Unexpected wish

By _dead_soul_13

2.1K 529 707

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
49
50
51
52

48

36 7 7
By _dead_soul_13

Oli's pov

ඔයා...?

ජිමින් මගේ පැත්තට ආවෙ ඇස් දෙකත් හීනි කරගෙන.mask එක නිසා මූන සම්පුර්ණයෙන් පේන්නෙ නැති වුනාට ඒ ඇස් වලින් හිතා ගන්න පුලුවන් මේ වෙලාවෙ එයාගෙ මූන ලොකු හිනාවකින් පිරිලා කියන එක...

මම පුදුමෙන් වටපිට බලලා එයා දිහා බලද්දි තාමත් එයා මන් දිහා බලන් හිටියෙ ඇස් හීනි කරගෙන.ඔහොම ඉද්දි පේනවද මන්දා මේ මනුස්සයට?

අ....ජිමින්-

නූනා ප්ලීස්...ශී කෑල්ල ඕනි නෑ.

ඒත්-

මෙතන මහ ලොකු සෙනගක් නෑනෙ.බයවෙන්න එපා.

ජිමින් එතන තිබ්බ චිත්‍ර වලට අවධානෙ දුන්නා.

අම්ම්ම්...ජිමින්...ඔයා තනියෙන්ද ආවෙ?

එහෙම්මම එයා මෙතනට ඇතුල්වෙන entrance එක පැත්තට ඔලුව හැරෙව්වම මන් දැක්කෙ බොඩිගාඩ්ස්ලා දෙන්නෙකුත් එතන ඉන්න බව.ඒත් ඉතින් මෙයාට බයක් නැද්ද මෙහෙම ඉන්නකොට?
එහෙම්මම එයා එතන තිබ්බ චිත්‍ර වලට තමන්ගෙ ෆුල් ෆෝකස් එක දුන්නා.මන් හිතන්නෙ නම්ජූන්ශී වගේම ජිමිනුත් මේ වගේ දේවල් වලට කැමතී වගේ...ඒත් එයා ඒවගේ ඒවා දැනට ig upload කරලා නැති නිසා ඒ ගැන ARMY ල තාම දන්නෙ නැති පාටයි...

නූනා...

මන් ජිමින්ගෙ පැත්තට මූන හැරෙව්වා

ඔම්මා තාම ඔයාව මතක් කරනවා

ඒ වාක්‍යයෙන් මන් shock උනා කිව්වොත් වැරදි නෑ...ඔම්මට තාම මාව මතකද?

ඔම්ම විතරක් නෙවෙයි...අප්පට,ජීයුන්ට ඒ දෙන්නත් එහෙමයි.ජීයුන්ට නම් ලාවට මතක උනාට ලස්සන නූනා කෙනෙක් හිටියා කියලා මතකයක් තියේ...

අනේ මගෙ ජීයුන්...එයා දැන් ලොකුයි.හරියට ජිමින්ගෙ side look එකමයි ජීයුන්ට තියෙන්නෙ.ig නම් මන් එයාව follow කරනවත් එක්ක.එයත් ශෝක් ඒවා තමා ig එකටත් දාන්නෙ!

මන් දන්නවා ඔයා පොඩි හේතුවක් නිසා නෙවෙයි අපිව දාලා ගියේ කියලා.අපිට කිව්ව දේත් ඔයා කිව්වෙ ඒ හේතුව නිසාමයි කියල මට තේරුණා.නූනා ඒ දේ ගැන කියන්න කැමති නැත්තෙ ඇයි කියලා මන් දන්නෙ නෑ.ඒත් ඒ මොන දේ උනත්...

ජිමින් එහෙම කියලා මගේ පැත්තට හැරෙන ගමන්,

මට ඔයාව විශ්වාසයි වගේම ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන් නූනා.BTS Park Jimin විදිහට නෙවෙයි,නූනගෙ චිම් විදිහට!

