්ද වෙච්ච දේවල්...ජිමින් එක්ක හිටපු ඒවා,BTS ල එක්ක කතාකරපු ඒවා ඇත්තටම මන් එක පැත්තකින් සතුටු වෙද්දි තව පැත්තකින් දුක් වෙනවා...අන්තිමට එද්දි ජිමින් කිව්ව දේත් එක්ක ඒ දුක තව වැඩි වෙච්ච එක විතරයි වෙන්නෙ...

මොනා වුනත් ජිමින් කීයටවත් එයාගෙ decision එක වෙනස් කරන්නෙ නැතිවෙයි නැත්තන් මාත් එක්ක ඔහොම කතාවක් කියන්නෙ නෑනෙ...අනික මන් මෙහෙ හිතුවට ජිමින්ට ඔය ප්‍රශ්නෙ ගැන නොතේරී ඔය වගේ දෙයක් කියන එකකුත් නෑ...එයත් එන ඕනිම එකකට ෆේස් කරන්න බලාගෙන ඇති...ඉතින් එහෙම එකේ දෙන්නගෙම ප්‍රශ්නෙ එක්කෙනෙක් විතරක් විසදන එක හරියන්නෙ නෑනෙ...මොන දේ වුනත් වෙන්න තියෙන දේවල් වලට ෆේස් කරන එක තමා හරිම දේ...

ඔය දේවල් හිතන ගමන් මන් ඇදට වැටිලා ෆෝන් එක බලන ගමන් දන්නෙම නැතුව නින්ද ගිහින්...හීනෙනුත් දැක්කෙ මන් බෑන්ඩ් එකේ අයව...හරියට පැහැදිලි නෑ කොහෙද කියල ඒත් නිකම් පෙනුනෙ කොන්සට් එකක වගේ...කොහොමත් මට ඔය හීන මතක හිටින්නෙ නෑ ඒක නම් සාපයක්!

______________________________________________________
A/N
guysss!
අද නම් ඉම්මනට ආවා...
taehyung ගෙ මිලිටරි යාලුවොත් එක්ක ගත්තු ෆොටෝස් දැකල සකබුම් වෙලා ඉම්නෙ :*)
ඉම්හි ඉම්හි

enjoy ur reading<333

Continue Reading

You'll Also Like

193K 26.6K 63
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...
110K 12.8K 65
လူတွေမသိတဲ့ ငါ့ရဲ့နောက်ပုံစံတစ်မျိုးကို ငါကိုယ်တိုင်တောင်အံ့ဩတယ်...
365K 38.3K 42
လက်ထဲက ဘေ့စ်ဘောရိုက်တံကိုကျစ်ကျစ်ကိုင်လို့ ပစ်မှတ်ကိုသေချာအာရုံစိုက်တယ်..... ဒီတစ်ခေါက် ဝမ်ရိပေါ်ရဲ့ ပစ်မှတ်က ဘောလုံးမဟုတ်တဲ့ နှလုံးသားတစ်ခုဖြစ်တယ်...