ඒක ඇහුනු ගමන් මට හිතුනෙම ජිමින්ව තද කරලා බදාගන්න.ඒ හැමදේම කියන්න මට ලොකු උවමනාවක් තිබ්බා.ඒත්...ජිමින් ඒක විශ්වාස කරයිද...නිකන්ම ඒක සුරංගනා කතාවක් කියලා ඒක පිලිගන්නෙ නැතිවෙයිද...ඒ ඔක්කොම හරි ගියාට,එතනින් පස්සෙ මොනා වෙයිද?අපි දෙන්න අතරෙ තිබ්බ ඒ බැඳීම ගැන මිනිස්සු කැමති වෙයිද?මොකද අපි දෙන්නගෙ nationality එක වෙනස්...ඒකෙන් ජිමින්ටයි ගොඩක් පාඩු වෙන්නෙ...
මන් හිතන්නෙ එක පාරටම මගෙ ඇස් දෙකට කදුලු පිරුනා කියලා දැක්ක ගමන් ජිමින්ගෙ ඇස් ටිකක් කලබල උනා.

නූනා මියානේ...වොම්-

නෑ නෑ ජිමින් ඒක ප්‍රශ්නයක් නෑ...

එහෙම කියන ගමන් මන් කදුලු ටික පිහිදගත්තා.

ජිමින් මන්...ඒක ගැන ටිකක් හිතල බලන්න ඕනි...ඒ නිසා මට ටික කාලයක් දෙන්න පුලුවන්ද?

අනිවාර්යයෙන්...

එහෙම කියපු ජිමින් ආයෙ පාරක් අර ඇස් හීනි කරගෙන මගෙ දිහා බලලා ඉස්සරහට ගියා.මාත් එයාගෙ පස්සෙන් ගිහින් ඉතුරු චිත්‍ර ටිකත් බැලුවා...

ඔය ඔක්කොම බලලා ඉවර වෙද්දි හයහමාරට විතර කිට්ටු වෙලා තිබ්බා.එන්න ඉස්සෙල්ලා අර රූම් එකේදි එයාවත් අහුවෙන විදිහට ෆොටෝ එකකුත් අරගෙන ආවෙ.ඒක නම් ඇත්තටම ලස්සනයි.ඒ වගේම කියුට්.ජිමින්ගෙ outfit එකත් එක්ක එතනට ගානට ගැලපුනා.ig දායිද දන්නෙ නෑ හැබැයි...

නූනා මාත් එක්කම හොටෙල් එකට යමු.

ජිමින් එයත් එක්ක යන්න කතා කරත් මට එක පාරටම එහෙම යන්න හිතුනෙ නෑ...ම්ම් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු ඔලී...ජිමින්ගෙ රියැක්ශන් කොහොමද කියලා

ආහ් ජිමින්...මන් තව ටිකකින් එන්නම් ඔයාලා යන්න.

පිස්සුද?ඔයාව එහෙම තනියෙන් දාලා යන්න බෑ මට කොහොමත්...එහේ හුරු උනාට මෙහේ කියන්න බෑ මොන මොන මිනිස්සුද ඉන්නෙ කියලා?මුරණ්ඩු වෙන්නෙ නැතිව මාත් එක්කම යන්...

ජිමින් ඒක නම් කිව්වෙ ටිකක් කේන්තියෙන්ද මන්දා...ඒ නිසා තව අවුස්සන එක එච්චර හොද මදි නිසා මන් හිතුවා ඉක්මනටම එයත් එක්ක යන්න..

අපි museum එකෙන් එලියට ඇවිත් කා පාර්ක් එක පැත්තට ඇවිදගෙන යන්න හැදුවෙ...ඒත් ජිමින් යන්නෙ නැතුව එතනම හිටිය නිසා මන් ඒ පැත්ත බැලුවා

ජිමින් අපි වාහනේට යන්නෙ නැද්ද?

ආහ් මේ...නූනා මේකයි...

ඔයා වාහනෙන් නෙවෙයිද ආවෙ?

න්-නෑ නූනා මන් පයින් ආවෙ...ඇගටත් හොදයිනෙ

ඔලුව පිටිපස්ස කස කස කියන ලස්සන!බැරිවෙලාවකවත් මොනා හරි උනා නම්!

මොකක්!ඔහොම මුරණ්ඩු වැඩ කරනවද ජිමින්?දැන් බලද්දි මුරණ්ඩු මන් නෙවෙයි ඔයා!

මන් කේන්ති ගිය මූනකුත් හදාගෙන ටොක්කක් අනින්න වගේ අත හදාගෙන චිම්ගෙ ඔලුවට ල‍ං කලා...ඒක වලක්වගන්න වගේ ඔලුවත් අත් දෙකෙන් වහගෙන ඉන්නවා දැන් පිස්සෙක් වගේ හිනා වෙවී...

අනේ නූනා...ඔයා කොච්චර නපුරු වෙන්න හැදුවත් වැඩක් නෑ එතකොට කියුට් ගතිය තව වැඩි වෙන එක විතරයි වෙන්නෙ...

යාහ් පා-!!!ඔහොම ඉන්නවා මෝඩ කොල්ලා!!!

මේ යකා කිව්ව ලස්සන?හහ්!නම කියලා කෑ ගහන්නත් බෑ...නපුරු වෙන්න හැදුවට යැයි යැයි තමා!මන් එහෙම හිතන ගමන් චිම් පස්සෙන් එලෙව්වා...දෙයියනේ දුවනවද නැත්තන් ඇවිදිනවද මෙයා?කකුල් දිගයිනෙ ඒකයි මේ...මාත් 165cm විතර උස ගියානම් හරි!කොහෙද ඉතින් අපිට තමා දෙයියොත් අඩු සැලකිලි දීලා තියෙන්නෙ...

නූනා ඔයා ඔය දුවනවද නැත්තන් ඇවිදිනවද?

යාහ් ඔහේ රිට වගේ උස ගියාට අපි මොනා කරන්නද...අනික ඔයාටත් මාව බයිට් කරනවනම් වෙන මොනාද නැත්තන් වෙනදට ඔයාව-

මිස් ඔලී!!!

දැන් නම් ඉතින් බේරිල්ලක් නෑ ඔලී පි‍‍ඹගෙන එන්නේ...හොද වෙලාවට සෙනග අඩුයි නැත්තන් world famous singer ගෙ අද ඇඟේ කෑලි අහුලගෙන තමා යන්න වෙන්නෙ

කොහොම හරි ඔය දුවන අතරෙ මාව කෙනෙක්ගෙ ඇඟේ හැප්පුනා.ඒත් එක්කම මට ආවෙ අමුතුම සුවදක්...බියර්ද විස්කිද නැත්තන් වෙන මොනාහරිද මන්දා දැනිච්ච ගමන් බය හිතුන මන් ඉක්මනට එහාට උනේ වැදිච්ච කෙනාගෙන් සමාව ඉල්ලන ගමන්

Oh I'm sor-

Hey beauty!Where are you going...?

මන් දැක්කෙ ටිකක් උස foreign boy කෙනෙක්ව..මෙහේ කෙනෙක් නම් නෙවෙයි UK වගේ පෙනුනෙ...මොනා උනත් හොදට drinks නම් අරගෙන කියලා දැක්ක ගමන් පෙනුනා.එයා හිටියෙ තව boy කෙනෙකුයි girl කෙනෙකුයි එක්ක.එයාලත් ඒ වගේ තමා පෙනුන විදිහට නම්...

මන් මොකක් හරි කියන්න යනකොටම මගේ වැලමිටට ටිකක් උඩ හරියෙන් කෙනෙක් තදට අල්ල ගත්තා.අල්ලපු විදිහට මට හිතා ගන්න පුලුවන් කවුද කියලා...එහෙම්මම මාව පස්සට දාලා එයා ඉස්සරහට ගිහින් ඒ කොල්ලගෙ ඇස් දෙක දිහාම බලන් හිටියා.මන් බලාගෙන අර boy ගෙ ඇස් දෙක ටිකක් ගැස්සෙනවා...

She was with me.What's the problem,mister?

ජිමින්ගෙ කටහඩ ටිකක් ගැඹුරු කරලා කතා කරපු විදිහට නම් මාවත් ටිකක් ගැස්සුනා...අර කට්ටියටත් ඒ සෙතේම තමා වෙනසක් නෑ.
ඒත් අර කොල්ලා නම් ඒක පෙන්නන්නෙ නැතුව කතා කරන්න ගත්තා.

Huh! nothing but we can't wait to see such a beautiful girl running down the street...you know mister...?

එහෙම කියලා හරිම කැත විදිහට මගේ පැත්තට මූන දාලා උඩ ඉදන් යටට මන් දිහා බලාගෙන යද්දි මට දැනුනා ජිමින් මාව අල්ලන් හිටපු තැන තව තදට අල්ල ගත්තා...
ජිමිනුත් ඇහි බැමක් උඩට උස්සලා boy එක්ක කතා කළා.

Really?but it's better if you stay away from my girlfriend.

ඉබේම මට ජිමින්ගෙ මූන දිහා බැලුනෙ ඇස් දෙකත් ලොකු කරගෙන.ග්-ග්-ගර්ල්ෆ්‍රෙන්ඩ්!ක්-කොහොමද එහෙම උනේ...!අනික ම්-මන් දන්නෙ නැතිව එහෙම කියන්න පුලුවන්ද මෙයාට?

If not?

If not!?

ජිමින් කට කොනින් හිනාවෙලා එහෙම කියද්දි එවෙලෙම අපි වටේට බොඩිගාස්ලා හතරක් විතර වට වුනා.එයාල දැක්ක ගමන් එයාලගෙ බය තව වැඩි උනාද කොහෙද ඒක නිසාම අර boy එන පොට හොද නැති නිසා ජිමින්ට ඇගිල්ල උරුක් කරගෙනම එතනින් යන්න ගියා...එවෙලෙ තමා මගේ ඇඟට යන්තන් ලේ ටිකක් ඉනුවෙ...

එහෙම්මම ජිමින් මගේ දිහාවට හැරිලා කතා කරා

දැක්කද මම හිටියෙ නැත්තන් මොකද වෙන්නෙ නූනා?ආ...?අනිත් දවසෙ මොන වැඩේකට ගියත් මතක් කරලා මට කියල යන්න නූනා...

ජිමින් ඒ ටික නම් කිව්වෙ ටිකක් සැරෙන්...ඔම්මා මේ නම් ඉස්සර හිටපු චිම් නම් නෙවෙයිනේ!!!!

මන් යන්තම් එයා දිහා බලලා ඔලුවත් වැනුවා.එහෙම්මම මට වගේම එයාටත් බැලුනෙ අපේ අත් දෙක දිහා...මේ වෙද්දි එයාගෙ අත තිබ්බෙ මගේ මැනික් කටුව හරියෙ...ඒ වගේම ටිකක් ළ‍ං වෙලා තමා අපි දෙන්නා හිටියෙ...ඒක දැක්ක ගමන් කරන්ට් එකක් වැදුනා වගෙ අපි දෙන්නා දෙපැත්තට උනා...මගෙ මූන නම් දැන් ශුවර් රතු වෙලා ඇති.

එතකොට තමා දැක්කෙ company එකෙන් ආපු වාහනේ...

එයාලා කොහොමද මෙතනට ආවෙ?

බොඩිගාඩ් කෙනෙක් කියල තියෙන්නෙ...එන්න

එහෙම කියලා ජිමින් මාත් එක්කම වාහනේට නැග්ගා.එන ගමන් නම් අපි දෙන්නා අතරෙ කිසි කතාවක් උනේ නෑ.හොටෙල් එකට ලං වෙද්දි තමා ජිමින් කතා කරන්න ගත්තෙ.

නූනා...

හ්ම්ම්

මට ඔයාගෙ ෆෝන් එක දෙන්න පුලුවන්ද?

ඈ?ආහ් ඉන්න

මන් ෆෝන් එකේ ලොක් එක ඇරලා එයාට දුන්නා.එයා මොකද්ද no.එකක් ගහලා කෝල් එකක් ගත්තා.ඒ ගමන්ම ෆෝන් එකක් රින් වුනා

මගෙ no.එක සේව් කරගන්න.

ඒ කියන ගමන් ජිමින්ගෙ අතින් ෆෝන් එක ඕෆ් වෙලා ආයෙ ඔන් වුනා...එවෙලෙ ලොක් ස්ක්‍රීන් එකට දාලා තිබ්බ ෆොටෝ එක දැක්කා.දැක්ක ගමන් එයාගෙ ඇස් ලොකු වුනා මන් ෆෝන් එලියෙන් දැක්කා...ඒකෙ තිබ්බෙ මගේ random ෆොටෝ එකක්.මන් study කරපු campus එකේ අවුරුදු උත්සවේ දවසෙ ගත්ත එක.ඒක දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා,

ලස්සනයි!

කියන ගමන් මගේ අතට ආයෙ ෆෝන් එක දුන්නා.මට එවෙලෙ වෙච්ච දේ ප්‍රොසෙස් වෙන්න ටිකක් වෙලා ගියා...මගේ මූන ආයෙත් රත් වෙලා රතු වෙලා ගියා වගේ දැනුනේ...මන් වීදුරුවෙන් එලියම බලාගෙන ගියා කරන්න දෙයක් නැති කමට...එයා නම් ඉන්නවා මහ අමුතු හිනාවක් මූනට දාගෙන මන් දිහාත් බල බල...දෙන්න හිතයි මූනට එකක්!

අන්තිමේ හොටෙල් එකට ආවෙ ඩිනර් එක ගන්න වෙලාවට.සොන්ග් ශි ටිකක් කලබල වෙලා අපි දෙන්නම නැති එකට ඒත් අපිත් එක්ක හිටිය guard කෙනෙක් එවෙලෙ අපි ගැන කෝල් එකක් දීපු නිසා ප්‍රශ්නයක් උනේ නෑ.කොහොම හරි මන් වාහනෙන් බැස්ස ගමන් රූම් එකට එක පිම්මෙන් ගියා.ගිහින් දොරත් වහගෙන කල්පනා කරේ ජිමින් මාව අර boy ගෙන් ආරක්ශා කරපු එක ගැන...ඒ නිසාම ජිමින් ගැන තියෙන ආදරේ තව වැඩිවුනා මිසක් අඩු වුනේ නෑ...තව මගෙ ෆොටෝ එකටත් ලස්සනයි කියලා හිනාවෙච්ච විදිහ මතක් වෙද්දි බඩේ සමනල්ලු පියා‍ඹනවා වගේ feeling එකක් එනවා...මන් ඒ ගැන හිත හිත තනියෙන් හිනා වෙවී එද්දි ෆෝන් එකට මෙසේජ් එකක් ආව unknown no.එකකින්...

'wash එකක් දාගෙන ඉක්මනට කන්න එන්න නූනා...'

ඉතින් ඒ තමා මගේ චිම්...මගේ වගේම හැමෝගෙම මූනට හිනාවක් ගේන අපේ angel...මෙහෙම කරද්දි මන් කොහොමද මේ තියෙන හැඟීම ඔයාගෙන් හංගගන්නෙ චිම්?ඒත් ඉස්සරහට මොනා උනත්,මොන ප්‍රශ්නයක් ආවත් මේ නූනා ඔයත් එක්කම ඉන්නවා චිම්!තවත් කාලයක් මේ තියෙන හැඟීම ඔයාගෙන් හංගගෙන ඉන්න නම් වෙන්නෙ නෑ කියන එක මට නම් විශ්වාසයි...

_______________________________________________

A/N
හලෝලා...
සොරි අනේ මේ දවස් ටිකේ වැඩ වැඩි උනා එක පාරම ඒකයි පරක්කු උනේ...
කතාවට කමෙන්ට් කරපු වෝට් කරපු හැමෝටම ගොඩක් ඉස්තූතී...ලාව් යූ!

enjoy ur reading<333

Continue Reading

You'll Also Like

12.4M 349K 64
"A hidden connection is stronger than an obvious one." ©𝐉𝐈𝐊𝐎𝐎𝐊𝐈𝐄𝟏𝟕 No translations allowed. |*Contains some mature and triggering content*|...
236K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
5.3K 731 26
Jungkook බිදුනු හදවත් සුවපත් වෙවිද ආරා නිසා නැති උන ජන්කුක්ගෙ ආදරයට හැමදාමත් ආරාට වෛයිර කරයිද නැති නම් යුරාගේ තැන ආරාට දෙවිද මෙ ඔවුගේ කතාවයි බිද...
65.7K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...